සුරඟනක් කඳුළක් සලා 33
33 කොටස
කෙලෙස සිතුවත් ඉතින් මට මගේ හිත හදා ගැනීමට නොහැකිය … ආදරේ හය හතර නොදත් අවදියේ කවිශ් ඔබ නමින් ඉපදුන ආදරේ අමතක කිරීමට නොහැකිව ඔබේ ආදරිය වැලපෙන බව දන්නවානම් ඔය ලෙසට මාව අමතක කරන්නට ඔබට හැකි නොවෙනවා සත්තයි .. මම රැයේ හීනෙන් ඔබ දකිමි …. මම දෑස ඇර ඔබව සොයමි නොවේ ඔබ මා ලග ඉතින් මා හට නාඩා සිටිය හැකි වේද .. මම ඉකිබිද වැලපෙමි … ඒ ඔබ වෙනුවෙනි ….පිපාසිත මේ සිත සොයන එකම දසුන ඔබ නිසාවෙනි …
‘දු මිලා බලන්නකෝ ආයෙම මේ ළමයාට මොනවා වෙලාද කියලා ..වරු ගණන් ඔහේ බලාගත් අතේ බලන් ඉන්නවා … එක පාරටම අඩන්න ගන්නවා හේතුවක් නැතිවම ’ මා සිහිනෙන් ඔබව දැක අවදිව ඔබ නොදැක ඉකි බිදිනු දකින අම්මි මිලා අක්කිට ඇගේ දුක කියන්නීය ….
‘ අනේ මන්දා නැන්දී … මම මිලාන් මල්ලිට කෝල් කරලා කියන්නද …. පොඩ්ඩක් නංගා එක්ක කතා කර කර ඉන්න එන්න කියලා …. ’ මිලා අක්කි දන්නීය කවිශ් අයියා හැරුණු විට මා සිත හැදිය හැකි එකම පිරිමි ආත්මය මිලාන් පමණක්ම බව …
‘ අනේ මන්දා දු ඒ ළමයත් පව් … ’ අම්මි හුල්ලන්නිය ..ඇය දුක් වෙනවා ඇත වරක් නොව කීපවරක් ආදරය නිසා ජීවිතය විනාශ කරගන්න එකම දියණිය ගැන ඇයට ඉහිලුම් නැති වෙන්න ඇත ….
තවත් පැයක් යන්නට මත්තෙන් මිලාන් ඔහු අපේ නිවසේය …දැන් ඔහුට අපේ ගෙදර ඔහුගේ ගෙදරට වඩා හුරුය .. ඉතින් ඔහු සෙමින් මගේ කාමරයට පිවිස මා ලගින් අසුන් ගයි …
‘ මේ අහන්න සුරංගනා .. අපි ගමනක් යමුද … ’ මිලාන් අසන්නේ මට බොහෝ ලංවිය..
‘ කොහෙද … ’ මම දෑස් දල්වා ඔහු දෙස බැලුවෙමි
‘ අපේ අම්මිගේ බර්ත්ඩේ එක සන්ඩේ මට සාරි එකක් ගන්න ඕනි … මට ඕවා ගන්න තේරෙන්නේ නැහැ .. එනවද මාත් එක්ක සාරි එක ගන්න යන්න ’ ඔහු මා දෙස බලන්නේ බලාපොරොත්තු පිරි දෑසිනි …ඉතින් මට ඔහුගේ බලාපොරොත්තු බිදීමට නොසිතේ …
‘ හා යමු …. ’ මම ඇදෙන් නැගිට ඉස්සර උනෙමි ..
‘ ඔහොම බෑ ලස්සන ගවුමක් ඇදගෙන යමු … ඉන්න මම හොයලා දෙන්නම් …’ ඔහු මගේ ඇදුම් රාක්කය වෙත ගොස් රෝස පැහැති පසුබිමේ සුදු පාට මල් වැටුණු ගවුමක් තෝරා මා වෙත දිගු කළේය
‘ මේක අදින්න …’ ඔහුගේ සිත රිදවනු බැරි නිසා මම ගවුම අතට ගතිමි … හෙතෙම කාමරයෙන් පිටව ගිය පසු මා ඇද සිටි ගවුම කරෙන් පන්නා දමා ඔහු තෝරා දුන් ගවුම ඇදගත්තෙමි …. කැඩපත දෙසවත් නොබලා මම ඔහු වෙත ගියෙමි …
‘ඔයා හරි අහිංසකයි සුරංගනා ඔහොම ඉද්දි .. ඔච්චරම අහිංසක වෙන්න එපා … ’ ඔහු මා දෙස බලන්නේ ආදරය පිරුණු ඇස් වලිනි … මම ඒ දෑස මග හැර සිනාසෙමි
‘ ආන්ටි අපි යනවා ..’ ඔහු අම්මිට හඩ නගා කිවේය …
‘ මල්ලි මගේ කාර් එක අරන් යන්නකෝ . වැස්සකුත් එන්න වගේ ….අද මම ලිව් …’ මිලා අක්කි ඉදගෙන සිටි පුටුවෙන් නැගිට ගොස් කාරයේ යතුර ගෙන ආවාය
‘ තෑන්ක්ස් අක්කි ….’
‘ අයියෝ ඕක මොකක්ද ….අපේ කෙල්ලව පරිස්සමට එක්කන් එන්නකෝ ’
‘ හා හා මටත් වඩා එයාව මම පරිස්සම් කරන්නම්කො … ’ මිලාන්ගේ දෑස්වල තිබුනේ ප්‍රේමයකි ..
..*****************************************************
හෙමින් ඇද හැලෙන පොද වැස්ස රිය කවුළුවේ වැදී අවට කිසිවක්ම නොපෙනී ගොස් ඇත .. මිලාන් රිය පදවන්නේ ඉතා සෙමිනි …. මම කවුළුවෙන් එපිට ඇති දේ හදුනා ගැනීමට උත්සහ කෙළෙමි …
‘ සුරංගනා ….’ නිහඩතාවය බින්දේ මිලාන්ය … මම පිටතට යොමා සිටි නෙත් ඔහු ලග නතර කෙරුවෙමි …. ඔහු ලියුම් කවරයක් මා අත තැබුවේය ..
‘ බලන්නකෝ …දිග ඇරලා ..’ මම එය දිග හැරියෙමි …. එහි උයේ සම්පත් බැංකුවේ ලිපියකි … පළවෙනිදා සිට වැඩ භාරගන්නා ලෙස දන්වා තිබුනේය
‘ මගේ සුභ පැතුම් මිලාන් …ඔයාට වරදින්නේ නැහැ …’ මගේ නෙතු වලට ආවේ සතුටු කදුලුය ….
ඔහු මේ ආරංචිය අම්මා තාත්තටත් පළමුව කියා ඇත්තේ මටය … ඒ තරම් ඔහුගේ ජිවිතයේ මා හට වටිනාකමක් ලබා දීමට මා ඔහුගේ කව්ද . ..
‘ මම දන්නවා සුරංගනා ඔයා තරම් මේ ගැන සතුටු වෙන කවුරුත්ම නැහැ කියලා … මට මේ ලියුම අතට ගත්ත හැටිය ඔයාව මතක් උනේ …. දැන් ඉතින් ටිකෙන් ටික මම ජිවිතේ හදා ගන්නවා …. ’ ඔහුගේ හඩේ තිබුනේ තිර පැතුමකි …..
‘ අපි එන ගමන් ගැටබෙ පන්සලට ගිහින් භාරයක් වෙමු මේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා …’ මම කිවේ මුළු හදවතින්මය
*****************************
අපි ජුනයිඩ් සාරිවෙළදසැල තුලට ගොස් සාරි මෝස්තර නැරබුවෙමු ….. එහි නා නා ප්‍රකාර සාරි මෝස්‌තර සිත් ගන්නා සුළුය … මා මිලාන්ගේ අම්මා සදහා චාම් මෝස්තරයක් සහිත සාරියක් තේරුවෙමි…
‘ මේක හොදද ..’
‘ ගොඩක් ලස්සනයි සුරංගනා …… ඔයා වගේම ඔයා තෝරන දේවලුත් සුන්දරයි ..’ ඔහු මගේ කනට කර කිවේය .. මම සිනාසුනෙමි … මගේ ලග ඔය මොන සුන්දරත්වය තිබුනත් වැඩක් නැහැ කිමට සිතුනද ….මම මුව ගොළු කරගත්තෙමි … මා සාරිය තෝරා මිලාන් මුදල් ගෙවන තුරු වට පිට බැලුවෙමි … මගේ කවිශ් අයියා වැනි කෙනෙක් මට පිටු පා මංගල සාරි තෝරමින් සිටියේය …. සිත එපා කිවත් අකීකරු දෙපා ඉස්සර වී නතර උනේ ඔහු ලගය …. කොතරම් පොරොන්දු දුන්නද ඒවා ඔහු ඉදිරියේ දුවිල්ලක් සේ දැනේ …… මම ඔහු ලග නතර වී ඔහුගේ උරහිස මත මගේ අතක් තැබුවෙමි ….
‘ කවිශ් … මගේ කවිශ් අයියා …..’ මම කිවා නොව වියලි දෙතොලින් ඒ වචන නිරායාශයෙන් පිටවුනෙත් පිටුපා උන් පුද්ගලයා හැරී මා දෙස බැලුවෙත් එකවරය … මා සිතුවා නිවැරදිය ..ඒ උන්නේ මගේ කවිශ් අයියය …. ඔහු වෙනදාටත් වඩා ලස්සනය … දෙනෙතේ කන්නාඩි යුවලක් පැළද සිටි ඔහු කෙරෙන් දිස් උයේ ඉස්සර උන් මගේ දගකාර කවිශ් අයියා නොව දැඩි මිනිසෙකි … මම ඔහුගේ මුහුන්නේ තිබු ඒ දැඩි බවට බියවී ඉස්සරහට තැබූ පය නැවත ගත්තෙමි …. භාවනාට උන පොරොන්දු අමතක වී කවිශ් අයියාම පමණක් මගේ ඉදිරියේ නතර වී උන්නේය .
‘ සුරංගනා .. මේ කොහෙද .’ ඔහු මා දැක මුහුණ අදුරු කරගත්තේය … හදිසියේ බලාපොරොත්තු නොවූ යමක් දැක ඇති වන හැගීමකි එය
‘ සාරියක් ගන්න ආවා අයියා … ’ මම අපහසුවෙන් පිළිතුරු දුන්නෙමි
‘ සුරංගනා …. කෙට්ටුවෙලා ඇදිලා ගිහිල්ලා …’ ඔහු මා දුටු විට නිරතුරු කියන කතාව වචන කළේය … මම සිනාසුනෙමි …
‘ අයියා දැන් මොකද කරන්නේ ..’ තවත් ඇසීමට යමක් නොමැති නිසා මම මතකයට ආ දේ ඇසුවෙමි
‘ මට පළවෙනි පත්වීම ලැබුනේ පේරාදෙණිය හොස්පිටල් එකට .. දැන් වැඩ කරන්නේ එතන .’
‘හොදින් වැඩ ටික කරගන්න අයියා …. ’
‘ ඔයත් හිනාවෙලා ඉන්න නංගි ….’
කවිශ් ඔයා නැතිව මට හිනා වෙන්න බෑ කියලා කෑ ගහලා කියන්න හිතුනත් මම හිනාවුනා හැර එයාට මොකුත්ම කිවේ නැහැ … අපි මොහොතක් එකිනෙකා දිහා බලාගෙන හිටියා …. ඒ මොහොත සමහර විට කල්පයක් තරම් දිග ඇති …….
‘ අයියා කාටද සාරි ගන්න ආවේ …’ මම හදිස්සියේ මතකයට ආ යමක් විමසුවෙමි
‘ වෙඩින් සාරි එක ගන්න ආවේ … භාවනා අපෙ අම්මා එක්ක උඩට ගියා .. මාත් යන්නම් නංගි … නැති නම් එයාලා මාව හොයයි … ’
තවත් වදනකුදු නොදෙඩු ඔහු වරක් හෝ නොබලා යන්න ගියේය .. මම විනාඩියක් දෙකක් ගල් පිළිමයක් ලෙස ඔහු යන දෙස බලා උන්නෙමි … ඇසට ඉනු කදුලක් ලේන්සුවෙන් පිස දමා මා අනිත් පස බැලුවේ මිලාන් සෙවීම සදහාය … ඔහු බලා උන්නේය … මා දෙසම එකදු ඇසිපියක් හෝ නොසොල්වා බලා උන්නේය … පපුව ගිනිගෙන දැවුනා නම් හොදය … තවත් අහිංසක පිරිමි සිතක් මා නිසා මේයාකාරව විදවනු බලා සිටිය නොහැකිය … ඉතින් මට මගේ සිත සනසවා ගත නොහැකි වනු ඇත …. කවදාකවත්ම
ඔහු තවත් වචනයක් හෝ නොකියා රිය පදවාගෙන ගියේය … මා ඔහු හා දෙඩීමට උත්සහ කලද ඔහු එක වචනයකින් හෝ දෙකකින් කතාව අවසන් කළේය … ඔහුට ගැටබෙ පන්සලට යෑමට හෝ ඉන්පසු උවමනාවක් නොවුවේය ….. ඔහුගේ සිතේ කලකිරීම කොතෙක්ද යත් ඔහු රිය ගාල් කර ගේ තුලට හෝ නොපැමිණ බයිසිකලයේ නැගී ඉගිල ගියේය …
මට සමාවෙන්න මිලාන් ….සැබෑව නම් ඔහුට පෙම් කල සිතින් මට ඔබට පෙම් කිරීමට නොහැකිය යන්නය …ඔබ පව් බව මා දනිමි …. නමුත් මට කවිශ්ගෙන් යුතු වූ මගේ ඒ අතීතයෙන් ගැලවීමක් නොමැත …. ඒ පව්කාර අතීතයේ ගැලී සිටින මාගේ ජිවිතයට ඔබ ඈදා ගතහොත් සිදු වන්නේ ඔබත් පව්කාරයකු බවට පත්විමය .. මම දිගු සුසුමක් හෙලුවෙමි ….. ලය සැහැල්ලු උවා නම් නොවේ .. දැනුනේ සිතට මහා බරකි …
තවත් කොටසක් බලාපොරොත්තු වෙන්න