……හිරෑගෙන්……..~~~ පිනි වරැසා 02~~~

මෙච්චරවෙලා හිතට දැනුන ලැජ්ජාව පරයමින්
හිතට ඇතුලු වුනේ ලොකුම ලොකු
තරහක්…..

මං ජීවිතේටම දකින්න අප්‍රසන්න මනුස්සයගෙ
රෑපෙ තමයි ඉස්සරහට මුලින්ම දැක්කෙ……
මෙයාව දකින දකින වාරයක් පාසා හිතට
දැනෙන්නෙ ලොකුම ලොකු තරහවක්…..
අනේ මංද මේ මිනිහ මොකට මෙතනට
ආවද කියල …..

විසිනි ගියේ තරහින් පුපුරමින්……
කෙල්ල මේ තරමටම තරහින් ඉන්නෙ වෙන කාත්
එක්කවත් නෙමෙයි ……
සමිතගෙ පොඩි පුතා එක්ක …..

ඔහු නමින් නෙතුම් ආශින්සන…..
පලාතෙ නම ගිය චන්ඩියෙක් …..
කාත් අතරත් ප්‍රසිද්ධ ආශික් කියන නමෙනුයි…….
ඇත්තටම ආශික්ගෙ ඇත්ත නම දන්නෙ ගෙදර
කට්ටිය විතරයි ……
එ්ත් දැන් එයාලටත් ඒක අමතක වෙලාද කොහෙද….
ගෙදර අයටත් සමහර වෙලාවට කියවෙන්නෙ ආශික් කියල තමයි……

කෙල්ල පුපුර පුපුර ඉස්සරහට එද්දි ආශික්
කෙල්ල දිහා බලාගෙනම හිටියෙ හරියට අද
දැක්ක කෙනෙක් දිහා බලනවා වගේ ……

කොල්ලගෙ හිතටත් අමුතුම හැඟීමක් ඇති වුනා
මේ වෙලාවෙනම්…..
කෙල්ල හිතන්නවත් කලින් ආශික් කෙල්ල ලඟට
කිට්ටු වෙලා රත්තරං චේන් පොටක් කෙල්ලගෙ
කරට දැම්ම ……

කෙල්ලට දැනුන කේන්තියට දෑත් මිට මෙලවුනා…..

අහිංස මිනිස්සුන්ට ගින්දර දීල හොයාගත්ත ජරා
සල්ලිවලින් අරගෙන මේක මගේ කරට දාල
මාවත් මේක අපරාධකාරයෙක් කලා…..

ඇත්තටම විසිනිට ආශික් ගැන ඇතිවුණේ
පිළිකුලක් …..
ඇයට හිතුනෙම කරේ තියෙන චේන් පොට
කඩල අරගෙන ආශික්ගෙ මූනට දමල
ගහන්නමයි……

ඒත් නැන්දගෙ අහිංස මූන දකිද්දි කෙල්ලගෙ පපුව
දුකෙන් පිරැන…..

මගේ නැන්ද වගේ අහිංස ගෑනියෙක් මේ පලාතටම
නැතිව ඇති ……
එහෙම කෙනෙක්ට මේවගේ තිරිසන් දරැවෙක්
හම්බුනානෙ……

විසිනි ආශික්ට රවල අහක බලාගද්දි එතනට
ආවෙ මෙතුම්…..
මෙතුම් කියන්නෙ අාශික්ගෙ අයියා …..
ඇත්තටම මෙතුම් නෙතුම්ට අයිය වුනේ විනාඩි
තුනකට විතරයි ……
ඒ දෙන්න නිවුන් සහෝදරියො ……
එකම රෑපෙ තිබුනෙ…..
කාටවත් එයාල අඳුරගන්න බෑ …..
අම්මට උනත් එයාලව පැටලෙනව…..
ඒත් නෙතුම් අදින්නේ පලදින්නෙ රස්තියාදුකාරයෙක් වගේ ඉන්නෙ කොන්ඩෙ
රැවුල වවාගෙන ….
ඒකනිසා දැන් දෙන්න අඳුරගන්න පුලුවන්
ලේසියෙන්ම….

විසිනි කෝපයෙන් දිදුලන ඇස් අහකට
ගත්තෙ ආශික්ට රවාගෙනමයි …..

ආශික්ටනම් මේ කරනදේවල් සමහර වෙලාවට තේරැනත් නොතේරෙන ගානට කොල්ල
ඉන්නව ……

ඒත් එක්කම විසිනිගෙ මූන හිනාවකින් පිරිල ගියේ
තමන් දිහාට එන මෙතුම් දැක්කහමයි…..

සුදු නංගි මේක මගෙන් ඔයාට …..

මෙතුම් කටපුරා හිනාවෙන ගමන් විසිනිගෙ
අතට බේලේස්කට් එකක් දැම්ම …..

Thanks අයිය…..

විසිනි බිම බලාගෙන හිමින් මිමිනුවෙ පොලවට
හිනාවෙන ගමනුයි…..

මේදිහා බලාගෙන හිටිය ආශික්ටනම් දැනුන දුක
එයා හංගගෙන හිනාවුනා….

මං මාලෙ කරට දාද්දි පුපුර පුපුර හිටිය …..
මූ දාද්දි හොදට හිනාවෙලා thanks කියන්න
පුලුවන් …..
ඔව් ඉතිං මං නිකම්ම නිකම් රස්තියාදුකාරයනෙ…..
ඌ ඉතිං ලෝයනෙ…..

නෙතුම් එතනින් ආවෙ විසිනි දිහා බලද්දි ඇය
අහක බලාගත්තු නිසා තවත් එතන තමන් ඉන්නෙක
ඇත්තටම කෙල්ලට කරදරයක් කියල හිතට
දැනුන නිසයි …….

කෙල්ලගෙ හොදම යාලුව සසිනිත් ඊට පස්සෙ
ගෙදරට ආවෙ මුළු පංතියෙම හිටපු කෙල්ලො
ටිකත් අරගෙනමයි ……

ඕන් ඉතිං අපි අපේ පංතියෙ ලාස් බිග් girl පාටි
එකටත් ආව…..
ගේ ඇතුලට එනකොටම හයියෙන් කෑ ගහගෙනම
එන යාලුවො ටික දැක්කම කෙල්ලට පුදුම
සතුටක් ඇතිවුණේ …….

අදනම් මං බඩ පිරිල වාන් දානකම්ම කාලයි
යන්නෙ ……
ඇයි යකෝ මේක මගෙ හොදම යාළුවගෙ පාටි
එකනෙ…..
ආයිමත් මේම දවසක් එන්නැනෙ…..
මතක හිටින්න එක්ක අද හොදට කන්න ඕනෙ…..

ආපු ගමන්ම සසිනි කියෝගෙන කියෝගෙන ගියේ
හරියට සාගතේ ඉදල ආව වගේ ……..

නංගිල බයවෙන්න එපා අද ඇතිවෙනකම් කන්නකො…..
මේ ඕනතරම් කෑම තියෙනව ……

මෙතුම් හිනාවීගෙන එතනින් යනගමං කියාගෙන
ගියා……..

ඒ බං මට වලක් කපාගෙන වැලලෙන්න හිතෙනව……
මේම නවනිංගිරාවක් මට සෑහෙන කාලෙකට
පස්සෙ වුනේ …….

යකෝ සසිනි උබේ කට රිදෙන්නෙ නැත්ද බං…..
දැන් ඔය මදැයි කියෙව්ව……
අපි යංද කූල් එකක් බොන්න ….

කෙල්ල යාලුවො ටිකත් ඇදගෙන එතනින්
ගියේ සසිනිගෙ කට ගැන වගේම කියවිල්ල
ගැනත් හොඳටම දන්න නිසයි ……

Likes ,comments වලට thanks
යාලුවනේ …… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *