සීමා නෑ ආදරේට………………………….27

**

තීවිල් එකට නැග්ගට පුදුම බයක් හිතට දැනෙන්නේ ආයෙමත් කරදරයක් වේවිද..මට පිටිපස්ස හැරිලා බලන්නත් බයයි…භානුක අයියට සැක හිතුනොත් ප්ලෑන් කරපූ සේරම වතුරේ..

මන් වීල් එකෙ කොනට ඔලුව තියාගත්තේ..භානුක අයියා ආයෙම හම්බුනු මොහොතේ ඉදන් සිද්ද වෙච්චි දේවල් මතක් කර ගන්න..

…………………………………………………..

මැඩම් ඔය පෝන් එක ඕෆ් කරනවද

සෙනේශා මොනාද ඌ කියන්නෙ කවුද්…

භානුක අයියා මගේ පෝන් එක අරන් ගගනගේ කෝල් එක කට් කලා…

මොකක්ද ඒ කලේ ආ..මගෙ ජීවිතේ කෑවා මදිවට තවත් මොනාද ඕනී

හෝව් හෝව් සද්දෙ බොහොම අඩුවෙන් මැඩම්..

මේ අහනවා එදා තමුනුයි මමයි විතරයි ගෙදර උන්නෙ..මන් චූටියි..අද තමුන් ඉන්නෙ බස් එකේ..මේකෙ වටේ මිනුස්සු ඉන්නවා..දැනගන්නවා තේරුනාද

ඒක තමයි මැඩම් මාත් කීවෙ..වැඩිය කෑ ගහලා මැඩම්ගෙ රහස් එලි කර ගන්න එපා

මොන රහස්ද තමුන් අහින්සක කෙල්ලෙක්ව විනාස කරපු එකද

මේ මැඩම් වැඩිය සද්ද දාලා ඔයාටමයි වරදින්නේ…තේරුනාද..පොඩ්ඩක් සද්දෙ අඩු කරලා මන් කියන දේවල් පෙන්නන දේවල් හොදට බලා ගන්නවා..

මෙයා මෙච්චර තර්ජන දාන්නෙ ඇයි..මොනාද මගෙන් වෙන්න ඕනි..මොනාද මට පෙන්නන්න තියෙන්නේ…

භානුක අයියා එයාගෙ සාක්කුවෙන් චිප් එකක් එලියට ගත්තා..පස්සෙ එයාගෙ පෝන් එකට ඒක ගහලා මට පෝන් එක දික් කලා…

මෙන්න බලනවා..මැඩම් ගේ ලස්සන ඔක්කොම මන් ලග…

වෙවුලන අත් දෙකින් මන් භානුක අයියගේ පෝන් එක අතට ගත්තා..

දෙවියනේ මොනාද මේ මන් දකින්නෙ..අනේ

එදා මාව විනාශ කරපු දවසේ හැම දේම…එයාගේ මූන නැතුව මාව..ඇදුම් ගලෝන තැනේ ඉදන්ම එක එක විදිහේ දේවල්..දෙයියනේ මෙච්චර දෙයක් දකින්න ඇයි මගෙ ඇස් පව් කෙරුවෙ..අනේ

මාව වෙවුලනවා…මගෙ හිත මට කියනවා අඩන්න කියලා..නෑ නෑ අඩන්නෑ මන්..කොහොමටත්..මන් දුර්වලයි කියලා දැනුනොත් මන් බය වුනා කියලා දැනුනොත් …

තමුසෙ තිරිසනා..තමුසෙට මන්..

අතේ තිබ්බ කුඩෙන් මන් ඇති වෙන්න ගැහුවා…බස් එකේ මිනිස්සු එකා දෙන්නා වට වුනා

මොකො නන්ගි..ඇයි මොකො මූමොනාද කලේ

අහ් මැඩම් ගැහුවා නේද සෙනග ඉස්සරහා බලාගන්නවා මන් කරන දේ…

ඇත්තටම එයා මොනා කරයිද කලබල වෙලා ගැහුවට දැන් නම් හිතට බයයි

මේ ඔයාලා අයින් වෙන්න..මේ මගේ වයිෆ් පොඩි රන්ඩුවක් ඒකයි

අපො තමුසෙලාට රන්ඩු වෙන්න වෙන තැනක් ලැබුන්නැද්ද

බස් එකෙ කට්ටිය බැන බැන ආයෙම ඉන්න තැන් වලට ගියා

පෙනේද කීවෙ බොරුවෙ තරම..ඒත් අර පොටො..දෙවියනෙ ඕවා ගගන දැක්කොත්..අනිත් එක අද කාලේ සිද්ද වෙන දේවලුත් එක්ක..නිකමට හරි මෙයා ඕවා ඉන්ටර්නෙට් එකට දැම්මොත්..මට වහ බොන්නයි වෙන්නේ…අපූරුවට එයාගෙ මූන වහලා තියෙන හැටි..

මෙච්චර කල් පවුලෙ අය විතරක් දැනන් උන්නු රහස..මුලු ලෝකේම දැනගනියි

හ්ම්ම් කියනවා තමුසෙට මොනාද වෙන්න ඕනි

මේ මැඩම් සැර බාර කලොත් මොකද

හ්ම්ම් කියනවා ඕන දේ

ආන් එහෙම එනවා

හ්ම්ම්

මාත් එක්ක බහිමු

කොහි යන්නද..

මන් තමුසෙව කන්නෙ නෑ ඕයි..බහිනවා මේ මහ පාරෙ කන්න බෑනේ

අකමැත්තෙන් උනත් මට භානුක අයියා එක්ක බහින්න සිද්ද වුනා..

භානුක අයියා මාව එක්කන් ගියෙ කොපි ශොප් එකකට

ඉදගන්නවා

මට බෑ

මෙ මැඩම් ඉදගන්නවා හලො තමුසෙ මෙතන ඩාන්ස් දාන්න ගියොත් තමුසෙටමයි වැඩ වරදින්නේ

දන්නෙ නෑ මෙයා මට මොන වගේ දෙයක් කියන්න යනවද කියලා..ඒත් හිතට දැනුනු හැගීමක් නිසාම මන් හිමින් සැරෙ පෝන් එකේ කැම් එක ඔන් කරලා..මේසෙ උඩින් තීවා..මොනා කීවත් කෙරුවත් මේ සේරම දැන් රෙකෝඩ් වෙනවා

භානුක අයියා එයාගෙ පෝන් එක දිහා බල බල උන්නු නිසා මන් මොනාද කරෙ කියලා දැක්කෙ නෑ

ඉතින් මැඩම්

මට මෙතන ඔයත් එක්ක ටයිම් පාස් කර කර ඉන්න උවමනාවක් නෑ කියන්න තියෙන දෙයක් කියන්න

අපො තියෙන ලොකු ඔලුව..

හ්ම්ම්

මේ අහනවා

භානුක අයියා මගෙ අතින් ඇල්ලුවා මන් ඒ අත ගසලා දැම්මා

ලස්සන වගේමයි සැරත්..

මේ භානුක අයියා කියන දෙයක් කියන්න මන් ගෙදර යන්න ඕනී

ගෙදර ගියාට අර නාකි ගෑනි විතරනි පැටියො ඉන්නෙ..ම්ම්..හබී රටනේ

දෙවියනෙ මෙයා ඒ සේරම දන්නෙ කොහොමද..අහ් විරාජ් අයියා කියන්න ඇති

තමුසෙ දැන් හිතුව දෙ මන් දන්නවා

මොකක්ද

මේ දේවල් මන් දන්නෙ කොහොමද කියලනී

හ්ම්ම්

මෙහෙමයි..අයියලා තමුසෙගෙ වෙඩින් එකට ගිය දා මමත් ෆලෝ කරා…අම්මටසිරි පට්ට කෑල්ල වගේ එදා..මොනා උනත් මන් මුලින්ම කාපු එක..ඌ අපුලක් නැතිව බදිනවා.. හිතුනා මට කට්ටිය මැද ඇවිත් පොඩි වැඩක් දාන්න..පස්සෙ බලද්දි මුන් සේරම දැනගෙන මෙහෙම කරන්නෙ කියලා පසු බැස්සා..තමුසෙ දන්නවද..එදා තමුසෙගෙ වැස්සෙ නටපු ඩාන්ස් එක දැකලයි මට තමුසෙ ගැන හිතුනෙ..හැගීම් වලට වහල් වෙලා එහෙම දෙයක් කලාට පස්සෙ මන් ගොඩාක් පසු තැවුනා..ඒත් තමුසෙ වගෙ කෙල්ලෙක් ලැබෙනවනම් කොයි කොල්ලද ආස නැත්තෙ ඒ හින්දයි අයියට කීවෙ තමුසෙව බදින්න කැමතියි කියලා තමුසෙ මොකො කලේ මන් ගැන හැමදේම කීවා..තමුසෙ නිසා මගෙ ඉගනීම නැවතුනා..හිරෙ ඉන්න බෑ බම්..ඉන්න එවුන් මන් කරපු දේ දැනන් හැමදාම අම්බානට නෙලුවා..ලෝකෙන්ම කොන් වෙලා ඉද්දි මට තමුසෙව මරන් කන්න තරම් කේන්තියි..හිරෙන් නිදහස් වෙලා ආයෙ ආවම දැන ගත්තෙ තමුසෙට මන් හින්දා ලමෙක් හම්බුනා කියලා දැනගත්තා..හ්ම්ම් මන් නිසානි එහෙම උනෙ කියලා මන් තමුසෙව අතෑරියා..හැබයි තමුසෙ ගැන ඇහ ගහන් උන්නෙ…

එහෙම ඉද්දි එක එක ගෑනුනව ආස්‍රෙ කලා..තමුසෙ දන්නවානෙ මිනිහෙක්ට ගෑනියෙක්ගෙ රහ දැනුනට පස්සෙ එහෙම ඉන්න අමාරුයි..ඒ ආස්‍රෙ කරපු එක ගැනියෙක් වත් තමුසෙ තරම් දැනුන් නෑ…මන් හැමදාම මේ වීඩියො බලනවා..

එහෙම ඉදදි තමයි තමුසෙ කසාද බැන්දෙ..මන් දුකින් ඉද්දි තමුසෙ කොහොමද ඕයි සතුටින් ඉන්නෙ..ඒ හින්දා හරිම අමාරුවෙන් තමුසෙ ඉන්න තැන හොයා ගත්තේ..ඒත් කොහිද තමුසෙ යන තැන අරූ පස්සෙන්..ඔහොම ඉද්දි තමයි තමුසෙගෙ හබියා වැඩ කරන තැනට වැඩට ගියෙ..බලනවා අරූ ඒලෙවල් කරපු එකා එතන ලොක්කා .මන් කැම්පස් ගිය එකා උන්ගෙ වැඩකාරයා..ඒ මදිවට තමුසෙ උගෙ ගෑනි..බෑ යකෝ ඕවා ඉවසන්න..

කොහොමහරි ඌ රට ගියානි..මන් තමුසෙව අල්ල ගන්න කොච්චර ට්‍ර්‍යි කලාද කෝ ඉතින් මේකිට බොඩි ගාඩ්ලනෙ හැම තැනම

කොහොම හරි තමුසෙව ෆලො කරලාඅද අල්ල ගත්තෙ ඒකයි..මට තමුසෙව ඕනි බම්..ආයෙම එක පාරක් හරි

චී මොනාද භානුක අයියා..අපි ණෑදෑයො නේද ඇයි මන් ගැන ඔහොම හිතන්නෙ..දැන් වත් මට ඉන්න දෙන්න

එහෙම ඉන්න දෙන්න තිබ්බා..තමුසෙ අර අතන ඉන්න ගෑනි වගෙ උනානම්

භානුක අයියා එතන උන්නු කෙනෙක්ව පෙන්නුවා…අහ් දෙයියනේ ඒ ලොකු අක්කි..මාව දැක්කද මන්දා

මොකො තමුසෙ බය උනෙ..බලනවා ඒ ගෑනිගෙ හැටි..මූන බලන්න හිතෙනවද..ඇග පකිස් පෙට්ටිය වගේ…පොල් මුඩ්ඩ වගෙ කොන්ඩෙකුත් බැදන්..ඔහොම උන්නනම් මන් බලන්නෑ..ඒත් ඉතින් ඔහොම හැඩට දිලිසි දිලිසි ඉද්දී..ම්ම්

භානුක ඒ ගගනගෙ අක්කා…

අම්මටසිරි ඒකත් එහෙමද

ඔව්

හරි මන් අදට යන්නම්..හෙට බෑන්ක් ඇරිලා එනවා මෙතනට..මන් කියන්නම් වෙන්න ඕන දේ..එහෙමත් නැත්තම් දෙනවා මට පෝන් නම්බ එක

භෑ හෙට හම්බෙමු

හ්ම්ම්

දෙයියනෙ භානුක මගෙන් ඉල්ලන්නෙ මොනාද..ඒත්..අර පොටෝස්

මන් භානුක ගියාට පස්සෙ අක්කා ලගටගියා

සෙනේ නන්ගී

අක්කි…මට ඔයාට දෙයක් කියන්න ඕනි

මන් අකුරක් නෑර ගගනගෙ ලොකු අක්කිට හැමදේම කීවා..අර මන් රේකෝඩ් කරපුවත්

අම්මො නන්ගි

අනෙ අක්කි මන් දැන් මොකො කරන්නෙ

ම්ම්ම්

අනෙ අක්කි මට බයයි .ගගන වත් මන් ලග උන්නනම් නෑ මෙච්චර බයක්

හ්ම්ම් ඌ ලග පොටෝස් තියෙනවා නේ

හ්ම්ම්
මෙතන කලබල වෙලා බෑ නන්ගි ඔයා දන්නවනි අද කාලෙ වෙන දේවල්

ඔව් අක්කි..ඒත්

හ්ම්ම් මන් රෑ එන්නම්..අයියා එක්කම..බය වෙන්න එපා මන් ඉන්නවා

හ්ම්ම්

එන්න මොනා හරි බොමු

අක්කිට මේ දේවල් කීවට පස්සෙ හිතේ තිබ්බ බය ටිකක් අඩු උනා..ඒත් බයයි…

එදා රෑ අක්කි ගෙදර ආවා..අක්කි කීවෙ ගගනට කියන්න එපා කියලා..ගගන මගෙන් පුන පුනා ඇහුවත් ඒ කෝල් එක කට් කලේ කවුද කියලා අහන හැම පාරම මන් ඒක මග ඇරියා

මට සමාවෙන්න ගගන අක්කි කීව නිසයි හැමදෙයක්ම හැන්ගුවෙ ඔයාගෙන්..මට සමාවෙන්න

ලොකු අක්කිගෙ අයියා පොලිස් අපරාද අන්ශයෙ වැඩ කරන්නෙ..එයා මට කිවා කරන්න ඕන විදිහ

ඊලග දවසෙ ඒ හින්දම මට භානුක අයියව මුන ගැහෙන්න සිද්ද උනා

භානුක අයියට ඕන උනෙ එක පාරක් එයත් එක්ක මන් ඉන්න

කොච්චර තිරිසන් පහත් ආසවක්ද මාව විනාස කලා මදිවට මගෙ ජීවිතෙත් විනාස කරන්න

ඒත් දැන් මටත් ඕනි මේ තිරිසනාට දඩුවම් කරන්න..ඒ නිසයි අද මේ තීවිල් එකට නැග්ගේ

ඒත් බයයි..දන්නෙ නෑ මාව කොහෙ අරන් යන්න යනවද කියලා..හිතට හයියකට තියෙන්නෙ මගෙත් එක්කම ලොකු අක්කිත්…එයාගෙ අයියත් පොලිසියත් මන් එක්ක ඉන්න බව දන්න එක…

දෙවියනේ යහපතක්ම වෙන්න ඕනී

තීවිල් එක අතුරු පාරකට දැම්මා

ඒත් එක්කම ඉස්සරහින් බයික් එකක් පාර හර්ස් කරලා නැවත්තුව නිසා තීවිල් එක නවත්තන්න උනා

බයික් එක නවත්තලා ඉස්සරහට ආවෙ……..

…මතු සම්බන්දයි…..
ඔන්න ඉස්සෙල්ලා කොටස නොතේරුනා වගෙ දැනුන අයට අද කොටසින් ඒ සේරම බේරුම් වෙන්න ඇති කියලා හිතෙනවා… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *