සීමා නෑ ආදරේට………………………….25

**

ඔබ නැතිව ජීවීතය
මේ තරම් සැහැසි බව
නැහැ දැනුනේ මේතරම්
නුඹ ලගින් ඉදින කල

ලගින් උන් කාලයේ
කෙරුවාට සිත තැලුම්
අමනාප වූවාද
මා දමා ගියෙ මෙලෙස

රිදුම් දෙන මතක පොදි
උනුහුමට ගුලි කරන්
වැතිර මා නිදන්නද
යලි දෙනෙත් නොඇරි ලෙස

ලගින් ඉද්දි දැනුනටත් වැඩිය ආදරයක් ගගන වෙනුවෙන් හිතේ මැවෙනවා..අනේ මේ ගතවෙන රැයවල් කොච්චර නම් දිගද?ඉක්මනට ඉර පායලා රෑ වෙලා මේ මාස හය බලන් ඉද්දි ඉවර වෙලා යනවනම්….මට පුලුවන් නම් ගිහින් ලෝකය අතට අරන් කරකවන්න මන් කරකෝගෙන කරකෝගෙන යනවා..

තවම ගගන ගිහින් යන්තම් සතියයි ගෙවුනේ..මට තේරෙන්නෙ කාලේ එක තැන නතර වෙලා වගේ..

අපි අතර කායික බැදීමක් නොවුනත් හිත් කොච්චර බැදිලද තියෙන්නෙ කියලා දැනුනෙ එයා ඈතට ගියාට පස්සෙය හා හා පුරා කියලා හිතෙ ආදරයක් උපන්නෙ සුද්දා ගැන නෙවෙද…කොල්ලෙක්ට තමන් ආදරෙ කරන කෙනාවෙනුවෙන් මේ තරම් ආදරයක්,සෙනෙහසක් දෙන්න පුලුවන් කියලා මන් දැනගත්තෙ එයාගෙන් නෙවෙද

ආදරනීය අහින්සක පෙම්වතුන් ඉන්නෙ බොලද ආදර කතාවලම විතරයි කියලයි මන් හිතන් උන්නෙ..ඒත් මේ ලොකේ හැබෑවටමත් එහෙම ආදරවන්ත පෙම්වතෙක් ඉන්නවා කියලා දැනගත්තෙ එයාගෙන්..

එයා එක්ක සසදද්දි මන් මොනවාද එයාට දීලා තියෙන්නෙ…මන් කෙල්ලෙක් නෙවෙ කියලා දැනගත්තම ි ඒ හිතට කොච්චර නම් දුකක් දැනෙන්න ඇද්ද?

ඒත් කමක් නෑ මන් දරුවෙක් ව්දාපු අම්මා කෙනෙක් කියලා දැනගත්තම ඒ හිතෙ ගොඩනැගූනු බලාපොරොත්තු සුනු විසුනු වෙලා යන්න ඇති..

ඒ හැම දෙයක්ම තකන්නැතුව මාව එයාගෙ කරගත්තු ගගනට මොන්නවද මන් දුන්නෙ…

ආදරෙ දුන්නු බව ඇත්ත..ඒත්…පතිපතිනියන් අතර සිද්දවෙන කායික ඇසුර ඒ දෙන්නා අතර ආදරෙ බෙදාගැනීමක්…මන් කොච්චර ආස උනත් ඒ උනුහුමෙ දැවටෙන්න මගෙ හිත මට හරස් වෙන්නෙ ඇයි..ආයෙම ගගන එනකොටවත මේ ජීවිතෙ අදුරු කරන සිතුවිල්ල මගෙ හිතෙන් අයින් කරලා දාන්න දෙවියනි..

හැමදාම පෝන් එකෙ පිහිටෙන් ඒ සුදු මූන දකිනවා තමයි..ඒත් ලග ඉන්නව වගේ නෑනී..

—————————————

ඉරිදා දවසක නවයට විතර මන් ගමනක් යන්න කොන්ඩෙ පීර පීර උන්නෙ..

කොයි වෙලෙත් අපේ ගේ අස්සෙම රින්ගන ගගනගෙ චූටි අක්කා අම්මත් එක්ක කතාවක්..

හිත රිදෙන කථා අහන්න බැරි හින්දම මන් අම්මාගෙ දුක සැප යුතුකමක් විදියට හෙව්වා මිසක් වැඩි බජනෙට නෑ..කෝමත් අම්මා තනියෙන් ඉන්න වෙලේට මිසක් අනිත් වෙලේට මාව මායිම් කලෙත් නෑ .

අම්මෙ

ම්ම්ම්

දැන් කවද්ද අපෙ මල්ලු එනවා කියන්නෙ

තව මාස දෙකක් තියෙ කියන්නෙ

මල්ලි අම්මට කතා කරානවද

සෙනෙ ලමයා සමහර වෙලේට පෝන් එක දෙනවා ගෙනත් කතා කරන්න

මට හරි පුදුමයි

ඇයි

අම්මාට ඉස්සර මල්ලි නැත්තම් නින්ද යන්නෙ නෑ නේද

හ්ම්ම්.

දැන් කොහොමද ඉන්නෙ

දැන් ඉතින් මට අයිති නෑනෙ..තවමත් හිතෙ ගින්දරින් ඉන්නෙ..රෙදි පාන්කඩේ පොගො පොගො හදාගත්තු ගත්ත කොල්ලා මගේ..මෙන්න මෙතනට කකුල් බිම වැදි වැදි බෙහෙත් ගන්න අරන් ගියෙ..හ්ම්ම්..මොනා කරන්නද

අම්මා කීවෙ නැද්ද යන්න එපා කියලා

කොහොම කියන්නද හැමදේම ලෑස්ති කරන් දවස් දෙකකට කලින් නෙ කිව්වෙ…බැදපු ගැනිත් කැමති නම් වදාපු මන් මොනවා කියන්නද

අනෙ මන්දා අම්මෙ..අපි බැදලා අවුරුදු පහකුත් වෙන්න ඇවිත්..තවම එක රැයක් මන් එයා නැතුව ඉදලා යන්න දෙන්නෙත් නෑ..මේකි බැදලා මාස තුනෙන් කොහොම අපෙ මල්ලිව යැව්වද මන්දා..මට නම් සැකයි අම්මා…අපෙ මල්ලි විතරයිද කොහිද ආදරෙ

මොකො සැක

නැත්තම් කොහොමද මන්දා බැදපු ගෑනියෙක් විදියට තනියම ඔහොම නිදා ගන්නෙ..අපෙ මල්ලිත් පිට ලස්සන විතරක් බලලාල ලමෙක් ඉන්න ගෑනියෙක් බැන්දා..අනෙ මම්දා කවුද දන්නෙ මොන මොන නැටුම් තව නටලා තියෙනවද කියලා

හ්ම්ම් හ්ම්ම්..තේ ටිකක් අරාන් එන්නම්

..

දෙයියනෙ චූටි අක්කා මන් ගැන දරන මතෙ..ඔයා හරි අක්කෙ එයා නැතුව ඇත්තටම නින්ද යන්නෑ…එයාගෙ සුවද තැවරූනු ඇදුමක් බදාගෙන මන් නිදන්නෙ

දවස් ගනන් කරන්නෙ තප්පරෙන් තප්පරේට..මමයි දන්නෙ මන් හෙලන සුසුම්..

හිනා වෙලා ඉන්නෙ අඩන්න බැරි නිසයි..මෙ පාලුව තනිකම දරාගෙන..

අම්මා නොවුන්නම් සෙනසුරාදා ඉරිදා ගමෙ හරි යනවා..ඒකත් බෑ.

හ්ම්ම්..

මන් බෑග් එකත් අරන් එලියට බැස්සා..යනකොටම චූටි අක්කව මුන ගැහුනා

අක්කෙ

කොහිද මෙ ඉරිදට ඉරිදට යන්නෙ කීම් උලාගෙන..මල්ලිත් නැතුව

ක්ලාස් අක්කා

අර මොන විබාගෙටද ක්ලාස් යන්නෙ..

අනෙ මන්දා ආයෙමත් ජවුසමක් නටන්න වගෙ මට පේන්නෙ..

හ්ම්ම් මේවට උත්තර දෙන්න ගියොත් මට නිකම් පටලැවෙන්න වෙන්නෙ

අම්මෙ

මන් යනව

……
වැඩමුලුවට සහබාගි වෙලා හවස මන් ගෙදර යන්න බස් එකට නැග්ගා..

ඒත් එක්කම ගගන වට්ස් අප් කෝල් එකක් ගත්තා..

බබී

ම්ම්ම්

මොකො කරන්නෙ

මන් එනගමන් සුද්දෝ

කොහෙ ගිහින්ද

වැඩමුලුවට බබො

ම්ම් කෝ වීඩීයො ඔන් කරන්න

අනෙ මන් බස් එකෙනෙ ඉන්නෙ මහත්තයො

ඉතින් මොකො දැන් මන් මොනාහරි පෙන්නන්න කියලද කීවෙ ගොන් කෙල්ලෙ..ඔයාව බලන්නයි ඕනි

හාහා ඉන්න

මන් ගගන කීව විදියට වීඩීයො එක ඔන් කලා

ම්ම් ඔහො බබී

ම්ම්

ඊයෙ රෑ දැක්කටත් වඩා මගෙ සුද්දි ලස්සන වෙලා

යන්න අනෙ..ඊයෙ රෑ දැක්කු කෙනාම තම්‍යි

බොරු

බොරු නෙවෙ ඇත්ත

හා හා කැම් එක ටිකක් එහාට කරන්න

ඒ මොකටෙයි ම්ම්

එහා පැත්තෙ ඉන්න කෙනාව බලන්න ාඅපො මට පිස්සු කියලා හිතයි

නෑ පිස්සියෙ නෝමල් එකෙ එහාට ගන්නකො

හා හා ඉන්න

මන් ගගන කීව විදිහට කැම් එක ටිකක් එහාට කලා..මගෙ එහා පැත්තෙ ඉදන් ඉන්නෙ කොල්ලෙක්..මන් කැම් එක ටිකක් එහාට කරලා ඒ කොල්ලා දිහා බැලුවා…

එතකොටම ඒ කොල්ලත් මන් දිහා බැලුවා..

හලො මැඩම්…කොහිද මෙච්චර කල් උන්නෙ ආ

එහා පැත්තෙ උන්නු කෙනා දැකලා මගෙ ඇස් දෙක උඩ ගියා

බබා බබා කොල්ලෙක් නේද ඉන්නෙ..මොනාද ඌ කියන්නෙ

ගගනත් බලාගෙන උන්නෙ

ආ මෙ හස්බන්ඩ්ද..හලෝ

බබු ඔයා මෙයාව දන්නවද

ඕක ටිකක් ඕෆ් කරම්න මැඩම් මට මැඩම් එක්ක ගනුදෙනුවක් තියෙනවා බේරගන්න..

මගෙ අතින් පෝන් එක උදුරන් පෝන් එක කට් කලා..

දෙයියනෙ මන් දැන් මොකො කරන්නෙ..

…මතු සම්බන්දයි… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *