……හිරූගෙන්……~~~ පිනි වරැසා 41 ~~~

සසිනි ගෙදරට එනකොටත් විසිනි ලෑස්තිවෙලා හිටියෙ අම්මටත් කියල දෙන්නම යන්න පිටත්වුනා……
ආශි බැල්කනි එකට වෙලා දෙන්න යනදිහා බලාගෙන හිටියෙ ……
දෙන්නම හංදියට ඇවිත් ත්‍රීවීල් එකක ටවුන් එකට යන්න පටත්වුනා…..

මේ මොකද බං අපි මේ ප්‍රයිවට් හොස්පිටල් එක ලඟින් බැස්සෙ…..
උබට මොකක්හරි අසනීපයක්ද නැත්නම් කව්රැහරි අැඩ්මිට් වෙලා ඉන්නවද……

යමංකො මං කියන්නම් උබට…..
දෙන්නත් එක්ක ලැබ් එකට යනකොටනම් සසිනිට හැමදේම තේරැනා…..

ඕ හෝ අා දැන්නෙ මට තේරැනේ එතකොට මේකටයි අාවෙ…..
මාත් එක්ක යෑ උබ මේ ගමන එන්නඕන මහත්තයත් එක්කනෙ…..

විසිනි සසිනි කියන හැමදේටම හිනාවුනා මිසක් ඒවට උත්තර දෙන්න ගියෙනෑ….

මේ මිස් ඇතුලට යන්න පොඩි ටෙස්ට් එකක් තියෙනව …..
ටික වෙලාවකින් කෙල්ල එලියට ආවෙ පපුව ගැහෙද්දි …..

මොකද වුනේ බං …..
රිපෝට් ආවම කතා කරන්නම් කිව්ව…

දෙන්නත් එක්ක පැය කාලක් විතර වෙනකම් වාඩිවෙලා බලාගෙන හිටියෙ …..
බයට විසිනිගෙනම් මුළු ඇඟම ගැහෙනව….

කෙල්ලගෙ නම කතා කරනව ඇහුන නිසා දෙන්නම ඒ ලඟට කිට්ටුවුනා……

මගෙ සුබ පැතුම් මිස් ඔයාට සුබ ආරංචියක් තියෙන්නෙ ……

කියපුදේ අදහගන්න බෑ වගේ කෙල්ලට දැනුනෙ ලියුම් කවරෙ ඇතුලෙ තිබුන රිපෝට් එක දිගඇරල බැලුවෙත් ඒකයි…..

පොසිටිව්…..
ඇස් වලට පිරැන කඳුළු කම්බුල් දිගේ ගලාගෙන යද්දි කෙල්ලට පිහිද ගන්නවත් සිහියක් තිබුනෙ නෑ …..

මගෙ සුබ පැතුම් විසිනියො….
සසිනිත් කෙල්ලගෙ කම්බුල් දෙපැත්ත සිපගෙන කිව්වෙ ……

කෙල්ලට දැනුනෙ ලොකූ සතුටක් …..
දුවගෙන ගිහින් අාශිගෙ පපුවට තුරැළු වෙලා මේක කියන්නයි හිතුනෙ …..

මං හිතුවෙ නෑ බං මෙහෙම දෙයක් වෙලා ඇති කියල මට පොඩි සැකයක් තිබුන ඒකයි චෙක් කරන්න ආවෙ….
දැන්නම් දැනෙන සතුට කියාගන්න බෑ බං ….

හ්ම් මට ඒක තේරෙනව උබේ මුන දැක්කම…
කෝ වරෙන් ඔය කඳුළු පිහදාන්න….
දැන් ඉතිං අඬල හරියන්නෑ හොදට කාල බීල සතුටින් ඉන්න ඕනෙ….
මටනම් හිතාගන්න බෑ මේව දැනගත්තොත් උබේ මැරය කොහොම රියැට් කරයිද කියල….

ලෝකෙට පේන මනුස්සය නෙමෙයි බං එයාගෙ හදවතේ ඉන්නෙ…..
කොච්චර නරක වැඩ කලත් මං එයාට ගොඩාක් ආදරෙයි ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ …..

දෙන්නත් එක්ක හිනාවෙවී කතා කර කර එලියට එනකොට ආශිගෙ වගේ බයික් එකක් එලියෙ නවත්තල තියෙනව දැක්කත් විසිනි එච්චරම ඒක ගනංගත්තෙ නැත්තෙ ඒකෙ වෙන පිරිමි ලමයෙක් වාඩිවෙලා හිටිය නිසයි…….

ටවුන් එකට ආව ගමන්ම සසිනි කෙල්ලට පලතුරු ලොකු කවරෙකින් එකක් අරගෙන දුන්න…

මෙච්චර මොකටද බං ……
කන්න තමා යකෝ පලතුරු කෑවම බබා ලස්සන වෙනවලු …..
අපේ ගෙදර අයටත් එක්කද මෙච්චර ගත්තෙ…
උන් ප්රෙග්නට් නෑ …..
උබ ප්රෙග්නට් වෙලා ඉන්නව කියල දැනගත්තොත් උනුත් නිකම්ම ප්රෙග්නට් වෙයි …..

ඔහොම ටිකක් ඉදපං මට පොතක් ගන්න තියෙනව මං ඉක්මනට එන්නං…..

සසිනි බුක්ශොප් එක ඇතුලට ගියාම විසිනිට දැනුන කවුරුහරි උරෙස්සට අත තියනව….

ඔයා …..

විසිනිට ශශීව දැක්කම පුදුම හිතුන….
ඉස්සරහට ටිකක් නෙරා ආව උදරය දැක්කම ඇඟම හීතල වෙලා ගියා…..

ශ..ශී ඔ..යා මේ….

දැන් සතුටුයි ද …..
මට ගින්දර දීල මගෙ දරැව අනාතයෙක් කරල තමුසෙ ඔය ලස්සනට ජීවත් වෙන්නෙ…..
අමතක කරන්න එපා ඒමගෙ දරැවගෙ තාත්ත කියල ……
තමුසෙගෙ බඩට දරැවෙක් ආවම තේරෙයි දෙයියනේ මං විඳවන්නෙ කොච්චර ලොකු වේදනාවක් ද කියල ……
මට දැන් බිහිකරන්න වෙලා තියෙන්නෙ අවජාතකයෙක්ව……

මේ හැමදේම තමුසෙ හොදටම දැනගෙන නොදන්න ගානට පවුල් කන ලස්සන…
තොපිට සාපවෙයි යකෝ ම⁣ට කරපු අපරාධෙට…..

විසිනිට තමන්ගේ දරැව ගැනත් දැනුනෙ ලොකු අනාරක්ෂිත බවක්…..
ඒ වගේම ශශීගෙ කෑගැහිල්ලට වටේ පිටේ ඉන්න මිනිස්සුත් කෙල්ල දිහා වපර ඇහින් බලද්දි කෙල්ලට දැනුන ලැජ්ජාවට ඇස් වලට කඳුළු පිරැන ……

මේක මතක තියා ගන්නව මගෙ දරැව අවජාතකයෙක් කලේ උබයි…..
මගෙ දරැව කවදහරි ඇවිත් උබේ මූනට කෙල ගහයි ඒකට තාත්ත නැතිකලා කියල…..
එතකම් උබ සතුටින් හිටපං උෟත් එක්ක….
තොගෙ දරැවෙක්ටවත් හොදක්වෙන්න හොදනෑ මාවයි මගෙ දරැවවයි මේ විදිහට අනාත කලාට…..

ශශී යන්න ගියාට පස්සෙ කෙල්ල ලැජ්ජාවෙන් බිම බලාගෙන ඇඬුව ….

හරි යමං……
ඇයි බං මේ…..
මේ මොකද උබ අඬන්නෙ…
මොකද උනේ කියහං මට මොකද උබට මේටිකට වුනේ අඬන්න තරම් …..
මාව බය කරන්නෙ නැතිව කියපං බං ….

නෑ ..ම…ගෙ. හි..ස ටි..ක..ක් ක..කි..ය..න..ව …..

අ..පි ය..මු …ද …

හ්ම් ඔහොම ඉඳන් මං ඉක්මනට වීල් එකක් නවත්ත ගන්නකම් ……

ගෙදරට එනකම්ම විසිනි කලේ හොරෙන් හොරෙන් ඉකිබිඳපු එක…..

සසිනි ….
හ්ම් …
උබ මේ කිසිම දෙයක් ගෙදරට කියන්න එපා….
ඒ මොකද එයාල ගොඩාක් සතුටු වෙයිනෙ….
මමම කියන්නම් …….
හ්ම් සප්රයිස් දෙන්න වගේ හදන්නේ මහත්තයට …..
හොදා හොදා උබේ කැමැත්තක්….

මේකි දන්නවනම් මගෙ හිතේ ඇවිලෙන ගින්දර කොච්චරක්ද කියල…..
තමන්ගේ මනුස්සයගෙන් දරැවෙක් වෙන ගෑනියෙක්ට ලැබෙන්න ඉන්නව කියල දැනගන්න ලැබුනාම දැනෙන හැඟීමට මාව පිච්චෙනව වගේ දැනෙන්නෙ…..

ශශී කිව්වෙ බොරැවක් කියල අමතක කරල මං මගේ හිත රවට්ට ගත්ත එක විතරයි කරගෙන තියෙන්නෙ……
මං මගෙ හිත රවට්ට ගත්ත ඒ රිපෝට් එක බොරැවක් කියල ……
ඒත් දෙයියනේ මං අද ඒ ඇත්ත දැක්ක ශශී ඇත්තටම ප්රෙග්නට් තමයි ……

මගේ මහත්තයගෙ දරැවෙක් දැන් එයාගෙ කුසේ වැඩෙනව……
එයා ඉල්ලන්නෙ එයාගෙයි දරැවගෙයි අයිතිය…..
තමන්ගෙ ආදරේ කරන ආදර වන්තය කසාද මනුස්සය බෙදාගන්න කව්රැවත් කැමතිනෑ…..
මට එහෙම ජීවත් වෙනවට වැඩිය හොදයි සම්පූර්නයෙන්ම ඔයාව අමතක කරන එක…..

මගේ දරැව කවදහරි එයාගෙ තාත්ත හොයයි මෙතුම් එදාට ඔයාට ශශීගෙ දරැව ලඟටත් දුවන්න වෙයි……
දරැව එහෙම අසරණ වෙනවට වැඩිය හොඳයි එයාගෙ තාත්ත නෑ කියන එක…..
අනික කවදහරි එයා අහන ප්‍රශ්න වලට ඔයාට නෙමෙයි මටයි උත්තර බඳින්න වෙන්නෙ…..

මං ඉක්මනටම ඔයාගෙන් ඈත්වෙලා යනව….
මට ඔයාගෙන් ඔයා දුන්න දරැව විතරක් හොඳටම ඇති…..
මේ අපේ දරැව ඔයාගෙම ලේ ……
ඒත් අපිට ඔයාව අයිතිනෑ…..
ඒ අයිතිය තව කෙනෙක් ඇවිදින් ඉල්ලද්දි මට බෑ හැමතැනදිම ලැජ්ජවෙන්න…..
මෙතුම් ඔයා මාවයි ඔයාගෙ පැටියවයි ගොඩාක් අසරණ කරල රත්තරනේ…..

ඔය කේන්ති ගියාම පිම්බෙන මූනට රතුවෙන ඇස්වලට වෙව්ලන දෙතොල් වලට අකීකරු කොන්ඩෙට දඩබ්බර නපුරු ඔය හිතට හැමදාටම ආදරෙයි මගෙ සුදු මහත්තයො….

ඔයාගෙ සතුට,සැනසීම ,නිදහස ගැන හිතලමයි මං ඔයාව දාල යන්නෙ…..
නැත්නම් ඔයාට වෙන්නෙ දෙපැත්තට විසිවෙවී තැලෙන්න…..
මට ඔයාව අසරණ කරන්න ඕනනෑ….
මං හෙට උදේම අපේ මතකයන් අරගෙන ඔයාගෙන් ඈත් වෙලා සදහටම යන්න යනව…..
ඔයාගෙ පැටියවත් තුරැළු කරගෙන……

මොනවද බං ඇස්දෙකේ කඳුළු පුරෝගෙන බඩත් අත ගගා ඔච්චරටම කල්පනා කරන්නෙ …..

අරෑගෙ යක් පැටිය එලියට එන්න තව හුඟක් කල් තියෙනව….
උබට වෙන්නෙ සියදිවි නසා ගන්න…..
යකයි යක් පැටියයි දෙපැත්තට වෙලා වද දෙද්දි …..
ඒනිසා මේටිකේ සතුටින් හිටපං තාම එලියෙ ඉන්නෙ එකයිනෙ….
ඔය කඳුළු පිහදගනින් අපි දැන් ගේ ලඟට එනකම් ඇවිත් ඉන්නෙ…..

කෙල්ල එහෙම ආපු වීල් එක මිදුලට දානවත් එක්කම ආශිගෙ බයික් එකත් මිදුලට දැම්ම…

මේක අපේ පස්සෙන්වත් ගියාද…..

සසිනි ගත් කටටම කියද්දි විසිනි බැලුවෙ ආශිගෙ මූණ දිහා…..
කෙල්ලව නොදැක්ක ගානට හෙල්මට් එකත් අතට අරගෙන කොන්ඩෙ හද හදා ආශි ගේ ඇතුලට ගියා…..

දෙන්න එක්ක ගේ ඇතුලට එද්දි අම්ම නෙතුම් වගේම මහිමත් තේ බොනව….
සසිනි ගිහින් පලතුරු මල්ල මේසෙ උඩින් තිබ්බම මෙතුනුයි මහිමයි ඇස් ලොකු කරල කෙල්ල දිහා වගේම සසිනි දිහාත් බැලුව…..

මේ මොකද බං සුදූ …..
මෙච්චර පලතුරු ඔයාගෙ යාළුව පලතුරු කඩ කාරයෙක්ද සෙට් කරගෙන ඉන්නෙ….

“”නෑ මේ අපේ විසිනි””

සසිනි කියන්න හදපුදේ නවත්තල විසිනි දිහා බලල යාන්තමට හිනාවුනා …..

ඒකනම් අවුල් ලොක්ක බලපංකො මොකක්හරි හොරයක් තියෙනව ඒකනෙ කියන්න හදපු දේ ඉක්මනට නැවැත්තුවෙ….

කුස්සියෙ පැත්තෙ ඉඳන් වතුර එකක් බිබී ආව ආශිත් ඇහැක් හීන් කරල අමුතු විදිහට කෙල්ල දිහා බැලුවෙ…..

මොන හොරයක් ද ඔයාට පිස්සු මං මේ ගෙදරට අළුතින් ඇවිත් ඉන්න සෝමාලියා කාරයට දානයක් දෙනව කියල හිතලයි ගෙනාවෙ….

සසිනි හිනාවෙලා කියද්දි ….

බලපංකො ලොකු අයිය මේ ගෙම්බිගෙ ටෝක්….

ඒක නෙමෙයි දුව අපි හෙට නුවර යනව වෑන් එකක් අරගෙන දුවත් එනවද අපිත් එක්ක යන්න….

ෂා නියමයිනේ …
මං නෑවිත් කොහොමද…..
මාත් එනෝ….

එහෙනම් මෙතුම් අයියත් එක්ක ගිහින් ඇඳුම් ටික අරගෙන එන්න අපි හෙට පාන්දරින්ම යන්නයි හිතාගෙන ඉන්නෙ…..

නු..ව..ර ය..න..ව…..
මට කව්රැවත් කිව්වෙත් නෑනෙ….

ඇයි සුදු දුව දන්නැද්ද ….
මට කව්රැවත් කිව්වෙ නෑ ….

මං හිතුව ලොකු පුතා කියන්න ඇති කියල එයාමනෙ කිව්වෙ යමු කියලත්…..

මට අමතක වුනා අම්ම….

දුව එනවද යන්න..

හෙට ගෙදරින් යන්න හිතුවට පාන්දරින්ම යන්න ගියොත් මං නිකම්ම මෙයාලට අහුවෙයි…
ගෙදර නැවතුනොත් නෙතුනුත් නවතිනව…
එයාගෙ ඇස් වලින් බේරිලා මං පැනගන්නව බොරැ…

මොනවද සුදූ ඔය තරම් කල්පනා කරන්නෙ…
ඇයි යන්න බෑ වගේද….

නෑ අම්ම එහෙම දෙයක් නෑ ….
අපි යමු …..

එතකොට පොඩි පුතා ඔයා ….

ඔයත් මාර කතානෙ අහන්නෙ නැන්දෙ ගෑනි යනවනම් මිනිහ නොයා ඉදීද ….

ආශි මුකුත්ම කියන්නෙ නැතිව වීදුරුව ටේබල් එක උඩින් තියල යන්න ගියා….

වෙනද පුරැද්දටම විසිනි කාඹරේට ගියෙ නිදාගන්න …..
ඒ වෙද්දිත් සසිනි නිදාගන්න ඇදටත් පැනල…

ආ උබ මොකද මෙහේ….
මං මේ ආවෙ උබ තනියම නිසයි…..

කෙල්ලට කොහොමත් තියෙන ප්‍රශ්න සසිනිටවත් කියන්න කැමැත්තක් තිබුනෙ නෑ…..

මට කිසිම තනිකමක් නෑ ….
උබේ මිනිහ කඩුවක් අරගෙන ඇවිත් මගෙ බෙල්ලට තියන්න කලින් පල මෙතනින් යන්න….
අනික මං කොහොමත් පොඩ්ඩක්වත් බයනෑ එහා කාඹරේ ඉන්නෙ පලාතම බය කරගෙන ඉන්න නොම්බර එකේ චන්ඩියෙක් නෙ…

ආ යනකොට ලයිට් එක ඕෆ් කරගෙනම පලයං ……

විසිනිට අකමැත්තෙන් වුනත් සිද්ධවුනේ ආපහු ආශිගෙ රෑම් එකටම යන්න……

Likes ,comments වලට thanks මගෙ
යාලුවනේ .. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *