……හිරෑගෙන් …….~~~ පිනි වරැසා 04~~~

ආශික්ට කෙල්ලව දැක්කම කේන්තිය තවත් වැඩි
වුනා …….

මේකි මොකද මගේ වැඩ වලට ඇඟිලි ගහන්න
එන්නෙ …..
මං මොකා කියලද දන්නෑ හිතාගෙන ඉන්නෙ…..

අර මනුස්සය අතඇරල ආශික් විසිනි දිහාවට
හැරැන …..
විසිනි තව අඩියක් පිටිපස්සට තිබ්බෙ මුළු ඇඟම වෙව්ලල දහඩියෙන් නැහැවිලා යද්දි ….

මං කිව්ව උබට …..
මූ තරහ ගියාම අම්ම තාත්තවත් අඳුරන එකෙක්
නෙමෙයි කියල ……
විසිනියො එනපොට නම් හොඳ නෑ වගේ ….
පස්සෙ නොබල දුවමු……

බයෙන් ගැහෙමින් හිටිය කෙල්ලට සසිනි කිව්ව
කිසිම දෙයක් ඇහුනෙ නෑ …..
බරට අඩි තියමින් ආශික් විසිනි දිහාට එනකොට
කෙල්ලගෙ හදවත ගැහෙන සද්දෙ එලියට පවා
ඇහෙන තරම්…..

මං මෙහෙම බය උනොත් මේක මාව බයකරල
පන්නගෙන අර මනුස්සය මරල දායි…..
කොච්චර බය උනත් බය නෑ කියල පෙන්නන්න
ඕනෙ …….

එහෙම හිතල විසිනි ගැහෙන ඇඟිලිතුඩු අනිත්
අතින් තදකරල අල්ල ගත්ත ……

ආශික් ඇවිත් කෙල්ල ඉස්සරහින්ම නැවතුනා…..
නැවතිලා බිම බලාගෙන හිටිය කෙල්ලගෙ නිකටින්
කඩුව තියල කෙල්ලගෙ ඔලුව ඉස්සුව කඩුවෙන්ම…..

මොකද තමුසෙගෙ සද්දෙ ……
හිතාගෙන ඉන්නෙ තමුං මගෙ නෑන හිංද මං උබේ
පදේට නටයි කියලද…..
මගේ දේවල් වලට කව්රැවත් ඇඟිලි ගහනවට මං
කැමති නෑ …..

ඒ උබ වුනත් මගේ අම්ම වුනත් වෙන එකෙක්
වුනත් ……
උබට තේරැනාද……
මගෙන් මැරැම් නොකා පලයං මෙතනින් ……
මාව හදන්න එන්නෙ නැතිව ……

දියාරැවෙලා ගිහින් තිබුන හිත හයිය කරගෙන
මෙච්චරවෙලා බිමට හැරිල තිබුන දෑස් වලින්
⁣ආශික්ගෙ දෑස් දිහා බැලුව දවා අළු කරන තරම්
බැල්මක් …..

ඒ බැල්මට කොල්ල තිගැස්සුනත් ඒ වෙලාවෙ
ඒ බව අඟවන්නෙ නැතිව හිටිය ……

ආශික් විසිනිගෙ අතක් අල්ලගෙන හයියෙන් මිරිකුව
විසිනිගෙ දෑස් වලින් කඳුළු වැටෙනකම්ම ……
වේදනාව දරාගන්න බැරිමතැන කෙල්ල හයියෙන්
කෑ ගැහුව ……

ආ….ව්……
අ…ම්….මා………

Please ආශික් මෙයාව අත අරින්නකො….
මං මෙතනින් මෙයාව එක්කගෙන යන්නම් …..

සසිනි කෑගහන්න කෑගහන්න ආශික් තවත් විසිනිගෙ අත තද කරා……
ඊට පස්සේ ආශික් සසිනිට අතින් කිව්ව කට තදකරල වහ ගන්න කියල …..
ආශික් විසිනිට රිදවන නිසා සසිනි ආශික් කිව්ව විදිහටම අතින් සසිනිගෙ කට වහ ගත්ත ……

මං දිහා රවල බලන්න තරම් හයියක් ……
උබට කොහෙන්ද ආවෙ……
එක ගෙදර ඉන්න නිසා හිතුවද උබේ පදේට මං
නටයි කියල …..

වේදනාවට කෙල්ලගෙ ඇස්වලින් නොනවත්වාම
කඳුළු ගලාගෙන යනව……

ඒ අතරෙ ආශික් මරන්න හදපු මනුස්සය එතනින් පැනල යන්න හැදුව …….

පිටුපාල දුවන මනුස්සයට ආශික් එතන
ඉදන්ම කඩුව වීසි කලා……
වීසිවුන කඩුව ගිහින් කොන්දෙ වැදිල අනිත් පැත්තෙන් මතුවුනා……

උබත් බලාගෙනයි……

ආශික් කෙල්ල දිහාට දඹර ඇඟිල්ල දික් කරල
මෙච්චරවෙලා මිරිකගෙන හිටිය අත ගසදදාල
එතනින් යන්න ගියා …….

කෙල්ලගෙ අත රතුම රතු පාට වෙලා…..
ඇදුම්කන අත අල්ලගෙන සසිනිගෙ උරහිසට
බරවෙලා විසිනි හොදටම ඇඬුව …..

අත ගොඩක් රිදෙනවද බං……
යමු අපි බේත් ටිකක් අරගෙන ගෙදර යං…….
ඌට කිසිම තමන්ගෙ කමක්නෑ බං ……
අමු තිරිසනෙක් වගේ හැසිරෙන්නෙ ……

විසිනි පංති නොයා සසිනිත් එක්ක ආයිමත් ගෙදර
ආව……

කෙල්ල ගෙදර එනකොට නැන්ද සාලෙ ඉන්නව
දැකල අඬාගෙන දුවගෙන ගිහින් නැන්දව බදාගත්ත……

ඇයි මගෙ දූ….
මේ මොකද…..
ඇයි පංතියෙ කව්රැහරි දූට මොනවහරි කිව්වද……
නාඬ ඉදල කියන්නකො මොකද වුනේ කියල ……

නැන්ද මේ…..

දෙයියනේ අතට මේ මක්වෙලාද ……
රතුවෙලා ඉදිම්ලා තිබුන අත දැකල සමිත හොදටම
බයවුනා……

කියන්න මගෙ රත්තරනේ මොකද වුනේ …….

නැන්ද මේ……

කෙල්ල නැන්ද එක්ක කේලම කියන්න හදද්දි
සසිනි කෙල්ලට ඔලුවෙන් එපා කියල ඔලුවෙන්ම
සෝෆා එක පැත්ත පෙන්නුව….

එතකොටයි කෙල්ල දැක්කෙ සෝෆා එකේ නිදාගෙන phone එක ඔබ ඔබ ඉන්න
අාශික්ව …….

කෙල්ල නිකං ගොළුවුනා වගේ ….

මොකද දූ මේ බයවෙලා වගේ …….
කියන්න මොකද වුනේ කියල මාව තවත් බය කරන්නෙ නැතිව ……..

නැ..න්..ද මං පා…රෙ ලෙ..ස්..ස..ල වැ..ටු..න …….

කෙල්ල ගොතගගහ කියද්දි ආශික්ටත් යාන්තන්
හිනාවක් ගියා …..

ගොඩක් රිදෙනව ද මගෙ දූ……
කෙල්ල හිසින් පිළිතුරැ දුන්නෙ රිදුම්දෙන අතදිහා
බලන ගමං ……

යන්න දූ මූනකට හෝදගෙන එන්න …..
කෑම ටිකක් කාල යමුකො බේත්ටිකක් ගේන්න…..

කෙල්ල පඩිපෙළ නඟින්න හදද්දි නෙත් කොනින්
දැක්ක ආශික් යාන්තමට හිනාවෙනව……

විසිනි තරහින් පුපුර පුපුර බර අඩි තිය තියා පඩිපෙළ
නැග්ගෙ හිතට දැනුන කේන්තිය නිසාමයි …..

Likes ,comments වලට thanks මගෙ
යාලුවනේ …….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *