…….හිරෑගෙන්………~~~ පිනි වරැසා 09 ~~~

විසිනි ගැන අමුතුම හැඟීමක් හිතට දැනෙද්දි
ආශික් හිතට තරවටු කලා….
මෙච්චරකල් ගලක් කරගෙන හිටිය හිත මෙලෙක්
කර ගන්න කෙල්ලෙක් නිසා ආශික් පොඩ්ඩක්වත්
කැමති වුනේ නෑ …..

මං මේ මොනව ද හිතන්නෙ …..
මට මේ මොනවද වෙන්නෙ …….
මං කවදාවත් කෙල්ලෙක් ගැන හිතන්නෑ…..
අනික මට කවදාවත් එහෙම හැඟීමක් ඇතිවෙන්න
විදිහක් නෑ …..
ඔව් කවදාවත් මගේ හිතට ආදරේටනම් ඇතුළු
වෙන්න මං ඉඩ තියන්නෑ…..

ශිට් මේ කෙල්ලෙක් දැන් පුදුම කරැමයක් වෙලානෙ
මට තියෙන්නෙ …..

මේ ඔක්කොම අදම අමතක කරනව කියල හිතාගෙන ආශික් බාර් එකට ගිහින් සිහිකල්පනාව
නැති වෙනකම් බිව්ව …..

කොල්ලට ගෙදර එන්නවත් සිහියක් තිබුනෙ නෑ ….
බාර් එක වහන්න හදද්දි එතන වැඩකරන මනුස්සයෙක් දැක්ක කොල්ල වැටිල ඉන්නව …..

මහත්තය …..
ආශික් මහත්තය …..
ඔයා ගෙදර ගියෙ නැත්ද …..
ඇයි මහත්තය මෙහෙම බොන්නෙ මහත්තයට හතුරො වැහි වැහැල කවුද දන්නෙ මොකා මොන
කරදරයක් කරයිද කියල මෙහෙම සිහියක් පතක්
නැතිව ඉන්නකොට …….

ආශික් මුමුන මුමුන මොන මොනවද කිව්වත්
ඒ මනුස්සයට කිසිම දෙයක් තේරැනේ නෑ …..

ඉන්නකො මහත්තය ඔහොම ටිකක් …..

කඩේ වැඩ කරන සිරිල් ආශික්ව පුටුවකින් වාඩි
කරවල පාරට ගිහින් ත්‍රීවීලර් එකක් නැවැත්තුව…..

ආ සේන මචං ….
ආශික් මහත්තය බීල වැටිල ඉන්නව ගෙදරින් දාගෙන යන්න පුලුවන් ද බං…..

හ්ම් එක්කගෙන වරෙන් මචං මං ගෙදර යන ගමං
ඉන්නෙ ….
අනික මාත් යන්නෙ ඒ පාරෙන්ම තමයි ……

සේන පරිස්සමෙන් එක්කගෙන පලයං …..
මොනව උනත් ආශික් මහත්තය හිත හොද එකා
බං ……

හරි ….
එහෙනම් අපි ගියා සිරිලො….

කෙල්ල වෙලාව බැලුව ….
පාන්දර එකටත් කිට්ටුවෙලා …
පාඩම් කර කර ඉන්න අතරතුරේ නිදිමතක් හැඳුන
නිසා කෙල්ල හිමිහිට කුස්සියට ආව කෝපි
එකක් බොන්න හිතාගෙන …..

කෝපි එකත් හදාගෙන උඩ තට්ටුවට නඟින්න
පඩිපෙළ බාගයක් විතර නගිද්දි ගෙදර බෙල් එක
ගහනව ඇහුන ……

මේ වෙලාවෙ….
මේ වෙලාවට කවුද …..
කව්ද ඉතිං මේ ගෙදර ඉන්න මැරය වෙන්න ඇති…..

කෙල්ල ගස්සගෙනම දොර ගාවට ගිහින් දොර
අරිද්දිම දැනුන සැර මත්පැන් ගඳට කෙල්ලට
වමනෙට ආව…..
අතින් කටත් වහගෙන කෙල්ල බැලුවෙ හිටගෙන
ඉන්න බැරිතරමටම බීමතින් ඉන්න ආශික්
දිහායි…..

මිස් මේ ආශික් සර් බාර් එකේ වැටිල හිටිය …..
එන්න බැරිතරමටම බීල හිටිය නිසා මං ත්‍රිවීල් එකේ
දාගෙන ආව…..

සේනගේ කරවටේ එතිල තිබුන ආශික්ගෙ අත
බුරැල් කරන ගමං විසිනි දිහා බලාගෙන සේන
කියද්දි කෙල්ලට හිතුනෙ දැන්නම් මට වෙන්නෙ
මේ අලගෙඩිය කරේ තියාගෙන යන්න කියලයි….

ඉන්න මං සල්ලි අරගෙන එන්නං ……

විසිනි හිතුවෙ සල්ලි අරගෙන එන මුවාවෙන් මෙතනින් පැනල ගිහින් නැන්ද ඇහැරවල
එවන්නයි…..

අපෝ සල්ලි එපා මිස් …..
මං සල්ලි බලාගෙන සර්ව එක්කගෙන ආවෙනෑ ….
අනික මේවගේ රත්තරං හදවතක් තියෙන කොල්ලෙක්ගෙන් මං කොහොමද සල්ලි ගන්නෙ….
අපිට කොච්චර පිහිට වෙනවද ……

ඔව් ඉතිං ගෙදරට හොඳනැතිවුනාට රටටනම්
දෙවියෙක්…..
කොහොමත් මිනිස්සු මැරයන්ට සලකන්නෙ දෙවියන්ට වගේ තමයි ……

සේන ආශික්ව විසිනිගෙ ඇඟට වත්තක් කරද්දි
කෙල්ල දෙකට තුනට නැමිල ගියා ආශික්ගෙ
බරට…..

ආශික් මෙතුම් රෑපෙ එකවගේ උනත් දැන් කාටත් ලේසියෙන් අඳුරගන්න පුලුවන් ….
ආශික් නම් හිටියෙ රැවුල කොන්ඩෙ වවාගෙන….

මෙතුම් හිටියෙ හරිම පිළිවෙලකට….
මෙතුම්ට තිබුනෙ සාමාන්‍ය සිරැරක්…..
හරිම නිවුන ගතිපැවතුම් තිබුනෙ ….

ආශික්ටනම් තිබුනෙ දුටුවන්ගෙ නෙත් සිත් පැහැරගන්න තරමෙ කඩවසම් සිරැරක්…..
ආශික්ව දකින කෙනෙක් ආයිමත් හැරිල බලන
තරම් ආකර්ෂණීය සිරැරක් තිබුන නිසා යාලුවො නම්
විහිලුවට කිව්වෙ ජිම් එකේම ගෙවන ජීවිතයක්
කියලයි…..

ආශික්ව අමාරැවෙන් වත්තන් කරගෙන කෙල්ල
පඩිපෙළ නැග්ග …..
ඒ අතරතුරේ පඩිපෙලින් ආපස්සට වැටෙන්න ගිය වාරත් තිබුන ….

මොනව කරන්න ද මටත් වැටෙන්නෙ පුදුම
මරාල තමයි ……

කෙල්ල ආශික්ව අරගෙන ගියෙත් කේන්තියෙන්….

අරගෙන ගිහින් ඇඳෙන් තියල කෙල්ල ආශික්ගෙ
සපත්තු ගැලෙව්ව…….

මොන තරහ තිබුනත් ඒ මගෙ නැන්දගෙ පුතානෙ
ඉතිං …
කෙල්ල ගොඩ කාලෙකට පස්සෙ අද තමයි කොල්ලව හරියට දැක්කෙ ……

නපුරෙක් වුනාට ටිකක් විතර හැන්සම් ….
නිදාගත්තමනම් අහිංසකයි වගේ …..

කෙල්ල ඇවිත් කොල්ලගෙ ෂර්ට් එකේ උඩ බොත්තම ගැලෙව්වෙ කොල්ලට හොඳටම දාඩිය
දාල තිබුන නිසා …….
ෂර්ට් එකේ බොත්තම් ගලවල ඉවරවෙනවත් එක්කම කෙල්ලගෙ අතින් ඇඳල කොල්ල කෙල්ලව පුපුවට අරගෙන
වෙරිමරගාතෙ ඔහේ කියවන්න පටන්ගත්ත …..
කෙල්ල කොච්චර දැඟලුවත් ඒ හැඩිදැඩි සිරැරට
අහුවුනාට පස්සෙ කෙල්ලට හෙල්ලෙන්නවත්
හම්බුනේනෑ ……

මගේ හිතට එන්න එපා බං …..
මං මැරයෙක් රස්තියාදුකාරයෙක් ආදරේ කරන්න
දන්න කෙනෙක් නෙමෙයි ……
මං උබට කවදාවත් ආදරේ කරන්නෙ නෑ
කෙල්ලෙ…..
මං උබට ලං වෙන්නෑ ……

ආශික් කියද්දි විසිනිට හිතාගන්න බැරිවුනා …..
මේ නපුරටත් හදවතක් කියල දෙයක් තියෙනව
එහෙනම් …..
කාටහරි ආදරේ කරනව ඇති …..
පව් ඒ කෙල්ල ….
මෙයා කවදාවත් ආදරේට ආදරේ කරන්න දන්න කෙනෙක් නෙමෙයිනෙ …..

විසිනි ආශික්ගෙ පපුවට තව තවත් හිරවුණා …..
විසිනිගෙ ඉනවටේ එතිල තියෙන දෑත් ටික ටික
හිරවෙද්දිනම් කෙල්ලට කෑ ගැස්සෙන තරම් ….

මාව අතඅරින්නකො අයියා මට රිදෙනව අනේ …
Please අයියා …..

ඒ වෙනුවට තව තවත් ඒ දෑත් හිරවෙන එකයි
වුනේ …..
ආශික් අසිහියෙන් මුමුණ මුමුණ හිටිය අතරෙ
විසිනි කොච්චර දැඟලුවත් කෙල්ලට ගැලවිලා
යන්න බැරිවුනා ……
ඒ අතරෙ දන්නෙම නැතිව විසිනිට ආශික්ගෙ
නිරැවත් පපුව උඩ නින්ද ගියා….

උදේ කොල්ලගෙ කාඹරේට ආව මෙතුම්ට නම්
දැක්ක දේ විශ්වාස කරන්න බැරිවුනා …..
ඇතිවුන තිගැස්මට ආව ගමංම රෑම් එකෙන් යන්න
ගියා ……

ඇඟමැලි කඩ කඩ දෑස් දෙපසට විහිදුවමින් නැඟිටින්න අදපු ආශික් දැක්ක විසිනි කොල්ලගෙ
පපුව බදාගෙන නිදාගෙන ඉන්නව …….
කෙල්ලගෙ අපිළිවෙලකට තිබුන රෑ ඇදුම
දැක්කහමනම් කොල්ලගෙ ලේ වතුර වුනාවගේ…..

මේ මං මොනාද කලේ දෙයියනේ …….

Likes ,comments වලට ගොඩාක් thanks
මගෙ යාලුවනේ ……
ආදරෙයි හැමෝටම … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *