…..හිරෑගෙන්……~~~ පිනි වරැසා 35 ~~~

කතා කරන දෑස් හැමදාටම පියවෙලා ගිහින්…
ලස්සනට තිබුන ඒ අහිංසක සුදූ මුහුණ කලුවෙලා ගිහින් …..

මේ අර නෙතුම් එක්ක හිටිය ලස්සන පුංචි ගැහැනු ලමයනෙ….
එ..ත..කො..ට. එ…යා…ද මැ..රැ…නෙ….
මොනව ද මේ වෙලා තියෙන්නෙ ….

විසිනි ටිකෙන් ටික පිටිපස්සට ගිහින් බිත්තියට හේත්තු වුනා ඇත්තටම එකපාරටම මේ දේවල් දැක්කහම කෙල්ලට ඒක දරාගන්න බැරිව හිටියෙ….

ඒත් එකපාරටම කඩාගෙන බිඳගෙන පිරිසක් ඇතුලට ආව සමහරැන්ගෙ අත්වල ආයුධත් තිබුන…..
පිටිපස්සෙ ඉඳල ටික ටික ඉස්සරහට මතුවෙන කෙනා දැක්කම කෙල්ලගෙ හිත ගැස්සිල ගියා….
හිතට දැනෙන බය ටික ටික වැඩිවෙද්දි කෙල්ල දොර රෙද්දට මුවා වුනා…..

ආශිගෙ සුදු පාට ෂර්ට් එක ලේවලින් නැහැ වෙලා….
අත්වල තිබුනෙත් ලේ පැල්ලම් විතරයි…..
ආශි දේහය ලඟට ලංවෙලා ඒ නලලත සිප ගත්ත …..
ගැස්සුනේ කෙල්ලගෙ හිතයි….
ඒ සුදු පාටින් අත් ආවරන දාල තිබුන දෑත් වල අත්වල තිබුන ලේ තැවරැව…..

සුදු මැනිකෙ මට බැරිවුනා ඔයාව රැක ගන්න රත්තරනේ ….
මට බැරිවුනා …..
ඔයා මං ගැන තියල තිබුන විශ්වාසෙ මං කඩකලා …..
මට ඔයාව නැතිවුණා දෙයියනේ….

ඔයාගෙ ඇස් නොපෙනුනත් මගෙ ඇස් දෙක ඔයාගෙ ඇස් දෙක වගේ ඔයාට ලෝකය දකින්න දෙනව ඔයාව ඔයාටත් වැඩිය හොඳින් පරිස්සම් කරනව කිව්වට මේ අයියට ඒක කරගන්න බැරිවුනා …

ආත්මාර්ථකාමී විදිහට ඔයාව තනිකරල මගෙ සතුට හොයාගෙන ගියෙ නැත්නම් සුදු මැනික ඔයා තාමත් මා ගාව දැවටි දැවටි ඉන්නව රත්තරං …..
මං ඔයාව දාල මගෙ වයිෆ් එක්ක නුවරඑළිය ගියෙ මගෙ පව්කාරකමට….
මං හිතින් දහස්වාරයක් පසු තැවෙනව අද මං ඒවගේ ගමනක් ගියාට……

ආශි හයියෙන් අඬ අඬා කෑ ගගහ කියද්දි කෙල්ලට දැනුනෙ කෙල්ලගෙ පපුව හිරවෙනව වගේ …..
අතින් කට වහගෙන ඇඩුවෙ වාවගෙන ඉන්න බැරිම තැනදි…..

මගෙ සුදු මැනිකට වෙච්ච එක පොරොන්දුවක්වත් මට ඉශ්ඨ කරන්න බැරිවුනා ඒකට මට සමාවෙන්න මගෙ මැනික ….

ඔයා කොච්චර ආසාවෙන් ද හිටියෙ මාත් එක්ක ජීවත් වෙන්න ඒකට තව දවස් දෙකක් තියෙද්දි ඔයා මාව දාල සඳහටම ගියානෙ දෙයියනේ ….
ඔයාට කොහොමද පුලුවන් වුනේ මාව මෙහෙම තනිකරල යන්න….
මට ඔයා මැරැනට පස්සෙ උන පොරොන්දුව විතරයි ඉශ්ඨ කරන්න පුලුවන්වුනේ ඒකට මට සමාවෙන්න රත්තරනේ …..

මං ඔයාට කිව්ව වගේ ඔයාව කනත්තට ගිනියන්න කලින් ඔයාට මේ අපරාදෙ කරපු එකෙක්ටවත් ආයිමත් හුස්ම වැටෙන්න දෙන්නෑ කිව්ව වගේ මං එකා ගානෙ ඉවරයක් කරල ආවෙ මේ…..
මං ඔයාට කිව්වනෙ උන්ගෙ ලේ ගෙනත් ඔයාගෙ අත්වල ගානව කියල මං ඒක කලා මගෙ සුදු මැනික …..
මේ හරකට කවම කවදාවත් සමාවනම් දෙන්න එපා මැනික ….
දැන් කවුද දෙයියනේ මට මෝඩය කිය කියා බැන බැන මාලඟ දැවටි දැවටි ඉන්නෙ…..

ආශි පිස්සුවෙන් වගේ තව මොන මොනවද කිය කිය කෑ ගහද්දි කෙල්ල ඇඬුම් අතරෙ දුවගෙන ඇවිත් ත්‍රීවීල් එකට නැග්ග….

අපි යමු අයිය …..
විසිනි ගොඩාක් දුරට එනකම්ම ආවෙ අඬ අඬා…..

ඇයි නෝන නෝන දන්න කෙනෙක්ද නැතිවෙලා තියෙන්නෙ …..

ආ..මේ ඔ..ව් ම..ගෙ මේ.. යා..ළු..වෙ..ක්..

හරිම අපරාධයක් නේද නෝන වුනේ…
ඕකුන් එක එකා කෑලි කෑලි වලට කපන්න ඕනෙ මෙහෙම අහිංසක දරැවන්ට කරනවට….

ඒ දරැව කොච්චර වේදනාවක් විදින්න ඇතිද නෝනෙ මැරෙන්න කලින් …..
අනික මෙච්චර ලොකු අඩුපාඩුවක් තියෙන දරැවෙක් වෙලත් මුන්ට හිතක් පපුවක් තිබිල නැතිහැටි…..

ඒ කිව්වෙ මට තේරැන්නැ ….

ඇයි නෝනෙ ඒ දරැවගෙ ඇස් දෙකම ලස්සනට තිබුනට ඒව පොඩ්ඩක්වත් පේන්නෑනෙ …..

ඒකද නෙතුම් ඒ විදිහට කෑ ගහල ඇඬුවෙ….

ආ..ඔ..ඕ ……

එතකොට එයා නැතිවෙලා තියෙන්නෙ මොනව වෙලාද අයිය …..

ඇයි නෝන ගියාට ඒක දන්නෙ නැද්ද….

මං ගියාට හැමෝම දුකෙන් හිට්ය නිසා අහන්න ගියෙනෑ අයිය…..

ඒක දැන් මුළු රටම දන්නවනෙ නෝනෙ…
ඇයි ඔය ටීවී වල පවා පෙන්නුවේ….
මං මෙහෙම කිව්ව කියල කා එක්කවත් කියන්න එපා නෝනෙ….

අනේ නෑ අයිය මං කාත් එක්කවත් කියන්නෙ නෑ ……

නෝනෙ දන්නවද අර සේනාධීර කියල ඇමති කෙනෙක් ඉන්නෙ ආන් ඒකගෙ පොඩි පුතා උෟ ගෑනු පෙරේතය ආරංචියෙ විදිහටනම් ඌ තමයි ඔය ලමයව අරගෙන ගිහින් තියෙන්නෙ අරගෙන ගිහින් තියෙන්නෙ රෑක එලිවෙනකම් කෙල්ලව දූෂනේ කරල උෟට ඇති වුනාම පස්සෙ උගෙ යාලුවන්ටත් කෙල්ලව දීලලු පස්සෙ වෙඩි තියල මරල මුහුදට දාලලු…..

වෙරළට ගොඩ ගහල තියෙද්දි තමයි කෙල්ලව හොයාගෙන තියෙන්නෙ…..

ඔය ලමයව ඇස් දෙක වගේ මෙච්චරකල් බලාගත්තෙ ආශික් කියල ඔය චන්ඩියෙක් ඉන්නෙ එයා තමයි ….

මිනිහත් එදා වැඩ වගේකට ඈතකට ගිහින් ඉඳල තියෙන්නෙ….
ඒත් මිනිහ කෙල්ලගෙ ආරස්සාවට දෙතුන් දෙනෙක්ම දාල ගිහින් තියෙන්නෙ ….

වැඩක් නෑ නෝනෙ ඔක්කොටම හොඳටම ගහලයි කෙල්ලව අරගෙන ගිහින් තියෙන්නෙ ….
ගුටි කාපු දෙතුන් දෙනෙක්ටම හොඳටම අමාරැයිලු අයි සී යූ එකේලුනෙ ඉන්නව කියන්නෙ ……

අනේ මන්ද නෝනෙ ඔය ලමයට අක්කෙකුත් හිටිය මයෙ හිතේ ඒ ලමය මැරැනෙත් ඔහොම දෙයක් වෙලාමයි…..
ඒ කෙල්ලගෙත් පුදුම ලස්සනක් තිබුනෙ ලස්සන තමා ඒ පවුලටම අපලයක් වෙලා තියෙන්නෙ ……

කෙල්ලගෙ පපුව පත්තුවුනේ ආශිව මතක්වෙලා ……

එතකොට එයා ලේ තවරගෙන ආවෙ ගිහින් හැමෝමව මරල ඇවිත්ද…..
මගෙ දෙයියනේ මං ජීවිත් වෙන්නෙ මෙහෙම මිනී මරැවෙක් එක්කද….
ඇයි මෙයා වගේම මෙතුම් අයියත් මේ හැමදේම මට හැංගුවෙ…..

නෝනෙ මං මෙහෙම ඇහුවට මුකුත් හිතන්න එපා ඇයි අපි අර සුදු පාට කාර් එක පස්සෙන් ආවෙ….

ආ ඒකද ඒ ආවෙ මගෙ මහත්තය…..
මට එයා හැසිරෙන විදිහෙන් තේරැනා මං දන්න කියන කෙනෙක් නැතිවෙලා කියල….
මට හංගනව කියල හිතුන……

ඇත්තටම අයිය මට හාට් එකේ පොඩි ප්රොබ්ලම් එකක් තියෙනව ඒකයි හස්බන් මට ඒක ඔය හැංගුවෙ…..

විසිනි තවත් බොරැවක් ⁣ගොතල කිව්වෙ කොහොමහරි මේ දේවල් ආශිගෙ කනට වැටෙයි කියල දැනුන බයටමයි …..

ආ ඒක මිසක් නෝනෙ …..

අයිය මාව ඔය ඉස්සරහ තියෙන හංදියෙන් දාගෙන යන්න …..

විසිනි ත්‍රීවීල් එකෙන් බැහැල ඉක්මනින් ගෙදරට හංදියේ ඉඳල ඇවිදගෙන ආවෙ හීනෙන් වගේ ඇත්තටම අද වෙච්ච දේවල් කෙල්ලට දරාගන්න බැරිව හිටියෙ….

අම්ම දකින්න කලින් කාඹරේට දුවගෙන ඇවිත් ඇදුම් ගලෝල දාල වෙන ඇඳුමකට මාරැවුනා…..
අම්මවත් දැනගෙන හිටියෙ නෑ කෙල්ල මේවගේ ඇඳුමක් ඇඳගෙන මෙහෙම ගමනක් ගියා කියල …..

කෙල්ල අම්මට කියන්න ගියෙ ලයිබ්‍රියට යනව කියල ලෑස්ති වෙන්න කලින්…..
අම්මයි මෙතුනුයි ටිකක් එහාට මෙහාට වෙනකම් ඉඳල හොරෙන්ම ගෙදරින් පැන ගත්තෙ ……

සමිත ගේ අතු ගාද්දි කෙල්ලගෙ සෙරෙප්පු දෙක දොරකඩ ගලවල තියෙනව දැක්කහමයි දැනගත්තෙ කෙල්ල ගෙදර ඇවිත් කියලත්….

අම්ම ඔලුවට අත තියද්දියි විසිනි ගැස්සිල ඇහැරැනේ…..

ඇයි දූ මේ වෙලාවෙ නිදි….
මොකක්හරි අසනීපයක්වත්ද…..

නෑ අම්ම අව්වෙ ගිහින් ආව නිසා ඔලුව ටිකක් රිදුන ඒක නිසා මං ටිකක් ඇලවුනා දන්නෙම නැතිව නින්ද ගිහින්….

මං චුට්ටක් ඉඳල ඔයාට ආව කියල කියන්න එන්නයි හිටියෙ ඒත් බලන්නකො මට නින්ද ගියානෙ…..

මං ඒත් බැලුව මොකද තාම පරක්කු කියල….
හොද වෙලාවට දැක්කෙ සෙරෙප්පු දෙක ගලවල තියෙනව…..
ඒකෙනුයි දැන ගත්තෙ කෙල්ල ඉන්නෙ ගෙදර කියල …..

අම්ම හිනාවෙවී කියද්දි විසිනිටත් යාන්තන් හිනාවක් ගියා….

අා කෝල් එකක්ද කොහෙද රින් වෙනව ඇහෙනව මං ගිහින් බලන්නම්⁣කො….

කෙල්ල රෑ වෙනකම්ම රෑම් එකෙන් එලියටවත් ආවෙ නෑ …..
පස්සෙ අම්මගෙන් බේරෙන්න බැරිමතැන කෑම කන්න ගියා….
තාමත් මෙතුම්වත් ආශිවත් ගෙදර ඇවිත් නෑ කියල පහලට ගියාට පස්සෙ විසිනිට තේරැනා….

සේනාධීර කියන නම ටීවී එකේ කියනව ඇහෙද්දි එතනින් යන්න ගිය කෙල්ල නැවතිලා ටිකක් අහගෙන හිටිය …..

දෙයියනේ මිනී මැරැම් හතක් කරලද …..
ඇමතිගෙ පුතයි යාලුවො හයදෙනෙකුයි මරල දාල මේ තරමටම වියරැ වැටිච්ච හිතක්ද තියෙන්නෙ …..

මෙයාට මේ තරම් මිනී මැරැම් කරලත් ගැලවිල්ලක් ලැබෙන්නෙ කොහොමද….
මගෙ ඔලුව පුපුරන්න තරම් කකියනව….
මට හිතාගන්න බෑ මං කොහොමද ජීවිතේට මූණ දෙන්නද කියල …..
මෙහෙම ගිහින් අපේ මුළු පවුලම කැඩිල විසිරිලා යයිද …..

හ්ම් මේක දැන් පුදුම රටක් සුදූ …..
එන්න එන්න මිනීමැරැම් වැඩි වෙනව….
පේන්නැද්ද මහ දවල් මිනී මරල යනහැටි…..
ඇත්තටම දැන් මේ රටේ නීතිය කියල දෙයක් නෑ කියලයි දැනෙන්නෙ …..
අනේ මන්ද කාගෙ දරැවොද කියල රටම විනාස කරන්නෙ…..

අපේ ජෝඩුවත් තාම ගෙදර ආවෙනෑ ……
අනේ මන්ද මේ කොල්ලො දෙන්න හින්ද මං උහුලන්නෙ එසේ මෙසේ ගින්දරක් නෙමෙයි….

කෙල්ලට අම්ම ගැන ඇතිවුණේ ලොකු දුකක්….
ආශි කරන වැඩ නිසා තමන්ටත් වැඩිය අම්ම අසරණ වෙනව කියල විසිනිට තේරැනා….

අම්ම දන්නවනම් ඒ අම්මගෙම පුතා කියල
ඒ දුකට ඔයාගෙ පපුව පැලෙයි අම්මෙ….
මල්ලිට දැන් අයියත් එකතු වෙලා වගේ…
ලගකදි ඉඳල ගමං බිමන පවා යන්නෙ එන්නෙ දෙන්න එකටමයි…..
ඔව් ඉතිං මල්ලි මිනී මරද්දි බොරැ කිය කිය හරි බේරගන්න ලෝයර් කෙ⁣නෙකුත් ඉන්න එපැයි….

ආශි ගෙදර එන්න ඉස්සර කෙල්ල මැරි කරන්න කලින් පාවිච්චි කරපු රෑම් එකට ගිහින් දොර ලොක් කරල වහ ගත්ත…..

Likes ,comments වලට Thanks මගෙ යාලුවනේ…… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *