…..හිරෑගෙන්…..~~~ පිනි වරැසා 26 ~~~

පාන්දර වෙද්දි කෙල්ලගෙ ඇඟට පුදුම අමාරැවක් දැනුනෙ …..
කිබුහුම් යන එකත් ඊට දෙවනි නෑ ….
ඇඟම වෙව්ලන්න අරගෙන හිස පුපුරන්න තරම් කැක්කුමක් දැනුන …..
බෙඩ්ශීට් එක ඔලුවෙ ඉදන් පෙරව ගත්තෙ දැනුන සීතල දරාගන්න බැරිමතැන …
ආශිගෙ රෑම් එකට කිබුහුම් සද්දෙ ඇහුනත් ආශි කියන්නෙ නින්ද ගියාට පස්සෙ ලේසියෙන් ඇහැරෙන කෙනෙක් නෙමෙයි ……

පාන්දර පහට විතර දොරට ගහන සද්දෙ ඇහුනත් දොර අරින්න යන්න තරම් ඇඟට කිසිම පනක් තිබුනෙ නෑ …..

දුව…
ඔයා නිදිද….
දුව ……

ඇ..යි නැ..න්ද ….
අපි මේ යන්න කියල ….
දොර අරින්න ඕනනෑ මගෙ කෙල්ල නිදාගන්න තව එලිවෙන්න වෙලාව තියෙනවනෙ …..
පරිස්සමෙන් ඉන්න මගෙ දූ මං පොඩි අයියටත් කිව්ව ඔයාල දාල වැඩිය ගමන් බිමන් යන්න එපා කියල ….

හා…නැ…න්..ද….
බු..දු ස..ර..ණ..යි.

මගෙ කෙල්ලටත් බුදු සරණයි ….

මාත් යනව මැට්ටියො…
බුදු සරණයි ….

ඒත් එක්කම අහුනෙ මෙතුම්ගෙ කටහඩ….
හා අ..යි..ය…
බු..දු ස..ර..ණ..යි….

දෙන්නටම කෙල්ලගෙ කටහඩේ අමුත්තක් දැනුනත් එච්චර ගනන් ගත්තෙ නැත්තෙ නිදිමතේ නිසා කියල හිතලයි…

කෙල්ලට එලිවෙනකල්ම නින්ද ගියේ නෑ ආයිමත්….
ඇදේ එහාට මෙහාට පෙරලි පෙරලි හිටිය එලිවෙනකල්ම ……

වේදනාව එන්න එන්නම වැඩිවුන නිසා කෙල්ල අමාරැවෙන් උනත් නැගිට්ටෙ තවත් වැඩිවෙන්න කලින් පෙනඩෝල් දෙකක්වත් බොන්න හිතාගෙනයි …..

මුළු ඇඟම ගැහෙනව වගේම ඇගට පනනැති ගතියක් තිබුන නිසා කෙල්ලට අඩිය තියල ඇවිදගන්නවත් බැරි ගානයි…..

හිතට දිරය ගෙන නැගිට්ටෙ මොනදේ උනත් අද ගෙදර කෙල්ලගෙ උදව්වට කිසිම කෙනෙක් නෑ කියල කෙල්ල හොදටම දැනගෙන හිටිය නිසයි …..

කාඹරේ තිබිල පෙනඩෝල් දෙකක් හම්බවුනත් වතුර බෝතලේ වතුර ඉවරවෙලා තිබුන …
කෙල්ල පෙනඩෝල් දෙකයි වතුර බෝතලෙයි අරගෙන කුස්සියට ආව….
පෙනඩෝල් දෙක ටේබල් එක උඩින් තියල වතුර බෝතලේට වතුර පුරවන ගමන් පිටිපස්ස හැරිල බැලුවෙ හයියෙන් ඇහුන හිනාහඩ නිසයි …..

ශශී විසිනි කුස්සියෙ ඉන්නව දැකල බොරැවටත් එක්ක හයියෙන් හිනාවුනේ ආශිගෙ අතේ එල්ලගෙන ගමන්මයි ….

දැන් ඉතිං මට පුලුවන් තරම් නාඩගම් නටල පෙන්නයි දෙන්නත් එක්ක …..
මේ කෝලම් බලනවට වැඩිය හොදයි ඉක්මනටම රෑම් එකට යනව…
කෙල්ල වතුර බෝතලෙයි බේත් පෙති දෙකයි අරගෙන අහපව් යන්න හදනකොට ….

මේ හලෝ ඔහොම ඉන්නව ….
අපිට තේ හදනව ශශී මේ ගෙදරට අමුත්තෙක් තමුසෙ දන්නෙ නැද්ද තේ ටිකක්වත් හදල දෙන්න අම්මත් ගෙදර නැති එකේ……

විසිනි සද්ද නැතිව ඇවිත් කේතලේ ලිපේ තියල එතන තිබුන පුටුවකින් වාඩිවුනේ එන්න එන්නම දැනුන වේදනාව දරාගන්න බැරිමතැනයි ……
වතුර ඉතිරැවට පස්සෙ ඒ දෙන්නට විතරක් තේ දෙකක් හදල දීල ආයිමත් රෑම් එකට යන්න හදද්දිම ආශි සද්දෙට කෑගැහුව….

දැන් අපි උදේට කන්නෙ දත්ම්ටිද කියපුදේ අමතකයි වගේ සද්ද නැතිව යන්නෙ …..
ගිහින් උදේට කන්න මොනවහරි හදනව….

ශශීත් සවුත්තුවට වගේ කෙල්ල දිහා බලල හිනාවෙද්දිනම් කෙල්ලට දැනුනෙ ලොකූ අසරණකමක්….

නංගි නංගි කියල මෙයාව මෙහෙම හුරතල් කරන්න එපා බබා …..
බලන්නකො ඉන්න හැටි විතරක් හරියට ගෙදර අයිතිකාරය වගේ ….

විසිනි ශශීගෙ කතා වලට උත්තර බදින්න නොගියෙ කතා කරන්න තරම් පුලුවන්කමක්වත් නැති තරමට ඇගට අමාරැ නිසා ….

දැනෙන අසරණකම නිසාම කෙල්ලට ඇඬුන …..

මං මේලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන කෙනා ඉන්දැද්දිත් මට දැනෙන්නෙ පුදුම අසරණකමක් …..

උයන අතරෙ කෑම වල සුවදට වමනෙත් ගියා….
කෙල්ල අමාරැවෙන් උනත් නූඩ්ල්ස් හදල මේසෙට ඇරිය….

සේරම වැඩ ඉවර කරල රෑම් එකට යන්න හදද්දි ශශී උගුර පෑදුව ….

ආශි බලන්නකො බබා මෙන්න මෙයා යන්න යනව ආයිමත් …..

විසිනිට ශශී එක්ක කේන්ති ගියා….
රවල ශශීගෙ පැත්ත හැරැනෙ තවත් සද්ද නැතිව ඉන්නකොට ශශීගෙ සද්දෙ එන්න එන්නම වැඩිවෙලා ගිහින් කියල කෙල්ලට දැනුන ….

ඇයි මං තමුසෙගෙ වැඩ කාරිද….
උයල තියෙන්නෙ ගිහින් කනව …
මාව නතර කරගන්න හදන්නෙ ….
අමුත්තනෙ කියල මං දැන් තමුසෙට කවන්නත් ඕනෙද…

ඔයාටත් එක්ක කියන්නෙ මෙයාව හුරතල් කරන්න ඕනෙනම් තනියම කරගන්න මට කියල කරගන්න එන්නෙ නැතිව …..

කෙල්ල බනිද්දිත් ආශි හිටිය වගේම නෑහුන ගානට පෝන් එකේ ගේම් ගහනව….
⁣විසිනි පඩිපෙළ නැඟගෙන ආවෙ හරිම අමාරැවෙන්…

එන්න එන්නම හිසේ කැක්කුම වැඩිවෙද්දි මුළු ඇඟම වෙව්ලන්න පටන්ගත්ත …
දෑස් නිලංකාර වීගෙන එද්දි කෙල්ල දොර අරිනවත් එක්කම කටින් සෙම පෙරාගෙන ඇදගෙන වැටුන… අතේ තිබුන වතුර බෝතලේ එක්ක පෙනඩෝල් දෙක විසිවෙලා ගියා …

ශශි එක්ක උඩ තට්ටුවට එද්දි බිම වැටිල සෙම පෙරාගෙන දරදඬු වෙලා වෙව්ල වෙව්ල දඟලන කෙල්ල දැක්කම ආශිගෙ හුස්ම හිරවුණා වගේ …..

සු..දු
නං..ගී…..

ආශි දුවගෙන ඇවිත් කෙල්ල ලඟට යද්දිනම් ශශී අප්පිරියාවෙන් ඈතට වුනා….

මගෙ නංගි මේ මොකද වුනේ මගෙ මැනික ….

මේවගේ අවස්ථාවකට මූන දෙන විදිහ ආශි දැනගෙන හිටියෙ නෑ …..
ආශි බයවෙලා කෙල්ලව පපුවට තුරැළු කරගෙන අඬන්න ගත්ත…..

ඔයාට මොනවත් වෙන්නෙ නෑ මගෙ මැනික මං මොනවත් වෙන්න දෙන්නෑ …..

කෙල්ලගෙ හිස සිපගත්තෙ පිස්සුවෙන් වගේ ….
ඒත් එක්කම ආශිට මතක්වුනේ එහා ගෙදර මෙඩිකල් සෙන්ටර් එකක් කරන ඩොක්ටර් නිසල්…..

කෙල්ලව කාඹරේ ඇද උඩින් තියල ශශීට ටිකක් ලඟින් ඉන්න කියනගමන්ම සෙරෙප්පු දෙකක්වත් නැතිව ආශි එහාගෙදරට දුවගෙන ගියා….
විනාඩි පහක් විතර යද්දි ආශි ඩොක්ටර් එක්කගෙනත් ආව….

ආශික් ඔයා දන්නෙ නැද්ද නංගිට උන කියල ….
නෑ ඩොක්ටර් ….
මෙයාට හොදටම උණනෙ මීට වැඩිය නංගි ගැන සැලකිලිමත් උනොත් හොදයි….

උණ වැඩිවෙලා පිට් එක හැදිල තියෙන්නෙ වෙලාවට ලඟපාත මාත් හිටියෙ නැත්නම් තත්වෙ මීටවඩා ගොඩාක් බරපතල වෙන්න තිබුන…..
මං බේත්ටික එවන්නං ඉක්මනින් ගෙදරින් නංගිව හොදට පිරිසිදු කරල බේත්ටික පොවන්න…
මතක ඇතිව මේ බේත් වලට අඩු නොවුනොත් අද රෑම හොස්පිටල් ඇඩ්මිට් කරන්න ….

හරි ඩොක්ටර් …..
එහෙනම් මං යනව හදිස්සියක් උනොත් කතාකරන්න මං ගෙදර ඉන්නෙ ……
Thanks ඩොක්ටර් ආවට……

ආශි කාඹරෙන් එලියට ඇවිත් ඩොක්ටර් එක්ක කතා කරල ආයිමත් ඇතුලට යන්න හදනකොටයි බිම වැටිල තියෙන බේත් පෙති දෙකයි වතුර බෝතලෙයි දැක්කෙ …..
ආශිගෙ දෙකම්මුල් දිගේ කදුළු බේරෙද්දි තමන් ගැනම දැනුනෙ වරදකාරී හැඟීමක් …..

මං ඔයා කියනව වගේම තිරිසනෙක් මගෙ නංගි …..
ඇත්තටම හදවතක් නැති මිනිහෙක් …..
ඇත්තටම මං මහ බලු මිනිහෙක් කවදාවත් මට සමාව දෙන්න එපා මගෙ මැනික ….
වැටුන කඳුළු ටී ෂර්ට් එකේ උරහිස් වල පිහිද පිහිද ආශි කෙල්ල ලඟට ගිය….

අසිහියෙන් වගේ තොල් මතුරන කෙල්ල දිහා ආශි බලාගෙන හිටියෙ වේදනාවෙන් …..
ශශී ඉක්මනටම එතනින් යන්න ගියේ විසිනිව ශශීට පිරිසිදු කරන්න වෙයි කියල බයේ…..
ආශිටත් ඒක හොදටම දැනුන…

පුටවක් අරගෙන ගිහින් බාත්රෑම් එකෙන් තියල කෙල්ලව අරගෙන ගිහින් වාඩිකරවල කෙල්ලව හොදට සෝදල පහසු ගව්මක් ඇන්දුව….
ඩොක්ටර් එවල තිබුන බේත් ටිකත් පොවල කඩේට යන්න බයික් එකට නැග්ගෙ ශශීට කියල සුප් එකක්වත් හදාගන්න බෑ කියල ආශි හොදටම දැනගෙන හිටිය නිසාමයි……

Likes ,comments වලට thanks මගෙ
යාලුවනේ ……. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *