සීමා නෑ ආදරේට…………………………..23

*

සෙනේ බබියෝ..එන්නකෝ

ගගන එලියෙ ඉදන් හෝන් කරනවා..එයාට නම් මොකො නැකිට්ටා..ලෑස්ති උනා..කෑවා…දීවා..මන් එපැයි ඔක්කොම කරන්න..

එයාට තේ හදන්න ඕනි..ඇහරවන්න ඕනි..ටූත් පේස්ට් දාන්න ඕනි brush එකට..ටවල් එකෙ ඉදලා සබන් ෆේස් වොශ් ශැම්පු මේ සේරම ලගින් තියන්න ඕනි..ඊලගට ටයි එකෙ ඉදලා මේස් එක වෙනකම්ම අයන් කරලා ඒක පේන තැනකින් තියන්න ඕනි..කෑම ඔතන්න ඕනි..

ඒ අස්සෙ මන් ලෑස්ති වෙන්න ඕනි…ඒ සේරමත් එක්ක ගගන බබූව නලවන්නත් ඕනි..වැඩ ගොඩායි…

ගගන ආයෙම හෝන් එක ගහනවා..මේ පාර නම් තද වෙලාද කොයිද..දෙන්නගෙම බෑග්ස් අරන් මන් එලියට ආවා

මොකද බබි..එන්නකො ලේට් වෙනවනි..

තව පැය බාගයක් තියෙන්නෙ බබු

ඒ උනාට වේලාසනින් යන්න ඕනි බබී

ගගනගෙ චූටි අක්කා උන්නෙ මිදුල අතු ගගා..මන් එයාටත් හිනාවක් දීලම බයික් එකට නැග්ගා..එයාව පහු කරගෙනයි අපි යන්න ඕනි

අනෙ මන්දා ලැජ්ජාවෙ බෑ..අලි ගෑනියෙක්ට බබීලූ..ගෙවල් අස්සෙ නම් කමක් නෑ..මහ පාරෙ කෑ ගහනවා..ලමෙක් හදාගන්නත් නෑ අපිට

ගගන බයික් එක අක්කා ගාවින් නතර කලා

මේ චූටි අක්කි..මගෙ ගෑනිට මන් බබි නෙවෙ..රත්තරන් කියලා හරි ඕනම තැනක කතා කරනව..අනුන්ගෙ දේවල් හොයන් නැතුව ඉන්න..ඔයාට දර්ශන අයියා වරෙන් පලයන් කීවට මට එහෙම මගෙ ගෑනීට කතා කරන්නබෑ..

අනෙ මෙ..මගෙ මිනිහා මට ඕන විදිහකටකතා කරපු දෙයින් තමුසෙ යනවා

මමත් එහෙනම් මගෙ ගෑනිට මට ඕන විදියට කතා කරනවා. තමුසෙත් ඉන්නවා

හහ්..තමුසෙ තාම අලුත් පිටනෙ..ඒක වෙන්නැති ඔච්චර ලව්..ඉන්නවකො මන් අම්මට කියන්නම්

මන් බය වෙයි..

බලාගන්නම්කො මන්..තමුසෙ ඉස්සර ඕහොම නෑ..

ගගනගෙ චූටි අක්කා ඉදල මිදුලෙම විසික් කරලා ගේ ඇතුලට ගියා..

අපි යන් අනේ

හ්ම්ම්

මොකටද අක්කි එක්ක එල්ලෙන්න ගියෙ

චූටි අක්කිගෙ වැඩේම පුන්චි කාලෙ ඉදන්ම මගෙ ඇගෙ එල්ලෙන එක..අනික මන් ඔයාට මොනා කියලා කතා කලත් එයාට මොකො

හරි හරි දැන් යන්කෝ

ම්ම්ම්..

මන් ඒ බදෙන් හයියෙන් අල්ලගත්තා..මුලින්ම එයත් එක්ක බයික් එකෙ ගිය දවස මතක් වෙලා මට හිනා ගියා..

ගගන සයිට් කන්නාඩියෙන් මන් දිහා බලනවා

මොකො..

මුලින්ම බයික එකේ ගිය හැටි මතක් වුනා

ඔහ්..අර මැදට බෑග් එකක් තියන් ගියෙ

ම්ම්

ඉතින් දැනුත් ඒම යන්නකො..මෙතන අපෙ සූටි හිත් අවුස්සන් නැතුව

ඇයි දැන් මන් මොනා කලේ

අරවා මේවා..

ඔයා නම්

මන් ගගනව කුචි කැව්වා

මැට්ටියෙ මෙ පාර..දෙන්නත් එක්කම පෙරලෙයි..

හා හා

මෝඩියෙක්

ගගනත් මමත් මේ ගෙවන ජීවීතේ හැමදාටම සතුටින් පිරෙන්න ඕනී..

ඒ සතුට ලබා ගන්න තවමත් අසම්පූර්න උනු ඒ දේ වෙනුවෙන් මොනවද මන් කරන්න ඕනී..

හ්ම්ම්ම්

සෙනේශා

ආ..

මොනාද අප්පා දැන් ඕනි වෙලේක කල්පනාව

ඒකනි ඒකනි හබියා මතක් වෙනවා ඇති

මගේ බැන්කු සගයො දෙන්නා දෙපැත්තෙ ඉදන් හිනා වෙනවා..අද චුට්ටක් සෙනග අඩුයි..ඒ හින්දා තුන් දෙනාට කැකිරි පලන්න අවස්තාවක්..

මන් උත්තර වෙනුවට හිනා වුනා..අපේ හිත්වල තියෙන හැම ප්‍ර්ශ්නයක්ම හැමෝම එක්ක බෙදා ගන්න පුලුවන් කමක් නෑ..ඉතින් උත්තර නැති සමහර ප්‍ර්ශ්න වලට කියාගන්න බැරි සමහර දේවල් වලට පුන්චි හිනාවක් සෑහෙනවා…

බලන්නකො අනේ..වෙන කෙල්ලො මැරි කරාම මහත් වෙනවා..ඒත් අපෙ සෙනේශා එන්න එන්න කෙට්ටු වෙනවා

මේකනි..හබී කියනවා ඇති ලස්සනට ඉන්න කියලා..අනික හබීයත් ඉතින් මන් වගේම හැන්ඩි කොල්ලනි සෙනේශට බයත් ඇති නෙ..වෙන කෙල්ලෙක් අල්ල ගනියි කියලා

වෙන කෙල්ලෙක් මොකටද අනෙ..සෙනේශා වගෙ ලස්සන ව්‍යිෆ් කෙනෙක් ලැබිලා ඉද්දි…

ඒයි අර බලහන්..මෙයාගෙ හබියා නම් මැරෙන්නෑ

බෑන්ක් එකෙ වීදුරු දොර අස්සෙන් මතු වුනෙ ගගන…කට පුරාම හිනාමල් අරන් එන ගගනව දැක්කත් ඇති හිතට සැනසුම ගේන්න

ආව් ආව් වයිෆරෙ බලන්නෙ නැතුව ඉන්නම බෑ වගේ

නැතුව නැතුව..මෙතනට කස්ටමස්ලා කී දෙනෙක් එනවද..ඉතින් එයා වගේම තව කොල්ලෙක් ඇවිත් සෙනේශට ලයින් දැම්මොත් බයයි නේ..

මෙයාලගෙ නම් කටවල් වලට නිවනක් නෑ..මන් ගගන එක්ක ටිකක් නිවි හැනහිල්ලෙ කතා කරන්න

බෑන්ක් එකෙ පිටිපස්සෙ තියෙන වාහන පාකින් එකට ගියා..මේ පාකින් එකට එන්න පුලුවන් බෑන්ක් එකෙ වැඩ කරන අයට විතරයි…

ඇයි බබු

බලන්න හිතුනා අනේ

බොරු

නැ ඇත්තමයි..මගෙ සෙනේ බබීව බලන්න හිතුනා…සන් කැටේ නේ මගෙ

ම්ම්ම්..කෝ බලන්න බලන්න…චුට්ටක් බටර් පාර වැඩි වගෙ..මොකක්ද හේතූව ම්ම්

මන් ඒ එහෙට මෙහෙට හරවලා විපරම් කලා..ඒ පාර මේ මැට්ටා ඔලුව කසනවා…හොරයක්ම තමයි..

මේකයි සෙනේ බබී

ඉයස් ඉයස් ටෙල් ටෙල්

මේ

ම්ම්

අද

ඔව් අද

අද අපෙ මැනේජර්ගෙ බත්ඩේ එක

ඉතින්

පොඩි පාටි එකක්

ඉතින්

අපිට ඉන්වයිට් කලා

කොහේද

අර අරලියා රෙස්ටුරන්ට් එකේ

හ්ම්ම්..මට හිතුනා ඔලුව කසද්දිම..කීයටද

අපි ලෑස්ති උනෙ වැඩ ඇරිලා එහෙම්ම යන්න කියලා….මන්..මෙ

හ්ම්ම් හැමදේම තීරනෙ කරලද මන් ලගට ආවෙ

එහෙම නෙවෙ බබි..අනිත් එවුනොත් යනවා..මට නොයත් බෑ

යන්නත් ආසයි නෙ ඒකනි ඇත්ත කතාව

ම්ම්ම්..

හ්ම්ම් යන්න ඉතින්..නොයාත් බෑනේ

අහන්නකො..මන් ඔයාව ඇරලෝලා යන්නම

් කමක් නෑ මන් අද බස් එකෙ යන්නම්..ඔයා පරිස්සමට රෑ වෙනකම් ඉන්නෙ නැතුව ගිහින් එන්න

කමක් නැද්ද

හ්ම්ම්..

හ්ම්ම් කියන්නෙ කියන්නකො හා කියලා

හා…මන් යන්නද ඇතුලට

තරහින් නේද..හරි මන් නොයා ඉන්නම්..

නෑ නෑ යන්න..යන්න කලින් මට මැසේජ් එකක් දාන්න…බැන්දයි කියලා ඔයා ආස දේවල් නොකර ඉන්න එපා..හැමදේම ඔයාගෙ සීමාවෙ ඇතුලෙ ඉදන් කරන්න…අවුලක් නෑ

සීමාව කීවෙ

සීමාවට…බොන්න එපා..යන්න එපා…කියලා නීති දාන්නෙ නෑ.. නොබි ඉන්නවනම් හොදයි..නොයා ඉන්නවනම් හොදයි..ඒත් ඔයා මන් වගෙ කෙල්ලෙක් නෙවෙනෙ ගේ අස්සෙ රින්ගන් ඉන්න..ඔයාටත් ආශාවන් ඇති..බදිනවා කියන්නෙ ඔයාව මන් හිර කරන් ඉන්න එක නෙවෙ

අනේ..

ඇයි

මේම හිතන වයිෆ් කෙනෙක් ලැබුන එකම ලකී…

එහෙම කියලා ගගන මගෙ නල්ල කිස් කරා

එ මෝඩයො අතන සිකියුරිටි අන්කලුත් බලන් ඉන්නවා..මොනා කරනවද මන්දා මැට්ටා..මන් යනවා..පරිස්සමට යන්න එහෙනම්

……..

හවස තුන වෙද්දි ගගන යනවා කියලා මැසේජ් කරලා තිබ්බා..මට ඕෆ් වෙන්න තව පැය බාගයක් තියෙනවා…එයත් පව්..කොල්ලෙක්නෙ..කෙල්ලො වගේ ගේ අස්සෙම හිර වෙලා ඉන්න බෑනී…

බෑන්ක් එකෙන් ඕෆ් වෙලා කාලෙකට පස්සෙ බුක් ශොප් එකට ගොඩ වැදුනා..මොනාද දන්නෙ නෑ අලුතින් ඇවිත් තියෙන බුක්ස්..

පොත් අතර අතරමන් වෙලා පැයකට පස්සෙ හොද පොත් තුනක් තෝර ගත්තා..ගගන එනකම් අද මේවා ටික කියෙව්වෑකී

….

දැන් දහයාමාරයි…හ්ම්ම්..අම්මිත් ගේ දොරකඩ ඉදන් බලන් ඉන්නවා..තවමත් ගගන ගෙදර එනකම් එලියට වෙලා බලන් ඉන්න එක එයාගෙ පුරුද්දක්..දවසක මමත් මෙහෙම ඉදිවි..මගෙ දරුවෙක් ලැබුනම…දරුවෙක්..හ්ම්ම් දරුවෙක් ලැබෙන්න මන් එයාට ලන්වෙන්න ඉඩ දෙන්න එපැයි..එයා ඉවසන ඉවසීම වෙන කවුරුවත් ඉවසන්නෙ නෑ..ඒක මන් හොදටම දන්නවා..

ඒ දේවල් මතක් වෙලා ලොකු සුසුමක් පිට වුනෙ..සාලෙ හාන්සි පුටුවෙ රෙද්ද්කුත් පොරවන් ඔලුව ඉදන් වහන් ඉන්න අම්මිත් මන් දිහා බැලුවා

දුවෙ

අම්මෙ

කෝල් එකක් වත් දුන්නෙ නැද්ද

මන් කෝල් කරා අම්මෙ.

ආන්සර් කරන්නෑනී

එහෙමද…හ්ම්ම්

තවත් පැය බාගෙකට පස්සෙ ගගනගෙ බයික් එක වත්තට ඇතුල් උනා..ගගන ඇතුලට ආවට පස්සෙ අම්මා ලයිට් නිවලා නින්දට ගියා…

මන් එයාගෙ පස්සෙන් ගියා

කාමරේට ආව විතරයි ගගන රූම් එකෙ දොර දඩස් ගාලා වැහුවා..

සුද්දි

ම්ම්ම්

එන්නකෝ

ගගන එයාගේ අත් වලට මාව හිර කර ගත්තා..තොර තෝන්චියක් නැති දිගු සිප ගැනීම් වැලක්…ඒ ඇස් මතින් බර වෙලා…ටික ටික එයාගෙ ගහනය වැඩි වෙනවා කියලා දැනෙනවා

මටත් හැගීම් දැනෙනවා..ඒ අත් එහෙට මෙහෙට දගකම් කරද්දි…ටිකෙන් ටික එකිනෙක ලෙහෙන සලු වතින් ඉවත් වෙද්දි…ආශාව පරදලා අර බිය ජනක හැගීම හිතට අරන් එනවා…

අද ගගන හොද සිහියෙන් නෙවෙ..මට ඒක තේරෙනවා

අනෙ ගගන..මට

මුකුත් කියන්න එපා සුදු කී දවසක් මන් මෙහෙම බලන් ඉන්නද..අද මට ඔඉනි බබි

එයා මාව හිර කරන්..මට රිදෙනවා..එයා මට රිද්දනවා…ඒ එයාගෙ අයිතිය..ඒත් ඇස් පියා ගත්තු ගමන් මට දැනෙන්නෙ භානුක මගෙ ඇග උඩ ඉන්නවා වගේ..

පුලුවන් තරම් බේරෙන්න දැගලුවත් ඒ අත් වලින් බේරෙන්න මට අමාරුයි…අනෙ මට බයයි දෙයියනේ…

ඊලග මොහෙතෙ වෙන්න යන දෙ මගෙ ඇගට ඉවෙන් වගෙ දැනෙනවා..බෑ බෑ මට කොහොමටවත් බෑ ආයෙම ඒ වේදනාව විදින්න…

මටත් කලින් මගෙ කකුල්, කියාත්මක උනා..පුලුවන් තරම් ශක්තිය දාලා මන් එයාව තල්ලු කලා…

දෙවියනෙ මන් මොකක්ද ඒ කලේ..ගගන..අනෙ මන් එයාව බිමට තල්ලු කලා නේද….

..මතු සම්බන්දයි….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *