……හිරෑගෙන්…….~~~ පිනි වරැසා 25 ~~~

කෙල්ලයි නැන්දයි ටීවී බල බල ඉන්න අතරෙ මෙතුම්ගෙ කා එක නවත්තනව ඇහුන ….

පුදුමයි අද ලොකු පුතාට මතක්වෙලා ටිකක් වේලාසනින් ගෙදර එන්න …..
අද ටිකක් වැඩ අඩු දවසක් අම්ම …..
මේ මැට්ටි මෙතනටවෙලා පුටු රත්කර කර ඉන්නෙ
නැතිව යනව ගිහින් මගේ සුපුරුදු තේ එක අරගෙන එනව…..

මෙතුම් කන මිරිකල කියද්දි විසිනිට ටිකක් රිදුනත් එක්ක …..

නැන්ද නැන්දගෙ ලොකු ලේලි ආවහමනම් මට ගුටිත් කන්න වෙයි වෙනද පුරැද්දට මෙයා තේ ඉල්ලුවම…..

කෙල්ල හිනාවෙවී කියද්දිනම් මෙතුම්ගෙ මූන අඳුරු වෙලා ගියා……
විසිනි තේ එකත් අරගෙන එද්දි නැන්ද මෙතුම් ලඟට කිට්ටුවෙලා වාඩිවුනේ නැන්දගෙ සුපුරුදු ප්‍රශ්නෙ අහන්න කියලනම් කෙල්ලට තේරැනා…..

ලොකු පුතා දැන් ඔයාට අවුරැදු විසි හයක් වෙනව කටයුත්තක් ගැන හිතන්න ඕනෙ කාලෙ….
කලවයසත් පහුවීගෙන යනව….
ඉක්මනට පිළිවෙලක් වුනානම් හොදයිනේද…

අනේ අම්ම මටනම් බෑ දැම්ම කසදයක් ගැන හිතන්න ….
මටතාම එච්චර වයසක් නෑනෙ ….
මං විතරක්යෑ මල්ලිත් ඉන්නෙ ඔය….
මං ලොකු අයිය උනේ විනාඩි දෙකකටනෙ මටම කරදර කරන්නෙ නැතිව මල්ලිටත් කියන්නකො……

මල්ලී කියන්නෙ ජීවිතේ කිසිම පිළිවෙලක් තියෙන මනුස්සයෙක් නෙමෙයිනෙ පුතා…..
එයාට ඕව කියන්න ගිහින් මට වෙන්නෙ හිත රිද්ද ගන්න තමයි ….
එයාගෙ තියෙන නපුරැකමට ⁣මොන කෙල්ලද එයා එක්ක එන්නෙ ආවත් මුළු ජීවිත කාලෙම දුක් විදින්න තමයි වෙන්නෙ …..

මමත් ආසයි පුතා ඇස් දෙක පියවෙන්න කලින් ඔයාලගෙ දරැවෙක්ගෙ මූන බලන්න ……
මගේ අත් වලින් නලවන්න….
මට හිතෙන්නේ කවදාවත් මට ඒ වාසනාව නෑ වගේ….
උබල වෙනුවෙන් ජීවිතේ කැප කරපු මේ අම්ම ගැනත් ටිකක් හිතපං පුතා අඩුගානෙ උබවත් ….

අම්ම අඬනකොටනම් මෙතුම්ට ගොඩාක් දුක හිතුන….

හරි අම්ම ඔයා කැමති දෙයක් කරමු ….
මගෙ අම්ම අඬනවට පොඩ්ඩක්වත් කැමති නෑ කියල ඔයා දන්නවනෙ කෝ එන්න ඔය කඳුළු පිහදාන්න….

මෙතුම් අම්මගෙ කඳුළු පිහදාල නහය මිරිකනකොටනම් අම්මට හිනාවකුත් ගියා ….

මගෙ සමිත කෙල්ල හරි දක්ෂයිනෙ….
හැමදේම අඬල කපටිකමෙන් දිනාගන්න හොදට දන්නව ඈ….
අම්මව පපුවට තුරැළු කරගෙන මෙතුම් අම්මගෙ හිස සිප ගත්ත …..
විසිනි ඈතට වෙලා මේ හැමදේම බලාගෙන හිටියෙ කඳුළු පිරැන දෑස් වලින් ….

ඒ මැට්ටි ඇස් ගෙඩිදෙක ලොකු කරගෙන ඉන්නෙ නැතිව තේ එක අරගෙන එනව මෙහාට …..

විසිනි තේ එක දෙන්න අත දික් කලාම මෙතුම් තේ එක අරගෙන ටේබල් එක උඩින් තියල විසිනිවත් ඇදල අරගෙන අනිත් පැත්තෙන් මෙතුම්ගෙ පපුවට තුරැළු කර ගත්ත …..

ඈතට වෙලා හූල්ලන්න ඕනනෑ බං…..
එක බඩවැල කඩාගෙන නාවත් උබ මගෙම නංගී තමයි…..
අපි ඔක්කොම එකම පව්ලක්…
දුක සැප සතුට අපි එකට බෙදාගන්න ඕනෙ…..
තේරැනා ද සුදු …..

මං ගෑනියෙක් ගෙනාවත් අපේ සම්බන්ධෙ කවදාවත් වෙනස් වෙන්නෙ නෑ ….
මෙතුම්ගෙ ආදරනීය වදන් ලඟ විසිනිට ඉකි ගහල හයියෙන් ඇඬුන …..
සමිතගෙත් මුළු හිතම සතුටින් පිරැනෙ මෙතුම්ගෙ ගතිගුණ ගැන හිතලයි…..

හරි හරි දැන් ඇති මගෙ කෙල්ලො දෙන්න හුරතල් වුනා ඔය……
මමත් කොල්ලෙක්නෙ අප්ප වැරදිලාවත් කවුරුහරි දැක්කොත් කෙල්ලො දෙන්නෙක් දෙපැත්තෙන් පපුවට තුරැළු කරගෙන ඉන්නව මට කවදාවත් කසාදයක්නම් කරගන්න වෙන්නෑ …..

ඒත් එක්කම ඇහුන ආශිගෙ බයික් එකේ සද්දෙට තුන්දෙනාගෙම කතාව නැවතුනා…..

ඕන් අම්ම අම්මගෙ මැර පුතා එනව…..
මෙතුම් ටයිගැටේ බුරැල් කර කර කිව්වෙ කට කොනකින් හිනාවෙන ගමන්මයි ….

කට කට ලමයො දන්නවනෙ මල්ලිගෙ හැටි…..
මුකුත් ඇහුනොත් ගේම පෙරලයි…..

කවුද පුතා මේ…..

නැන්ද බයවෙලා වගේ අහද්දියි විසිනි ඔලුව උස්සල ආශි දිහා බැලුවෙ …..
ඇවිත් ඉන්න කෙනා දැක්කමනම් කෙල්ලගෙ ඇඟම වෙව්ලන්න ගත්ත …..

මේ ශශී අම්ම ….
සේනාධීර අමතිතුමාගෙ දුව …..
ඇමතිතුමාට හදිසියේම රට යන්න වෙලා ශශීට තනියම ඉන්න බෑනෙ අනික එයාලට ආරක්ෂාව තියෙන හොද විශ්වාසවන්ත තැනක් වෙනනෑලු….
ඒකනිසා ඇමතිතුමා එනකම් ශශී මෙහෙ ඉදී….

ආන්ටී ආන්ටී අකමැතිනම් කියන්න …..
මං හොටෙල් එකක රෑම් එකක් ගන්නම් …..

මං මොකටද දුව අකමැති වෙන්නෙ කොහොමටත් ගෑනු දරැවෙක්ට නවත්තන්න පුලුවන්යෑ තනියම අනික මේ සාගරයක් වගේ ගේකුත් තියෙන එකේ…..

පුතා අපේ සුදූගෙ රෑම් එක ලඟ රෑම් එක ලෑස්ති කරල තියෙන්නෙ …
සුදු දූ මේ ලමයව රෑම් එකට එක්කගෙන යන්න …..

විසිනිගෙ රෑම් එක තිබුනෙ ආශික්ගෙ රෑම් එක ලඟ
ඒනිසා ආශි යන එන සද්දෙ පවා විසිනිට ඇහෙනව….

මෙතුම් අමුතු බැල්මක් ආශිදිහාට වගේම ශශී දිහාටත් හෙලුව ……
අත් දිග ෂර්ට් එකේ අතලග බොත්තම් ගලව ගලව මෙතුම් එතනින් යන්න ගියා….

දුව සුදූ එක්ක රෑම් එකට යන්නකො එහෙනම් මං මොනවහරි රෑට උයන්න යනව රෑට කන වෙලාවත් ලඟයිනෙ දැන් ……

නැන්දත් ගියාට පස්සේ විසිනි ඉස්සර උනේ ශශීට කාඹරේ පෙන්නන්න යන්න හිතාගෙන ……

ඒයි කොහෙද යන්නෙ තමුසෙ ….

ආශිගෙ සද්දෙට කෙල්ල එතනම නැවතිලා හිමිහිට පිටිපස්ස හැරිල බැලුව ……

ශශීගෙ බෑග් එකත් අරගෙන යනව…
එයා මේගෙදරට දැන් අමුත්තෙක්…..

ශශී කුරිරැ විදිහට හිනාවෙලා ආශිගෙ අත්ගොබේ එල්ලුනා …..
ශශීට විසිනි එක්ක තිබුනෙ පුදුම ඉරිසියාවක්….
ඒකට හේතුව විසිනිගෙ ලස්සන ….
විසිනි හැම අතින්ම ගොඩාක් ලස්සන කෙල්ලෙක්….
ශශීනම් අරැමෝසම් ඇදුම් ඇදගත්ත පාට තැවරැන
උද්දච්චකම පිරැන කෙල්ලෙක් …..

විසිනි ශශීගෙ රෑම් එකෙන් බෑග් එක තියල අනඅනිත්පැත්ත හැරෙද්දි දැක්ක ආශිගෙ ඇඟේ එල්ලිලා ශශී එනව…..
ඒ දෙන්න කාඹරේට එද්දි විසිනි එලියට ආව….

එලියට ඇවිත් නිකමට වගේ ආයිමත් ඇතුල බලද්දි ආශිගෙ අත්දෙක ශශීගෙ ඉනවටේ එතිල ආශි ශශීගෙ දෙතොල් වලට පාත් වෙන්න හදනව….

⁣පිටවෙන්න හදපු ඉකිය පිටවෙන්නෙ නැතිවෙන්න විසිනි අත්දෙකෙන්ම කට තදකරල වහ ගත්ත ….
දෑස් වලින් කම්බුල් තෙමාගෙන කඳුළු ගලාගෙන යද්දි කෙල්ල දුවගෙන රෑම් එකට ඇවිත් දොර වහගත්ත …..

කෙල්ලට දැනුනෙ මුළු ඇඟම ගිනිගන්නව වගේ…
බාත්රෑම් එකට ගිහින් ඇදගෙන හිටිය ගව්ම පිටින්ම ෂවර් එක ඇරල බිම වාඩිවුනා …..
දනහිස් වලින් ඔළුව තියාගෙන පුලුවන් තරම් හයියෙන් කෑගහල ඇඬුව…..

එයා කිව්ව වගේම එහෙම කෙනෙක් වෙලා දෙයියනේ …..
මං දැන් එයාට ආදරේ කරනව ඒත් එයා මගෙන් දැන් ගොඩාක් දුරකට ගිහින් ඉවරයි …..
මගේ ඇස් ඉස්සරහ මෙහෙම දේවල් දකිද්දි මං කොහොමද හිත හදාගෙන ඉන්නෙ ….
අනේ අම්ම මට එයාව ඕන අම්ම ….
එයාව ඕන ….
මං ගොඩාක් ආදරේ කරනව…..

කෙල්ලට මතකනෑ කොච්චර වෙලාවක් එහෙම හිටියද කියලවත් නැන්ද කන්න කතාකරද්දි තමයි වෙලාව බැලුවෙත්….
දන්නෙම නැතිව කෙල්ල පැය තුනකට කිට්ටුවෙන්න එහෙමම ඉඳල ….

කන්න පිරියක් තිබුනෙ නැතත් නැන්දගෙන් බේරිල්ලක් නැතිනිසා කෙල්ල පහලට යන්න හදද්දි
දැක්ක ආශි ශශී එක්ක හිනාවෙවී බැල්කනි එකේ කතා කර කර ඉන්නව ..
දෑස් වලට කඳුළු පිරෙද්දී විසිනි සද්ද නැතිව පඩිපෙළ බහින්න ගත්ත ……

කෑම මේසෙදි කිබුහුම් දෙකතුනක් ගියාම මෙතුම් හයියෙන් හිනාවුනා ….

මේකිට කව්රැහරි බනිනව ඇප නැතිවෙන්න ….
විසිනිට මෙතුම් හිනාවෙද්දි ශශී කටකොනකින් හිනාවෙනව දැක්කම කෙල්ලට කේන්ති ගියා….

මට නෙමෙයි අයිය ඇප නැති වෙන්නෙ වැරදි කරන මිනිස්සුන්ට….
කිසිම හැදියාවක් නැති ලැජ්ජාවක් නැති වුන්ට….

විසිනි ශශීගෙ මුනදිහා බලාගෙන කියද්දි ශශීගෙ මූන තරහින් රත්පැහැ වුනා….
ආශිනම් කිසිම දෙයක් ඇහුනෙ නෑ වගේ කරඹාගෙන කනව…
මෙතුම් කටකොනකින් හිනාවෙලා අහකබලා
ගත්ත ….

ඒත් එක්කම කුස්සිය පැත්තෙන් නැන්ද මතු වෙච්ච නිසා කෙල්ල කට වහගත්ත ….

සුදු මට ඔයාට කියන්න දෙයක් තියෙනව දුව…
අපිට හෙට හදිස්සියේම මාතර යන්න වෙලා මගෙ හිටිය හොදම යාළුවෙක් නැතිවෙලා දුවත් එනවද අපිත් එක්ක යන්න …..
ලොකු අයියටත් නිමාඩු එකේ එයත් එක්කම ගියානම් ලේසියි…..

මට බෑ නැන්ද මං ඉන්නම්කො ….
දුවගෙ කැමැත්තක් ….
මට හෙටනම් ඔයා දාල යන්න බයනෑ ….
තනියට මේ දූත් ඉන්නවනෙ දැන් ….
අපි හෙට පාන්දරින්ම යනව සුදු ….

හා නැන්ද ….

කෙල්ල කටක් විතර කාල ඉක්මනට අායිත් රෑම් එකට ආවෙ දරාගන්න බැරි හිසේ කැක්කුම නිසයි….

Likes ,comments වලට thanks මගෙ
යාලුවනේ … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *