…..හිරෑගෙන්……~~~ පිනි වරැසා 14 ~~~

කෙල්ල කාඹරේට ඇවිත් ඇඳ බදාගෙන හොදටම
ඇඬුව …..
නලලෙන් ගලාගෙන ගිය ලේ බිදු බෙඩ් ශිට් එකටත් උරාගෙන ශීට් එකෙත් ලේ ගෑවිලා ……

ඇයි දෙයියනේ මට මෙහෙම වුනේ …..
මගෙ අම්මයි තාත්තයි හිටියනම් අද මං මේ විදිහට
අසරණ වෙන්නෑ ….
ඇයි ඔයාල මාව තනිකරල ගියේ මාවත් අරගෙන
යන්නෙ නැතිව …..
මට මේ ගෙදර ජීවත් වෙන්න බෑ අම්ම මේ විදිහට
තවත්නම් ……

අඬ අඬා ඉන්නකොට කෙල්ලට එහෙමම නින්ද
ගියා….
නින්දත් නොනින්දත් අතරෙ ඉන්නකොට කෙල්ලගෙ කම්බුල් වලට දැනුන ගොරෝසු අතක
ස්පර්ශයක් ……
ඒත් විසිනි බොරැවට නිදිවගේ හිටියෙ කව්රැ ඇවිත්
හිටියත් කතා කරන්න අකමැති නිසයි…..

මෙතුම් අයිය හරි අර මැරය හරි වෙන්න ඇති ….
මෙතුම් අයිය ඇවිත්නම් මං නිදි කියල යන්න
යන්නෙ නැතෑ…..
එයා මෙතන ඉන්නව දැක්කොත් තව ප්‍රශ්නයක්…..

එතකොට අර මැරය නම් ……
මං ඔය මිනිහගෙ මූනවත් දකින්න කැ⁣මති නෑ ….

ඒත් එක්කම විසිනිට දැනුන කෙල්ලගෙ කම්බුල
අතගානව වගේ …..
ඒ දෑස් වලින් වැටුන කඳුළු කෙල්ලගෙ මූන මතට
වැටුනහම කෙල්ලගෙ ඇගත් එක්ක සීතල වෙලා
ගියා…..

අඬනවද…..

ඒත් එක්කම දැනුන නලලෙ බේත් තවරනවත්…
බේත් ගාද්දිනම් කෙල්ලට දැනුන දැවිල්ල ඉවසගෙන හිටියෙ හරිම අමාරැවෙන් …..

කාටද ඔය බොරැ කරන්නෙ ……
මේ ආශිටද…..
ම්…..

ආශික් කෙල්ලගෙ මුහුණ ලඟට ලංවෙලා අහද්දි
කෙල්ල ඉක්මනටම දෑස් ඇරිය …..

ඔයා …..

ඇයි බලාපොරොත්තු වුනේ වෙන කෙනෙක් ද….

ආශික් එහෙම අහද්දිනම් කෙල්ල බයවෙලා වගේ
අාශික්ගෙ මූන බැලුව …..
ඒත් පුදුමයි ඒ මූනෙ තරහක් ගෑවිලාවත් නෑ …..
හරිම අසරණ පෙනුමක් තියෙන්නෙ ….

තමුසෙට අමාරුයි වගේනම් අපි බේත් ටිකක් ගන්න
යමු …..

එහෙම කියද්දිනම් කෙල්ලට තවත් තදවුනා ….

මෙයා ගැහුව මදිවට බේත් ගේන්නත් යන්න …..

හරි හරි ආ මේක බොනව…..
එතකොට ඔය ඇඟේ අමාරැව අඩුවෙයි…..

ආශික් කෙල්ලට පැනඩෝල් දෙකක් දික් කරද්දි
කෙල්ල අනිත් පැත්තට හැරිල නිදාගත්ත …..

මට බේත් නෙමෙයි වහ ටිකක් ගෙනත් දෙන්න ….
මෙහෙම ජීවිතයක් මට එපා….

ඔය කතාව දැන් ඇති …..
තමුසෙ මං කියන විදහට ටිකක් ඉන්නවකො
එතකොට අවුලක් නෑන ඉතිං …..
මං එවෙලෙ තරහට මොනව කිව්වත් මං තමුසෙව
තාම විශ්වාස කරනව……

දැන් ඔය මදැයි පුපුර පුපුර හිටිය ….
පස්ස හැරෙව්වට කමක්නෑ අා මේක බොනව…..
හ්ම් …..

ඒත් විසිනි නෙමෙයි හැරැනෙ….
⁣තමුසෙ⁣ගෙ තියෙන අහංකාරකම…..

ආශික් කෙල්ලගෙ බඩ හරි⁣යෙන් ඇඳල ආශික්
පැත්තට ආපහු හරෝගත්ත…..

මං මේ තමුසෙට අන්තිම හොඳින් කියන්නෙ අා
මේක බීල නිදාගන්නව ……

දැන්නම් ආශික්ට තරහ ගිහින් වගේ කියල හිතුව
කෙල්ල ඉක්මනින් නැඟිටල ආශික් අතේ තිබ්බ
පෙනඩෝල් දෙක අරගෙන බිව්ව….

සෑහෙන කීකරැයිනෙ…..
ආශික් ආයිමත් රතුවෙලා තියෙන කෙල්ලගෙ කම්බුල අතගාද්දි විසිනි ඒ අත ඇඳල
අයින්කලා…..

මං කැමති නෑ ඔයා මාව අල්ලනවට…..
ඔය ජරා අත්වලින් මාව අල්ලන්න එපා…..

ආයිමත් කෙල්ලගෙ නලලට අත තියන්න හදපු
ආශික්ගෙ අත නිකම්ම පහලට වැටුන …..

දැන්නම් ආශික්ට කේන්ති ගිහින් කියල ඒ මූණ
දැක්කම කෙල්ලට තේරැනා …..

මං අලලනවට අකමැති ද…..
එහෙනම් මං අරතරම් ලොකු වරදක් කරලත්
මොකුත් නොවුණු ගානට ජීවත් වෙන්නෙ
කොහොමද ……
මාව අප්‍රසන්නනම් තමුසෙට තමුසෙගෙ ඇඟත්
අප්‍රසන්න වෙන්න එපැයි ……

තමුසෙ මොනව හිතුවත් නීතියෙන් නැතිවුනත්
තමුසෙ මගෙ ගෑනි වෙලා ඉවරයි …..
මතක තියා ගන්නව තමුසෙ දැන් කෙල්ලෙක්
නෙමෙයි දැන් මගෙ ගෑනි ……
ඒකනිසා මං අකමැති දේවල් නොකර ඉන්න
බලනව ඒක තමුසෙටයි මටයි දෙන්නටම
හොඳයි……
මං නිසා තමුසෙට විනාශ වෙන්න දෙන්නෑ ….
කිව්ව වගේම තමුසෙ ඉඟෙන ගෙන ඉවරවුනාම
ලෑස්ති වෙනව මාව මැරි කරන්න …..

බැරිවෙලාහරි තමුසෙ pregnant වත් වෙලා තිබුනොත් මං දෙපාරක් නොහිත එවෙලෙම
තමුසෙ මා ලඟට ගන්නව ….
එහෙම දෙයක්නම් අනම් මනම් විකාර කරන්න එහෙම මට හොරෙන් හැදුවොත් තමුසෙ මගෙන්
මැරැම් කනව……

මං යනව….
එහෙනම් නිදා ගන්නව ……

කාඹරේ දොර ලඟට ගිහින් ආශික් ආයිමත් හැරිල
කෙල්ල දිහාට හැරැන ……

අනිත් කොල්ලො වගේ ලස්සන වචන දාල ලස්සනට කතා කරන්න මං දන්නෑ ……
මට එහෙම පුරැදුත්නෑ……
මං බොරැ මායාවල් පෙන්නල කාවවත් රවට්ටන්න
දන්නෑ ……
මේක මගේ විදිහ …..
ඒකයි මං මං විදිහටම තමුසෙ එක්ක කතා
කරන්නෙ …..

එහෙම කියපු ආශික් කාඹරේ දොරත් වහගෙන යන්න ගියා…..
එදායින් පස්සෙ කෙල්ලට ආශික් ඉස්සරහට හම්බ වුනත් කෙල්ල අහක බලාගන්නව…..

මෙතුම් එක්ක විසිනි වැඩිය කතාබහ කරන්න
ගියේනෑ ..
ඒ ආශික් දැනගත්තොත් මෙතුම්ට කරදරයක් වෙයි
කියල බයවෙලයි……
විසිනිගෙ හිත හැමතිස්සෙම දිව්වෙ මෙතුම් පස්සෙනුයි……
මෙතුමුත් ඒවගේම විසිනි ගැන හිතුව ….
මෙතුම්ගෙ හිතේ විසිනි ගැන ආදරයක් තිබුනත්
මෙතුම් ඒක විසිනිට කිව්වෙ නැත්තෙ විසිනි මල්ලි එක්ක ලොකු සම්බන්ධයක් ඇති කියල හිතුව
නිසයි …..
එදා දැක්ක දේ නිසා මෙතුම් හිතුවෙ ඒ දෙන්නගෙ
සම්බන්ධෙ ගොඩක් දුරදිග ගිය එකක් කියලයි…….

ගොඩක් යාලුවො අද තව කොටසක් ඉල්ලුව
දවස ඉවර වෙන්න පැය කාලක්හරි තියල මං
ඔයාලගෙ ඉල්ලීම පුලුවන් විදිහට ඉශ්ට කලා
කියල හිතනව……
මගෙ යාලුවො සේරටම ගොඩාක් ආදරෙයි ….

Likes ,comments වලටත් ගොඩාක්
Thanks …… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *