සීමා නෑ ආදරේට………………………….20

**

ගගනට මගෙ පශ්නෙට උත්තර දෙන්න ඉඩ නොතියම දොර රෙද්ද ඇතුලින් ඔලුව දැම්මෙ ලොකු අක්කි…

මේ දෝනියෝ

අක්කි අහන් උන්නද දන්නෙත් නෑ..ගගන කියන්නෙ ඇත්ත තමයි..දොර වහන් උන්නනම් මෙයාට ඔලුව දාන්න බෑනී..

අක්කි

ඔව් ඔව් අක්කි තමයි..කෑම ලෑස්තියි..එනවා ඉක්මනට..අපිට බඩගිනියි..

අපි කීවෙ..

අපි කීවෙ අපිට..

අපෙ අක්කිගෙ පිටිපස්සෙන් ගගනගෙ අක්කා කෙනෙකුත් ඔලුව දැම්මා..ඒ කියන්නෙ ගගන ඇවිත් තියෙන්නෙ තනියෙන් නෙවෙ..

අහ් අක්කිලත් ආවද

ඔව් ඔව්..ඇයි මෙයා එනවට විතරද කැමති ..

අනෙ එහෙම නෑ…ඒත් මේ මෙයා

හරි හරි..දැන්වත් අපෙ මල්ලිව එවන්නකො..අපිට බඩගිනි..

මන් උන්නෙ ගගනට පිටුපාලා..එක අතක් පිටිපස්සට තියන්..ගගන පිටි පස්සෙ ඉදන් ඒ අතෙ අල්ල කුචි කවෝනවා..මට කුචි

මොකො දෝනි ඇබරෙන්නෙ

නෑ..මේ

ඒකනි සෙනේශලගෙ අක්කි..මාත් මේආව වෙලෙ ඉදන් අහන්නෙ..ඇබරෙනවා ඇබරෙනවා ඉවරයක් නෑ

අහ්..මෙයා නම්..හරි ඉන්නවකො..අක්කිලා එහාට ගියාම මමත් අඹරන්න..

එ මල්ලි එනවකො එලියට..අදම බින්න බහින්නද යන්නෙ..

ඒකනි අක්කි මන් මෙ සෙනේශට කීවා මාව අතාරින්න අතාරින්න මන් අහින්සකයි කියලා කො අතාරින්නෑනි..

මෙ මැට්ටා නම්…

හී හී හරි හරි..අපි ඉන්නවනි..දැන් එනවා ඉතින්..

මැටි ගගන..ඉන්නකො ඉන්න්කො ඕවට මන් දෙන්නම්..රිටන්..රිටන් බේබී

ගගන අක්කිලා දෙන්න එක්ක යන්න ගියා..එයාලා සේරම ආයෙම ආවෙ එතකොට මට කැමති නිසාද.

අනෙ දෙවියනෙ..මේ විදියට චමත්කාරකම් කරලා ආයෙම මේ හිත පාරන්න එපා..දරාගන්න අමාරුයි මට

….

මාත් වොශ් එකක් දාගෙන එයාලට එකතු උනා..ගගනගෙ අම්මයි..චූටි අක්කයි ඇරෙන්න අනිත් හැමෝම ඇවිත් උන්නා..ලොකු අක්කා එදා කීව දේවල් වලට හැමෝම ඉස්සරහා සමාව ඉල්ලුවා..

එදා එයාලා අපෙ අප්පච්චි අයියා එක්ක ගිහින් වෙද හාමුදුරුවන්ගෙන් දිනයකුත් දාගෙනයි ඇවිත් තියෙන්නෙ..ඒ කියන්නෙ..මගෙයි ගගනගෙයි වෙඩින් එකට…මහා ලොකු කාලයක් නෑ.. සති දෙකයි..ඒ සති දෙකින් පස්සෙ අපි දෙන්නට් ආයෙම ගැලපෙන නැකතක් කවදාවත් එන්නැති වෙයි කියලා තිබ්බා..ඉතින් සිතුවාටත් වඩා වේගයෙන් ඒ සති දෙක ගෙවීගෙන ගියා…

…….
.
අප්පච්චිගෙ මූනෙ හිනා මල් ඉතිරෙනවා මන් අදයි දැක්කෙ..අම්මිත් අද හදක් වගෙ..

ඉරත් පායලා අරන් ඇවිත්
පැතුම් මල් ගොඩක්…
පීදීලා පැතුම් මල්
හිතේ මල් ගොඩක්…
නුඹත් ඇවිත් සිත ලගටම
ගෙනෙන්නෙ නිවනක්…
අදින් පස්සෙ මගේ නෙතට
නොඑන්න කදුලක්…

දෝනියෙ..

අම්මි

මෙන්න අන්දන අය ඇවිත්..නැගිටින්න

අම්මි ඔයා දන්නවද..මට මුලු රෑම කෝමත් නින්දක් තිබ්බෙ නෑ..ඉතින් අමුතුවෙන් නැගිටින්න දෙයක් නෑ..

හරි අම්මි..ඉන්න මන් දොර අරින්නම්…

අහ් මැලවිලා නැති මනමාලියෙක් දැක්කාමයි..ඔයා අපිට වැඩ ලේසි කරලා

එයාලා එද්දි මන් ජැකට් එකයි සායයි ඇදන් උන්නෙ..

මනමාලිට හදිස්සිද කොයිද ඒකයි අපි එන්නත් කලියෙන් ලෑස්ති වෙලා තියෙන්නෙ

හී හී…

පැය තුන හතරක යුද්දෙකින් පස්සෙ කැඩපත මත ලස්සන සුන්දර් මනාලියක්..

හීනෙකින් වත් මන් මේ දවස ජීවිතේට බලාපොරොත්තු උන් නෑ…මේ සතුට ගෙනල්ලා දුන්නු ගගන ඔයාට ගොඩාක් පින්..

අම්මි සුදු පිච්චමල් පිරුනු වතුර වීදුරුව පෙරමගට අරන් ආවා…

ආයෙමත් කෙල්ලෙක් විදියට මන් මෙ ගෙදරට පය නොතියාවි…

යන්…

විස්වාස කරන්න මගේම ලෙයින් උපන් මගේම දියනිය මගෙ මල් කුමාරියක් වෙලා…කිසිම මවකට මෙහෙම වෙලා නැතිව ඇති..මූකුත් නොදන්න මගෙ කුක්කි බිම දිගෙ ඇදෙන වේලය දෝතින්ම බදන් මා ලගින්ම අඩි තියෙනවා..

කුරුනෑගල තියෙන ලස්සනම වෙඩින් හෝල් එක ජය සක් මගුල් බෙර මැද්දෙන් මමත් අපෙ ඉතාම ලග නැදෑ පිරිවරත් ඇතුල් වුනා…

වෙනදට තියෙන දගකාර කොලු පෙනුම වෙනුවට අද ඒ මූනට තේජස් පාටක් ඇවිත්..උස මහත යසට තියෙන නිස නිලමෙ ඇදුම් ඒ වතට ගෙනත් තියෙන්නෙ අපූරු කඩවසම් බවක්..

ජය මන්ගල ගී හඩ මිහිරියට සවන පිනාගෙන යද්දි අස්ට්ක මැද්දෙ රන් හූයෙන් බැදුනු අපෙ ඇගිලි එකිනෙකා වෙලා ගත්තා…

ලොකු අක්කි අහ් ලොකු අක්කිලා දෙන්නයි නෙ දැන්..ගගනගෙ ලොකු අක්කි ඇවිත් මූනෙ රැදි සේලය අයින් කලා..

මගෙ මූණ වෙනදටත් වඩා රතු වෙලා..බිමට බර කරගත්තු ඇස් උස්සන්නත් ලැජ්ජයි…ඒත් හරිම ආසාවෙන් මම් ඉස්සරහා බැලුවා..

හැමෝගෙම ඇස් දීප්තියෙන් බබලනවා..ඒ අස්සෙ එක ඇහක් දගකාර විදියට නෙත් අස්සට ඉගි දෙනවා…

එක එක්කෙනා ඇවිත් සුබ පැතුම් නිසා තවමත් ගගනට මට වචනයක් නිදහසෙ කියන්න ලැබුන්ණෑ..

ඒයි…

ම්ම්ම්

ගිලිනවා

කාවද

සෙනේ බබීව
ඒ කවුද

මගෙ ගෑනි

කවුද කීවෙ

මෙයා..

ගගන පපුව පෙන්නලා ඇහක් ඉගි කලා..

ආදරෙයි

මමත්…

මේ මෝඩි

ම්ම්

අමාරුයි අනෙ…ඉන්න බෑ

අපෝ..ඔයා නම්…

එහෙ එහෙ..කැත අදහසින් කීවෙ නෑ මෝඩි

ඒනම්

මේ නිලමෙ ඇදුම් ඇදන් ඉන්න බෑ බම්..හුස්මත් හිරවෙනවා

ඔව් බම්..මට මේක ඉක්කන්ට ගලවන්න ඕනි

හොද වැඩෙ..ඔහොම්ම ඉන්න

හිනාවෙනවකො..සේරටම හරියන්න දෙන්නම්

මොනාද

රිටන් බබී

ටික වෙලාවකින් අපෙ ඇදුම් මාරු කරන්න අපි ආයෙම දෙතැනකට ගියා…මේපාර මාව හැඩවුනෙ දමිල මනාලියක් විදියට…

සෙනේශා අක්කි

අපි ලෑස්තියි

හරි

මමත් ලොකු අම්මිලාගෙ දුවලා දෙන්නත් මේ ලෑස්ති වෙන්නෙ සර්ප්‍ර්‍යිස් ඩාන්ස් එකකට…දවස් තුනක් වත් අපි මේක පුරුදු උන් නෑ…

මුලු ශාලාවෙම ආලොකය අඩුකරලා ගගනව විතරක් සෙන්ටර් කරලා…ඒ ඇස් නොඉවසීලී…

සන්ගීත රිද්මයත් එක්ක නැටවෙන මගෙ දෙඅත් නැටුමෙන්ම ඔහු වෙතට ගියා…

ඊලගට ඔහුත් රන්ගනේක..ඇත්තටම අවුරුදු හතකට පස්සෙ හිතෙ නිදහස් හැගුමන් ගොඩක් පිරිලා

ඊලග මොහොත ගොඩක් දුක්බරයි..ගුන කතනයන් දෙපැත්තෙන්ම…ඒත් එක්කම මමත් පුන්චි කතාවක් කලා

ආදරනීය අම්මි,අප්පච්චි,ලොකු අක්කි ,අයියෙ…මෙතුවක් කාලෙකට මගෙ මුරන්ඩු කමින් හිතුවක්කාරකමින් හිත් අමනාපකම් ඇති උනානම් සමාවෙන්න..අදින් පස්සෙ දෝනිට ඔයාලා එක්ක ඉන්න බැරි වෙයි..හැම මොහොතකම මන් ලගට වෙලා මට ශක්තියක් වුනු ඔයාලා තමයි මගෙ වීරයො…ඔයාලා දුන්නු ඒ හයියත් එක්ක..අදින් මන් අලුත් ගෙදරකට ගොඩ වෙනවා..එක අක්කියෙක් උන්නු මට අදින් පස්සෙ අක්කිලා හයක්…සමා දෙන්න හිත රිදුනොත්..වැරදි අඩුපාඩුකම් සිද්ද උනොත් ඔයාලගෙ මල්ලිව මන් මියෙන තුරාවටම බලාගන්නම්..ඔයාලා හැමෝටම මන් නය ගැතියි..

ගගන මට ඔයාටත් කියන්න දෙයක් තියෙනවා..සොරි ගගන නෙවෙ සුදු මහත්තයා..හැමෝම ඉස්සරහා කියන්නම් දෙවියන්ව දැකලා තිබුනෙ පින්තූරවල,පිලිම වල ඒත් මන් හැබැහින් දැක්කා..ඔයා දෙවියෙක්…මගෙ ජීවිතේට..අත්වැරදීම් වෙයි..හිත් රිදීම් වෙයි. දගකාරකම් වෙයි..ඒත් මන් ආදරෙයි ගොඩාක් ආදරෙයි…

ඉතුරු කියාගන්න කලින් ගගන ඇවිත් මාව වඩා ගත්තා…

හැමෝම විහිලු කලෙ මනමාලයට හදිසි වෙලා කියලා

මේ වගෙ දවසක් මගෙ ජීවිතේට හීනෙකින් වත් ඒවි කියලා මන් හිතුවෙ වත් නෑ…

ඊලග මොහොත දුක්බරයි…ඒ දුක්බර මොහොතට වැයුනුන් ගීතයත් ගොඩක් දුක්බරයි…

හැමෝටම වැදලා අපි එන්න පිටත් උනා…ඒත් පුන්චි වෙනසක්

මනමාලියගෙ අම්මා අඩන එක සුපුරුදු දසුනක්..ඒත් එක්කම ගගනගෙ අම්මත් ඇඩුවා…ඒ සතුටටද..දුකටද..

…මතු සම්බන්දයි…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *