හඬනා ඔය නෙත් 05 අවසාන කොටස

💜 05 වන අවසාන කොටස

*********

” දැන්වත් අඬන එක නවත්තන්න අම්මේ… අම්ම අඬනවා මට බලන් ඉන්න බෑ.. ” සතීෂ ද කිව්වේ හඬමින්…

” මට ටික වෙලාවක් අඬන්න දෙන්න… ප්ලීස් පුතා. “

” ඇයි තාත්තා එහෙම කලේ අම්මේ… “

” ඒක් වුනේ තාත්තගෙ වරදින් නෙමේ පුතේ. අනික තාත්තට පලිගන්න ඉඩ දෙන්න පුතා. ඒක එයාගේ අයිතිය. ඊට පස්සේ අපි ඔක්කොම යමු ස්විස් වලට.. “

” එතකොට නිලානි ඇන්ටි… “

” එයත් අපි එක්ක යනවා…. “

” ඒත් අම්මා… නිලානි ඇන්ටි… අම්මට දරාගන්න පුලුවන්ද? “

” දරාගන්න් අමාරුවෙයි පුතා ඒත් මොනා කරන්නද? ඒත් ගෑණියෙක් පුතේ… ඔයාගෙ තාත්තගෙම දරුවො දෙන්නෙක්ගෙ අම්මා පුතේ… ඒ නිසයි මන් එයාවයි ඒ ලමයි දෙන්නවයිත් අරන් යන්න හදන්නේ.. “

” අම්මා ශ්‍රේෂ්ඨ ගෑණියෙක් අම්මේ… අම්මට තියෙන ගෞරවේ වගේම ආදරෙත් තවත් වැඩි උනා… අම්මා මන් දැන් යන්න ඕනේ… තාත්තාව බේරගන්න ප්ලෑන් එකක් ගහන්න ඕනේ.. අම්මා දොරවල් වහගෙන ඉන්න.. මන් ඉක්මනට එන්නම්. “

” හරි පරිස්සමින් පුතා. “

නිලානි මගේ මහත්තයව මගෙන් සම්පූර්ණෙන්ම අයින් නොකරොත් හොදයි… නිලානි සුසුමක් හෙලමින් සිතුවා.

**********

” මාව මතකද ඇමතිතුමා…. උඹලා හත් දෙනා එකතුවෙලා මාව නොමරා මැරුවා… අද ඒවට වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න. ” එහෙම කියපු ශෙනා තුවක්කුවෙන් කැබිනට් ඇමති රාජිතට වෙඩි තිබ්බේ තුවක්කුවේ උණ්ඩ ඉවර වෙනකන්… එහා පැත්තේ හිටපු සතීෂ සංකෘතික අමාත්‍ය බැසිල් ට ඔහුගේ තුවක්කුවෙන් වෙඩි තිබ්බා.

_____________

” මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්… ඊයේ දහවල් කාලයේදී පැහැර ගන්න ලද කැබිනට් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ සංකෘතික අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව ඊයේ රාත්‍රියේදී මාතර ශෙනා නම් පුද්ගලයා විසින් ඝාතනය කොට තිබේ. පොලීසිය එහි යන විටත් ප්‍රමාද වී තිබෙන අතර මාතර ශෙනා නම් පුද්ගලයා පැන යන්නට උත්සහ කර ඇත. පොලීසිය හා මාතර ශෙනා නම් පුද්ගලාය අතර වෙඩි හුවරුවක්ද සිදු වී ඇත.. මාතර ශෙනා පුද්ගලයාට වෙඩි වැදී තිබිණි.. අද උදෑසණ හතරට පමණ සියල්ල පාපොච්චාරණ කොට මාතර ශෙනා නම් පුද්ගලය මිය ගොස් ඇත. මේ මරණ සියල්ල ඔහු සිදු කලේ පෞද්ගලික උවමනාවකට බවත් ඔවුන්ගේ සිදුවූ අකටයුතු කම් සඳහා පලිගැනීම සදහාත් මේ සියල්ල සිදු කල බව ඔහු පවසා ඇත…. “

_____________

” මේ ගත්ත තීරණේ හරි කියලා අක්කා හිතනවද? ” නිලානි ඇහුවේ දෙගිඩියාවෙන්.

” ඔව් මන් හරි. ඔයාට වගේම මටත් ඕනේ සතීෂ් ව. එතකොට සතීෂට වගේම සිත්මියි නෙතුන් ටයි ඕනෙත් සතීෂව. කවුරු මොනා කිව්වත් දැන් අපි එක පවුලක්. හැබැයි අපි ඉන්න ඕනේ ගෙවල් දෙහෙක එක ලග. මන් රහත් වෙලා නෑ නංගි. මට ඉවසගන්න බැරි වෙයි. එයා ඔයා ලග ඉන්නවා. එතකොට ඔයාට ඉවසගන්න බැරි වෙයි එයා මන් ලග ඉන්නවා. ඒ නිසා මේ තීරණේ හරි. දැන් අපේ සතීෂ් හරියට මුස්ලිම් වගේ.. “

” ඔයා උතුම් කෙනෙක් අක්කා. ” නිලානි කිව්වේ අතින් තම කඳුලු පිහිදගන්න ගමන්.

” ඔයත් නංගි… සතීෂ් ඔයාව තෝරගනිද්දිත් ඔයා කිව්වේ මන් ගාවට යන්න කියලා. “

” මොකෝ දෙන්නා වලියක්ද? ” සතීෂ් දෙන්න ගාවටම ඇවිත් ඇහුවා.

” නෑ තාත්තා මේ දෙන්නා ඒ දෙන්නවම වර්ණනා කරගන්නවා. ” පිටිපස්සේ පුටුවක වාඩි වෙලා හිටපු සතීෂ කම්මුලට අත තියාගෙන කිව්වා.

” අහ් පුතා කොයි වෙලාවෙද මෙතනට ආවේ? ” මදූ ඇහුවේ පුදුමෙන්.

” කොයි වෙලාවෙ හරි හරි ආවනේ.. “

” අහ් අහ්… පුතේ ඕපදූප අහන්නේ නැතුව කෙල්ලෙක්ව හොයාගත්තනම් මොකද? ” සතීෂ් ඇහුවේ සතීෂට ඇහැක් ගහලා.

” තාත්තේ කෙල්ලෙක්වනම් දැක්කා. විස්තර් හොයාගන්න ඕනේ… මට ගැලපෙනවද කියල බලන්න ඕනේ.. යන්ද තාත්තේ ටිකක් හොයන්න. “

” යමු යමු… මේ අම්මයි නිලා අම්මයි වගේ නම් එපා.. මට ඕනේ කොච්චි කරලක් වගේ ලේලියෙක්.. මේ දෙන්න නම් බොරුවටවත් තරහා ගන්න අය නෙමෙයිනේ… ලේලි එක්කවත් පොඩි වලියක් දා ගන්න පුලුවන්නේ එතකොට. “

” අනේ මේ … ” මදුයි නිලානියි දෙන්නම සතීෂ් ට ගස්සලා එතනින් ගියා.

” අහ් මේ ගොල්ලන්ගේ ගැස්සිල්ල බලන්නකෝ. “

” තාත්තටත් එයාලව අවුස්සගන්නෙ නැතුව ඉන්න බෑනේ.. ” සතීෂ් ටත් හිනා.

” පහුගිය කාලෙ ගන්න ඕනෙ බන්.. මේ අර කෙල්ල් ස්විස් කෙල්ලෙක් නෙමේ නේද? “

” නෑ නෑ ලංකාවේ කෙල්ලෙක්. හැබැයි තාත්තේ තාත්තා කිව්වා වගේම කෙල්ල නම් කොච්චි මිරිස් කරලක්. ” එහෙම කියනවත් සමග සතීෂ් සතීෂව බදාගත්තා.

” පාලු දැනුනා පුතේ උඹ නැතුව. “

” මටත් තාත්තේ. “

….. නිමි …..

මේක ටිකක් විතර සත්‍ය කතාවක්. ඒ කියන්නේ දෙන්නෙක්ට ආදරේ කරපු එක. හැබැයි ඒ ආදරේ නම් හොදින් ඉවර උනේ නෑ. ඔන්න අද නම් මට කතාව ගැන කියලා අදහසක් ඕනෙමයි. ගල් මුල් පවා භාරගන්න්නෝ මන්… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *