……හිරෑගෙන්…..~~~ පිනි වරැසා 12~~~

කෙල්ල කෑම කන්න පහලට යනකොට ආශික්
කෑම මේසෙ වාඩිවෙලා කෑම කනව…..
කෑම කන්න ආව කෙල්ල ආශික් වාඩිවෙලා ඉන්නව දැකල ආපහු යන්න හැරැන …..

මේ හලෝ….

කොහෙද යන්නෙ තමුසෙ….
ආශික්ගෙ සද්දෙට කෙල්ල පිටිපස්ස හැරිල ආයිමත්
බැලුව ….

රෑම් එකට….

ඇයි මෙච්චරවෙලා ඒකෙ ලැගල ඉදල ඇතිවුණේ
නැද්ද …

චික් විතරක් මෙයාගෙ භාෂාවෙ හැටි…..

ඇවිත් කනව….
මං මෙතන බින්නබැහැල නෑ ….
කෑව ගියා…..
තමුසෙත් ඇවිත් කනව….
පුපුර පුපුර ඉන්නෙ ….

බැරිමතැන කෙල්ල ඇවිත් වාඩිවුනා …..
ඒත් ආශික්ගෙ මූනවත් බැලුවෙ නෑ ….

ඒත් එක්කම ආශික්ට කෝල් එකක් ආව…

මොනව …..
උබල ඌව අල්ලගත්ත ද …..
හරි එහෙනම් ටිකක් ඔහොම තියාගනින්…..
මං ඇවිත් ඌට සලකන්නම්….
අපේ පොට් එකට අරගෙන පලයං …..
විනාඩි දෙකෙන් මං ඔතන ඇති …..

ආශික් කතාව ඉවරකරල ඉවරවෙනකොට විසිනි
ආශික් දිහා බැලුව …..
ඒ ඇස් තරහින් දිළිසෙනව…..

පව් කව්රැහරි අහිංස මිනිහෙක් අද ගුටිකයි…..
මේ මනුස්සය කරන පව් වලට අපායෙ ගිහිනුත්
මදි…..
අසරණ මිනිස්සුන්ගේ ලේ දැකල මෙහෙම සතුටු
වෙන්න පුලුවන් ද මන්ද…

කොයි වෙලෙත් තරහින්…..
පුදුම මූලගායක් තියෙන්නෙ …..
කොයිවෙලේ හරි නහරයක්වත් පුපුරල මැරෙනව….
මේකට බත් නෙමෙයි කන්න දෙන්න ඕනෙ
කොහිල කටු…..

ආශික් ඉක්මනින් අතසෝදගෙන බයික් එකේ
නැගල යන්න ගියා…..

යනව නෙමෙයි පියාඹනව….
මොන ජාතියෙ එකෙක්ද මන්ද මේ මැරයනම්…..

විසිනි කාල එහෙම මඟ බලාගෙන හිටියෙ මෙතුම්
එනකම් අමාරැ පාඩමක් අහගන්න …..
ඒකටත් වැඩිය කෙල්ල හරිම ආසයි මෙතුම් ලඟට
වෙලා ඉන්න ….

මෙතුම් ගෙට ඇතුලු වෙනකොටම විසිනි දුවගෙන
ගියා මෙතුම් ලඟට …..

මං ඔයා එනකම් මේ මඟ බලාගෙන හිටියෙ …..
ඒ මොකද….
මොකද අහන්නෙ ඔයාට වද දෙන්න තමයි….

විසිනි ⁣මෙතුම්ගෙ අතේ තියෙන බෑග් එක ගන්න
හදද්දි මෙතුම් විසිනිව වැළැක්වුව…..

⁣ඕන නෑ සුදූ මේක ටිකක් බරයි ….
මට පුලුවන් දෙන්නකො ඉතිං ……
ඕන නෑ මං අරගෙන යන්නම් …..

විසිනිට හිතුන මෙතුම්ගෙ හැසිරීම අමුතුයි
කියල ….
අනික මෙතුම් ටික දවසක ඉඳල කෙල්ලව මඟ අරිනව කියල කෙල්ලට දැනිලයි තිබුනෙ ….

ඇයි අයියා මේ තරහින් වගේ …..
විසිනි කඳුළු පුරෝගෙන අහද්දිනම් මෙතුම්ට ගොඩක් දුක හිතුන …..

එහෙම මුකුත් නෑ නංගා…..
මගෙ ඔලුව ටිකක් රිදෙනව …..
මං රෑම් එකට යන්නම් …..

මෙතුම් ගියාට පස්සෙ විසිනි මෙතුම්ට තේ එකත්
හදාගෙන ඕඩිකොලොන් එකත් අරගෙන මෙතුම්ගෙ රෑම් එකට ගියා ….

අයියා මං එන්නද ඇතුලට …..
හ්ම් එන්න ….

විසිනි යනකොට මෙතුම් ශෝට එකකුයි ටී ෂර්ට්
එකකුයි ඇඳගෙන ඇඳට වෙලා සිවිලිම දිහා
බලාගෙන හිටිය මිසක් විසිනි දිහා හැරිලවත්
බැලුවෙ නෑ …..

අයිය ආ තේ එක බොන්න …..
බෑ සුදු මට දැන් තේ බොන්න බෑ …..
මං එනගමං මඟින් තේ එකක් බීලමයි ආවෙ…

ඔය බොරැ …..
ඔයා කවදාවත් ගෙදර ඇවිත් තේ නොබී ඉන්නෑනෙ….

කවදාවත් නොවිච්ච දේවල් වෙනකොට මගේ තේ
එකත් වෙනස්වුනාම මොකද සුදූ…..

මට තේරෙන්නෑ අයියා ඔයා මොනව කියනවද
කියල …..
ඔයා මාත් එක්ක මොනාටහරි තරහ වෙලා ඉන්නෙ
කියල විතරයි මට තේරෙන්නෙ අයියා….

මං …..
මං මොනාට ඔයත් එක්ක තරහ වෙන්න ද සුදූ….
මගෙ ටිකක් හිස කකියනව ඒකයි මේ….

ආ එහෙනම් මේ ඕඩිකොලොන් ටිකක් ගා
ගන්න….
ඕන නෑ තව ටිකකින් ඇරිල යයි…..
එහෙනම් එන්න මං ගාල මසාජ් කරන්නම්
ටිකක් ……

විසිනි මෙතුම් ලඟින්ම ඇඳෙන් වාඩිවුනා …..
කෝ ඉතිං ඔළුව අල්ලන්නකො….

මට බෑ …..

බෑ කියන්නෙ …..
බලන්ගියාම මෙයත් මෙයාගෙ මල්ලි වගේමයි……
කියදේ අහන්නෙම නෑ ……

එහෙම කියද්දි නම් මෙතුම්ගෙ හිත තව ටිකක්
රිදුන ……
මෙතුම්ටත් හොරෙන් මෙතුම්ගෙ හිත විසිනි ගැන
හිතනව…..

යන්ව යන්න සුදූ ඔය මඟුලත් අරගෙන ……
මට ඕන නෑ …..

ඕන නෑ නෙමෙයි මේන් මෙහාට එනව….

විසිනි බලෙන්ම මෙතුම්ගෙ ඔලුව ඇදල අරගෙන
ඔඩොක්කුවෙන් තියා ගත්ත …..
ඕඩිකොලොන් දාල හිමිහිට මෙතුම්ගෙ ඔලුව
අතගෑව ……

මෙතුම්ට විසිනිගෙ ස්පර්ශය දැනුනාම එදා දැකපු
දේවල් ඉදන් අමතකවෙලා ගියා…..

සනීපයි සුදු නංගි ……
ආ ඇත්තද හොර ගෙඩිය…..

විසිනි මෙතුම්ගෙ කනතුත් හයියෙන් මිරිකනකොට
මෙතුම්ට හයියෙන් හිනා…..
මෙතුම් විසිනිගෙ නහයෙන් ඇද්ද…

ඔය ඉතිං අතඅරින්නකො අනේ මට රිදෙනවත්
එක්ක …..
විසිනිගෙ නහය ඒටිකට හොදටම රතුවෙලා …..

කෝ අයින් වෙන්න බොරැවට මෙතන අමාරැයි
වගේ රඟපානව….

මෙතුම්ගෙ කාඹරේ ලඟින් යමින් හිටිය ආශික්ට
ඇහුන කාඹරෙන් හයියෙන් හිනා සද්දෙ …..
ආශික්ට ඒ ඇහුන කටහඩ අඳුරගන්න එච්චර
අමාරැවුනේ නෑ ……

මෙයා…..
මේ වෙලාවෙ මොකද කරන්නෙ අයියගෙ රෑම් එකේ…..

කෙල්ලගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගෙන
ඉන්න ගමං මෙතුම් කෙල්ලගෙ කොන්ඩෙන්
ඇඳ ඇඳත් පුලුවන් තරම් කෙල්ලව තරහගස්සල
හිනාවුනා……

තරහින් කෙල්ලගෙ මූනම රතුවෙලා …..
හයියෙන් හිනාවෙවී හිටිය මෙතුම්ගෙ හිනාව
කෙල්ලගෙ දෙතොල් දැක්කම නැතිවුණා ……
කවදාවත් මෙතුම් මේ තරම් කෙල්ලට කිට්ටුවෙලා
ඉඳල නෑ ….
මෙතුම් හිමිහිට අත දික් කරල කෙල්ලගෙ කම්බුලක් අතගෑව ….

කෙල්ලට හිතාගන්න බැරිවුනා මේ මෙතුම්මද
කියල ….
මෙතුම්ගෙ අත හිමිහිට කෙල්ලගෙ දෙතොල් ලගට
ගියා……
මෙතුම් මහපට ඇඟිල්ලෙන් හිමිහිට කෙල්ලගෙ
දෙතොල් අතගාද්දි…….

කාඹරේ දොර ලඟින් උගුර පාදනව ඇහුන …..

විසිනි වගේම මෙතුනුත් බයවෙලා බැලුවෙ දොර
දිහාවයි……

ගිනි පිටවෙන දෑස් වලින් බලාගෙන හිටියෙ
වෙන කව්රැවත් නෙමෙයි ඒ ආශික් ……..

Likes ,comments වලට thanks මගෙ
යාලුවනේ………. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *