සීමා නෑ ආදරේට…………………………..22

22

ගගන තවමත් ඔලුවට අත ගහ ගත්තු ගමන්..ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නෙ…ආදරෙ හිමි වෙලත් ඒ ආදරෙ වෙනුවෙන් පූජා වෙන්න මට වරම් නෑ…

මන් ඇදෙන් රූටලා ගිහින් ඒ කකුල් දෙක මත ඔලුව තියා ගත්තා

අනෙ බබු මට සමාවෙන්න…අනෙ මන් බයයි…මට මට එදා උනු දේ මතක් වෙනවා මහත්තයෝ

ගගනගෙ සුසුම්වල බර මටත් දැනුනා

හ්ම්ම්…මැනික…මට තේරෙනවා

මහත්තයො..අනෙ මට බයයි

හ්ම්ම් ඔයා විදපු අමිහිරි අත්දැකීම ආයෙම ලබන්න වෙයි කියාලා බයයි නේද

හ්ම්ම්

තේරෙනවා…දැන් නිදාගන්න සුද්දි

අනේ

මොකොටද දෙවියනෙ මේ ජීවිතෙ…මට එයාගෙ වෙන්න බැරි නම්

එන්න දොයි ගමු

ගගන ඇදෙන් වැතිරුනා…එක අතක් මගෙ හිස යටින් දාලා මාව පපුවට තද කර ගත්තා….

මන් ඒ පපුව හිම්බා…මේ වෙලෙ ගගනගෙ හිත ගිනි ගන්නවා ඇති..තමන් ලබපු බිරිදව තමන්ගෙ කරගන්න නැතුව…

මැනික

ම්ම්

ඇයි මේ

ම්ම්

ම්ම් කියන්නෙ ඇයි අඩන්නෙ
නෑ

නැත්තෙ නෑ..මේ පපුව තෙත් වෙන්නෙ

මන් හරි පවුකාරියක්..ඔයා ඒ පවුකාරි බැදගෙන දුක් විදින්න හදන්නෙ

කවුද කියන්නෙ ඔයා පව් කාරියක් කියලා…මේ අහන්න…ආදරෙ කියන්නෙ ලින්ගික ආශාව නෙවෙ..මට ඔයාගෙ හැගීම් තේරෙනවා..මට තරහයි අරුත් එක්කෙ..ඔයාට කොච්චර වද දෙන්න ඇද්ද..ඔයා මටත් බය වෙන්න තරම්..මගෙ පවට මට ඔයා මුන ගැහුනෙ පරක්කු වෙලා

එහෙම කියන්න එපා මහත්තයො..මට සතුට දුන්නෙ ඔයා..ආදරෙ කියන්නෙ මොකක්ද කියලා තේරුම් කලෙ ඔයා. මන් වගෙ කෙනෙක් නිසා ඔයාගෙ ජීවිතෙ සුන්දරම දවස විදින්න වරම් නැ..මට සමාවෙන්න

මේ අහන්න මැනික..ඇත්ත මමත් හීන දැක්කා ඔයත් එක්ක මේ දව්ස රස විදින්න..ඒත් මග්ගෙ මැනික බයයි නම්..හ්ම්ම් අපි ඉස්සෙල්ලා මේම තව ටීකක් ආදරෙ කරමු..

ඒත් මට

දැන් ඇති..මටත් පුලුවන් අරූ වගෙ කොලුකමට බලෙන් ඔයා ගන්න..ඒකට මට අයිතියකුත් තියෙනවා…ඒත් මන් ඔයා වගෙ ලස්සන මලකට එහෙම කලොත් උගෙයි මගෙයි වෙනසක් නැතිව යනවා..මේ අහන්නකො .අපි දැන් අපෙ.. අපි දෙන්නා මැරෙනකම්ම ඉන්නවනි .ඒ දවස කවදාහරි ඒවි..ඉවසන්නම් මන්..ම්ම්..මගෙ මැනිකව ආදරෙන් විදින්න මිසක් බලෙන් විදලා,මගෙ මැනිකට විදවන්න වේදනා දෙන්න ඕනි නෑ මට

අනේ

හීනීයට පටන් ගත්තු ඉකිය ලොකු වැලපුමක් වෙන්න මහා ලොකු වෙලාවක් ගියෙ නෑ..මන් ඒ පපුවෙ ඔලුව තියන් ඒ පපුව කදුලු වලින්ම තෙත් කලා..

ගගන කලෙ සැරින් සැරෙ මගෙ හිස පිරි මැද,මැද නලල් තලයට හාදු දුන්නු එක

මෙ ආදරෙ මට උහුලන්න බෑ දෙවියනි..උදව් කරන්න මට….
————————————-
නුවරඑලියෙ දවස් තුනක ගමනෙන් පස්සෙ දෙවනි ගමන වෙනුවෙන් ලස්සන රතු සාරියකින් මාව සැරසුනා..ගගන හැඩ උනෙ යුරෝපීය ඇදුම් කට්ටලයෙන්…

ගෙදරට එන්න පිටත් වෙන්න කලින් ඒ දෙපා මත මන් සිරස තිබ්බා..

කෙල්ලෙක්ගෙ සලු ගැලවෙනකම් බලන් ඉන්න කොල්ලො ගොඩක් මැද ගගන බෝසත් කොල්ලෙක්..තමන්ට තියෙන හිමිකම වෙනුවෙන් වත් ඒ අයිතිය ගන්න උත්සහ නොකරපු ගගන බෝසත් කුලෙ නෙවෙ කියලා කියන්නෙ කොහොමද

මට දෙවියන් බෝසතුන් මුන ගැස්සුවත් යශෝදරාවක් වෙන්න වරම් නැති වෙයිද….

සිහිනෙන් වත් පැතුව නැති සැනසීමක් ගෙනල්ලා දුන්නු ගගන වෙනුවෙන් මේ හිත හදාගන්න උදව් දෙන්න දෙවියනේ…

මට එයාගෙම වෙන්න ඕනි..ඒත් දෙවියනේ ඇයි මගේ හිතට බය ඇතුල් කරන්නෙ…

පුන්චි වයසෙදි ලැබුව ඒ අමිහිරි අත්දැකීම ජීවීතෙ ලැබුවමත් පස්සෙන් ඒවි කියලා කවුද හිතුවෙ..දෙවියනෙ ඒ පිරිමි හිත කොහොම මේ දේ ඉවසනවා ඇත්ද…ආදරෙ කරන කාලය රාගය එච්චර අවශය නොවූවද පතිපතිනියන් අතරට ඒ සොදුරු හැගුම අවශයම නොවෙද…විවාහයෙ මූලික පදනම ඒක නෙවේද

මැට්ටි

ම්ම්ම්

මොනාද අහස පොලව ගැටගහන්න කල්පනා කරන්නේ

මට සමාවෙන්න ගගන..අනෙ මට ඔයාගෙ

ගගන ඒ දිගු ඇගිල්ලක් මගෙ රත් තොල් මතින් තිබ්බා…

දැම් ඇති..එන්න බහිමු

අපි හෝල් එකට ඇවිත්..ගගනගෙ අම්මත් අක්කලාත් ඇතුලු සේරමල්ලා අපිව පිලිගත්තා…

එදා වගේම අදත් හරිම ලස්සනට උත්සවෙ සන්විදානෙ කරලා…

ගගනගෙ යාලුවො ඇවිත් සැරින් සැරෙ ගගනට විහිලු කරනවා..ඒ මූනත් කොලුකාර කමින් බරවෙනවා..ඒත් ආයෙමත් මොහොතකින් ඒ සොදුරු මූන කල්පනා බර වෙනවා…

ඉක්මනට හැමදෙයක්ම විසද ගන්න ඕනි..දෙවියනි..කාටද මන් මේ පර්ශ්නෙ ගැන කියන්නෙ…

ගගන ටිකක් එහෙට මෙහෙට වෙනකම් ඉදලා අම්මියි ලොකු අක්කියි මන් ලගට කිට්ටු උනා

අම්මි හරි ආදරයෙන් මගෙ මූණ අතගෑවා

දෝනියෙ අද ඔයා රතු රෝස මලක් වගේ

අම්මි…

මගෙ මැනිකට පශිනයක් උන් නෑ නේද

අම්මි..ඇයි එහෙම කියන්නෙ

නෑ දූගෙ මූන මැලවිලා..ඒකයි

නෑ අම්මි

මේක කියන්නම්‍යි කියලා උන්නෙ

මොකක්ද

ගගන පුතා හොදයි තමයි..ඒත්

ඒත්

පුතෙ අම්මා ටිකක් එක විදියක් වගේ

ඇයි එහෙම කියන්නෙ

හ්ම්ම් කතා බහෙන් එහෙම හිතුනෙ පුතෙ..ගගන කියන්නෙ ඒ පවුලෙ එකම පුතානේ..ඒ නිසා කෝකටත් අම්මයි අක්කලයි එක්ක පරිස්සමෙන්..මට බයයි මැනිකෙ

ඇයි අම්මෙ එහෙම කියන්නෙ..මට ඕනි තැනක ඉන්න පුලුවන්

ඒක මන් දන්නවා..ඒත් ගෑනු ගෑනු රදන්න බෑ..කෝකටත් පරිස්සමෙන්..

හ්ම්ම්

ඉතින් ජීවීතේ වෙනසක් එක්ක අලුතින් පටන් ගත්තා..මෙතෙක් කාලයක් සෙනේශා දැහැමි තිලකරත්න උනු මන් දැන් සෙනේශා දැහැමි වීරසින්හ..මිසිස් ගගන…

ඒ නමේම තියෙන්නෙ මට ඔහුගෙන් තියෙන අයිතිය නෙවේද

පලවෙනි සති දෙක ගෙවුනේ ගගනගෙත් මගෙත් නැදෑයෝ මුන ගැහෙන්න යාමේන්…

මන් උදේම නැගිටලා අම්මත් එක්ක උයනවා..ඊට පස්සෙ එයාටයි මටයි බත් මුල් බැදලා තේ එහෙමත් අරන් ඇදට යනවා

මේ කම්මැලියා මගෙ උම්මි එකක් නැත්තම් දැන් නැගිටින්නෑ.. අනෙ මන්දා මෙච්චරකල් කෝම උන්නද කියලා..ඊටත් පස්සෙ දෙන්නත් එක්කම වොශ් දාලා වැඩට යන්න ලෑස්ති වෙනවා..චූටි බබාට තවම කවන්නත් ඕනි…

සමහර දාට මන් බත් බෙදන් එද්දි මෙයාට අම්මට කියලා කවගන්නවා…මොනා කරන්නද අම්මගෙත් එකම පුතානේ…

ඊලගට දෙන්නත් එක්කම ඔෆිස් යනවා…හවස වෙනකම් සැරින් සැරේට කෝල් කර කර එයා මගෙ විස්තර අහනවා..මටත් හැම තිස්සෙම,එයා ඕනී…

ඊලගට වැඩ ඇරිලා දෙන්නත් එක්ක ගෙදරට ඕනි දේවලුත් එහෙම අරන් ගෙදර යනවා…මුලු දවසම ආදරෙන් පිරිලා ගතවෙලා ගියත් හැම රෑකම එයා මට ලන් වෙද්දි මගෙ මුලු ඇගම වෙවුලලා දාඩිය දාලා එයාව පතික්සේප කරනවා..

ආදරෙ නිසාම මගෙ පතික්සේප කිරීම් දරාගන්න ගගන ගැන මගෙ හිතෙ තියෙන්නෙ පුදුම වේදනාවක්

හැගීම් දැනීම් තියෙන පිරිමියෙක් විදියට එයා උහුලන මේ දුක මට වාවන්නෑ

අනේ දෙවියනේ..මට උදව් කරන්න

……..

ආන්ටිගෙ බෝඩිමෙ තිබ්බ මගේ බඩුත් අපේ රූම් එකට ගෙනාවා..හැම දේටම වැඩියෙන් මට ගොඩක් වටින්නෙ.. යාලුවෙලා ඉද්දි ගගන මට අරන් දුන්නු ලස්සන සුදු පාට පැන්ඩව..එයාව මන් අපෙ ඇද උඩින් තියලා තියෙන්නෙ

ගගනගෙ චූටි අක්කා ඉන්නෙ එහා ගෙදර…එයාට චූටි පැට්ටො දෙන්නයි…ඉතින් ඒ දෙන්නත් කොච්චරවත් අපේ රූම් එක ඇතුලෙ..කොච්චරවත් චූටි මාමි කිය කිය ගගනගෙ බෙල්ලෙ එල්ලුනු ගමන්…

එක දවසක් ගගන හොදටම නිදි..මන් නාලා කොන්ඩෙත් පිහන් බෙඩ් එකට ආවා…

එතකොටයි දැක්කෙ අක්කගෙ පොඩි එකා..කිදුරු අර ලස්සන ටෙඩි බෙයාගෙ ඇස් ඔපරේශන් එකක්. මන් ගොඩක් ආදරෙන් ඒ ටෙඩි බෙයා පරිස්සම් කලේ..ඒත් ඕකට මොනාහරි කියන්න ගියොත් රන්ඩු ඇති වෙයි කියන බයට මන් කට පියන් නිකම් උන්නා..

ඒත් ගගන ඇහරිලා කිදුරු ටෙඩි බෙයාට කරලා තියන දේ දැකලා චූටි කොල්ලට පාරක් දුන්නා..

පොඩි එකා ඒක ගිහින් ආච්චම්මටයි එයාගෙ අම්මටයි කියලා දෙන්නත් එක්කලා ගගනට දොස් කීවා..අම්මා නම් දොස් කීවෙ ගගනට උනත් චූටි අක්කා නොකියා කීවෙ ගගනව මන් වෙනස් කරලා කියලා….ඒත් දෙවියනෙ මන් කරපු දෙයක් නෙවෙ ඒක…ගගනම දැකලා එහෙම කලා මිසක් මන් නිසා එහෙම උන්නෑ…

එකිනෙකා එකට ඉද්දි ගැටුම් සාමන්‍යයි..ඒත් පිට කෙනෙක් ඉද්දි ඒ ගැටුම නිරායාසයෙන් පිට කෙනා මත පැටවෙනා..

කොහොම උනත් මටත් ගොඩක් දුකයි..අසරණ ටෙඩි බෙයාට දැන් එක ඇහක් අහිමියි…මන් එයාව අල්මාරියෙ මුල්ලක හැන්ගුවෙ අනිත් ඇහත් පරිස්සම් කරගන්න බැරි වෙයි කියලමයි…

…මතු සම්බන්දයී… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *