……හිරූගෙන්……~~~ පිනි වරැසා 40 ~~~

ඇඟට ලොකු තෙහෙට්ටු ගතියක් දැනුනත් විසිනි උදේම නැඟිටල ඉව්ව…..
කෙල්ල දැන් සම්පූර්ණයෙන්ම ගෙදර වැඩ බාරගෙන කරන්නෙ ගොඩක් ආසාවෙන්…

දවසම කම්මැලිකමේ කාඹරේට වෙලා ඉන්නවට වඩා කාර්යයබහුලව ගෙවන ජීවිතේ කෙල්ලගෙ හිතට සතුටක් ගෙනාවේ අනික අම්මත් දැන් ටික ටික අසනීපෙන් ඉන්නෙ….

කරන්න කිසිම දෙයක් නැත්නම් බොරැවට වැඩක් හදාගෙන හරි කරන එක කෙල්ලට දැන් පුරැද්දක් වෙලා….
ආශිත් විසිනිට හොරෙන් කෙල්ල දිහා බලන්න ඉඳල හයියෙන් හුස්මක් පිටකරල යන්න යනව…..

………………………………………………………………

උයල ඉවරවෙලා කෑම මේසෙට ඇරියම කෑමවල සුවඳ දැනෙද්දි බඩ දඟලන්න ගත්ත….
වමනෙ යන්න වගේ දැනුනත් අමාරැවෙන් හිර කරගෙන හිටියෙ….

ඒත් තදකරගෙන ඉන්න බැරිමතැන කෙල්ල කුස්සිය පැත්තෙන් එලියට ගිහින් ගොඩාක් වෙලා වමනෙ කලා….
වමනෙ ගිහින් ඉවර වුනාම ඇඟට දැනුනෙ පුදුම සනීපයක්…..
ඇස් දෙකෙන් කඳුළු කඩාගෙන වැටුනෙ හිතට දැනුන අනියත බියකින්…..

කල්පනා කර කරම ආපහු ගෙට එන්න ගේ දිහාවට හැරෙද්දි එතන තිබුන අඹ ගහට කකුලක් තියාගෙන මෙතුම් කෙල්ල දිහාම බලාගෙන හිටියෙ …..

කෙල්ලව එකපාරටම ගැස්සිල ගියා මෙතුම්ව දැක්කට පස්සේ ……
ඒත් කෙල්ල මෙතුම්ව නොදැක්ක ගානට එතනින් යන්න හදද්දි මෙතුම් කෙල්ලගෙ අතකින් ඇදල නැවැත්තුව…..

සුදූ මට කියනව…..
ඔයා අපිට මොනවහරි හංගනවද….

මො..න..ව..ද අ..යි..ය …
මං මො..න..ව… හං..ග..න්..න..ද….
එ..හෙ..ම..දෙ..ය..ක්..නෑ ….

හ්ම් ….
නැත්නම් කමක්නෑ …..
ඇයි මේ අසනීපෙන් වගේ….
මූනත් එක්ක මැලවෙලා ගිහින්…..

මං ඊයෙ රෑ නිවිති මාළුව කෑවෙ ගොඩක් අප්පිරියාවෙන් කාපු වෙලේ ඉඳන් මගෙ බඩ දඟලනව…..

එහෙනම් යමු බේත්ටිකක් ගේන්න…..

මට වමනෙ ගියාට පස්සෙ හොදයි වගේ අයිය අමාරැවක් තිබුනොත් මං ඔයාට කියන්නම්කො ……

හ්ම් …..
කෙල්ල මොනව කිව්වත් මෙතුම් පිළිගත්ත පාටක්නම් ඒ මූනෙ තිබුනෙ නෑ …..

කෑම මෙසෙ ලඟින් ආපහු රෑම් එකට යන්න යනකොට මේසෙන් ඔක්කොම වාඩිවෙලා ඉන්නව විසිනි නෙත් කොනින් දැක්ක ….

ඒත් කෙල්ලට කන්න පිරියක් තිබුනෙ නෑ ඇඳට ගිහින් ටිකක් නිදාගන්නයි ඕනකලේ..

සුදූ එන්න කෑම කන්න දුව….
මෙතුනුත් ඇවිත් පුටුවක් ඇඳල අරගෙන වාඩිවුනා …..

මං පස්සෙ කන්නම් අම්ම තාම බඩගිනි නෑ…..

මොකද දුව මූණ හොදටම මැලවිලා ගිහින් දූට අසනීපයක්වත්ද …..

නෑ අම්ම මං හොදින් මේ පොඩි හිසේ කැක්කුමක් …..

අම්ම මුකුත් කියන්න කලින් කෙල්ල ඉක්මනින් පඩිපෙළ නැඟල යන්න ගියා…

අනේ මන්ද මේ ලමය මේටිකේ හරිම වෙනස් ඇහුවට කිසිම දෙයක් කියන එකක්යෑ …
පොඩිපුතා ඒ ලමයට මොකක් හරි අසනීපයක්වත්ද ……

දන්නෑ …

දන්නෑ කියන්නෙ ඒ ඉන්නෙ තමුන්ගෙ නෝන බලෙන්හරි නෝන කරගත්තනෙ එදා……
තමුන්ගෙ වගකීමක් ඒ ලමයගෙ සැප දුක හොයල බලනඑක….
ඒක අමතක කරන්න එපා…..

ආශි කටට බත් කටක් ලංකරගත්තත් කන්න හිත දුන්නෙම නෑ විසිනිවමයි මතක්වුනේ….

ආශි කෑම මේසෙන් නැඟිටල යද්දි මහිමට හයියෙන් හිනාගියා…..

නැන්ද මොකටද අරෑව කුලප්පු කරල ඇරියෙ…..
අනුමානයක් නෑ දැන් ඕක ගිහින් සුදූගෙ ඔලුවට පිස්ටල් එක තියල කියයි මගෙන් මැරැම් කන්නෙ නැතිව වරෙන් යන්න කන්න කියල ….

මහිම හිනාවෙවී කිව්වත් මෙතුම්ගෙ මූනෙනම් කිසිම හිනාවක් තිබ්බෙ නෑ …..

මොකද බං ලොක්ක උබ බර කල්පනාවක….

අම්ම ….
ම්…

මං මේ හිතුවෙ හෙට නිමාඩු දවසනෙ අපි ඔක්කොම නුවර යන්ද දළදා වහන්සේ වැඳල එන්න …..
මගෙ යාළුවෙක්ගෙ පොඩි වෑන් එකක් තියෙනව මට පුලුවන් ඒක ඉල්ල ගන්න….

අනේ ඒක කොච්චර දෙයක්ද ලොකු පුතා….
මමත් නොකීවට ගොඩක් දවසක ඉඳල යන්න ආසාවෙන් හිටියෙ …..

මමත් එනව යන්න එකෙන්ම …..
මේ ටිකේම රෑම් එකටම වෙලා පාඩම් කර කරම ඉඳල හෙම්බත්වෙලා ඉන්නෙ….
චේන්ජ් එකටත් එක්ක මරැ ආ…..

මේ මංගානෙ නෙමෙයි තෝවනම් එක්කගෙන යන්නෙ තොගෙ පොලිස් තාත්තට කියල මගෙ පාඩුව පියවහං ලොම්බ…..

නැන්දම්මෙ ඔයාගෙ ලොයර් පුතාව පරිස්සම් කරගන්න නැත්නම් මූ ලඟදිම ඉදියි අතුරැදහන් වෙච්ච ලිස්ට් එකේ……

පේනවද අම්ම අපේ මැරය තව හොදයි මුන්ට වඩා….
මූං මැරයො නෙමෙයි ත්‍රස්තවාදියො…..

ඕං ආයිමත් පටන්ගත්ත ඇන කොටා ගන්න….
ලොකු පුතා තමුන් ලොකු වෙන්නෙම නැද්ද…..
පොඩිඑකා වගේ මේ කොල්ලත් එක්ක කොච්චරවත් රංඩුවෙන්නෙ…..

ඒකනෙ නැන්ද මේකට කෙල්ලෙක්වත් නැත්තෙ ……
කව්ද කැමති ළදරැවෙක් කසාද බදින්න…..

පේන්නෙම මගෙ වැරදි විතරයි අද මං මේ ලොම්බගෙ ලොම්බ තලනව…..

මෙතුම් මහිම පස්සෙ පන්නද්දි මහිම බොරැවට ගෑනු හඩකින් යටිගිරියෙන් කෑ ගහගෙන දිව්වෙ ……
අම්මනම් මේදේවල් බලාගෙන හිටියෙ හරිම සතුටකින් ….

………………………………………………………………

කවදාවත් ආයිමත් කෙල්ලට කරදර කරන්න එන්නෑ කිව්වත් ආශිට හිතුනෙම කෙල්ලගෙ රෑම් එකට ගිහින් බලන්නමයි……
වෙනදෙයක් වෙච්චාවෙ කියල කෙල්ලගෙ රෑම් එක ඇතුලට ගියා …..

කාඹරේ හැමතැනම අස් යවල බැලුවත් කෙල්ල කාඹරේ හිටියෙ නෑ …..
බාත්රෑම් එකේ දොර බාගෙට ඇරල තියෙනව දැකල ආශි හිමින්සැරේ ඒදිහාට කිට්ටුවෙලා බැලුවෙ …….

කෙල්ල උදෙන්ම නාල ඇඳුම් අදිනව ….
ඒක දැක්කමනම් ආශිට ලාවට වගේ හිනාවක් ගියෙ ආව මෝඩකම් කියල ඔලුවටත් එකක් ගහන්න ගමං ….

ආශික් දොර ලඟට වෙලා බලාගෙන ඉන්නව දැක්ක විසිනි සද්දෙට බාත්රෑම් එකේ දොර වැහුව…..

මොන පෙරේතයෙක් ද මන්ද මෙතන ඇවිත් හොරාට දොරවල් අස්සෙ හැංගිලා මොන මඟුලක් බලනවද කියල…
මාව එපා කිය කිය ලැජ්ජ නැතිව ඇවිත් ඇඳුම් අදිනව බලාගෙන හිටිය ලස්සන…..
හරකෙක් නිකන් එකෙක් නෙමෙයි කුලප්පු වෙච්ච කුලු මීමෙක්…..
ගෑනු පෙරේතය ….

ඇඳුම් ඇදගෙන කාඹරේට ඇවිදිනුත් කෙල්ල කලේ තනියම කියව කියව ආශිට බැන්න එක…..

ටවල් එක අරගෙන කොන්ඩෙ පිහ දදා ආශිට බැන බැන බැල්කනි එක දිහාට යනකොට ආශි අත්දෙකත් බැදගෙන කනුවකට පිටදීල කෙල්ල දිහාම බලාගෙන ඉන්නව දැක්කහම කෙල්ලගෙ අතේ තිබුන ටවල් එක බිමට අත ඇරැන…..

පුදුමයක් නෑ වෙනද වගේම ඒ මූනෙ පිරිල ඉතිරිලා තිබුනෙ කේන්තිය විතරයි…..

මං අහගෙන තමුසෙ මට සත්තුවත්තෙම නම් කියල බනිනව….

මං මේ ආවෙ තමුසෙ ඇඳුම් අඳිනව හොරෙන් බලාගෙන එන්න නෙමෙයි මං මොකටද හොරෙන් හොරෙන් බලන්නෙ අමතක වුනාද තාම මං තමුසෙගෙ කසාද මනුස්සය කියල ……
රෑම් එකට ආවෙ මං හින්ද හොදයි මං වෙනුවට වෙන කව්රැහරි ආවනම් එහෙම…..
තමුසෙ දන්නැද්ද බාත්රෑම් එකට ගියාම දොර වහගන්න…..

වැරැද්ද කරල එනව මෙතන බොරැවට තව මට බනින්නත්…..

කෙල්ලට තේරැනා බොරැවට ආශි කේන්තියෙන් ඉන්නව කියල පෙන්නනව විතරයි කියල ……

හරි මං වැරැද්දක් තමයි කලේ …..
එතකොට මොකටද ඔයා මගෙ රෑම් එකට අවෙ……

මං …මේ….
අ..ම්..ම එ..න්..න කි..ය..න්..න කි..ව්..ව.. ත..මු..සෙ..ට…..

තමුසෙ කිව්වෙ ඔලුව කැක්කුමයි කියල එහෙනම් මොකද මේ නාල…

මට හොදයි දැන් …..

එහෙමද තමුසෙටත් හැදෙන්නෙ මාර ඔලුවෙ කැක්කුම් තමයි…..

ආශි කොන්ඩෙ හද හද එතනින් යනදිහාත් කෙල්ල බලාගෙන හිටියෙ ආදරේ හිතේ පුරෝගෙන….

ටික වෙලාවක් කල්පනා කර කර ඉඳල කෙල්ල සසිනිට කෝල් එකක් ගත්ත….

සසිනි උබ වැඩකද ඉන්නෙ….
නෑ බං ඇයි ….
දැන් උබට අපේ ගෙදර එන්න පුලුවන් ද …
ඇයි බං මොකක්හරි හදිස්සියක්වත්ද….

නෑ බං මට උබත් එක්ක ටවුන් එකට ගිහින් එන්න යන්න ඕනෙ උබට වැඩක් නැත්නම් එන්න පුලුවන් ද මාත් එක්ක යන්න….

හ්ම් මං පැයකින් විතර එන්නං උබ ලෑස්ති වෙලා හිටපංකො…..
හරි තෑන්ස් බං ….

කෙල්ල කෝල් එක කට් කරල ඉක්මනින් ලෑස්ති වුනේ සසිනි ඉක්මනින් එයි කියල හිතලයි….

Likes ,comments වලට thanks මගෙ යාලුවනේ ….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *