……හිරෑගෙන්…….~~~ පිනි වරැසා 13 ~~~

ආශික්ගෙ රතුවෙලා තියෙන දෑස් දැක්කම වාඩි
වෙලා හිටිය කෙල්ල නිකම්ම නැඟිට්ටුනා…..
හෙමිහිට අඩිතියල කෙල්ල ගාවට එනකොට
ඒ සපත්තු සද්දෙට කෙල්ලගෙ හද ගැස්ම
නැවතුනා වගේ ……

කෙල්ල ඔලුව උස්සල බලනවත් එක්කම ලැබුන
වේගවත් කම්බුල් පාර නිසා විසිවෙලා ගිහින් ඇඳ
වියලෙ ඔළුව වැදුන ……

මල්ලී …..
මල්ලී උබ මේ මොනවද කර…..

කතා කරන්න එපා…..
තමුසෙ වහ ගන්නව කට….
කතාව තියෙන්නෙ මේකිටයි මටයි……

නැඟිටිනව….

අැඳ වියලෙ වැදුන කෙල්ලගෙ නලල හරියෙන් ලේ
බේරැනත් ආශික්ටනම් ඒකෙ වගක්වත් තිබුනෙ
නෑ …..

නැඟිටපං යකෝ මගෙ යකා අවුස්ස ගන්නෙ
නැතිව …..

විසිනි ලේ ගලන නලලටත් අත තියාගෙන
කඳුළු පෙරපෙරා නැඟිට්ට…..

ආශික් ඇවිත් කෙල්ලගෙ අතින් තදකරගෙන
අල්ල ගත්ත …..

අනේ අම්මා මාව බේරගන්න …..
මෙයා අද මාව නොමර මරයි…..
නැන්දවත් මං ලඟ නෑ අම්ම ……

අනේ අයියා මාව බේරගන්න ……
විසිනි මෙතුම් ලඟ වැඳ වැටුන …….

කෙල්ල හිතුව වගේම නැන්දට මේ වගක්
ඇහුනෙවත් නෑ …..
සමිතට බේත් බිව්වහම හොඳටම නින්ද යනව…..

මල්ලී උබ මේ මොනවද කරන්නෙ …..
අතඇරපං මේ අහිංසක කෙල්ලව…..

මෙතුම් කිව්වෙ ආශික් අල්ලගෙන ඉන්න අත අතඇරවන්න හදන ගමං…..
ඒත් ඒවෙනුවට ආශික් තව තවත් කෙල්ලගෙ අත
තද කලා…..

ආ…ව්…
අ..ම්…මා…….

කෙල්ල යටිගිරියෙන් කෑ ගහද්දි මෙතුම්ගෙ ඇස්වලිනුත් කඳුළු වැටුන…..

මොකද බං මේ….
උබට හිතක් පපුවක් කියල දෙයක් නැද්ද ….
දුක නැද්ද බං මේ අහිංසකීට මේතරම්ම වඳ
දෙන්නෙ …..

යකෝ මේක මගෙයි මේකිගෙයි ප්‍රශ්නයක්
උබ පැත්තකට වෙයන් …..

කෙල්ලව බලෙන්ම ආශික් ඇඳගෙන යන්න හඳද්දි
මෙතුම් ඇවිල්ල ආශික්ගෙ අතේ එල්ලුනා …..

අත ඇරපං මේ කෙල්ලව……
උබ අමු තිරිසනෙක්වගේ බං හැසිරෙන්නෙ……

මෙතුම් කියවද්දි ආශික්ගෙ ඉවසීමේ සීමාව
පැන්න ……
කෙල්ලව අතඇරල මෙතුම්ගෙ බෙල්ලෙන් අල්ලගෙන බිත්තියට හිරකලා…..
පිටිපස්සට අතදාල ඉනේ හගගෙන හිටපු පිස්ටල්
එක අරගෙන මෙතුම්ගෙ ඔළුවෙන් තිබ්බ ……

උබට මං කිව්ව නේද අයින්වෙලා ඉන්න කියල
සිංහලෙන් යකෝ….
තොට තේරෙන්නෙ නැද්ද කිව්වාම එක සැරයක්…..
උබ ම..ගෙ පා..රෙ..න් අ..යි..න් වෙ..ලා
හි..ට..පං……

උබ දන්නවනෙ මං කැමතිනෑ කියල එකමදේ
ආයි ආයිත් කියන්න ……
ඒ හිංද පැත්තකට වෙයං…..
ආයි මගේ දේවල් වලට ඇඟිලි ගහන්න ආවොත්
මං අමතක කරනව උබ මගේ සහෝදරය කියලත්…..

ඒ නි..සා අ..යි..න් වෙ..ය…න්…..

ආශික් පිස්ටල් එකෙන්ම මෙතුම්ගෙ කම්බුලට තට්ටු කරල කියල ආයිමත් පිස්ටල් එක අරගෙන ඉනේ
ගහ ගත්ත ……

විසිනි වගේම මෙතුනුත් හිටියෙ හොඳටම බයවෙලා….
මෙතුම් අත්දැකීමෙන්ම දන්නව ආශික් කිව්වොත් කරනවමයි කියල ……
අම්මටවත් ආශික්ව නවත්තන්න බැරිනිසා මෙතුම්
අම්ම⁣ට ඇහැරවන්නවත් ගියේ නෑ ……

ආයිමත් ආශික් ඇවිත් විසිනිගෙ අතින් තදකරල
අල්ල ගත්ත …..
ආශික්ගෙ නපුරු මූන දැක්කම කෙල්ලගෙ කකුල්
පන නැතිව ගියා……
මුළු ඇඟම දහඩියෙන් තෙත්වෙලා ගිහින් ……
බයට ඇඟ හෝ ගාල ගැහෙනව…..

ව…රෙ…න්….

ආශික් බලෙන්ම කෙල්ලව ඇඳගෙන ගියා…….
මෙතුම් ආයිමත් වචනයක්වත් කතා කලේ නැත්තෙ
තව කතා කරන්න ගියොත් මේ ප්‍රශ්නෙ තව තවත්
දුර දිග යන නිසයි……
විසිනි අඬ අඬා යන දිහා මෙතුම් බලාගෙන හිටියෙ
ගොඩක් දුකින් …..

මාත් අසරණයි මගෙ නංගි …..
මං තව තවත් මැදිහත් වෙන්න ගියොත් ඕක තවත්
ඔයාට රිදවයි…..
අම්ම තාත්තවත් අඳුරන මිනිහෙක් නෙමෙයි …..
නැහැදිච්ච තිරිසනෙක් ……

කේන්තියෙන් මෙතුම් හිටියෙ ඇඳගෙන යන කෙල්ල දිහා බලාගෙන ඉන්න ගමන් …

ආශික් කෙල්ලව ඇඳගෙන ඇවිත් කාඹරේට තල්ලු
කරල දොර වැහුව …….
විසිවෙලා ගිහින් ටයිල් පොලව මත ඇදගෙන වැටෙද්දි නම් කෙල්ලට හොදටම රිදුන …..

උබට මං උදේ මොනවද කිව්වෙ ……
එහෙම තියෙද්දිත් උබට ගිහින් අයියටත් තුරැළු වෙන්න ඕන වුනාද යකෝ…..
උබ මොන ජාතියෙ එකියක්ද……
දැන් අයියවයි මල්ලිවයි දෙන්නම ඕනෙද…..
කියහං…. කියහං…. මට……

ආශික් සද්දෙට කෑ ගහගෙන විසිනි ලඟට කිට්ටුවෙනකොට විසිනි අත් දෙකෙන් තද කරල
කන්දෙක වහගත්ත ……

යකෝ ජීවිතේට ගෑනියෙකුට අත උස්සල නැති මට
අද ඒකත් කරන්න සිද්ධ කලානෙ උබ…
ඔක්කොම ගෑනු එකයි…..
උබව විශ්වාස කරපු එකයි මගේ වැරැද්ද ……
මං නිසා ඊයෙ උබට සිද්ධ වෙච්ච වැරැද්ද ගැන හිතල
මං මැරි මැරී හිටියෙ බං …..
බලාගෙන ගියහම උබට මට තරංවත් දුකක් නෑනෙ…..

කතා කරපං……
උබ මං එක්ක විතරක් නෙමෙයි නේද ඉදල
තියෙන්නෙ ……
කතා කරපං…….

අයිය ඔ..යා මේ… මො..න…ව කි..ය..න.ව..ද
කි..ය..ල ම..ට න..ම් තේ…රෙ..න්..නෑ…

තේරෙන්නෑ …….
මං උබේ පිරිසිදුකම හොයන්න ආවෙ නෑනෙ
එදා…..
මං හිතුව එහෙම දෙයක් තිබ්බත් නැතත් උබ මගේ
විතරයි කියල ……
මට උබේ පිරිසිදුකම ඕන වුනේනෑ ……
මං හිතුවෙ උබව මගෙ ජීවිතේම කර ගන්න ……
ඒත් අද මං උබ මගෙ අයියත් එක්කත් ඉන්නව දැක්කම මට දැන් හිතෙනව අහිංසක මූනක් පෙන්නගෙන උබ මගෙ අයියවත් රවට්ටගෙන ඉන්නව කියල ……

කියපං මගේ අයියත් එක්කත් ඉඳල තියෙනවද….
කියපං …….

අාශික් විසිනිගෙ උරහිසෙන් තද කරල කියද්දි
විසිනි බයේ වෙව්ලන්න ගත්ත ……

අනේ අයිය මං තාත් එක්කවත් ඉඳල නෑ …….
මේ ඇත්තමයි……
මගේ මැරිච්ච අම්මයි තාත්තයි ගැන දිව්රන්නම්……
මේ ඇත්තමයි අයියා ……
මාව අතඅරින පිං සිද්ධවෙයි …….

විසිනිගෙ අම්මටයි තාත්තටයි ආශික් තමන්ගෙ දෙමව්පියන්ටත් වඩා ආදරේ කලා……
අම්මයි තාත්තයි ගැන කියද්දිනම් ආශික්ගෙ තරහ
නිමිල ගියා…….

හ්ම්……
යනව යන්න මෙතනින් ……
මේ ගැන පස්සෙ කතා කරමු……

කේන්තිය වෙනුවට අසරණ කමකුයි තිබුනෙ ඒ
මූනෙ….
විසිනි ඉක්මනින් නැඟිටල කාඹරේට ගියේ නැත්නම් ආශික්ගෙ හිත ආයිමත් වෙනස්වෙයි කියල
බයෙනුයි ……..

Likes ,comments වලට thanks මගෙ
යාලුවනේ ….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *