…..හිරූගෙන්…..~~~ පිනි වරැසා 38 ~~~

මොකද අයියල මල්ලිල හොරාට හැංගිල මුනු මුනු ගාන්නෙ….
දෙන්නගෙ හොර කතාවක්ද….
මොකක්හරි ගොන් ප්ලෑන් එකක් ගහනව ඇති ….

විසිනි හිනාවෙවී බැල්කනි එකට වෙලා හයියෙන් කෑ ගහල ඇහුවෙ ……

ඔව් බං සුදූ කොහොමත් අපිට උබේ මිනිහට තරම් එක්ස්පීරියන්ස් නෑනෙ ඒවට…..
නේද බං ලොකු අයිය…..

හ්ම් මාත් මේ ඒකම තමා කියන්න හැදුවෙ….

මේ එන්න එපා එයාට මිනිහ මිනිහ කියන්න මං මේ හොදින් කියන්නෙ…..

ඇයි කිව්වොත් මට මක්ක කරන්නද….

ඉනේ තියෙන එක අරගෙන තියනව පස්ස පැත්ත කුඩු වෙන්න….

මේ බලපංකො බං මේකිට මිනිහගෙ ඌස්නෙ වැදිල …..

කට වහගන්නව උරැලෑව…..
මං ඔය උරැලෑවොත් එක්ක කතා කරන්නෑ…..
ඉන්න බෑ හරිම ගඳයි මේ මෙහාටත් එනව….

යකෝ ගඳ නෙමෙයි ඒමගෙ ජීවන සුවඳ හමන්නෙ මේ සුවඳට කැම්පස් එකේ කෙල්ලො පිස්සු වැටිල ඉන්නෙ…..

ඒක නෙමෙයි අනේ මහිම අයිය මට පොඩි උදව්වක් කරන්නකො…..

බලපංකො ලොකු අයියෙ මේකි ට්‍රැක් එක මාරැ කරපු හැටි ……

බයවෙන්න එපා බං ශුවර් එකට උබව ගහකට නග්ග ගන්න තමා ඔය බටර් ගාන්නෙ…..
මමනම් ඔය ලනුව සුපුරුදු පරිදි හැමදාම කනව…..

මේ ඔය පිටිපස්සෙ තියෙන ගහේ පේර පැහිල තියෙනව කඩන්නකො….
මම ලුනුයි මිරිස් කුඩුයි අරගෙන එන්නම්….

මං දැන් හා කිව්වද අරගෙනත් එන්න හදන්නේ…..

ඕකි කපටී උබ ටිකක් පරිස්සමෙන්…..
දැන් උබත් ඉන්න නිසා මාව ටිකක් නිදහස් කරයි….

මීට දවස් දෙක තුනකට කලින් මාව අර අඹ ගහට නැග්ගුව ලෙස්සල ගිහින් මගෙ බඩත් හමගියා බං …..
මං මඟ බලාගෙන හිටියෙ කොයිවෙලේ අඹ ටික ඉවරවෙයිද කියල මල වදේ…..

මේ සුදූ මං මෙහෙම ඇහුවට මුකුත් හිතන්න එපා තමුසෙ කසාද බැඳල තාම සතියක් විතරනෙ ගියෙ මෙච්චර ඉක්මනින්ම තමුසෙට දොලදුකත් හැදුනද….

අනේ යනව යන්න ලොම්බ ….
මට ඕන පේරයක් නෑ ….

අර බලපංකො දැන් ඒක ඒකිත් කියනව….
උබ තමයි ලෝයර් කුණා ඕක මට දැම්මෙ….

කවදාවත් නැතිව මහදවල් අත් කකුල් විහිදගෙන ඇඳේ නිදාගෙන ඉන්න ආශි දිහා බැලුවෙ විසිනි කුතුහලයෙන්……

කවම කවදාවත් දවල්ට මේ තරම් වෙලාවක් ගෙදර ඉන්න කෙනෙක් යෑ….
අනික මෙහෙම නිදාගෙන….
අසනීපයක්වද්ද….

කෙල්ල ගිහින් ආශිගෙ බෙල්ලෙන් අත තියද්දිම ආශි ගැස්සිල ඇහැරැනා…..

ඒ බලපු බැලිල්ලට කෙල්ල අඩියක් විතර පිටිපස්සට විසිවෙලා ගියා….

මොකද ඕයි…..

නෑ කවදාවත් නැතිව ඔයා මෙහෙම දවල් නිදාගෙන හිටිය නිසා අසනීපයක්ද කියල බැලුවෙ …..

ඇයි මට දවල්ට නිදාගන්න බැයිද…..
දැන් දැන ගත්තනෙ මෙතන ඇණයක් වෙන්නෙ නැතිව යනවද යන්න…..

විසිනිගෙ ඇස්වලට කඳුළු පිරැනෙ තමන් ගැනම ඇතිවුණ අනුකම්පාවකින්…..
කෙල්ල අඬාගෙනම රෑම් එකට ඇවිත් දොර වහගෙන ⁣ගොඩක් වෙලා ඇඬුව ….

එදා ඉඳන්ම දවස් ගානක්ම යනකම් විසිනි ආශි දිහා බැලුවෙවත් නෑ …..
අාශි කෙල්ල දිහා බැලුවත් කෙල්ල අහක බලා ගන්නව රෑට රෑම් එකේ දොරත් ⁣හොඳට ලොක් කරගෙන නිදිය ගත්තෙ රෑට ඇවිත් ආශි නින්දෙන්ම කෙල්ලව අරගෙන යන නිසයි…..

ආශිත් දැන් ඉස්සර වගේ ගෙදරින් පිට ඉන්නෙ නෑ …..
දවසින් වැඩි හරියක්ම ගතකලේ ගෙදර….
මහිමත් දවසෙ වැඩි හරියක්ම හිටියෙ රෑම් එකට වෙලාමයි එක්සෑම් ලඟ ලඟම එනනිසා වැඩිහරියක්ම කලේ පාඩම් කරන එක…..
මෙතුනුත් මේ දවස්වල ගොඩාක් කාර්යය බහුල වෙලයි හිටියෙ …..
කෙල්ලනම් මුළු දවසම ගතකලේ හරිම පාළුවෙන්…..

හවස කෙල්ල මිදුලෙ පුටුවෙ වාඩිවෙලා ඉන්නකොට මෙතුම් ගෙදර ආව….
කෙල්ල ලඟට ඇවිත් වාඩිවෙලා කෙල්ල දිහා බලල හිනාවුනා….

මොකද අයිය අද අමුතු විදිහකට හිනාවෙන්නෙ කෙල්ලෙක්වත් හා කිව්වද….

අපිට කොහෙද බං එච්චර වාසනාවක්….
මට නෙමෙයි ඔයාගෙ මහත්තයට නම් ඒ වාසනාව තියෙනව …..
උගෙ ඇඟට රැවටිලා වැල නොකැඩි කෙල්ලො එන්නෙ …..
යකෝ තියෙන එකාටමනෙ ලැබෙන්නෙ….

ඉතිං එහෙනම් ඔයත් එක්සසයිස් කරන්නකො ජිම් එකකට යන්නකො…

අනේ මට බෑ බං ඔය යකඩ කෑලි එල්ලගෙන දඟලන්න….
මේ ඒක නෙමෙයි සුදූ අද රෑට ඔයාලගෙ රිසාල්ට් දානවලු…..

එහෙමද ….
හ්ම් ….

මොකද කිසිම සතුටු පාටක් මූණෙ නැත්තෙ…
ඔයා හොදට පාඩම් කරානෙ…..

මට පාස්වෙලා ද කියලවත් ෂුවර් නෑ අයිය….
මොනව උනත් දැන් ඉතිං වැඩක්නෑ මං දැන් මැරි කරලත්නෙ ඉන්නෙ……

මැරි කලා කියල ජීවිතේම නවතිනවද බං…..

ඔයා හිතනවද මට ඔයාගෙ මල්ලී මට ඕන දේ කරන්න නිදහසක් දෙයි කියල …..

ටිකක් ධනාත්මකවත් හිතනව…..
ඔහොම කඩා වැටෙන්නෙ නැතුව …..

ධනාත්මකව හිතන්න පුලුවන් කෙනෙක්ව නෙමෙයිනෙ මං කසාද බැඳල ඉන්නෙ….

බලමුකො ඉස්සෙල්ලම රිසාල්ට් කොහොමද කියල …..
ඊට පස්සෙ හිතමු මොනවද කරන්නෙ කියන්න …..
එහෙනම් මං යනව වොෂ් එකක් දාගන්න….
ආ මගේ තේ එක ඉක්මනින් ඕනෙ…

මං අරගෙන එන්නං අයිය යන්නකො….

………………………………………………………………

රිසාල්ට් බලන්න රෑ වෙනකම් බලාගෙන හිටිය කෙල්ලට දන්නෙම නැතිව නින්ද ගිහින් …..

කෙල්ල ඇහැරැනේ සසිනිගෙන් ආව කෝල් එකේ සද්දෙට ….

මේ යකූ මොකද කරන්නෙ ඉක්මනින් ලෑස්ති වෙයං ඉස්කොලේ යන්න මං තව පැය බාගෙන් ඔහේ ඇති ….

මට බෑ බං ….

බෑ නෙමෙයි බං මං අපේ ආච්චිලෑ ගෙදර ඉඳන් ඊයෙ රෑම ගෙදර ආවෙ යාලුවො ඔක්කොම එක්ක සෙට් වෙන්න අද ඉස්කොලේ යන්න ඕන හිංදමයි….

උබට මොනව වෙලාද මේ මට වැඩිය උබනෙ ආස ඉස්කෝලෙ යන්න….
පිස්සු නැතිව ලෑස්ති වෙලා හිටු…..

පිස්සු ..
පිස්සු නෙමෙයි බං මං දැන් මැරි කරල ඉන්නෙ….

මැ…රි ක..ර..ල……
උබ මට නිකමටවත් කිව්වෙ නෑනෙ…
කාවද….
කවද්ද….
කොහොමද මේ දේවල් එක පාරම උනේ….

අපේ පොඩි අයිය ආශිව….
හැමදේම හදිස්සියේ වුනේ …..
උබ ඉස්කොලේ ගිහින් ගෙදර වරෙන් මං උබට කියන්නම්කො …..

අනේ මන්ද බං ….

⁣කෝල් එක කට් කරාට පස්සෙ ඉබේම කෙල්ලට ඇඬුනෙ වෙච්ච දේවල් නිසා හිතට දැනෙන පසුතැවිල්ලටයි…..

මටත් අද සසිනි එක්ක ඉස්කොලේ යන්න තිබුනනම්….
මට හැමදේම දැන් නැතිවෙලා ඉවරයි….
ජීවිතේ ඔහේ ගෙවෙනව මිසක් කිසිම තේරැමක් නෑ …..

තේ එකක් බිබී ඉන්නකොටයි කෙල්ලට මතක්වුනේ රිසාල්ට් බලන්න ඕන කියල…..
ඒත් කෙල්ලගෙ පෝන් එකේ ඩේට තිබුනෙ නෑ ….

එතකොටයි විසිනිට මතක්වුනේ ආශිගෙ ලැප් එක …..
කෙල්ල ආශිගෙ රෑම් එකට යනකොට ආශි රෑම් එකේ හිටියෙ නෑ …..
විසිනි තේ කෝප්පෙ ටේබල් එක උඩින් තියල ලැප් එක අතට අරගෙන රිසාල්ට් බැලුව….
රිසාල්ට් තිබුනෙ b,c,s
කෙල්ලට දැනුනෙ ලොකු දුකක්….

ඇයි මං දුක්වෙන්නෙ….
මේ හැමදේම මමම ලබාගත්ත දේවල්…..

කම්බුල් දිගේ බේරෙන කඳුළු කෙල්ල පිට් අත්ලෙන් පිහදාද්දි එක දිගට කඩාහැලෙන කඳුළු පිහදාන්න අසාර්ථක උත්සාහයක් ගත්තෙ….

ආපහු ලැප්එක ටේබල් එක උඩින් තියන්න යද්දි කෙල්ලගෙ අත වැදිල තේ එක පෙරලිල ටේබල් එක උඩ තිබුන කොල පුරා විසිරිල ගියා….

එතකොටම දොර ඇරගෙන ආව ආශි ගිනි පිටවෙන දෑස් වලින් කෙල්ල දිහා බැලුවෙ….

මොකක්ද ඒ කරපු අසික්කිත වැඩේ…
තමුසෙ දන්නවද මං මේ ඉන්ෆොමේශන් හොයාගන්න මොනවද නොකලෙ කියල….

ආශි තේ බේරෙන කොලටික අල්ලල විසි කරන ගමන් කාඹරේ දෙදරවන්ඩ කෑගහගෙන කෙල්ල ලගට කිට්ටුවුනේ ….

මං හැමදේම නැති කරගත්ත තමුසෙ වෙනුවෙන්…..
හැමදේම……
අවුරැදු ගානක මගෙ වගේම තව මිනිස්සුන්ගෙ කැප කිරීම් ජීවිතෙන් පවා උන් මේ වෙනුවෙන් වන්දි ගෙව්ව යකෝ….

මම තමුසෙව කසාද බැඳල ඒ හැමදේම නැතිකරා….
තමුසෙට සාධාරනේ කරන්න ගිහින් හැමදේම නැතිවෙලා ගියා ඒ මදිවට මට ඉතුරුවෙලා තිබුන අන්තිම සාක්ශිත් උබ අද මේ විදිහට විනාස කලා….
මං මොකද යකෝ කරන්නෙ දැන්…..
මොකක්ද…..
මට කියපං ….

ආශි කෙල්ල ලඟට කිට්ටුවුනේ මිට මොලවල බිත්තියට වේගෙන් ගහන ගමං….

Likes ,comments වලට thanks මගෙ යාලුවනේ …… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *