……හිරෑගෙන් …….~~~ පිනි වරැසා 08 ~~~

විසිනිට නම් ආශික් ගැන තිබුනෙ අප්‍රසන්න
හැඟීමක් …..
ආශික් කෙල්ලගෙ දෑස්වල අතරමං වෙද්දි
කෙල්ලට උවමනා වුනේ ඉක්මනින් මෙතනින්
පැනල යන්නයි……

මෙයාට මක්වෙලාද මේ…
එනපොටනම් හොඳනෑ වගේ …..
මං මේ වල් අලියට යට වෙලා ඉන්නව මදිවට
මූව මට හොල්ලන්නවත් බැරි තරමට
බරයිනෙ….

අයියා අයින්වෙන්න please …..

මත්වෙලා වගේ කෙල්ල දිහා බලාගෙන හිටිය ආශික්ට කෙල්ල කියපු දේ ඇහුනෙ නෑ ….

වැඩිවෙලා යන්න කලින් ආශික් කෙල්ලගෙ දෙතොල් වලට පාත්වෙන්න හැදුව …..
ඒත් එක්කම කෙල්ල පුලුවන් තරම් හයියෙන්
ආශික්ගෙ උරහිස හපාකෑව …..

ඌ…යි…..

ආශික් විසිවුනේ කරන්ටෙක වැදුන වගේ ……

සුදු දූ…..
දූ ඔයා කොහෙද ……

නැන්ද ගෙදර ඇවිත් පහල තට්ටුවෙ ඉඳන් කෑ
ගහනව……

ආශික් කෙල්ල දිහා බැලුවෙ හරියට හොර පූසෙක්
වගේ ……

මගෙන් ඈත්වෙලා ඉන්නව …..
දන්නෑ මං කව්ද කියල …..
මීට පස්සේ මං ලඟට ආවොත් හපාකාල නවතින්නෑ
ගිනිතියනව තමුසෙව……

නැන්ද ගෙදර ඇවිල්ල නිසා කෙල්ලගෙ හිතේ
තිබුන බය නැතිවෙලා ගියා…..
කෙල්ලට දැනුන කේන්තියට වඩා හිතේ පිරිල
තිබුනෙ ලොකු බයක්…..

මේ මිනිහගෙ කිසිම හැදියාවක් නෑ …..
මං බයයි කියල පෙන්නුවොත් කව්රැවත් නැතිවෙලාවක මට කරදරයක් වුනත්
කරන්න පුලුවන් ……

අනික මං තමුසෙට ගැලපෙන ජාතියෙ තමුසෙ
හිතන විදිහෙ කෙල්ලෙක් නෙමෙයි ……
ඒකට යනව ගනිකා නිවාසෙකට…..

කෙල්ලගෙ ඒ කතාවත් එක්ක ආශික්ට හොඳටම
තරහ ගියා…..
ටේබල් එක උඩ තිබුන මල් පෝච්චිය අරගෙන
ටීවී එකට දමල ගැහුව …..
කේන්තියට දිළිසෙන ආශික්ගෙ දෑස් දැක්කම
කෙල්ල කොල්ලගෙ කාඹරෙන් ආව නෙමෙයි
විද්ද…..

හ්ම් …..
හිතුවට වැඩිය මගේ කටටත් හයිය තියෙනවනෙ
බොලේ…..
ඒත් ටිකක් කට පාලනේ කරගන්න වෙනව…..
බැරිවෙලාවත් අර වෙලාවෙ මේ ගෝතයට
හිතුනනම් එහෙම ටීවී එකට ගහනව වෙනුවට
ඒකෙන් මට දමල ගහන්න …..

බලාගෙන හිහාම මේකා රස්තියාදුකාරයෙක්,මැරයෙක් විතරක් නෙමෙයි මහ
කුපාඩියෙක්…..

ඒකට මෙතුම් අයිය කොච්චර හොඳ හදවතක්
තියෙන කොල්ලෙක් ද…..

කොහෙද ලමයො හිටියෙ ……
මං කොච්චර කතා කලාද……

කල්පනා කර කර පඩිපෙළ බහින ගමන් හිටිය
කෙල්ල ගැස්සිලා ගියේ නැන්දගෙ සද්දෙට …..

ඇයි දූ මොකද ඔය බයවෙලා වගේ …..
අනික මොකක්ද කූඩුවෙනව වගේ උඩ තට්ටුවෙන්
සද්දෙකුත් ඇහුන …..

ඔව් නැන්ද …..
ඒකතමයි මමත් බයවූනේ…..
ආශි…. නෑ ….
නෙතුම් අයියගෙ රෑම් එකෙන් තමයි සද්දෙ
ආවෙනම්……

හ්..ම්…..
එහෙනම් තරහ ගිහින් අදත් මොකක්හරි කුඩු
කරල ඇති ……
හරිම මහන්සී දුව තේ ටිකක්වත් බොමුද…..

හා….
මං ඉක්මනින් හදන්නම් නැන්ද…..

මගෙ දූ පාඩම් කර කරද හිටියෙ ….
නෑ නැන්ද මං නිකං ඇඳට වෙලා හිටිය …..

එහෙනම් කමක්නෑ …..
නැත්නම් මං හින්ද වැඩ පාඩුයි දූගෙ…..

නැන්ද මේ මොනව කියනවද මංද….
නැන්ද අපි වෙනුවෙන් කොච්චර දුක් විදිනවද……

දෙන්න එක්ක තේ බොන්න හදද්දි මෙතුම් වැඩ
ඇරිල ගෙදර ආව….

මෙතුම්ට හැමදාම වැඩ ඇරිල ආව ගමන්ම තේ
එකක් හදල දෙන එක කලේ විසිනි ….
කෙල්ල ඒක කලේ හරිම ආසාවෙන් …..

සුදු නංගි අද අපිට තේ නැද්ද …..
ටයි එක බුරැල් කරන ගමන් මෙතුම් කෙල්ල ලඟට
කිට්ටුවෙලා ඇහුව …..

තියෙනව අයියා ඉන්නකො මං හදාගෙන එන්නං….

මං යනව වොෂ් එකක් දාගන්න අම්ම ….
අද හරිම මහන්සි …..

හා පුතා …..
යන්න එහෙනම් ……

දු ඔයා අයියට තේ එක දීල ඔයාගෙ පාඩම් වැඩක්
කරගන්න ගිහින් ……
වාර විභාගෙත් දැන් ලඟයිනෙ……

කෙල්ල තේ එක හදාගෙන මෙතුම්ගෙ රෑම් එකට
යන්න යනකොට ඉස්සරහටම ආශික් හම්බුනා ….

බයික් එකේ යතුරත් ඇගිල්ලෙ දාගෙන කරක
කරකව ආශික් ඉස්සරහට එනකොට කෙල්ල දැක්ක ගමන්ම ආශික් දැන ගත්ත අයියට තේ අරගෙන යනව කියල ……

ආශික් ඉස්සරහට එනකොට කෙල්ල බිම බලා
ගත්ත ……

ඇයි අපිට තේ එකක් දුන්නොත් ඔය අත් ගෙවෙයිද….

කේන්තියටත් එක්ක ආශික් හිතලම කෙල්ලගෙ
අතේ හැප්පිලා ගියා…..
විසිවෙලා ගිය තේ එක කෙල්ලවත් පුච්චගෙන වැටෙනකොට මුකුත් නොවුන ගානට හැරිලවත්
බලන්නැතිව ආශික් යන්න ගියා …….

තේ එක බිම වැටෙන සද්දෙට මෙතුම් දුවගෙන
එනකොට විසිනි බිම වාඩිවෙලා හොදටම
අඬනව ……

ඇයි සුදූ මේ….
ඇයි මොකද වුනේ …..

මං තේ එක ගේද්දි ලිස්සල වැටුන අයිය…..

කෝ නැඟිටින්න නංගි…..
පිච්චුනාද මැනික …..

මෙතුම් ආදරෙන් අහද්දි දුක වැඩි කමට කෙල්ල
මෙතුම්ගෙ නිරැවත් පපුවට තුරැළු වුනා …..

අමතක වෙච්ච phone එක ගන්න ආපහු කාඹරේට එමින් හිටිය ආශික් මේක දැක්ක ……
නුහුරැ වේදනාවකින් හදවත තැවෙද්දි phone එකත් නොගෙනම අාශික් යන්න ගියා…….

Likes ,comments වලට thanks මගෙ
යාලුවනේ …….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *