…..හිරූගෙන්……~~~ පිනි වරැසා 43 ~~~

අාශි අත තව තවත් මිරිකද්දිනම් කෙල්ලගෙ ඇස්වලට කඳුළු පිරැන…..

අ..ම්…ම ක..තා කෙ..රැ…ව ප..ර..ක්..කු
වෙ..ලා කි..ය..ල…..

මොකා බෙරිහන් දුන්නත් තමුසෙට තේරෙන්නැද්ද ඔහොම හරක වගේ දිව්වම වැටෙනව කියල…..
ඔය පඩිපෙ⁣ළේ දුවන්න ගිහින් වැටුනනම් එහෙම…..
මං ඔය කොයික ගැනත් බලාගන්නෙ…..

මීට පස්සෙ පිස්සු හැදිල වගේ දුවනව දැක්කොත් මං උබෙ කකුල් දෙක කඩනව කොහෙවත් දුවන්න බැරිවෙලා එකතැන් වෙලා ඉන්න…..
තේරැනා ද උබට…..

ආශි කෙල්ලට රවල අල්ලගෙන හිටිය අත වේගෙන් අත ඇරියෙ අත ගැලවෙන්න තරම් වේදනාවක් දැනෙද්දි…..

කෙල්ල මූණ එල්ලගෙන වෑන් එක ලඟට එනකොටනම් හැමෝටම තේරැනා දෙන්න අතරෙ මොකක්හරි ප්‍රශ්නයක් වෙලා කියල…..
සසිනිට ඕනවුනේ කොහොමහරි දෙන්නව එක ලඟින්ම වාඩි කරවන්නයි…..

මෙතුම් මහිම දෙන්න පිටිපස්සෙන්ම වාඩිවුනා…..
අම්ම ඉස්සරහ ශීට් එකෙන් වාඩිවෙනකොට
විසිනි හැදුවෙ අම්ම ලඟින් වාඩිවෙන්න හැබැයි ඊට කලින් සසිනි දුවගෙන ගිහින් අම්ම ලඟින් වාඩිවුනා……

විසිනිට සිද්ධ වුනේ ඉතුරුවෙලා තියෙන හිස් ශීට් එකක වාඩි වෙන්නයි…..

මගෙ යාලුවො දෙන්නෙකුත් එකව කිව්ව ලොකු පුතේ එක ශිට් එකක් ඉතුරැයිනෙ අපි ඒ දෙන්නව හංදියෙන් දාගමු…..

හා අම්ම….
එලියෙ තිබුන බඩු සේරම වෑන් එකෙන් තියල ආශිත් ඇවිල්ල කෙල්ල ලඟින්ම එලියෙන් හිට ගත්ත….

ඉස්සරහ අම්මලට පිටිපස්සෙ ශීට් එකට යනව….

ඇයි …..

කිව්වම අහල තමුසෙ යනවකො….
මට බෑ….

මම ඇවිත් කනට දෙකක් ගහල ඉස්සරහ එකට ඇදල දාන්න කලින් තමුසෙ යනවද නැද්ද …..

එතනදී ඔක්කොටම ඇහෙන්න කෑ ගහල ලැජ්ජ කරයි කියල බයටම කෙල්ල ඉස්සරහ එකෙන් ඇවිත් වාඩිවුනා…..

ආශිත් වෑන් එකේ දොර වහගෙනම ඇතුලට ඇවිත් කෙල්ල ලඟින්ම වාඩිවුනා…..

අයියෝ ඇයි බං උබල ඉස්සරහට ගියෙ….
වරෙල්ලකො බං සුදූ සිංදුවක් කියල පොඩි ජොලියක් දාන්න…..

කෙල්ල ආශි දිහා බලද්දි ආශි හොදට කකුල් එහෙම දිග ඇරල ශීට් එකට ඔලුව තියල හාන්සිවෙලාත් ඉවරයි …..

මොකද තමුසෙ ඔරවන්නෙ අපි යන්නෙ මේකෙ තමයි තමුසෙට මේකෙ යන්න බෑ වගේනම් බැහැල ආපහු ගෙදර යනව…..

එහෙම කියල ආශි කෙල්ලව ලඟට ඇදල අරගත්ත…..
තමුසෙට හොදනෑ ගැස්සෙන තැනවල යන්න….

කෙල්ල ඇස්දෙකත් එක්ක ලොකු කරගෙන බැලුවෙ ආශිගෙ මූණ දිහා…..

තමුසෙට ගමන් යද්දි වමනෙ යන නිසා මං කිව්වෙ …..
ඔච්චර පුප්පන්න ඕනෙ නෑ තමුසෙට සිංදු කියන්න ඕනෙනම් මට ඇහෙන්න එකක් කියනවකො….

ආශි පිටිපස්සෙන් අතදාල කෙල්ලගෙ ඉනෙන් ඇඳල තුරැළු කරගත්ත….

අනේ අතඅරින්නකො කව්රැහරි දකී.

ඉතිං මට මොකද…..
මං ඇල්ලුවෙ මගෙ ගෑනිවනෙ නැතුව හොර ගෑනිවයෑ….

හංදියෙන් අම්මගෙ යාලුවො දෙන්නත් අරගෙන යන්න පිටත්වුනා…..
ටික වෙලාවකින් ⁣විසිනිට නිදි මතක් දැනුන….
කෙල්ල නිදිකිරා වැටෙනව දෙතුන් පාරක්ම දැක්කට පස්සෙ ආශි කෙල්ලව පපුවට තුරැළු කර ගත්ත…..

කෙල්ලට නින්ද ගියාට පස්සෙ ආශි ⁣කෙල්ලගෙ කුස ආදරෙන් අතගෑව….
මූණට වැටිල තියෙන කොන්ඩෙ පිටිපස්සට කරල කෙල්ල දිහාම බලාගෙන හිටියෙ….

බඩ කැලතිලා පපුවත් එක්ක කඩාගෙන වගේ උඩට එනව දැනෙද්දි කෙල්ලට ඇහැරැනා ……

ඇයි මොකෝ….
අනේ මට වමනෙ යන්න වගේ උගුරට එනව…..

අංකල් පොඩ්ඩක් වාහනේ නතර කරනවද….

ආශි හයියෙන් කෑ ගහද්දි පාරෙ අයිනට වෙන්න වාහනේ නතරවුනා…..

අැයි පුතා ….
මෙයාට වමනෙ යන්න එනවලු….

දෙයියනේ මට අමතකවෙලාම ගියානෙ….

සුදූ උබ අද පෙත්ත ගැහුවෙ නැද්ද බං …..
කිලෝමීටර් දහයක්වත් යන්න හම්බුන්නෑ පටන්ගත්ත කබරය දාන්න දැන් ඉතිං එනකම්ම කබරය තමා…..

මට අමතක වුනානෙ දූට බේත් පෙත්තක් අරගෙන දෙන්න …..

කෙල්ල සසිනිත් එක්ක ටිකක් අෑතට ගිහින් වමනෙ කරනව ගහකට හේත්තුවෙලා ආශි බලාගෙන හිටියෙ….

බලපංකො උබට වැඩේ දීල අරෑ ඉන්න අපූරැ…..
තාත්ත කෙනෙක් වුනාම ඕම ඉන්නව ද මං අහන්නෙ…..

එයාට මුකුත් කියන්න එපා බං තාම එයා මුකුත් දන්නෑ …..
හිතාගෙන ඉන්නව ඇත්තෙ මට දුර ගමන් යන්න අමාරැ නිසා කියල වෙන්න ඇති…..

යකෝ උබ තාම කිව්වෙ නැද්ද …..
ඌ තාත්ත කෙනෙක් වෙලා කියල ඒක දැනගන්න ඕන ඒක ඒකගෙ අයිතියක්…..
එතකොටවත් ඒක හැදෙන්නෙ නැතෑ….

වමනෙ කරල කෙල්ලගෙ මූණත් එක්ක හොදටම රතුවෙලා තිබුනෙ….
වමනෙ ගියාට පස්සෙනම් කෙල්ලගෙ ඇඟට ටිකක් සනීපයක් දැනුන…..

ආශි ලඟට එනව දැක්ක නිසා සසිනි ආපහු වෑන් එක දිහාට එන්න ආව…..

ආ මූණ හෝද ගන්නව …..
ආශි දික්කරපු වතුර බෝතලේ අරගෙන විසිනි මූණ කට හෝද ගත්ත …..
ඇඟට කලන්තයක් වගේ තිබුන නිසා විසිනි ආශිගෙ අත්ගොබේ තද කරල අල්ල ගත්ත…..

ඇයි …..
මට ටිකක් කලන්තෙ වගේ…..
එන්න යමු…..

ආශි විසිනිගෙ උරහිස වටේ අතදාල අල්ලගෙන ආපහු වෑන් එක දිහාට ආවෙ….

දෙන්න එක්ක එනව දැක්කහම කට්ටියම කතාවුනේ කෙල්ල නිසා ආශි දැන් ටිකක් හැදිල කියලයි…..

නුවරට එනකම්ම කෙල්ල සැරින් සැරේට මඟ දිගට වමනෙ කලා…..
බැරිමතැන ආශි ෂොපිං බෑග් එකක් අරගෙන ඇවිත් කෙල්ලට කිව්වෙ එ්කට වමනෙ කරන්න කියල…..
වමනෙ කරල කරල හෙම්බත්වෙලා රතුවෙලා තියෙන ඒ මූණ දැක්කහම ආශිට හුගාක් දුක හිතුන…..

සුදූ නැඟිටින්න අපි දැන් නුවර ඉන්නෙ…..
ඔය මූණ කට හෝදගෙන එහෙම ලෑස්ති වෙන්න යන්න ……
ඔයාට අමාරුයි වගේනම් නොයාඉමු….

ආශිගෙන් මේ වගේ ඇමතුමක් ලැබුන කාලයක්වත් කෙල්ලට මතක තිබුනෙ නෑ….
ආශි කෙල්ලගෙ ඔලුව අතගාද්දි කෙල්ල ඇස්වල කඳුළු පුරෝගෙන ආශි දිහාම බලාගෙන හිටියෙ ඇත්තටම ආශි එහෙම කතා කලාද බලන්න වගේ……

කෙල්ල එහෙම්මම බයවෙලා වගේ ඉන්නකොට ආශි කෙල්ලගෙ බෙල්ල පුරා රැවුල අතුල්ලල කෙල්ලට කිති කැව්ව…..

එ..පා අ..නේ…… ක..ව්..රැ…හ…රි ද..කී…
කෙල්ල හිමිහිට කොදුරද්දි ආශි යාන්තමට හිනාවෙන ගමං කෙල්ලගෙන් ඈත්වුනේ…..

නුවරට ආවට පස්සෙයි මෙතුම් ඇහැරැනෙත් මහිමනම් වගේ වගක් නැතිව තාම ගොර ඇද ඇද සැපට නිදි….

ඒයි නැගිටපං මල පෙරේතය…….

එ..ක්සෑ..ම් අ..මා..රු..යි ද මැ..නි..ක…

මැනික ….
මුගෙ වයසටද වැඩ…
මටවත් තාම කෙල්ලෙක් නෑ ….
නෑ නෑ කිව්වට ඒවනම් ගානට සෙට් කරගෙන වගේ හිටපංකො මං මාමගෙ කනේ තියනකම්……

නැගිටපං අපතය ඔහොම දපනෙදාන්න ගත්තොත් කොහොමත් තොට අමාරැවෙයි….
මැනික නෙමෙයි මං තොගෙ අයිය ලොම්බො…..
තොට මේ තරම් නිදි ගායක් තියෙනව කියල දන්නවනම් මඟ දාල එනව…..
නැගිටපිය මල පෙරේතය…..

ඇයි බං වද දෙන්නෙ තාම යන්න පටන්ගත්ත විතරයිනෙ….

ඒ උබේ හීනෙ වෙන්න ඇති….
ඔය ජිල්බොල දෙක ටිකක් එලියට දාල කරකවල බලපංකො අපි ඉන්නෙ කොහෙද කියල ඇස් පියාගෙන කියෝනව මෙතන….

මං යනව යන්න උබ එනවනම් වරෙන් නැත්නම් උබට පුලුවන් අපේ අම්මගෙ යාලුවො දෙන්නත් එක්ක වන්දනාමාන කරන්න …..

ඔහොම හිටපංකො බං මං මේ එනව….

සුදූ දැන් ඔයාට කොහොමද නංගි …..
මෙතුම් වෑන් එකෙන් බහින ගමන්ම ශීට් එකේ ඔලුව තියාගෙන ඉන්න කෙල්ල ලගට ඇවිත් ඇහුවෙ …….

දැන් හොදයි අයිය ……
එහෙනම් එන්න යමු …..

මං මූණ කට ටිකක් හෝදගන්න ඕන….

අම්ම ඔයාල යන්න අපි තව ටිකකින් එන්නං……

⁣ආශි කිව්වෙ මලානික වෙලා ඉන්න විසිනි දිහා බල බලා….

මහිම අනිත් අය එක්ක හිනාවෙලා මොනවද කිව්වාම අනිත් අය සද්දෙට හිනාවෙලා කට්ටියම එක්ක යන්න ගියා…….
මහිමනම් කෙල්ලට ඇද කර කර ගියෙත් ….

සුදූ ඉක්මනට ඇවිල්ල හෝද ගන්නව අපිට යන්න පරක්කුවෙයි ……

මූණ කට හෝදගෙන ඉවරවෙලා ආශි කොහෙද බැලුවත් පේන්න හිටියෙ නැතිනිසා විසිනි ආයිමත් වෑන් එකට ඇවිත් හාන්සි වුනා …..

ආ මේක කාල ඉන්නවකො ඉස්සෙල්ලම….
බනිස් ගෙඩි දෙක තුනකුයි කිරි පැකට් වගේකුයි යෝගට් තුන හතරකුත් තිබුන……

මෙච්චර ……
ඇයි ඔයිට වඩා එනකම්ම වමනෙ දාදා ආවේ මේක මොකක්ද…..

මං අතට අහුවෙච්ච දේ ගෙනාව තමුසෙ කනවද දන්නෑ …..

විසිනිට තනියම කන්න බැරිනිසා බනිස් ගෙඩියක් ආශිට දික්කලත් කනව තියා ආශි අතටවත් ගත්තෙ නෑ ……
බැරිමතැන කෙල්ල කකා හිටිය බනිස් ගෙඩිය ආශිගෙ කට ලඟට ලං කලාම අාශි කට ඇරියෙ හරියට බලාපොරොත්තුවෙන් හිටියෙ වගේ …….

හැබැයි යෝගට් ඔක්කොම කනව වමනෙ ගිහින් බඩ පපුව දැවිල්ල ඇතිනෙ ඕකට හරියයි….

දෙන්නත් එක්ක මාලිගාව ලඟට ආවට පස්සෙ ආශි කෙල්ලට සුදුපාට ලොකු නෙළුම් මල් පොකුරක්ම ගෙනත් දුන්න…

විසිනි ඒක අතට ගත්තෙ හරිම ආසාවෙන්…..
මාලිගාව ඇතුලට යද්දි අම්මල වැඳල එනවත් එක්ක….

අපි යන්නම් පුතා ඔයාල වැඳල එන්නකො…

ඔය යන්නෙ ජෝඩු දාල…
අපිට තමයි ලොක්කො හුලං …

වර මෙහාට යන්න හුලං වැදි වැදි එහෙනම්….

මෙතුම් මහිමගෙ බේල්ලෙන් අල්ලගෙන ඇදගෙන ආවෙ….

ගර්භනී කාන්තාවන් තමන්ගෙ මහත්තයගෙ අතේ එල්ලිල යනව දැක්කාම කෙල්ලටත් හිතුනෙම ආශිගෙ අතේ එල්ලිල යන්නයි….
ආශි කෙල්ල බලාගෙන ඉන්න දිහා බලල කට කොනකින් යාන්තමට හිනාවෙලා කෙල්ලගෙ අත අරගෙන ආශිගෙ වැල මිටට තියල තද කර ගත්ත……

තමුසෙ හිතුවට මට මුකුත් තේරෙන්නෑ කියල තමුසෙ හැරෙද්දිම මට ඒක දැනෙනව…..
ඒකනිසා හොර වැඩ කරද්දි ටිකක් පරිස්සම් වෙනව…..

ආශිගෙ කතාවට හිනාව වෙනුවට කෙල්ලගෙ කන දිගේම දාඩිය පාරවල් වැක්කෙරැ⁣නෙ……

කවදාවත් ආශි පන්සලකට ගිහින් වැදල ගාථා කියනව කෙල්ල දැකල තිබුනෙ නෑ ……
ඒත් අද හයියෙන් ගාථ කියල වදින ආශි දැක්කම කෙල්ලට පුදුමයි …..

දෙන්නත් එක්ක වැඳල වෑන් එක තියෙන තැනට එද්දි කට්ටියම පොටෝ ගහනව…
මහිම තමයි පිස්සු හැදිල වගේ එහාට මෙහාට දුව දුව සෙල්පි ගහන්නෙ…..

එහෙනම් යමු නේද පුතාල….

බඩගිනි නැන්ද ……
අපි නැතිවුනාට සමහරැනම් කාල තියෙන පාටයි…
නෝනට කවල….

මහිම කට කොනකින් හිනාවෙලා කියද්දි හැමෝටම හිනා…..

හරි හරි මං බැලුව මොකද කියන්න පරක්කු කියල අපි පේරාදෙණියට ගිහින් කමු…..
සුදූ සැන්විචර්ස් හදල තිබුනනෙ ඒව දැන් යනගමන්ම කමු මෙහාටවෙලා කකා හිටියොත් අපිට පේරාදෙණියෙ ඇවිදින්න වෙලා මදිවෙයි…..

අච්චාරු විකුනන මනුස්සයෙක් දිහා කෙල්ලනම් ඇසිපිය ගහන්නෙ නැතිව බලාගෙන ඉන්නව …..
ඉවසගෙන ඉන්න බැරිමතැනයි කෙල්ල සසිනිගෙ කනට කරල කිව්වෙ….

දෙන්නත් එක්ක හැමජාතියෙන්ම අච්චාරු අරගත්ත……

Likes ,comments වලට thanks මගෙ යාලුවනේ … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *