……හිරෑගෙන්…….~~~පිනි වරැසා 15 ~~~

ආශික්ගෙ සුපුරුදු නවාතැන උනේ ටවුන් එක
තමයි …..
කොයිවෙලේ බැලුවත් යාලුවො සෙට් එකත් එක්ක හිටියෙ ටවුන් එකේ, පාරවල් වල හැමතැනම
සුපුරුදු රසුතියාදුවෙ…..

ආශිගෙ හිත ගිය එකම කෙල්ල වුනේ විසිනි තමයි…
කොල්ල දැක්කම සමහර කෙල්ලො වශීවෙලා
වගේ පස්සෙන් ආවෙ…..
ඒත් ආශි කැමති වෙනව තියා හැරිල වත් බලල
නෑ …..
සමහර කෙල්ලො ආශිට ආදරේ කලත් බයට ඒක
ප්‍රකාශ කලේනෑ…..
ඒත් කිසිම බයක් සැකක් නැතිව ආශිගේ පස්සෙන් එන කොටින්ම ආශිට ඇණයක් වුන කෙල්ලෙකුත්
හිටිය …..

ඒ ශශී……
ශශීගෙ තාත්ත ඇමති නිකේශ්වර සේනාධීර ……..
ශශී වගේම ඇමතිතුමාත් හරිම ආසාවෙන් ඉන්නෙ
දූ පොඩ්ඩ ආශික්ගෙ කරේ එල්ලන්න…..
දුවත් ආශික්ට වහ වැටිල හිටියෙ…..
කොච්චර බැන්නත් රැව්වත් ශශී ආශිව සතපහකට මායිම් කලේනෑ ….
තාත්තගෙ ඇමති හයිය දූවත් අතට අරගෙන හිටියෙ…..

ඒවගේම ඇමතිතුමාටත් ඕනකලේ ආශික් වගේම
කොල්ලෙක් …
මොකද ඒක ඇමතිතුමාගෙ දේශපාලන ජීවිතේට වගේම ආරක්ෂාවටත් ලොකු හයියක් …..
ආශික් කිව්වාමත් පලාතෙම මිනිස්සු වෙවුලනව….
ඒ බල පුළුවන් කාර කමත් අරගෙන මේ ඉන්නෙ
මගේ බෑන කියන්න ඇමතිතුමාත් හරිම ආසාවෙන්
මඟ බලාගෙන හිටිය……

දින සති මාස වෙලා ගෙවිල ගියා…..
ආශික් ,විසිනි ,මෙතුම් තුන් දෙනාගෙන් කා අතරවත්
වැඩි කතාබහක් තිබුනෙ නෑ …..
තුන් දෙනාට තුන් දෙනා දැක්කම මඟ අරිනව…

ඒත් මේ අතරෙ එකම දෙයක්වුනා….
ආශික් විසිනිටත් මෙතුම් විසිනිටත්
ආදරේ කෙරැව හැබැයි හිත්වලින් විතරයි ……
ඒවගේම විසිනිගෙ හිතෙත් මෙතුම් ගැන පුංචි කැමැත්තක් නොතිබුනා කිව්වොත් ඒක බොරැවක්…..

හැමදාම පංති යනකොට ආශික් විසිනි පස්සෙන්ම
බයික් එකේ ගියා….
ඒ විසිනිට මඟ තොටේදි කරදරයක් වෙයි කියල
බය නිසයි…..
විසිනි මේ වගක් දැන නොසිටියක් විසිනිගෙ ආරක්ෂාවට හෙවනැල්ලක් වගේ ම ආශික් ලඟින්
හිටිය…..

නැන්ද මගෙ යාළුව සිතූගෙ බර්ත් ඩේ පාටි එක
හෙට මං යන්නද නැන්ද……
කොහෙද දූ ඕක තියෙන්නෙ …..

විලේජ් හොටෙල් එකේ නැන්ද ….
අර ටවුන් එකේම තියෙන්නෙ ……
හොස්පිටල් එකට ටිකක් එහායින් …..

හ්ම් ….
අනේ මංද දූ ඔය ගමන්නම්…..

මාත් එච්චර කැමති නෑ නැන්ද යන්න …..
අපේ ක්ලාස් එකේ ඔක්කොම යනව….
මං විතරක් ගියේ නැත්නම් ඒක හරිනෑනෙ ….
අනික සීතූ මට මඟින් මඟට කිව්වත් එක්ක …..

යන්න දූ හැබැයි තනියම නෙමෙයි අයියල දෙන්නගෙන් කව්රැහරි එක්ක ….
මට බයයි දූ ඔයාව තනියම ඔය රෑ ගමන් යවන්න …
ඔයාට මොනවහරි උනොත් මට ජීවත් වෙලා වැඩකුත් නෑ ……

හරි නැන්ද මං එහෙම කරන්නම්….
කෙල්ලගෙ හිතට අමුතුම සතුටකුත් දැනුන මෙතුම් එක්ක මේ ගමන යන්න හිතල……

⁣හුග කාලෙකට පස්සෙ මට මෙතුම් අයියත් එක්ක ටිකක් නිදහසේ කතා කරන්න පුලුවන් …..
අර නපුර නිසා මෙතුම් අයියත් මඟෙන් ඈත්වෙලා….
හෙට දවස එනකම් නම් මට ඉවසිල්ලක් නෑ …..

ආශික් කෑම කන්න පහලට එනකොට කෙල්ල කෑම කකා හිටියෙ කොල්ල දැක්කම කටේ තිබුන බත් ටිකක් හිස්මොල්ලෙ ගියා…..
පිට දිහාට විතර වවාගෙන හිටිය කොන්ඩෙ කපල
දාල…
පුදුම කඩවසම් බවක් තිබුනෙ ඒ මූනෙ….
මූන පුරාම වවාගෙන හිටිය රැව්ල ලස්සන කට්
එකක් තියෙන්න කපල ……

හ්ම් …..
බලාගෙන ගියාම මැරය නරකමත්නෑ…..

දෙයියනේ …
⁣මගෙ කොලු පැටියගෙ ලස්සන මං අදනෙ දැක්කෙ….
ඇස් වහක්නම් වදින්න එපා මගෙ සුදු පුතාට…..
කෑම මේසෙන් වාඩිවෙලා හිටිය ආශික් ලඟට
ඇවිත් අම්ම ඒ හිස අතගාල පපුවට තුරැළු කරගත්ත…

අාශික් මේ දේවල් වලටනම් පොඩ්ඩක්වත් කැමති
නෑ …..
ඒත් අම්ම තුරැළු කරගද්දි අදනම් සද්දයක්වත්
නැතිව හිටිය…..

කාල ඉන්න පොඩිපුතා ……
දැන් හොඳටම බඩගිනිත් ඇති …
විසිනිනම් හිටිය විදිහටම තාමත් ඇස්පිල්ලමක්වත්
ගහන්නෙ නැතිව ආශි දිහා බලාගෙන ඉන්නව …..

කෑම බෙදාගන්න හදද්දිනම් ආශික් හොදටම දැක්ක
විසිනිගෙ බැල්ම…..
හිමින්සැරේ කකුලෙ ඇඟිලි තුඩු වලින් විසිනිගෙ
කකුලෙ ඇගිලි පාගන ගමන් අාශි ඇහිබබ උස්සල
ඇහුව ඇයි කියල ….

කෙල්ලට දැනුනෙ පුදුමාකාර ලැජ්ජාවක් …..
විසිනි ඉක්මනින්ම ආපහු පිඟාන දිහාම බලාගෙන හිටිය…..

ශික් මාර චාටර් එකනෙ කෑවෙ පොලව පලාගෙන
යන්න හිතෙනව අප්ප…
ඇයි මටම මේම…..

කෑම කන අතරෙ දුරකථනය නාද වෙනව ඇහුන
නිසා විසිනි කෑම මේසෙන් නැඟිට්ට …..

දුව ඔයා වාඩිවෙලා කන්න මං බලන්නම්…..
විසිනි බාගෙට කාල නැඟිටින්න හදද්දිනම් ආශික්
රවල බැලුව…..
රවන ගමන්ම ඔළුවෙන් පිඟාන පෙන්නල කිව්වෙ
වාඩිවෙලා කන්න කියලයි…..
මූනත් බෙරිකරගෙන අකමැත්තෙන් කන විසිනිගෙ
මූන දැක්කමනම් ආශිට ලාවට හිනාවකුත් ගියා ….

අද ටිකක් වැඩ වැඩි දවසක් යාලුවනේ …..
ඒකනිසා ලියන්න වෙලාවක් තිබුනෙ නෑ ….
සමාවෙන්න ඕනෙ ඔක්කොම …..
හැමදාම වගේ likes ,comments වලට ගොඩාක්
ස්තූතියි …… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *