…..හිරෑගෙන්……~~~ පිනි වරැසා 33 ~~~
ආශිට ගෙදර එන්න පුදුම හදිස්සියක් තිබුනෙ…
පාන්දරින්ම කෙල්ලවත් ඇහැරවගෙන කොලඹ එන්න පිටත්වුනේ….
උදේ දහය විතර වෙද්දි ගෙදරටත් ආව…..
විසිනිනම් බයේ ගැහි ගැහි හිටියෙ ආපු වේගෙට…..
කෙල්ලව ගෙදරට ගෙනත් දාපු ගමන්ම ගෙටවත් යන්නෙ නැතිව බයික් එක අරගෙන වේගෙන් යන්දිහා කෙල්ල වගේම ගේඇතුලට වෙලා මෙතුනුත් බලාගෙන…..
අරක කුලප්පුවෙලා වගේ කොහෙද අර ගියෙ
අනික ඔයාල අද නෙමෙයිනෙ එන්න හිටියෙ…..
විසිනි බෑග් ටිකත් උස්සගෙන ගේ ඇතුලට එන්න හදද්දි කෙල්ලගෙ අතේ තියෙන බෑග් එකක් මෙතුම් අතට ගන්න ගමන්මයි ඇහුවෙ….
අනේ මන්ද අයිය ඊයෙ රෑ කෝල් එකක් ආව ඊට පස්සෙ කිව්ව හෙට ගෙදර යන්න ලෑස්ති වෙන්න කියල …..
එයා යන එන තැන් මට කියන්නෑනෙ ඉතිං….
ඒක නෙමෙයි අයිය ඔයා ඇයි අද වැඩට ගියෙ නැත්තෙ …..
බෑ හිතුන සුදු අද එච්චරම වැඩකුත් නෑ ගියාට ඔෆිස් එකේ …..
මේ මටත් පොඩ්ඩකට එලියට යන්න ඕනෙ අම්ම මං කොහෙද ඇහුවොත් එලියට ගියා කියනව…..
ආපහු මෙතුම් කෙල්ලගෙ අතට බෑග් එක දීල කා එක අරගෙන ආශි වගේම වේගෙන් යන්න ගියා …..
මේ අයියල මල්ලිලට මක් වෙලාද මන්ද…..
විසිනි ආව ගමන්ම ගියේ සමිත හොයාගෙන..
හැමදාම වගේ කුස්සියෙ උලුවස්සට බරවෙලා හොදටම කල්පනාව…..
විසිනි හොඳටම දන්නව මේ කල්පනා කරන්නෙ ආශි ගැනමයි කියල …..
කෙල්ල පිටිපස්සෙන් ගිහින් නැන්දගෙ ඇස් වැහුව…..
සුදූ ඔයා …
ඔයා කොහොමද මාව අඳුරගත්තෙ…
මං මගෙ දරැවන්ගෙ සුවද හොදට අඳුරනව….
මේව මං පුංචි කාලෙ ඉඳන්ම අතපත ගාල හදපු අතපයනෙ ඉතිං මට අඳුරගන්න බැරි මොකද ….
සුදු ඔයාල අද නෙමෙයිනෙ එන්න හිටියෙ දරැවො මොකද මේ හදිස්සියෙම ආවෙ….
මං දන්නෑ නැන්ද එයා ඊයෙ කිව්ව උදෙන්ම යන්න ලෑස්ති වෙන්න කියල ….
ඊට පස්සෙ අපි උදෙන්ම එහෙන් පිටත්වෙලා ආව ….
සුදු ….
පුතේ මං දැන් ඔයාගෙ නැන්ද නෙමෙයි අම්ම හොඳද ….
අමතකද මගෙ ලේලි පොඩ්ඩ වුනා කියල…..
කෙල්ල බිම බලාගෙන හිනාවෙද්දි සමිත කෙල්ලගෙ ඔලුව ආදරෙන් අතගෑව…..
මගෙ දූට දුකද කලින්ම එන්න වුනාට….
ම්….
නෑ නැන්දෙ…
නෑ නෑ අම්ම …..
මං එහාට වෙලා ඉන්නවට වැඩිය කැමතියි අම්ම ලඟට වෙලා ගෙදර ඉන්න ….
මහන්සිද පුතේ ඉන්න අපි තේ ටිකක් බීල ඉමු….
මට මහන්සි නෑ අම්ම ඉන්න මං අපි දෙන්නටම හදන්නම්…..
අම්මටත් එක්ක තේ හදාගෙන ගිහින් දෙන්නත් එක්ක තේ බිබී ටීවී බැලුව ….
චැනල් දෙක තුනක්ම මාරැ කර කර බැලුවත් බලන්න තරම් දෙයක් තිබුනෙ නෑ …..
°°°සමූහ දූෂනයට ලක්කර වෙඩි තබා ඝාතනය කල තරැණියකගේ මල සිරැරක් අද උදෑසන….°°°
ඔහොම ටිකක් තියන්න සුදූ …..
මේ කෙල්ලන්ට කරන දේවල් තාම මේ මිනිස්සුන්ට නවත්තගන්න බෑනෙ…
දැන් මේක රැල්ලක් වෙලා දවස් දෙක තුනකට සැරයක්නම් මෙහෙම දෙයක් තියෙනව මයි දකින්න….
අම්මෙක් සහෝදරියක් අඳුරන්නෙ නැති පව්කාර හැතිකරේ මල්වගේ ඉන්න දරැවන්ගෙ ජීවිත බිලිගන්න හැටි විතරක්….
මුනිට හරිහමන් දඬුවමක් දුන්නනම් අනිත් වුන් ඕව කරන්න නිකම්ම බය වෙනව….
මගෙ කෙල්ල මගෙ ඇස් දෙක ලඟම හැමදාම ඉන්න එක මගෙ හිතට ලොකු සහනයක් පුතේ කෙල්ලෙක්ව හදාගන්න හොද පලාතක් නෙමෙයි දැන් මේ පලාත…..
ඇහැට කනට පේන කෙල්ලෙක් දැක්කොත් ඊලඟ දවසෙ ඒ කෙල්ල ඉවරයි …..
හවස් වෙනකම්ම බලාගෙන හිටියත් මෙතුම් වගේම ආශිත් ආවෙ නෑ ….
අයිය ඇයි මාව මේ විදිහට දාල ගියෙ…..
කාටවත් නොකිව්වට මට මහ ගොඩක් දුක දැනෙනව…..
ඔයාව මට අයිති නොවුනත් මට ඔයා කාටවත් දෙන්න ලෝබයි මගෙ මහත්තයො….
ඔයා ශශීව බලන්න ද ගියෙ මෙච්චරටම හදිසියේ …..
එයා ඊයෙ ඔයාට කෝල් කරල එන්න කියන්න ඇති …..
ඒත් එක්කම කෙල්ලට මතක්වුනේ ආශිගෙ අතේ දවස් දෙක තුනක්ම එල්ලිලා යනව දැක්ක ලස්සන අහිංසක කෙල්ල…..
මං දැකල නෑ අයිය කිසිම කෙල්ලෙක් එක්ක ඔයා එච්චරටම සතුටින් ආදරෙන් ඉන්නව ශශී එක්කවත් අඩුගානෙ මා එක්කවත් ඔයා එහෙම ඉඳල නෑ …..
ඔය තරමටම ඔයාගෙ ජීවිතේට සම්බන්ධ
ඔයාගෙ ලඟින් ඉන්න කෙල්ල කව්ද කියල මං හොයා ගන්නව ඉක්මනටම…
ඔයාගෙ හිත ඔයා කීදෙනෙකුට දීල තියෙනව ද කියල තාම මට හිතාගන්න බෑ ……
නිදා ගන්නෙ නැතිව අම්මයි විසිනියි දෙන්නම ටීවී එක දිහා ඔහේ බලාගෙන හිටියෙ ආශි වගේම මෙතුනුත් තාම ගෙදර ආවෙ නැතිනිසයි……
දහයාමාර විතර වෙද්දි මෙතුම්ගෙ කා එක මිඳුලෙ නවත්තනවත් එක්කම ආශිගෙ බයික් එකත් ඇවිත් නතර කරන සද්දෙට දෙන්නම දොර ලඟට ආව…..
අාශිගෙ ෂර්ට් එක පුරාම ලේ ගෑවිල තියෙනව දැක්කම කෙල්ලගෙ ඇස්වලට කඳුළු ඉනුව….
ඇයි අයිය මේ මොකද වුනේ ඔයාට …..
කියන්නකො අනේ තුවලද…..
කොන්ඩෙ හොඳටම අවුල් වෙලා….
ෂර්ට් එක හොඳටම පොඩි වෙලා ඒ මදිවට තැනින් තැන ඉරිල ගිහින් ….
කෙල්ල ගිහින් අඬ අඬා ආශිගෙ අතේ එල්ලෙද්දී ආශි කෙල්ලගෙ අත ගසල දාල කේන්තියෙන් කෙල්ල දිහා රවල බලල යන්න ගියා……
ආයිමත් ආශිගෙ අතේ එල්ලෙන්න විසිනි දුවගෙන යද්දි ආශිගෙ අතින් අල්ලන්න කලින් මෙතුම් කෙල්ලව ඇදල ගත්ත….
ඌට පාඩුවෙ යන්න දීපං සුදූ දැන් හොඳටම කේන්තියෙන් ඌ ඉන්නෙ ඔයා දැන් එල්ලි එල්ලි කරදර කරන්න ගියොත් එහෙම ඕක ඔයාට හොඳටම ගහයි…..
ඒත් අයිය එ…යා…ට..
..මේ.. ලේ…
බයවෙන්න එපා උෟට කිසි අවුලක් නෑ ….
උගෙ යාළුවෙක්ට කරදරයක් වෙලා මේ එයාගෙ ලේ තමයි ඔය ගෑවිලා තියෙන්නෙ….
සුදු තමුසෙ අද උෟගෙන් ඈත් වෙලා ඉන්නව උෟ අද ඉන්නෙ ලඟට යන එකාව මරාගෙන කන්න තරම් කේන්තියකින් ඒනිසා අද තමුසෙ ඒ රෑම් එකටවත් යන්න එපා තමුසෙගෙ රෑම් එකේම නිදා ගන්නව ….
අම්මනම් සෝෆා එකේ ඔලුව තියාගෙන හොඳටම අඩනව….
විසිනි අම්ම ලගට යන්න හඳද්දි මෙතුම් ඔලුවෙන් කිව්වෙ කෙල්ලට රෑම් එකට යන්න කියලයි….
මෙතුම් අම්ම ලඟට ගිහින් අම්මගෙ හිස පපුවට තුරැළු කරගෙන අතගාද්දි කෙල්ල රෑම් එකට යන්න පඩිපෙළ නැග්ගෙ…..
කෙල්ල කාඹරේට යන්න දොර ඇරලත් ආපහු හිතුනෙ ආශි මොනව කරනවද කියල බලන්න …..
කෙල්ල හිමිහිට ගිහින් බාගෙට ඇරිල තිබුන දොරෙන් ඇතුල බැලුව……
මුළු කාඹරේම පිස්සන් කොටුවක් කරල….
බඩු හැමතැනටම විසිරැවල ඇදට දාල තිබුන ශීට් එක පවා….
කොට්ට ඉදන් හැම තැනම….
ඒත් එක්කමයි කෙල්ල දැක්කෙ ආශි මත්පැන් බෝතලයක්ම කටේ තියාගෙන බීගෙන බීගෙන යනව…..
මනුස්සයෙක්ට මේතරම්ම බොන්න පුලුවන් ද ….
තව බොතල් දෙකකුත් හිස් කරල බිම තියෙන්නෙ ……
මේ තරම්ම බොන්න තරම් මොනාද වෙලා තියෙන්නෙ ….
විසිනි ආයිමත් රෑම් එකට එන්න හැරැනෙ මේ තත්වෙන් කොහොමත් ආශි එක්ක කතා කරන්න බැරි නිසයි …..
රෑම් එකට ආව ගමන්ම කොට්ටයක් තුරැළු කරගෙන කෙල්ල හොඳටම ඇඩුවෙ ආශිගෙ ජීවිතේ ගැන දැනෙන බය වැඩිවෙද්දි….
Likes ,comments වලට thanks මගෙ යාලුවො සේරටම