සුරඟනක් කඳුළක් සලා 42

42 කොටස

අවසානයේ කවිෂ් භාවනා සමග යන්න ගියේය …. කෑ ගසා හැඩීමට උවමනා උනද ගතට කිසිදු ශක්තියක් නොවූ බැවින් මට ඇඩිමට පවා නොහැකි විය … මට ඒ රාත්‍රියේ තදින්ම උණ ගැනී තිබුණි මුළු ගතම රත්වී සිහිය විකල් තත්වයකට මා පත්වී තිබුණි …. මම කවිශ් අයියාට උණ විකාරෙන් අඩ ගැසුවෙමි … ඔහු ආවේ නැති හෙයින් මම හොදටම ඇඩුවෙමි … අම්මි අප්පච්චි සේම නිවසේ අනිකුත් සියලු දෙනාම කම්පා උනේ ප්‍රේමය මා විනාශ කල නිසාය ….කිරිල්ලියක සේ සැහැල්ලුවට සිටි මා තටු සිදුනු කිරිලියක බවට පත් කල ප්‍රේමයට මට වෛර කල නොහැක .. මන්ද මම තාමත් මගේ කවිශ් අයියාට පෙම් කරන බැවිනි ..

‘ සුදු දු ලැහැස්ති කරගෙන එන්න බෙහෙත් ගන්න යන්න ..’ අප්පච්චි උදේ පාන්දරම අවදි වී උන්නේය … අම්මි මගේ ලගට විත් මගේ ගෙලට අත තබා බැලුවාය ..

‘ සුදු දු නැගිටින්න බෙහෙත් අරන් එමු ..’

‘ මට බෑ . මට බෙහෙත් එපා අම්මි මට මගේ පාඩුවේ තනියම ඉන්න දෙන්න ..’ මම මුරණ්ඩු වීමි

‘ සුදු දු ඔයා ඉස්සර ඔහොම නැහැ … දැන් ඔයා හොදටම හිතුවක්කාර වෙලා … ඔයාලා නිසා අපි විදින දුකේ සීමාවක් නැද්ද දරුවෝ …’ අම්මිගේ හඩේ තිබුනේ වේදනාව මුසු කලකිරීමකි . ඉතින් තව දුරටත් මට මුරණ්ඩු විය නොහැක .. මම උන් තැනින් නැගිට අතට අහු උන ගවුමක් ඇදගෙන … අවුල් වී තිබුණු කොණ්ඩය එක්කර කොන්ඩ කටුවක් ගසා ගත්තෙමි ..

අපි පේරාදෙණිය පාරේ පුද්ගලික රෝහලකින් බෙහෙත් ගන්න ආවේමු .. ඒ වෙලාවේ කවිශ් අයියා කොහේදෝ ඉදලා අපි ඉස්සරහට ආවා …අප්පච්චි සේම අම්මි ඔහු සමගින් සිනහ උවද මම එකම සිනහාවක් හෝ ඔහු වෙනුවෙන් නොපුදා එක එල්ලේ ඔහු දෙස බලා උන්නෙමි ..

‘ අංකල් මොකද හොස්පිටල් එකේ ..’

‘ පුතා අපේ සුදු දුට ඊයේ රෑ ඉදන් හොදටම උණ ගත්තානේ … දැන් මේ බලෙන්ම වගේ බෙහෙත් ගන්න එක්ක ආවේ ..’ අප්පච්චි මා දෙස බලා කිවේය

‘සුරංගනා බෙහෙත් බිලා ඉක්මනට හොද වෙන්න .. ….’ කවිශ් මට කිවේ තරවටු කරනවා වගේ..

‘ පුතා කොහෙද මෙහෙ …’ අම්මි කවිශ් අයියා දිහා බැලුවේ එයා වැඩ කරන්නේ මේ හොස්පිටල් එකේ නොවෙන හින්දා වෙන්න ඇති

‘ආන්ටි මේ භාවනා එක්ක ආව පොඩි ටෙස්ට් එකකට ..එයාලගේ ෆැමිලි ඩොක්ටර් ගේ ක්ලිනික් එක මේ හොස්පිටල් එකේ තියෙන්නේ …’ කවිශ් අයියා කිවේ නොකියා ඉන්න බැරිම හින්දා වගේ

‘එහෙනම් මම යනවා ආන්ටි අන්කල් …’ කවිශ් අයියා අම්මිටයි තාත්තාටයි එහෙම කියලා … මගේ දිහා අපහු බලන්නේ නැතිව යන්න ගියා … මගේ පපුව ඇතුලේ මොකක්දෝ පෙරලියක් වෙනවා වගේ මට දැනුනා… ඒ පෙරළියත් එක්කම ඇස් වලට කදුළු එනවා කියලා මම දන්නා නිසා මම තද කරලා ඇස් දෙක පියා ගත්තා ..
***********
මාව චෙක් කරපු ඩොක්ටර් කිවේ ..මම ගොඩක් දුර්වල වෙලා කියලා … මානසික වගේම කායික මට්ටමින්ද මම ගොඩක් පහතට වැටිලා නිසා ඩොක්ටර් කිවේ ඕනෑම දෙයක් ඕනෑවට වඩා හිතලා හිතට වද දෙන්න එපා කියලා .. … ඊට පස්සේ අම්මියි අප්පච්චියි ඩොක්ටර් ලග ඉද්දි මට එලියට වෙලා ඉන්න කිවා .. මම එළියේ තිබ්බ පුටුවක වාඩිවෙලා ඔහේ හිටියා ..

බිමට යොමු කරගෙන හිටිය ඇස් උස්සලා මම ඉස්සරහ බැලුවා … මගේ ඉස්සරහා රිසෙප්ශන් එක ලග හිටගෙන හිටිය කවිශ් අයියාට ඕනෑවටත් වඩා ලංවෙලා හිටගෙන හිටියේ භාවනා … එයා උවමනාවෙන්ම කවිශ් අයියගේ ඇගේ ගෑවී ගෑවී හිනා වීගෙන උන්නේ … මම අමාරුවෙන් හදාගෙන නාඩා ඉවසාගෙන සිටි ඇස් වලට කදුලක් ආවේ අනවසරයෙන් … මම කදුලට වැටෙන්න ඉඩදීලා එයාලා දිහාවම බලාගෙන හිටියා … මට ඕනෑ උනේ රිදුනු මගේ හිත තවත් රිද්ද ගන්න .. මට තවත් නම් ඒ දර්ශනය දිහා බලාගෙන ඉන්න බැරි නිසා මම එතනින් නැගිටලා එලියට දුවගෙන ගියා ..මට අම්මි අප්පච්චි ඇතුලේ කියලා වත් මට මතක් උනේ නැහැ .. හිතේ තිබ්බේ මගේ වටිනාම වස්තුව දැන් වෙන කෙනෙක්ගේ කියන දුකම විතරයි ….

එක පාරටම කොහේදෝ නැති වැස්සක් කඩාගෙන වැටුනේ මම පේරාදෙණිය පාරේ ඔහේ ඇවිදගෙන යද්දී .. මට උණ කියන එක මට අමතක වෙලා තිබුනේ .ඒ වැටුණු මොර ගෙඩි ප්‍රමාණයේ වැහි දියත් එක්ක එකතු වෙලා මගේ කදුළු ඔහේ ගලාගෙන ගියා …. මම ගැටබේ පන්සලට ගියේ ඉබේම වගේ බුදු සාදු ඉස්සරහා වාඩිවෙලා මම බුදු සාදුට මගේ දුක කිවා .. මට නැගිටලා යන්න තරම් උවමනාවක් ආවේ නැහැ … මට එකපාරටම මතක් උනා අම්මි අප්පච්චිටවත් කියන්නේ නැතිව මම මේ ගමන ආවේ කියලා …. මම එතනින් නැගිටලා පාරේ ආව බස් එකකට නැගල නුවර ටවුන් එකට ආවා .. මම ගෙදරට ආවේ හොදටම තෙත බරිත වෙලා … මම යද්දී අම්මි වගේම අප්පච්චිත් පාර දිහා බලාගෙන ඉන්නවා …

‘සුදු දු කොහෙද ගියේ ..’ අප්පච්චිගේ උස් හඩ ඇහුනත් මම ප්‍රති උත්තරයක් නොදී එතනින් කාමරයට ගියා …

මට උණ හොද උනේ සතියක් දෙකක් එක දිගටම ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව … ඉන්පසුව ගෙවුණු මාස කීපය ගෙවුනේ කිසිම හැලහොල්මනක් නැතිවය … ඒ කාලයේදී සිදු වුන එකම වැදගත් දේ උනේ මා කොළඹ බාප්පලාගේ ගෙදර ගොස් ඇරලීමට නිවසේ සියලු දෙනා අතර රහසේ කතා බහක් ඇතිවීම සහා එය මා නොදැනුවත්ම සිදුවීමය … කවිශ් ඉන්පසුව මා දැක්මට නාවේ ඔහුට භාවනාගෙන් ගැලවීමක් නැතිම නිසා වෙන්නට ඇත …

අප්පච්චි අම්මි සමගින් මා දැකීමට ආවේ මම බලාගත් අතම බලාගෙන කවිශ් අයියා ගැන කල්පනා කරමින් උන් සැදෑවකය … අප්පච්චි විස්සෝපයෙන් මා දෙස බලා ඉද්දි අම්මි මා අසලට විත් මා අසලම අසුන්ගත්තේය …

‘අපි තීරණය කරා සුදු දු ඔයාව කොළඹ බාප්පලාගේ ගෙදර නවත්වන්න .. හෙට බාප්පා එනවා ඔයාව එක්ක යන්න හොද ළමයා වගේ ඔයාගේ ඇදුම් ටික ලැහැස්ති කරගන්න ….’ 19 වසරක් ගතකල නිවසින් ඈත්වී ගතකල මාසයක ආසන්න කාලය මට සිහිවිය .. ඒ කාලය මගේ ජිවිතයේ කාලකන්නිම කාලයයි .. ඉතීම් තවත් වරක් නිවසින් වෙන්වී ගතකරන්න මගේ හිතේ කිසිදු ආසාවක් උවා නොවේ .. මම ඇඩේන්නට දගලන නෙතු බිමට යොමු කර ඔහේ හිස දෙපසට සැලූවෙමි … අප්පච්චි සැනසුම් සුසුමක් හෙලනු මට යාන්තමට වගේ ඇසුණේය …

ඉතින් මම හිත හදාගෙන බාප්පලාගේ ගෙදර යෑමට සුදානම් උනෙමි …. කොලඹ බාප්පා යනු අම්මිගේ බාලම මල්ලිය … ලගදි විවාහ දිවියට එළබි ඔහු තාමත් පසු උවේ තරුණ වියේය … බාප්පා සරල සැහැල්ලු විනෝදකාමී මිනිසෙකු වුවා සේම …බාප්පාගේ බිරිද උන පුජා පුංචි ද ඉතා සුහදසිලි තරුණියක වුවාය …. ඒ නිසා ඔවුන් දෙදෙනා සමග සිටීමෙන් මගේ සිත හදා ගැනීමට හැකිවේ යැයි අම්මි මෙන්ම අප්ප්ච්චිද සිතුවා විය හැක..

දිනිති මා බැලීමට ආවේ මා බාප්පලාගේ ගෙදර යන්නට සුදානම් වෙමින් සිටින අතරය … ඇය කාමරය තුල රෙදි අසුරමින් උන් මා ලගට විත් මා වැළදගත්තේය . .. මගේ ඇසින් වැටුණු කදුළු බින්දුවක් දිනිතිගේ අතක් උඩට වැටුනා

‘සුරංගනා ඇයි මේ …’ දිනි නිහඩතාව බින්දා … මම එයාට තුරුළු වෙලා ඇති වෙනකන් ඇඩුවා

‘ හිතේ දුක ඇඩුවාම නැතිවෙනවා නම් ඇති තරම් අඩපන් සුරංගනා .. උබ හිත අස්සේ දුක තියාගෙන ඔය හැටි විදවන්න එපා උබ පිස්සියක් වෙයි …’
‘ ඇයි දිනි මට මෙහෙම උනේ … ’ මම මට නොතේරෙන දෙයක් එයාගෙන් ඇහුවා

‘ උබට අයිති නැති දෙයක් වෙනුවෙන් ඔයාකාරව දුක් විදින්න එපා … ඇඩුවා දුක් උනා කියලා ඌ උබේ ලගට එනවා නම් උබව නවත්වන්නේ නැහැ මම … ඒ උනාට … උබ අඩන්නේ ඔය කවදාවත් උබගේ නොවෙන දෙයක් වෙනුවෙන් .. මේ අහපන් අපි අහසේ තරු වලට කොච්ච්චර ආදරේ කරත් ඒ තරු අපිට ලබා ගන්න බැහැ නේ … අපිට තියෙන්නේ දුරින් ඉදලා ඒ තරු වලට ආදරේ කරලා හිත හදා ගන්න එක විතරයි … එහෙම කරන්න බැරි නම් ඒ තරු කොච්චර ලස්සන උනත් ඒ තරු වලට ආදරේ කරන්න එපා … කවිශ් අයියත් තරුවක් කියලා හිත හදාගනින් …’ ඇය මගේ හිත හැදීමට බොහෝ දේ කීවාය

‘ එයා මට ආදරේ දිනි .. මම තරමටම එයත් විදවනවා … ’

‘ මම දන්නවා සුරංගනා ඌ උබට පැලෙන්න ආදරේ කියලා … කොච්චර කොහොම ආදරේ උනත් දැන් එයාව අයිති වෙන කෙනෙක්ට …’

‘ මම දන්නවා දිනි මම දන්නවා .. ඒ උනාට රත්තරනේ මට අමතක කරන්න බැරි එකම මතකය එයා විතරයි ’

‘හිත හදාගනින් …. උබ තරම් ලස්සනට හිටිය කෙල්ලක් මහමායා එකේ හිටියේ නැහැ .. සමහර ටිචර්ස්ලා උබට කිවේ උබ මලක් වගේ කෙල්ලක් කියලා ඒ මල පිපෙන්න කලින්ම පෙති කඩා ගත්තා කියලා දැනගත්තාම මහමායා එකේ උබට ආදරේ කරපු හැම කෙල්ලෙක්ගේම ඇහැට කදුලක් ආවා කියලා උබ දන්නවද …. ප්ලීස් සුරංගනා හිත හදාගනින් උබට තව කාලේ තියෙනවා ’ දිනිති මගේ අත තද කරලා අල්ලා ගත්තා

‘ දන්නවද දිනි මම හෙට මේ නුවර දාලා යනවා කවදා කොහොම එන්න වෙයිද කියලා මම දන්නේ නැහැ .. ඒත් මම කැමති මේ පරිසරයෙන් ඈත්වෙලා ඉන්න … සමහර විට මට එතකොට මගේ හිත හදා ගන්න පුළුවන් වෙයි …. කවිශ් අයියා එක්ක ගිය තැන් දකින කොට මම ඒ අතීතෙට යනවා එතකොට මට මගේ හිත හදා ගන්න බැහැ … එයාගේ සුවද දැනෙන මානෙක ඉදලා එයාව අමතක කරන්න අමාරුයි දිනි ….’

‘ කොහොම කරලා හරි උබ හිත හදාගන්නවා නම් එච්චරයි ..’ දිනිති මට මිතුරියක් සොයුරියක් උවේය ..ඒ අතීතයේ පාසලේ දගකල මිතුරියන්ගෙන් වෙනස් නොවී මා ලගින් සිටියේ ඇය පමණි .. ඇය මට බොහෝ දේ කියා දුන්නේය .. කැම්පස් ජීවිතය ඇය වෙනස් කර තිබුනේය ..

ඉතිරි කොටස හෙට 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *