….හිරෑගෙන්….~~~ පිනි වරැසා 31 ~~~

දොරට ගහන සද්දෙට ගැස්සිලා දෙන්නම ඇහැරැනේ දන්නෙම නැතිව දෙන්නටම නින්ද ගිහින් ….

පොඩි පුතා නැඟිටින්නෙ නැද්ද ….
දැන් දහයත් පහුවෙලා ….

කෙල්ලට දැනුනෙ ලොකු අපහසුවක්…
නැන්ද කතා කරද්දිත් දොර අරින්නවත් ගියෙ නැත්තෙ දැනුන ලැජ්ජාවටයි….

අසනීපයක්ද පුතා තාම නිදි …..
නෑ අම්ම මේ නිකම්….
දොර ඇරියෙ නැතිවුනාට කමක්නෑ ලේලි පොඩ්ඩත් එක්ක එන්න ඉක්මනට කෑම කන්න කෑම හීතල වෙනව…..

අම්ම ගියාට පස්සෙ ආශි ඇහැකුත් ගහල හිනා වෙද්දි විසිනි ආශිට ගස්සගෙන නැගිට්ටෙ යන්න හිතාගෙන …..

මාර ගැස්සිල්ලක්නෙ තමුසෙගෙ තියෙන්නෙ දැක්කම සිල් බිදෙනව බං ….

කෙල්ල ලෑස්තිවෙලා පහලය යනකොට හැමෝම කෑම මේසෙ හිටිය…..
කෙල්ල දිහා බල බලා අනිත් අය හිනාවෙද්දි
කෙල්ලට දැනුනෙ ලොකු අපහසුතාවයක්….

විසිනි කෑම මේසෙන් වාඩි වෙද්දිම මෙතුම් හයියෙන් උගුර පෑදුව….
කෙල්ල බිම බලාගෙන හිටියෙ හොරයක් අහුවෙලා වගේ …..

දන්නවද අම්ම වැඩක් සමහරැ නිදියන කාඹරෙන් නෙමෙයිනෙ ආයිමත් ඇහැරෙන්නෙ ….
සෑ හරිම ⁣තාත්විකයි….

ආශිත් බිම බලාගෙන යාන්තන් හිනාවෙනව දැක්කහම කෙල්ලට දැනුනෙ ලොකු කේන්තියක්….

කරන්න පුලුවන් හැමදේම කරල දැන් මෙතන මීම වගේ ඉන්න හැටි විතරක්….
මට තමයි තියෙන ඔක්කොම පරිප්පු …..

කවුද මගෙ සුදූ දූට අනම්මනම් වචන කියන්නෙ …..
ඒව කසාද බැන්දම කොයිකාටත් ඉබේම වෙනදේවල් ලොකුපුතා ඔයා කෙල්ලෙක් ගෙනාවම ඔයිට හපන්වෙයි…..
ඒකනිසා මගෙ කෙල්ලට එක එක විහිලු කරන්න එපා…..

ඒකනෙමෙයි ඕං හනිමුන් එක මං ගානෙ
මං හොටෙල් එකට ටිකට් බුක් කරල තියෙන්නෙ දවස් හතරකට දෙන්නත් එක්ක නුවරඑළියෙ ඇවිදල කරල එන්න තියෙන්නෙ…..
අනිද්දට යන්න තියෙන්නෙ යනව නේද මල්ලී ….

මට ඕවට වෙලාවක් නෑ …..
ඇවිදිනවට වැඩිය මට වෙන වැඩ තියෙනව….

එහෙම කියන්න එපා පුතා හැමදාම යනවෑ ඉතිං අයිය ආසාවෙන් දීපුදේ එපා කියන්න එපා …..
දෙන්නත් එක්ක පරිස්සමට ගිහින් එන්න….

බලමුකෝ …..

හැමවෙලේම අපිට ගස්සන ,බයින ,රවන ,ගොරවන කෙල්ල දැන් හරිම තැන්පත් වෙලා නේද අම්ම ….
කසාද බැන්දහම මෙහෙම වෙනස්වෙනවද අම්ම …..

මෙතුම්ගෙ විහිලු තහලු මැද හැමෝම සතුටින් හිටියත් කෙල්ලනම් හිටියෙ දුකින් මේ හැම දෙයක්ම තව ටික දවසකින් ශශීට අයිතිවෙනව කියල දැනුනහමනම් හිත දුකෙන් පිරැන….

අයිය මොන වැරැද්දක් කරල තිබුනත් මට අයිය වගේම මේ පවුලත් ශශීට දෙන්න දැන් ගොඩාක් ලෝබ හිතෙනව…
ඇයි දෙයියනේ මේ සතුට හැමදාටම මගේ නොවුනෙ….

සුපුරුදු විදිහටම දවස් දෙකත් ගෙවිල ගියා….
කසාද බැන්ද කියලවත් ආශිගෙ හැසිරීම එච්චරම වෙනස්වුනේනෑ…
රැයක් දවාලක් නැතිව හැමවෙලේම ගමන් බිමන් තිබුනෙ …..
සමහර වෙලාවට හරිම කලබලෙන් බයික් එකේ නැඟල දුවගෙන යනවත් බලාගෙන හිටියෙ කෙල්ල හරිම බයෙන්….

කාඹරේට වෙලා පොතක් බල බල හිටියෙ රෑ දහයත් පහුවෙලා තිබුනත් ආශි තාමත් ගෙදර නාපු නිසාමයි …..
පොත දිහා බලාගෙන කියවනවට වඩා කලේ කල්පනා කරපු එකයි….
ඒත් එක්කම දොරට තට්ටු කරනව ඇහෙද්දි කෙල්ල ගිහින් දොර ඇරිය ….

රස්තියාදුකාරය ඇවිල්ල …..
අද එකොලහයි හතලිස් පහයි අනේ මන්ද හෙට කීය වෙයිද කියල …..

හැමදාම වැනි වැනී ගෙදර එන ආශි අද බීල නෑ කියල දැනගත්තහම කෙල්ලට පුදුමත් හිතුන …..
ඇස් දෙක ලොකු කරල ආයිමත් බැලුවෙ බීලද කියලයි…..

ඔච්චරටම අැස් කරකවන්න ඕන නෑ හලෝ මං අද බිව්වෙ නෑ ….
සුදූ අපි හෙට අර ගමන යනව…..
දවස් හතරකට තමුසෙටයි මටයි අැඳුම් පැක් කර ගන්නව …..
හෙට උදෙන්ම යමු…..

ආශි ටවල් එකත් අරගෙන බාත්රෑම් එකට යනකනුත් බලාගෙන හිටියෙ අාශිගෙ වෙනස්වීම පුදුමයක් ගෙනාව නිසා ….

එදා යන්න බෑ කිව්ව අද යමු කියනව මාර කෙනෙක් තමයි මෙයත් …..
මට අයියත් එක්ක කොච්චර සතුටින් ඉන්න තිබුනද මේ ප්‍රශ්න නොතිබුනානම්…..

උදෙන්ම යමු කිව්වත් ආශිව ඇහැරවගෙන ලෑස්ති කරගෙන පිටත් වෙද්දි උදේ දහයත් පහුවෙලා …..
මෙතුම්ගෙ කා එක ලැබුන නිසා ගමන ගොඩාක් ලේසි වුනා….
නුවරඑළියට යද්දි රෑ හතට විතර ඇති දැනෙන සීතල නිසා ස්වීටර් එක ඇදගෙන හිටියත් කෙල්ලනම් හෝගාල හොදටම වෙව්ලනව …..

හොටෙල් එකට ඇවිත් රෑම් එකට ආව ගමන්ම විසිනි කලේ දුවගෙන ඇදට ඇවිත් බ්ලැන්කට් එක පොරෝගත්ත එකයි…..
ආශි බලාගෙන හිටියෙ කට කොනකින් හිනාවෙන ගමන්මයි….

දැන් ඔහොමද ඉන්න කල්පනාව…..
යනව ලඟ දාඩිය ගදේ බෑ ….
හොට් වෝට ඇති ගිහින් වොෂ් එකක් දාගෙන එනව නැත්නම් ඇදෙන් ඇදල දානව බිමට….

අනේ අයිය මට බෑ ගොඩක් සීතලයි….
හැමවෙලේම කියන්න බෑ අයිය නෙමෙයි මං දැන් තමුසෙගෙ මිනිහ ඒනිසා සහෝදරකම් එපා එක්කො කෙලින්ම නම කියනව….
නැත්නම් ඔය හුරතලේට කියන නම් ඕනතරම් තියෙන්නෙ ඒවයින් එකක් කියනවකො…..

ආශි කෙල්ල ලඟට ඇවිත් පොරවගෙන ඉන්න බ්ලැන්කට් එක ඇදල දැම්ම …..
අනේ මට සීතලයි …..

යනව මට ලඟ ඉන්න බෑ ගඳයි තමුසෙ ලඟ
ගිහින් වොෂ් කරගෙන එනව….

මට බෑ මට සීතලයි ….

ඒක නැතිකරන්න තමා යකෝ මම ඉන්නෙ මං ඇඳගෙන ගිහින් ඇල්වතුරෙන්ම හෝදල ගන්න කලින් තමුසෙම ගිහින් උනු වතුරෙන් හෝදගෙන ආවනම් හොදයි කියල හිතෙයි තමුසෙට තව ටිකකින් ……

විසිනි ආශිට රවාගෙනම නැඟිට්ට….
ටවල් එකත් අරගෙන බාත්රෑම් එකට ගියෙ තරහින් පුපුර පුපුරමයි…

Likes ,comments වලට thanks මගෙ යාලුවො සේරටම……
හදිස්සි වැඩක් වැටුන යාළුවනේ හෙටයි අනිද්දයි මට පුලුවන් වුනොත් විතරයි යාලුවනේ ඒ දවස් දෙකේ කතාව දාන්න වෙන්නෙ …
ඔයාල වෙනුවෙන් උපරිම ට්‍රයි කරන්නම්… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *