……හිරෑගෙන්……~~~ පිනි වරැසා 20 ~~~

පොඩිපුතා ඔයාගෙ වැඩනම් මට දැන් එපාවෙලා තියෙන්නෙ …..
නංගිව එක්කගෙන ගියානම් ආයිමත් ගෙදර ගෙනත් ඇරලල යන්න දන්නෙ නැද්ද ඔයාගෙ ගමන් බිමන්…
මං එලිවෙනකල් මේ ගිනි පත්තුවෙලා හිටියෙ…..
මොන හේතුවකට උනත් ගෑනු ලමයෙක් මේ කාලෙ හැටියට පිට ගෙදරක තියන්න පුලුවන් කාලයක්ද මේක….
අනික පාටි එකට ගිය ගෙදර නංගිව දාල ඔයාගෙ ගමන් බිමන් යන්න ඔයාට ලැජ්ජාවක් නැද්ද..
කෙල්ලට මොකක්හරි නපුරක් එහෙම වුනානම්…..

හරි හරි අම්ම දැන් ඕක නවත්ත ගන්නව ද …..
මේ ඉන්නෙ යස අගේට ⁣බොරැවට කියවන්නෙ නැතිව ඉන්න….

ආශි කා එකේ දොර වේගෙන් වහල ගේ ඇතුලට ගියා……

ඊයෙ රෑ කෝල් කරහම මං කිව්ව දූව කොහොමහරි ගෙදරට ගෙනත් දාල යන්න කියල …..
කොහෙද එයාට ලොකු එයාගෙ වැඩ විතරනෙ….
අනිත් මිනිස්සු ගැන කවදාවත් හිතන්නෑ…..

එහෙම නම් නපුර ගෙදරට කියල තියෙන්නෙ මාව නෙතූගෙ ගෙදර දාල ගියා කියල ……

මගෙ දූ බයවෙලා ද හිටියෙ එහේ….

අනේ නෑ නැන්ද නෙතූලගෙ ගෙදර අය ගොඩාක් හොදයි…..
අනික නෙතූ මගෙ යාලුවනේ ….
අයියට බනින්න එපා නැන්ද අයිය පව්…..
අපිට තේරැනේ නැති වුනාට එයා අපි හැමෝම ගැනම ගොඩාක් හිතනව…..

හ්ම් …..
දුව ගිහින් මූණ කට හෝදගන්නකො….

කෙල්ල රෑම් එකට ඇවිත් ඇඳට වැටිලත් කල්පනා කලේ ආශිගෙ මේ අමුතුම හැසිරීම ගැන…..

එයා මට ආදරෙයි ….
ඒත් මං කැමති මෙතුම් අයියටනෙ….
මට මෙතුම් අයියව ඕනෙ….
මං හීන දකින්නෙ එයා ගැනයි…
මෙතුම් අයියට මං ගොඩාක් ආදරේ කරනව දැන්….

ඔක්කොටම කලින් මං පොඩි අයියට කියන්න ඕනෙ එදා එහෙම දෙයක් උනේ නෑ කියල …..
මං බොරැවක් කිව්වෙ කියල ….
එයා ඒක නිසානෙ මං ගැන බලාපොරොත්තු තියා ගත්තෙ …..
එයා පව් මගේ බොරැව නිසානෙ මට ආදරේ කරන්නෙ …..
වෙන දෙයක් වෙන්න කියල මං කොහොමහරි ඇත්ත කියනව….

කෙල්ල ආශික්ගෙ රෑම් එකට යනකොට අාශි තුවාලෙකට බේත් දානව…..
අතේ කැපුම් තුවාලයක්…….
අාශිට එක අතකින් බේත් දාගන්න බෑ කියල කෙල්ල හොදටම දැක්ක….

ඔහොම ඉන්න මං බේත් දාන්නම් ….
කෙල්ල ආශිගෙ අතින් අල්ලනකොටම ආශි අත ගසල දැම්ම …..

මං කරගන්නම් තමුසෙ යනව…..
කෝ දෙන්න මං දාන්නම් …..
දැන් තමුසෙට එකපාරක් කිව්ව යනව යන්න මෙතනින් ….

මට බෑ …..

කෙල්ලගෙ දිහා බලල අහක බලාගන්න හදපු ආශි ආයිමත් කෙල්ල දිහා බැලුව…..

මොකක්ද …
බෑ….
මේ ආශිට එකෙක්වත් නෑ බෑ කියන්නෑ හරිද…

ඒ ඇස් කේන්තියෙන් දිළිසෙන්න ගද්දි කෙල්ල බයෙන් හිරිවැටිල ගියත් ඒක ආශිට පෙන්නුවේනෑ…

කෝ දෙන්න අත….

සැරයක් කිව්ව මගෙන් ගුටි නොකා පලයං …..
උබ ඊයෙ මට දුන්න වේදනාව ඇති මට…..
බොරැවට බේත් කරන්න මහන්සි වෙන්න ඕනෙනෑ
තමුසෙ …..
යනව ඉතිං යන්න මගෙ රෑම් එකෙන්…..

කෙල්ලට හිතුනෙම මුරංඩු වෙන්නමයි….
වැඩිම උනොත් ගහයිනෙ මේක උනේ මං නිසානෙ බේත් දාල මිසක් යන්නෑ මං ……

මෙහාට ගන්න අත…..
කෙල්ල ආශිගෙ අත ඇදල ගද්දිනම් කොල්ලගෙ ඉවසීමේ සීමාව පැන්න ……

යකෝ මං එපා කියන්නෙ එපා නිසා…..
උබට සිංහල තේරෙන්නෙ නැද්ද ……

ආශි රවාගෙන ලඟට එනකොට කෙල්ලට නිකම්ම ඇඳේ ඉන්දවෙව්න…..
කොල්ල වේගෙන් අත දික් කරනකොට කෙල්ල ඇස් පියාගත්ත ……

මොකද ගහන්න හදපු එක ගැහුවෙ නැත්තෙ
තාම….
කෙල්ල හිමිහිට ඇස් ඇරල බලද්දි දැක්කෙ මී මැස්සෙක් වගේ සතෙක් ආශික් අල්ලල ජනේලෙන් එලියට විසිකරනව….

ශිට් මැස්සටද ගැහුවෙ…..
අපරාදෙ මං බයවුනේ ……
වස ලැජජාවෙ බෑ …

කෙල්ල කොල්ල දිහා බැලුවත් කොල්ල රවල අහකබලා ගත්ත …..

ඒ මූනෙ ඊයෙ කේන්තිය එහෙම් පිටින්ම තාම තියෙනව ….
කෙල්ල ආයිමත් කොල්ල ලඟට අැවිත් අතින් අල්ලද්දිනම් කොල්ල සද්ද නැතිව හිටිය…..

බාගෙට නමාගෙන හිටිය ෂර්ට් එකේ අත ටිකක් උඩටම නැමුව…..
දෙයියනේ මෙච්චර ලොකු තුවාලයක් …..
මේකටනම් මෙහෙම බේත් කරල හරියන්නෑ ….
විසබීජයක් එහෙම ගියොත් …..
අනික යටටම කැපිලත් එක්කනෙ…

තුවාලෙ දැක්කට පස්සෙ කෙල්ලට දාඩිය දාල මුළු ඇඟම ගැහෙන්න ගත්ත ……

මේක ලොකු තුවාලයක්නෙ අයිය …..
අපි hospital ගිහින් බේත් ටිකක් දාගෙන එමු නේද…..

මේ යනව හලෝ මෙතනින් යන්න …..
මගෙ දේවල් මට පුලුවන් බලාගන්න තමුසෙ කරදර වෙන්න එපා….

⁣ආශි අත ඇදල අර ගන්න හදද්දි කෙල්ල ආයිමත් අත තදකරල අල්ල ගත්ත …..

යන්න බැයිනම් මං දාන්නම්…..
එපා කියන්න එපා….

කෙල්ල බේත් දාන්න ඇදෙන් ආශි ලඟින් වාඩිවුනා…..
බේත් දාද්දි කෙල්ලගෙ ඇස්වලින් කදුළු වැටුනත් ආශිටනම් තුවාලෙක ගානක් නැති තරම් …..

තමුසෙට අප්පිරියාව නැද්ද දැන් මගෙ ජරා අත්වලින් අල්ලන්නෙ …
ආ තමුසෙට අප්‍රසන්න නැද්ද හලෝ…..
හ්ම් …..
මොකද මේ තමුසෙ අඬන්නෙ දැන් ……
ඇයි මං වැරදි දෙයක්වත් කිව්වද…..

ම..ට ස..මා..වෙ..න්..න… අ..යි..ය…..

උබ මට අාදරේ නොකෙරැවට කමක්නෑ නංගි…..
ඒකටත් එක්ක මගෙ ආදරේ හොදටම ඇති…
මං තමුසෙ ලඟ හැමදාම ඉන්නව තමුසෙ කැමති උනත් අකමැති උනත් ……..
තමුසෙට මේ තරම් ලොකු වැරැද්දක් කරල මං පස්සට වෙන්නෑ මගෙ නංගී …

ආශි කෙල්ලට ලංවෙනකොටනම් කෙල්ලට හොදටම බය දැනුන…..

මේ කඳුළු වැටෙන්නෙ ආදරේට නෙමෙයි කියල මං හොදටම දන්නව …..
තමුසෙ පොඩ්ඩක්වත් මට කැමති නෑ කියල මං හොදටම දන්නව ……
කැමති උනත් අකමැති උනත් තමුසෙ දැන් මගේ…..
ඒකනිසා මං කියන විදිහට ජීවත් වෙනව……

මං තමුසෙට ඊයෙ කරපුදේටනම් කවදාවත් සමාව දෙන්නෑ ….
ඒක හොදට මතක තියා ගන්නව …..
තමුසෙට මං යන්න කලින් කිව්වනෙ අර ඇඳුම් ඇදගන්න කියල …..
තමුසෙගෙ තිබුන අහංකාරකම හින්ද ඇන්දෙනෑ….
ඒක ඇන්දනම් තමුසෙට අරැන්ට පපුව පෙන්නන්න වෙන්නෙ නෑනෙ……
මට මතක් වෙද්දිත් උබව මරන්න හිතෙනව යකෝ…..

අාශි තුවාල උන අතින්ම ඇද වියලට හයියෙන් ගහද්දි අත පෑරිල ලේ ගලාගෙන යන්න පටන්ගත්ත…..

අනේ එපා අයිය නවත්තන්නකො please ……

උබේ ඔය අහංකාරකම අතඇරල අනිත් එවුන් කියනදේත් ටිකක් අහපං …..
මතක තියා ගනින් ආයෙ මං එපා කියන දේම කලොත් එතනම උබව මරල වලලනව…..
⁣මතක තියා ගනින් තොගෙ ඇග කාටහරි පෙන්නුවොත් එහෙම…..

ආශි ඇගිල්ලක් දික්කරගෙන කෙල්ලට කියල තුවාල වෙලා තියෙන අත ආයිමත් බිත්තියෙත් හප්පගෙන යන්න ගියා…..

දෙයියනේ ලේ බිත්තියෙ පුරාම….
නැන්ද දැක්කොත් එහෙම….

කෙල්ල ඉක්මනින් බාජනේකට වතුර අරගෙන ඇවිත් රෙදි කෑල්ලක් පොඟවල බිත්ති පිරිසිදු
කලා……

මං අහංකාරයි කියන එයා ඊට වැඩිය අහංකාර
හිතුවක්කාර කෙනෙක් …..

Likes ,comments වලට thanks
මගෙ යාලුවනේ . 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *