සුරඟනක් කඳුළක් සලා 41

41 කොටස

‘ සුදු දු… සුදු දු …. ’ අප්පච්චිගේ ආදරණිය හඩ කොහේදෝ ඉදලා ඇහුනා … මම අමාරුවෙන් ඇස් ඇරලා බලද්දී මම හිටියේ මගේ ගෙදර ඇද උඩ.. ඇද වටේට අප්පච්චි අම්මි මල්ලි මිලාන් මල්ලි මිලා අක්කි අවසානෙට කවිශ් හිටගෙන හිටියා …

‘ අම්මි අම්මි …’ මම අමාරුවෙන් අම්මිට කතා කළා

‘ ඇයි මගේ රත්තරං ඔයාගේ අම්මි ඔයා ලග ඉන්නවනේ ..’ අම්මි මගේ ලගින් වාඩි වෙලා මගේ අතින් අල්ලා ගත්තා … මට දැනගන්න ඕන උනා මේක හීනයක්ද ඇත්තක්ද කියලා මම මාවම කොනිත්ත ගත්තා එතකොට තමා මට හිතුනේ ඇත්තටම මම ඉන්නේ මගේ ගෙදර මගේ ඇද උඩ කියලා ..

කුසුමා නැන්දා ගේ සැගවුණු රහස .. තිරිසනෙක් මෙන් ජිවත් වෙන පියදාස මාමා … සෑම් අන්කල් මාව මරන්න හදද්දී පහන් මාව බේරගත්ත විදිහ … මට ඕනෑ උනේ ඒවා අමතක කරන්න උනත් අර අප්‍රසන්න සිදුවීම් චිත්‍රපටියක් වගේ මගේ ඇස් ඉස්සරහා මැවුනා ඒවා අමතක කරන එක නම් ලේසි වෙන එකක් නැහැ කියලයි මට හිතුනා …

‘සුදු දු භයවෙන්න එපා .දැන් සුදු දු ලග අපි ඔක්කොම ඉන්නවානේ … ඔයාට කාටවත්ම ආයේ මොකුත්ම කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ …’ අප්පච්චි මගේ මුහුණේ ඇති බය දැකලා වෙන්න ඇති එහෙම කිවේ

‘ මට හරි බයයි මයේ අප්පච්චි … ’ අප්පච්චි මාව තුරුළු කරගත්තේ අපමණ ධාරක සෙනෙහෙන් .. මම අප්ප්ච්ච්චිට තුරුළු වෙලා හොදටම ඇඩුවා …. එයා මගේ ඔලුවෙන් අත ගෑවේ පුංචි දවස් වල තරම් ආදරෙන් .. දෙමව්පියන් තමන්ගේ දරුවෙක් මොන දේට මුහුණ දුන්නත් කවදාවත්ම අතාරින්නෙ නැහැ කියලා මට තේරුනේ ඒ වෙලාවේ තමා …

එතන හිටිය කවුරුවත්ම මගෙන් හාර හාර අවුස්සලා මොනවත් ඇහුවේ නැහැ ..ඒ උනාට මට දැනගන්න ඕනෑ උනා මම කොහොමද මෙතෙන්නට ආවේ කියලා ..

‘ අප්පච්චි කව්ද මාව මෙහෙට අරන් ආවේ … මම හිතුවේ මගේ ජිවිතේ අන්තිම මොහොත කියලා ඒ වෙලාව ..’

‘ ඒක ඉතින් කවිශ් ගෙන්ම අහමු නේ …’ අප්පච්චි කවිශ් දිහා බලලා එයාට මගේ ලගට එන්න කිවා

‘පුතා කියන්නකෝ .. අපිවත් දන්නේ නැහැ කවිශ් ඔයාව ගෙදර එක්කන් එනකන් ’ අම්මි කවිශ් දිහා බැලුව විදිහට මට තේරුනා කවුරුත්ම මේ ගැන මොකුත් දන්නේ නැහැ කියලා නම්

කවිශ් මගේ ලගට ඇවිත් එතන තිබ්බ පුටුවක් ඇදලා අරගෙන වාඩිවෙලා මගේ දිහා බැලුවා ..

‘ මම තරම් මේ ප්‍රශ්නෙන් පිඩා වින්ද කවුරුත්ම නැතිව ඇති … එදා භාවනා මැරී කරලා අපි හනිමුන් ගියේ නුවරඑලියට ඒ යද්දී තමා මල්ලිගෙන් කෝල් එක ආවේ ඔයා නැතිවෙලා කියලා .. මට හිතුනා එතනම වාහනේ හප්පගෙන මැරෙන්න ඕනෑ කියලා … බට් මට එහෙම කරන්න පුළුවන් උනේ නැහැ ඔයාට මොනවද උනේ කියලා දන්නේ නැතිව මම මැරෙන්න අයිතියක් නැහැ … මම හනිමුන් එකට ගිය ගමනත් නවත්තල ආපහු නුවර ආවේ .. කොහොම හරි ඔයාව හොයාගන්නවා කියලා හිතලා .. ඒ ඇවිල්ලා ඔයාලගේ ගෙදර අය එක්ක එකතු වෙලා හොයන්න පුළුවන් හැමතැනකම ඔයාව හෙව්වා … ’ එහෙම කියලා කවිශ් මිලාන් දිහා බැලුවා .. කවිශ් නැවැත්තුව තැනින් මිලාන් කතාව කියන්න පටන් ගත්තා

‘ දන්නවද භාවනා කවුරු හරි ගැහැණු ළමයෙක් කොහේ හරි මරලා දාලා කියලා දැනගත්ත ගමන් කවිශ් අයියයි මායි එතෙන්ට දුවනවා …. අපි හුස්ම ගන්නෙවත් නැතිව එතෙන්ට යනකන් යන්නේ ඒ ඔයා නෙවෙයි කියලා දැනගත්තාම තමා අපි යාන්තමට හුස්ම ගත්තේ …. අපි මොචරී වල හොස්පිටල් වල දවස ගානේ ගියා …. මම කවදාවත් සාස්තර විශ්වාස කරන මිනිහෙක් නෙවේ ..ඒ උනාට අපි ඔයා හොයාගන්න නොපෙනෙන බලවේගයක් හරි අපිට පිහිට වෙයි කියලා නොගිය දේවාලයක් පන්සලක් නැතිව ඇති …. ඔයාව හොයලා හොයලා අපි හොදටම හෙම්බත් වෙලා හිටියේ ….’ මිලාන් දිග හුස්මක් හෙලුවා

‘ ඔව් සුරංගනා මිලාන් නැතිවෙන්න මම මේ වෙද්දී එක්කෝ පිස්සන් කොටුවේ නැතිනම් හිරේ … මිලාන් උබ හොද යාලුවෙක් මචං තෑන්ක්ස් හැමදේටම …’ කවිශ් ඒ වෙලාවේ මිලාන් දිහා බැලුවේ තමන්ගේ සහෝදරයෙක් දිහා බලනවා වගේ …. මිලාන් ලස්සනට හිනා උනා … ඊට පස්සේ කවිශ් එයාගේ කතාව පටන් ගත්තා

‘ පහන් භාවනාගේ අයියා .. සුරංගනා නම් දන්නවා ඇති එයාව …. මිනිහා පෙරේදා මාව හම්බවෙන්න ආවා හොස්පිටල් එකට … ඇවිත් මට කිවා සුරංගනාව හොයලා දුන්නොත් භාවනා එක්ක එක්කහු වෙනවද කියලා .. මට ඒ වෙලාවේ මිනිහා ගැන සැක හිතුනා .. මම කිවා සුරංගනා හොයලා දුන්නොත් මගේ ජිවිතේ උනත් දෙනවා කියලා … ඊට පස්සේ මිනිහා මට කියලා කොළ වාගයක් අත්සන් කරලා ගත්තා … මිනිහා ගියාම මම මිලාන්ට කතා කරලා සිද්දිය කීවාට පස්සේ මිලාන් කිවා අපි මිනිහ පස්සේ යමු කියලා … අපි පහන් ගෙදරින් එලියට යනකන් බලාගෙන ඉදලා මිනිහා පස්සේ ගිහින් සුරංගනා ඉන්න තැන බලාගත්තා …ඊට පස්සේ අපි හිතා ගත්තා රෑට ගිහින් සුරන්ගනාව බේරා ගන්නවා කියලා … බට් අපි යද්දී පමා වෙලා වැඩි … අපි සුරංගනා හංගගෙන ඉන්න ගෙදර ලගට යද්දී ඈතට දැක්කා මහා පාරේ සුදු පාට ගුලියක් පෙරළෙනවා අපි ලගට ගිහින් විපරම් කරද්දී තමා දැක්කේ ගෑනු කෙනෙක් කියලා … මම වාහනෙන් බැහැලා ගිහින් බලද්දී තමා දැක්කේ ඒ ඔයා කියලා මට ඒ වෙලාවේ පිස්සු වගේ … මම ඔයාව උස්සගෙන කාර් එකට නැග්ගා … කෙලින්ම අපි ආවේ ගෙදර .. ඒ ඇවිල්ලා ඔයාට සිහිය එනකන් අපි බලාගෙන හිටියේ .. කවුරුත් වචනයක්වත් කතා කලේ නැහැ … ඩොක්ටර් ලා දෙන්නෙක්ම ඉන්න නිසා හොස්පිටල් ගෙනියනන් ඕන උනෙත් නැහැ …’

කවිශ් අයියා කතාව කියවලා ඉවරවෙනකන් කවුරුවත් හයියෙන් හුස්ම ගත්තේවත් නැහැ …

‘ මගේ පැටික්කිට ගොඩක් දුක් විදින්න වෙන්න ඇති ..’ අම්මි හෙමිහිට අඩන්න ගත්තා …

‘ දැන් අඩලා ළමයා ගේ හිත නරක කරන්න ඕන නැහැ … ළමයාට තනියම ඉන්න දීලා කට්ටියම ඉස්සරහට යමු ..’ අප්පච්චි එහෙම කීවාට පස්සේ කට්ටිය ම හෙමින් හෙමින් එලියට ගියා … කවිශ් අයියා යන්න කියලා නැගිට්ටා … මම එයාගේ අතින් අල්ලලා එයාට යන්න එපා කිවා .. එයා මගේ ඔලුව ලගින්ම ඇවිල්ලා වාඩි වෙලා මගේ දිහාවම බලන් ඉන්නවා …

‘ හැමදේටම පින් අයියා ’

‘ මම ඔයාව හොයාගත්තේ නැති නම් මට සමාව දෙන්න බැරිවෙයි මටවත් .. ’

‘ ගොඩක් ආදරේ මන් …’ මම කවිශ් අයියා දිහා බලාගෙනම උන්නා

‘ සුරංගනා මේ අහන්නකො …’ කවිෂ්ගේ ඇස් නැවතිලා තිබුනේ මගේ ඇස් දෙකේ

‘අහගෙන ඉන්නේ මගේ අයියේ …. ’ මම එයාගේ ඇස් වලින් පෙනෙන මගේම රූපයට හිනා වුනා

‘ මොනාද හොයන්නේ මගේ ඇස් දෙක අස්සේ ….’ එයා මගේ දිහා බැලුවේ මනමාල විදිහට

‘ දන්නවද මගේ අයියේ ඔයාගේ මේ ඇස් දෙක ඇතුලේ මම ඉන්නවා …. මාව හිරකරගෙන ද කොහෙද ඉන්නේ මේ ඇස් අස්සේ ..’

‘ මේ ඇස් අස්සේ විතරක් නෙවේ මැණික මේ හිත ඇතුලෙත් මම ඔයාව හිරකරගෙන ඉන්නේ …’

‘ සත්තයි කියන්න මගේ රත්තරන් අයියේ ….’

‘ සත්තමයි මැණික දැන් මේ හිතේ පිරිලා තියෙන්නේ ඔයා ගැන ආදරේ විතරමයි … ’

‘ දන්නවද අයියේ මම ආසයි ඔයාගේ දරුවන්ගේ අම්මා වෙන්න …’ මම එයාගේ පපුවේ උණුසුම විදගන්න එයාගේ තුරුලට වෙලා හිටියේ

‘ කවදා හරි මගේ දරුවන්ගේ අම්මා ඔයා තමයි …………. ’

‘ ඔයා මට විතරමයි නේද ඒ තැන දෙන්නේ …කියන්න මගේ අයියේ …’

‘ සත්තයි රත්තරන් ඒ වෙනුවෙන් මම කොයි තරම් කාලයක් හරි බලාගෙන ඉන්නවා … හැබැයි … ඔයා මගේ දරුවොන්ගේ අම්මා විතරමයි … වෙන කාටවත්ම අයිති වෙන්න බැහැ හරිද …’

‘ සත්තයි රත්තරන් හැමදාම මම ඔයාගේ විතරමයි …’ මම එයාගේ උනුහුමේ හිටියේ පුසී පැටික්කියෙක් වගේ … මම හරි ලෝභ උනා එයාගේ උණුහුම ආදරයට ..

‘ සුරංගනා ඈත්වෙයන් මගේ කවිශ් අයියාගෙන් ‘

භාවනා කොහේදෝ ඉදලා එකපාරටම කාමරේ උන්න අපි දෙන්නා අතරට පැනලා යක්ෂාවේශ වෙලා වගේ කෑ ගැහුවා

‘ කවිශ් අයියා ඔයාගේ නෙවේ මගේ විතරයි එයාව මම කාටවත් දෙන්නේ නැහැ … ‘ මම කවිෂ් අයියාව තුරුළු කරගත්තේ එයාව භාවනා උදුරාගෙන මගෙන් ඈත් කරයි කියලා බයෙන් වගේ .

‘මේ බලපන් එයා දැන් මගේ එයාගේ හැම දෙයක්ම මගේ විතරමයි …’ භාවනා එයාලගේ කසාද සහතිකේයි තව ලියවිල්ලකුයි මගේ දිහාවට විසිකරලා සමච්චලේට වගේ මට හිනාඋනා .. ඊට පස්සේ කවිශ් අයියාගේ අතින් ඇදලා එයා ලගට ගත්තා …

‘ අනේ මගේ කවිශ් අයියාව මට දෙන්න … අනේ මගේ රත්තරන් නැතිව මට ඉන්න බෑ … ’

‘ අනේ මගේ ආදරේ මට දෙන්න භාවනා ඔයාට පව් නැහැ …. මගේ හැම දේම ගන්න මගේ කවිශ් අයියව මට දෙන්න … ’

‘ඔය ලියවිල්ල කියවලා බලපන් .. ඕකේ තියෙන විදිහට කවිශ් මගෙන් ඩිවෝස් උනොත් එයා නමට තියෙන හැම සතයක්ම .. හැම දේපලක්ම අයිති වෙන්නේ මට … එයා නිකන්ම නිකන් මොකුත්ම නැති හිගන්නෙක් කරන්නද උබට ඕනේ … ’ කවිශ් අයියා භාවනා විසි කරපු ලියවිල්ල අහුලාගෙන බැලුවා

‘ උබලා ඔක්කොම ආපහු මාව හිරකරලා … බැල්ලි …ඊට වඩා හොදයි මාව මරාගෙන කාපිය ..’ කවිශ් අයියා භාවනාගේ කොන්ඩෙන් ඇදලා අරගෙන හොල්ලගෙන හොල්ලගෙන ගිහින් කම්මුලට පාරක් ගැහුවා … ඊට පස්සේ ලග තිබ්බ බිත්තියේ එයාගේ ඔලුව හැප්පුවා … භාවනා වියරු වැටිලා වගේ හිනා උනා … මිලානුයි අප්පච්චියි කාමරේට ආවේ ඒ වෙලාවේ … එයාලා පැනලා භාවනා බේරාගත්තා..

මම විලාප දී දී ඇඩුවා … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *