හඬනා ඔය නෙත් 01 – Sithmi Amaya

💜 01 කොටස

*********

“…මෙන්න දැන් ලැබුනු පුවතක්. සෞඛ්‍ය අමාත්‍ය තේමිය විජේකෝන් මහතාව මොහොතකට පෙර කෘර ලෙස ඔහුගේ නිවසේදී ඝාතනය කොට තිබේ.. එතුමා එම මොහොතේ ආරක්ෂකයින්ද සමඟ නිවසේ සිට ඇති අතර ඔහුගේ බිරිඳ ඇතුලු දරුවන් ඒ මොහොතේ නිවසේ නොසිටි බව සැලවේ…. ආරක්ශකයින් තිදෙනෙක් මිය ගොස් ඇත. තවත් ආරක්ශකයින් රැසකට බරපතල ලෙස තුවාල සිදුවූ ඇති නිසා ඔවුන්ව රෝහල් ගත කොට ඇති බව ආරංචි මාර්ග පවසයි… පොලීසිය මෙයට පාතල නාකය මාතර ශෙනා නම් පුද්ගලයාව සැක කරයි… එම පුවත නැවතත්…. ” මදුමාලි ටීවි එක ඕෆ් කලේ රට ගැන ඇති වුන කලකිරීමෙන්. ඇයට එක්වරම මතක් උනේ ඇයගේ සැමියා සතීෂ් ව. ඔහුව ඇය මතක් කලේ සතුටින් මෙන්ම දොම්නසින්.

අනේ අද එයා හිටියනම්… ඇයට සිතුනේ එහෙම.

” අම්මා… ” පුතාගෙ හඬින් ගැස්සුන ඇය දැක්කේ පුතා තමන් දිහා කල්පනාකාරීව බලන් ඉන්නවා.

” ඇයි පුතේ? “

” අම්මා ඇයි අඬන්නේ? තාත්තව මතක් උනාද? ” අතේ තිබුණ තුවක්කුව ඉනේ රඳවගත්තු සතීෂ අම්මා ගාවින් වාඩි උනේ මවගේ ඇස් වල තිබ්බ කඳුලු පිහිදමමින්.

” ඔව් පුතේ. තාත්තා හිටියනම් මාතර ශෙනා කියලා කෙනෙක් මෙච්චර උඩ යන්නේ නෑනේ. ” ඇය කීවේ සතීෂ ගේ උරහිසින් ඔලුව තියලා.

” අම්මා මොනා උනත් ශෙනා කියන එකා අහිංසක මිනිස්සු මරන්නේ නෑ. කුඩු බිස්නස් කරන්නේ ගණිකා මඩම් කරන්නේ නෑ. ඒ අතින් ඌ හොද මිනිහෙක් අම්මා. ” මවගේ හිස අතගාමින් සතීෂ කියද්දි හිස ඔසවපු මදුමාලි ඔහු දෙස බැලුවෙ තරහින්.

” ඒ වුනාට ඒ මිනීමරුවෙක් පුතා. “

” ඒ අතින් බලනකොට මේ මිනිස්සු හැමෝම මිනීමරුවෝ. ” මදුමාලි පුතා දිහා බැලුවෙ පුදුමෙන්.

” ඇයි ඒ? “

” අපි කොච්චර සත්තු මරනවද? මදුරුවො කූඹි එහෙම… ” එය කියනවාත් සමඟම මදුමාලි ඉකිගසමින් සතීෂට තුරුලුවෙද්දි සතීෂ කලබල වුනා.

” අම්මා ඇයි? අනේ ඇයි අඬන්නේ? “

” තාත්තත් ඔහොම්මම ඉස්සර කිව්වා පුතේ. ” ඇයට මතක් වුනේම ඉස්සර දවසක සතීෂ් කිව්ව දේ.

‘ මේ ලෝකෙ හැමෝම එකම එක ප්‍රාණයක් හරි නසලා තියනවා මදූ. ‘

” හ්ම්ම්ම්… අමතක කරන්න උත්සහ කරන්න අම්මා. තව කොච්චර දවසක් කියලා අම්මා කඳුලු බොන්නද? “

” එහෙම කියන්න එපා පුතේ… සතීෂ් මැරුනහම මන් ජීවත් වුනේ මගේ පුතා නිසා. නැත්නම් මන් මෙලහකට මැරිලා. ඉවසන් හිටියේ ඉවසන් ඉන්නේ ඒ ඔයා නිසා. මන් දන්නවා පුතා කැමති නෑ මන් අඬනවට. ඒත් මට අඬලා හරි වේදනාව පිට කරගන්න දෙන්න පුතේ. ” ඇය හඬමින්ම කියද්දි සතීෂ මව ව දැඩිව තුරුලුකරගත්තේ අම්මා ගැන දැනුනු දැඩි සෙනහසකින්.

**********
සතීෂ උදේ පාන්දරින්ම තම ප්‍රාධානියව හම්බුවෙන්න ඔහුගේ කාර්යාලයට පිය නැග්ගේ ඔහු එන්න කියූ නිසාවෙන්.

” ගුඩ් මෝර්නින් සර් ” ඔහු ඉදිරියේ සීරුවෙන සිටගෙන සතීෂ ආචාර කරා.

” ගුඩ් මෝර්නින් සතීෂ. වාඩි වෙන්න. ” සතීෂ සිනහමුසුව ඔහු ඉදිරියෙන් වාඩි උනා.

” සතීෂ ඔයා දක්ෂ නිලධාරියෙක්. ඒ නිසා අපි ඔයාට අලුත් මිශන් එකක් භාරදෙනවා. ඔයාගේ අලුත්ම ටාගට් එක තමා මාතර ශනා…. එයාව කොහොමහරි අල්ල ගන්න ඕනේ… අපි මේ වෙනකොට නිලධාරීන් කීප දෙනෙක්ම යෙදෙව්වත් මේ වෙනකන් අපිට ශනාව අල්ලගන්න ලැබුනේ නෑ. ඉහලින් අණ ලැබුනේ ශනාව මරන්න කියලා. ඒත් මට ඕනේ එයාව අල්ලගන්න. මොකද එයා මේවා කරන්නෙ ඇයි කියලා මට මාර කුතුහලයක් තියෙන්නෙ. මොකද ඌ අනිත් මැරයින්ට වඩා ගොඩාක් වෙනස්… ගුඩ් ලක් පුතා… “

” තෑන්ක්ස් සර්. මන් මේක කොහොමහරි කරනවා. “

” ඔයා හරියට සතීෂ් වගේමයි. සතීෂ ගෙ තාත්තත් කවදාවත් පහුබැස්සේ නෑ. මන් හිතනවා පුතාටත් තාත්තගේ මොලේ තියනවා කියලා. “

” තෑන්ක්ස් සර්… අනිවාරෙන්ම මොකද මන් තාත්තගෙම පුතානේ. “

**********

” මචන් එතකොට අපි දැන් කවද්ද පටන් ගන්නේ? ” රුක්ෂාන් ඇහුවේ සතීෂගෙන්.

” අදම මේ දැන්ම… අපි මුලින් කරන්න ඕනේ ශෙනා ගැන තොරතුරු හොයන එක. ඊට පස්සේ අපි ඌව අල්ලගන්න ප්ලෑන් කරන්න ඕනේ. ” සතීෂ කිවේ දැඩි තීරණාත්මක හඬින්.

” සතියා…. අපි කලින් ඔෆිසර්ස්ලගෙන් අහලා ඉමු නේද? ” මලින්ද ඇහුවා.

” ඔව් ඒක ප්‍රධානයි…. ” එවිටම වාගෙ සතීෂ් ගේ ෆෝන් එක රිංග් වෙච්ච නිසා සතීෂ් ෆෝන් එක බලලා ආන්සර් කරා.

‘ කියන්න අම්මා ‘

‘ පුතා වැඩකද? දැන් ගෙදර එන්න පුලුවන්ද? ‘ ඔහු කලබල වුනේ ඇයගේ හැඬුම් හඬ ෆෝන් එකේ දිගේ ගලාගෙන ආපු නිසා.

‘ ඇයි අම්මා… මොකක්ද ප්‍රශ්නේ? ඇයි අඬන්නෙ ‘

‘ ඔයාගේ තාත්තගෙ අක්කා ඇවිත්… දේපල ඉල්ලනව…. කැත විදිහට බැන්නේ පුතේ…. ‘ ඇය හඬමින්ම පැවසුවා.

‘ මන් එන්නම් අම්මා… ‘ සතීෂ ඇමතුම විසන්ධි කලේ කලකිරිනු සිතින්…

” මොකක්ද අවුල බන් ” මලින්ද ඇහුවේ සතීෂ ගේ මූණ පරීක්ෂාවෙන් බලන ගමන්.

” ලොකු නැන්දා ඇවිත්ලු බන්. අම්මට බැනලා. තාත්තගේ දේපල ඉල්ලනවලු. “

” අනේ අම්මපා මේ වගේ අක්කලා… ” රුක්ෂාන්ද කිව්වේ කලකිරිනු හඬින්…

” එක එකේවා කියවගෙන ආවොත් අම්මපා බනිනවා. නැන්දා තාම දන්නේ නෑ මන් පොලීසියේ කියලා. “

” පරිස්සමෙන් බන්. “

**********

” උඹ තමා මගේ අයියව මරාගත්තේ…. දේපල අරගෙන පැනලා ගිහින් දැන් සැප විදිනවා… මන් මේක ලේසියෙන් අතාරින්නේ නෑ. මන් පොලීසි යනවා. ” සතීෂගේ ලොකු අම්මා නිල්මිණී අඬන මදුමාලිට බැනවැදුනේ සිත් පිත් නැති ලෙසින්.

” පොලීසි යන්න ඕනේ නෑ. ගෙදරම පොලීසියෙ කෙනෙක් ඉන්න කොට. ” ඒ හඬ සතීෂ ගෙ. නිල්මිණී වගේම මදුමාලිත් සතීෂ දිහා බැලුවා. සතීෂ ගෙ මව මදුමාලි සතීෂා දිහාට දුවගෙන ගියා.

” මො..ක..ක්.. පුතා පොලීස්සියේද? ” නිල්මිණී ඇහුවේ පුදුමෙන් ගොත ගහ ගහා….

” ඔව් ලොකු නැන්දට ඒක ගැන ප්‍රශ්නයක් තියනවද? “

” අහ් නෑ මේ… මන් යනවා… ” නිල්මිණී බයෙන් බයෙන් සතීෂ ව පහු කරන් ගියා.

” මේකත් අහගන්න ලොකු නැන්දේ. සීයා දේපල සමසමව බෙදුවේ. තාත්තගේ කොටස එවෙලෙම තාත්තා මට ලිව්වා. අනික තාත්තගේ දේපල වලට ඔයාට අයිතිවාසිකම් කියන්න බෑ. ආයි මෙහෙ ඇවිත් අම්මට බැනලා තිබ්බොත් මන් මෙච්චර ඉවසිල්ලෙන් කතා කරන්නේ නෑ. දැන් යන්න පුලුවන්. ” සතීෂ දිහා පුදුමෙන් මෙන්ම බයෙන් බලපු නිල්මිණී ඉක්මන් ගමනින් ගෙයි පිට වෙලා ගියා.

” අනේ පුතේ… “

” දැන් අඬන්න එපා අම්මේ… අම්මට මෙච්චර ශෝයි පුතණ්ඩියෙක් ඉද්දි ඔය කොහෙවත් ඉන්න ගෑණුන්ට දෙනවද මන් අම්මට බනින්න අප්පා…. “

**********
” සතීයා ශෙනා ගැන දන්න මනුස්සයා මෙතනට නේද එනවා කිව්වේ? ” රුක්ෂාන් ඇහුවේ පරික්ෂාකාරීව අවට පිරික්සමින්.

” ඔව් බන්… අපි ඉස්සරහට යමු… ” එතකොටම මනුස්සයෙක්ගේ ඇඟේ හැප්පුන සතීෂ බිම වැටුනා.

සතීෂ ඒ මනුස්සයා දිහා බැලුවේ කේන්තියෙන්. ඒ මූණ දැක්ක සතීෂ ගෙ ඇස් මහත් වුනේ නොසිතූ මොහොතක සිදු වුන දේ හිතා ගන්න බැරුව.

… ඊලග කොටසින් හමුවෙමු …

© කතෲ අයිතිය සුරකින්න.

✒️ සිත්මි ✒️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *