…..හිරුගේන්……~~~ පිනි වරුසා 54 ~~~

කෙල්ල අම්මත් එක්ක හිනාවෙවී කතා කර කර හිටිය තැනට දුවගෙන නර්ස් කෙනෙක් ආව…….

මැඩම් කෝ ඔයත් එක්ක හිටිය ඔයාගෙ පුතා……

එලියට ගියාද කොහෙද මිස්…..

ඔයාලගෙ ලෙඩාට හොඳටම අමාරුයි
ඩොක්ටර් කිව්ව පුලුවන් ඉක්මනට ලේ දෙන්න ලෑස්ති කරන්න කියල ඒත් එයාට මැච්වෙන ලේ අපිට තාම හොයාගන්න බැරිවුනා ……
කලින් ඔයාගෙ පුතාගෙ ලේ චෙක්කලාම ඒක මැච් වුන නිසා අපි ලේ ගෘෘප් එක හොයන්න එච්චර ට්‍රයි කලේ නෑ….
ඒත් දැන් එකපාරටම ලෙඩාට අමාරුවෙලා හොඳටම ලේ යනව….
ප්ලීස් මැඩම් එයාට පුලුවන් ඉක්මනට ඉන්ෆෝම් කරන්න icu එකට එන්න කියල…..
අපිට තවත් ප්‍රමාද වෙන්න බෑ….

අම්මගෙ ඇස් වලට කඳුළු පිරෙද්දී විසිනිනම් බයවෙලා වගේ බැලුවෙ අම්ම දිහා…..

නර්ස් යනවත් එක්කම විසිනිගෙ බයවෙලා තියෙන දෑස් නැවතුනේ පපුව අල්ලගෙන අඬන අම්ම ලඟ…..

ඇයි අම්ම මොකද වෙලා තියෙන්නෙ……
කියන්නකො අම්ම කවුද icu ඉන්නෙ…..
අනේ අම්ම මටනම් දැන් හොඳටම බය හිතෙනව….
ඔයාල මට මේ මොනවහරිම දෙයක් හංගනව නේද…..
ඇයි අනේ ඔයාල මට මෙහෙම කරන්නෙ…..

අම්ම කෙල්ලගෙ කතාව නෑහුන ගානට ඉක්මනින් වෙවුලන ඇඟිලි තුඩු වලින් කෝල් එකක් ගත්තෙ ආශිට ……

මේ කොල්ලගෙ පෝන් එක කොයිම වෙලාවකදිවත් වැඩ කරන්නෙ නෑනෙ…..

ඒගමන්ම ආශිගෙ මාමගෙ දුරකථනටත් ගත්ත…

හෙලෝ …..
මල්ලියෙ ගොඩාක් අමාරුයිලු දැන් ඉක්මනටම ලේ දෙන්න කිව්ව ඔයා ඉක්මනට නෙතුම්ව හොයාගෙන icu එක ලඟට එක්කගෙන එන්න…..
ඔව් මං දූ එක්කගෙන එන්නම්……

කෙල්ල අතට ගහල තිබුන සේලයින් බෝතලේ කේන්තියෙන් ඇදල දැම්ම….

ඇයි අනේ කව්රැවත් මට මොනවත් කියන්නෙ නැත්තෙ මං පිට එකෙක්ද….

ඔය මොකක්ද කලේ දූ….
මොකද ඔය සේලයින් එක ගැලෙව්වෙ….
කෝ මගෙ කෙල්ල එන්නකො මං ඔයාට හැමදේම කියන්නම් අපි යමු…..

කෙල්ල හිතින් ගැහි ගැහී ආවෙ icu එක ගාවට එනකම්ම හෙමින් ඉක් ගගහ හූල්ල හූල්ල ආව අම්මගෙ හඬ බිදිල ගිහින් හයියෙන් පපුවට ගහගෙන අඬනව බලාගෙන හිටියෙ කෙල්ල පුදුමවෙලා…..

අනේ දෙයියනේ කාටවත් කරදරයක් වෙන්න එපා.මගෙ පවුල ආරක්ෂා කරන්න දෙවියනේ.අපිට පිහිට වෙන්න.

අයි.සී.යූ එකේ දොරෙන් කෙල්ල යාන්තන් බැලුවෙ අම්ම පපුව අල්ලගෙන පුටුවකින් වාඩිවෙලා හොඳටම අඬද්දි……

මෙ…තු….ම් අ..යි…ය……
අ..නේ ම..ගෙ ර..ත්..තරං අ.යි..යට මො..ක..ද වෙ..ලා ති..යෙන්..නෙ දෙ..යි..ය.නේ….

මෙතුම් හයියෙන් හුස්ම ගන්නව දකිද්දි කෙල්ලට වාවගන්න බැරිවුනා….
මෙතුම් ලඟම ඇඳකට වෙලා ලේ දෙන ගමං කෙල්ලට ආශි අතින් කිව්වෙ අඬන්න එපා කියල……

ඔහොම ඉන්න එපා අයිය කෝ නැගිටින්නකෝ ඔයාගෙ සුදූට ඔයා කරදර කරන්නෙ විහිලු කරන්නෙ නැද්ද දෙයියනේ.නැගිටින්න රත්තරනේ .මගෙ අයියෙ නැඟිටින්නකො…
ඔයා ඔහොම ඉන්නව බලාගෙන මං කොහොමද වාවගෙන ඉන්නෙ…
අනේ නැගිටින්න මගෙ අයියෙ නැඟිටින්නකො …..
ඔයාට පුලුවන් ද අපිව මෙහෙම අඬවන්න….
ප්ලීස් මේ දොර අරින්න මට මගෙ අයිය ලඟට යන්න ඕනෙ …..
අනේ මට අයිය ලඟට යන්න දෙන්නකො….
එන්නකො අයිය අර හැමදාම ගෙදර ආවම මට කියලම තේ බොන්න ඕනෙ කියල වඳ දෙන්නෙ ඒවගේම වට කරදර කරන්නකො මගෙ අයියෙ……

දැන් ඔය ඇති සුදු දුව කෝ ඔතනින් අහකට වෙන්න …..
මෙයාලට එයාලගෙ වැඩ කරගන්නත් ඩිස්ටර්බ් වෙනව ඔයා ඔතනට වෙලා කෑ ගහද්දි ….

අනේ බාප්පි මගෙ අයියට නැඟිටින්න කියන්නකො …..
දෙයියනේ අර බලන්නකො මගෙ අයිය හයියෙන් හුස්ම අල්ලන හැටි….
අනේ බාප්ප ඔයාවත් ගිහින් මගෙ අයියව එක්කගෙන එන්නකො මාගාවට….
මෙයාල මට අයිය ලඟට යන්න දෙන්නෑ බාප්පි …..
ප්ලීස් මට අයිය ලඟට යන්න දෙන්න…..

සුදූ තේරුම් ගන්න මැනික අයියට ගොඩක් අමාරුයි අපි මෙතන කලබල කරන්නෙ නැතිව එයාලට සපෝට් කරන්න ඕන වෙලාවක් මේක……

ඇයි බාප්පි මගෙ අයියට මොනව වෙලාද….
මට කියන්න බාප්පි …..

එයාට වෙඩි වැදිල පුතේ……

වෙ..ඩි වැ..දි..ල….
ඒක වෙන්න බෑ බාප්පි මගෙ අයිය කාටවත්ම කරදර කරන කෙනෙක් නෙමෙයි…..

ඔව් පුතේ එදා පොඩිපුතා කියල හිතල තමයි ලොකු පුතාට වෙඩි තියල තියෙන්නෙ……

කෙල්ලට ආශි ගැනත් ඇතිවුණේ තරහක්…..

මො..න..ව……

දැන්වත් ඔයාට තේරෙන්නෙ නැද්ද …..
ඔයා නිසා අපේ පවුල විනාශවෙලා යනව නෙතුම් ……
ඔයාගෙ වැඩ නිසයි මෙතුම් අයිය මේ විදිහට විඳව⁣න්නෙ…..
ඔයා තමයි අපේ පවුල විනාශක⁣ලේ….
ඔ..යා ත..ම…යි…..

කෙල්ලගෙ දෑස් පියවීගෙන යනකොට බාප්පගෙ දෑත් වලට හිරවෙනව දැනුන…..

ආයිමත් සිහිය එනකොට කෙල්ල හිටියෙ කලින් හිටිය හොස්පිටල් රෑම් එකේ….

අ..ම්..ම ම..ගෙ ඔ..ළු..ව …..

ඇයි දූ ඔයාට දැන් කොහොමද ……

මට දැන් හොදයි බාප්පි ……

කෙල්ල නලල මිරික මිරික ගන්නකොට මෙතුම් මතක්වෙලා දෑස් කඳුලින් ඉරවුනා..

අනේ බාප්පි මෙතුම් අයිය …..

පොඩිපුතා වෙලාවට ඇවිත් ලේ දුන්න නිසා හොදට ගියා…..
මං හැමතැනම පෙරල පෙරල කොල්ලව හෙව්වෙ .බලද්දි උෟ අයිය ලඟින් හෙල්ලිලාවත් නෑ ……
මං එද්දි ඌ ලේ දෙනවත් එක්ක…..
දැන් ලොකු පුතාට ගොඩක් දුරට හොඳයි දූ….

එතකොට බාප්පි මහිම මහිමට කොහොමද…..

එයාටත් හොදයි දූ එයාගෙ ඔපරේෂන් එකත් හොදට කෙරුන…..

ඔපරේෂන් ……
ඔව් දූ මහිමටත් වෙඩි වැදිල හිටියෙ…..

මට නෙතුම් ගැන පුදුම කේන්තියක් දැනෙන්නෙ බාප්පි එයානිසා තමයි මේ ඔක්කොම කරදර.

මුකුත් හරියටම දැනගන්නෙ නැතිව බොරුවට චෝදනා කරන්න එපා දූ……
ඔයාට දවසක හිතෙයි මට ලැබුනෙ මේ ලෝකෙ ඉන්න හොදම මහත්තය කියල ……

අද කතාව මේට්කහරි ලිව්වෙ ගොඩක් අමාරැවෙන් යාලුවනේ .ඔයාල කතාව කියවන්න මඟ බලාගෙන ඉන්න නිසා….
මට උණ හැදිල ඉන්නෙ. හොද වුනාම කතාව වැඩියෙන් දාන්නම්කො……

Likes ,comments වලට ඔයාලට thanks…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *