…..හිරූගෙන්…..~~~ පිනි වරැසා 48 ~~~

සුදූ කතා කරනව මොකක්ද දැන් කෝල් කරල කිව්වෙ ඔය තරමටම බය වෙන්න තරම්…..
සුදූ ……

කෙල්ලට මතක්වුනේ ආශිගෙ නපුරු බැල්ම වගේම යනකොට කෙල්ල දිහා අසරණ වෙලා වගේ බලපු විදිහයි….

සුදූ කතා කරන්න දරැවො….
අම්ම හයියෙන් හයියෙන් කෙල්ලගෙ කම්බුල් වලට තට්ටු කරල අහද්දි කෙල්ලගෙ අැස් වලින් කඳුළු කැට එක සීරැවට ගලාගෙන යද්දි කෙල්ලට කතා කරන්න බැරිව අතපයින් කතාකලේ…..

සංසුන් වෙන්න මගෙ දූ කෝ නාඬ ඉන්න ඉස්සෙල්ලම සංසුන් වෙලා කියන්න රත්තරං මොනවද කිව්වෙ කියල…..

අ..ම්…ම එ..යා .. කි…ව්…ව ම…ගෙ. ම.හත්…ත..යට කව්…ද වෙ…ඩි ති..යල කි…ය…ල…..

මො..න..ව….
අනේ මගෙ දරැව…..

අ..ම්..ම අඩාගෙන පපුවට ගහගද්දි කෙල්ලට මතක්වුනේ ආශි තාම හංදියෙ කියල…..
කෙල්ල කඳුළු පිහදාගෙන එලියට දුවන්න හදද්දි අම්ම බැලුවෙ කලබලෙන් කෙල්ල දිහා….

දූ ඔයා කොහෙද යන්න හදන්නේ රත්තරනේ….
අම්ම එයාව ගෙනත් දාලලු හංදියට මට යන්න ඕනෙ එයාව බලන්න….

දූ ඔහොම ඉන්න දූ මං ගිහින් බලන්නම්….
මතකයිනෙ අර දරැව යන්න කලින් ⁣මඟින් මගට මොනවද කියල ගියෙ කියල ….

බෑ අම්ම මට බෑ …
මගෙ මහත්තයට මෙච්චර හරියක් වෙලා තියෙද්දිත් මට පුලුවන් ද ගෙදරට වෙලා ඉන්න…..

මාත් එනව අම්මත් එක්ක යන්න….
දෙන්නත් එක්ක එලියට යන්න හදද්දිම කරන්ටෙක පලාතෙම නැතිව ගියා…..

කෙල්ල අම්මගෙ අතේ එල්ලුනෙ දැනුන බයට වඩා ආශිට මොනව වෙලා ඇද්ද කියල හිතිලයි…..

••••ගෙදරින් එලියට අඩිය තියනකොට හිතන්න ඔයා ලඟ අපේ දරැවත් ඉන්නව කියල…..
ගෙදරින් එලියට ගිහින් මාව අසරණ කරන්න එපා…….
මොනදේ උනත් මං නැතිව ගෙදරින් එලියට යන්න එපා••••

කෙල්ල ගෙදරින් එලියට අඩිය තියද්දි කෙල්ලට ඇහුනෙ ආශිගෙ වචන දෝංකාර දෙනව වගේ…

ඒවුනත් මේ වෙලාවෙ ආශිගෙ ජීවිතේ විතර මොනාවත් වටිනව කියල කෙල්ලට දැනුනෙ නෑ ……
එන ඕනම දේකට මූණ දෙනව කියල හිතල ගැහෙන දෙපා වලින් ගමන් කලේ ආශිට මුකුත් වෙන්න එපා කියල සිය දහස්වාරයක් දෙවියන්ට කියන ගමං….

දෙන්නටම ටික දුරක් යද්දි කව්රැහරි පස්සෙන් පන්නනව වගේ දැනුනත් ආපහු හැරිල බැලුවාම කව්රැවත් හිටියෙ නෑ …..

එහෙම ටික දුරක් යනකොට වෙඩි වරැසාවක් පලාතම දෙවනත් කරගෙන ඇහෙද්දි කෙල්ල අම්මව බදාගත්ත…

ආශිගෙ යාලුවොයි තව වෑන් එකකින් ආව මැරයො වගේකුයි එකිනෙකාට වෙඩි තියාගද්දි එකපාරටම අතුරැ පාරකින් මතුවුන නවීන පන්නයේ මෝටර් රථයක් ඇවිත් අම්මයි විසිනියි ලඟ නතරවුනා….

ඒකෙන් බැහැල ආව තරැණයො දෙන්නෙක් විසිනිව ඇඳල කා එක ඇතුලට දාගන්න හදද්දි අම්ම කෙල්ලගෙ ඇගේ එල්ලිල කෙල්ලව බේරගන්න හැදුව…..

අනේ කව්රැවත් නැද්ද …
පිං සිද්ධවෙයි අපිට උදව්කරන්න දෙයියනේ මගෙ දරුව අතඅරින්න….

අම්ම කෙල්ලව මැරයන්ගෙන් බේරගන්න ඔට්ටු වෙද්දි එක මැරයෙක් පැනල අම්මගෙ බඩට පයින් එකක් ගහල පිටිපස්සට තල්ලු කරපු පාරට අම්ම ගිහින් ලයිට් කනුවෙ වැදිල සිහිනැතිව ඇඳගෙන වැටුන…..

අනේ රත්තරං අම්මෙ කතා කරන්න…..
අම්මෙ අනේ මගෙ අම්මෙ ඔයාට මේ මොනවද වුනේ….
කෙල්ල ලේ ගලන අම්මගෙ මුහුණ අතගාද්දි එතන හිටිය එකෙක් කෙල්ලව අැදල කා එකට දාගත්ත …..

ඇතුලට දාගෙන එක මොහොතක්වත් යන්න කලින් කෙල්ලගෙ මූණට ලේන්සුවක් තියල තද කරපු ගමන් දඟල දඟල හිටිය කෙල්ලට සිහිය නැතිවුණා…..

හරි තාත්ති මං කිව්නනෙ තාත්තිට ගෙනත් බාරදෙන්නම් කියල…..
ඒකිට තාම සිහිය නෑ සිහිය ආවම ගේන්නං…
ඕකේ මට තව පැය බාගයක් දෙන්න ඒකිට තව ටිකකින් සිහිය එයි….
මට පොඩි කතාවක් තියෙනව ඒකිත් එක්ක….
හරි හරි තාත්ති මං ඉක්මනටම අරගෙන එන්නං …..
තාත්තිල ඔය මිනිහට පන බය වුනාට මං පොඩ්ඩක්වත් බය නෑ …..
එහෙනම් මං තිබ්බ බායි…..

කව්රැහරි පෝන් එකකින් කතාකරනව ඇහෙද්දි කෙල්ලට සිහිය ආවෙ….
සිහිය ආව ගමනුත් තමන් ඉන්නෙ කොහෙද කියල මතක්වෙනවට වඩා මතක්වුනේ ආශි කෙහේ ඇතිද කියල…..

ඇස් පිහාටු එකින් එක අරිද්දි කවුරුහරි කෙනෙක් වතුර එකකින් ඔලුවෙ ඉඳන්ම නාවනව දැනෙද්දි …..

ඔයා …..

ඔව් මං තමයි …
තොට මං කොයිතරම් කිව්වද මගෙ ආශිගෙන් අයින්වෙලා ඉන්න කියල…

ශශී මට යන්න දෙන්න ප්ලීස්…..
අනේ ශශී මට මගෙ මහත්තය ලඟට දැම්ම යන්න ඕනෙ ප්ලීස් මට යන්න දෙන්න….

උබට යන්න දෙන්නද බං මෙච්චර අමාරැවෙන් අරගෙන ආවෙ…..

ශශී පාත්වෙලා බිම වැතිරිලා හිටිය කෙල්ලගෙ කොන්ඩෙන් ඇඳල අරගත්තෙ කෙල්ලට ගොඩාක් රිදෙද්දි…..

උබට මෙහෙම දෙයක් වෙන්නෑ උබ නිකමටහරි මං කියපුදේ ඇහුවනම් මගේ ආශිව මටම දුන්නනම්…..
උබ හිතනවද මං අකුලගෙන පස්සට වෙයි කියල උ⁣බට සන්තෝසෙන් පවුල් කන්න දීල……
උබ දන්නෑ බැල්ලි මේ ශශී කියන්නෙ කවුද කියල…..

ශශී කෙල්ලගෙ කොන්ඩෙන් ඇදල අරගෙන කම්බුලට පාරවල් දෙකතුනක්ම ගැහුව…..

ම..හ..ත්…ත..යෝ….

තොට ගහද්දිත් තෝ මතක් කරන්නෙ මගෙ ආශිවද යකෝ හිටපියකො මං තොට….

ශශී කෙල්ලගෙ කොන්ඩෙන් තදකරල අල්ලගෙන එතන තිබුන කනුවෙ දෙතුන් පාරක්ම ඔලුව හැප්පුව…..

කෙල්ලගෙ කටින් වගේම නලලෙනුත් ලේ වැක්කෙරෙද්දි කෙල්ලට මතක්වුනේ ආශිව විතරයි…..

මහත්තයො ඔයාට මොනාවෙලාද දෙයියනේ…
මීට වඩා කොච්චර දුකක් ඔයා විදින්න ඇත්ද….
අනේ මහත්තයො මට මොනව වුනත් ඔයා ජීවත් වෙනවනම් ඒක මට ලොකු සැනසීමක්……

ඉදිරියට නෙරා ආපු බඩකුත් තියාගෙන ඉහින් කනින් දාඩිය පෙරාගෙන හති ඇර ඇර ශශී කෙල්ලට පහරපිට පහර දෙද්දි කෙල්ල බිත්තියෙ මුල්ලටම ගුලිවුනා…..

නිහාල් අරගෙන වරෙන් ඕක…..

කෙල්ලගෙ ඇස් උඩගියෙ අරගෙන ආව දේ දැකල….

උබට දැන් තේරෙයි උබ කරපු වැරැද්දෙ බරපතලකම….

ශශී කිව්වෙ ගෙනාව බෙල්ටෙක අතවටේ රවුමක් වෙලා ගන්න ගමං…..
තොට මං කොච්චර කිව්වද බඩේ ඉන්න එකා අවජාතකයෙක් කරන්න එපා කියල තෝ ඇහුවද…..
තෝ ඇහුවද…..
දැන් ඉතිං විඳවපං බැල්ලි ……

ශශී ගහන ගහන පාරට කෙල්ල වේදනාවෙන් කෑගැහුවත් ඒ පාලු ගෙදර කෙල්ලගෙ විලාපෙ අහන්න කව්රැවත් හිටියෙ නෑ……..
අන්තිම බිම වැටිල හිටිය කෙල්ලගෙ ඔලුවට
ශශී ගහපු පා පහරට කෙල්ලට සිහිය නැතිවෙලා ගියා…..

ඔය ඇති මැඩම් ඔයවිදිහට ගැහුවොත් වැඩිවෙලා යන්න කලින් මේකි මැරිල යයි…..
එහෙම උනොත් අපිට ඉන්න හම්බෙන්නෑ ලොකු මහත්තයගෙන්……
දන්නවනෙ ලොකු මහත්තයගෙ හැටි…..

හොදමදේ අපි මේකිව ඉක්මනින් අරගෙන ගිහින් ලොකු මහත්තයට බාරදෙන එකයි….
දැන් ඔය මදැයි ගැහුව තවත් හැහුවොත් එහෙම මේකි මෙතනම මැරිල යයි…..

අපි මේපාර කැබ් එකේ යමු….
කව්රැහරි අපිව ෆලෝ කරල තිබුනොත් එහෙම….
ගිහින් මේකිව කැබ් එකට දානව හැබැයි අතපය හොදට හිර කරල තද කරල බදිනව….
මං කැමති ඕකි හොදට විඳවනව දකින්න….

ආයිමත් කෙල්ලට සිහිය එනකොට හිටියෙ හොද සුඛෝපභෝගී කාඹරේක….
කෙල්ලගෙ අත් පා වගේම කටත් තද කරල බැදල තිබුනෙ….
අත් දෙක වගේම ඔලුවත් හුගාක් කැක්කුම තිබ්බත් ආශිව මතක්වෙද්දි බඩ පපුව පිච්චිලා යනව වගේ දැනුන…..

තාත්ති ප්ලීස් මට යන්න දෙන්න මට අරකිට තව දෙකතුනක් අයින්න ඕනෙ….

මං කිව්වනෙ ශශී දැන් හොදටම ඇති ඒකිට ගහල තියෙනව …..
මෙතන ඉදන් මං ඒකි ගැන බලාගන්නම් තමුන් මේ දැම්ම සුනිල් එක්ක ගෙදර යන්න ඕනෙ…..

මට බෑ තාත්ති මට මේකිව මගෙ අත් දෙකෙන්ම මරන්න ඕනෙ…..

ශශී මං කිව්ව දේ අහල මෙතනින් පලයං….
මං මේක හැන්ඩ්ල් කරගන්නං…..
උබ දන්නෑ අරූගෙ හැටි කොයිවෙලේ හරි මෙතනට කඩා පයින්න කලින් මං මේ වැඩේ ඉවරයක් කරන්න ඕනෙ….
ඔයා බයවෙන්න එපා ඌ මේකි නිසා ජීවිත කාලෙම විඳවයි නැත්නම් දිවිනසාගනී….

බාප්පි බාප්පිටත් අද සතුටු දවසක්…..
බාප්පිට කරපු දේට ඔවුන් එකෙක්වත් ඉතුරු කරන්න එපා…..

සුනිල් නෝනව එක්කගෙන පලයං ගෙදර….

ඊටත් පස්සෙ වාහනයක් පිටත්වෙනව ඇහෙද්දි කෙල්ල ඉන්න දිහාවට අඩිසද්ද වගයක් ලඟ ලඟම එනව ඇහෙද්දි කෙල්ලගෙ හදවත සිය දාස්වරයක් වේගෙන් ගැහෙන්න ගත්ත……

ආ ලමාතැනී නිදි වගේ….

සුදූ පාට ජාතිය ඇඳුමින් සැරසිලා ඉන්න පුද්ගලය දැකල තියෙනව වගේ හුරැවක් කෙල්ලගෙ මතකෙ තිබුනත් ඒ හරියටම කවුද කියන්න මතකයක් තිබුනෙ නෑ ……

තමුං මාව දන්නවත් ඇති සමහරවිට….
තමුසෙගෙ ස්වාමිපුරුෂයා නම් මාව හොදටම අඳුරනව ….
ඌ මේ ටිකේම ගේම දෙන්න ට්‍රයි කලේ මටයි…..
ඒත් ඊට කලින් ඌ මගෙ දැලේ පැටලුනා….

මං තමයි සේනාධීර කව්රුත් දන්නව ඇමති සේනාධීර කිව්වම…..

එතකොටයි කෙල්ලට මතක්වුනේ ටීවී එකේ දැකල තියෙනව කියල…..

තමුසෙ මාව අඳුරන්නෙ නැතිවුනාට මෙයාවනම් හොඳටම අඳුරනව ඇති…..

දොර ලඟින් කාඹරේට මත්වුන රැව දැකල කෙල්ලට හුස්ම ගන්න පවා අපහසුවක් දැනුනෙ….
මුළු ඇඟම දහඩියෙන් තෙත් වෙද්දි කඳුළු පිරැන දෑස් බ්මට නැඹුරු කරගත්ත…..

අමතකනම් මං මතක්කරන්නම්….
මේ සෝමේ……
තමුසෙගෙ ස්වාමිපුරුෂය මේකගෙ අත් දෙකම කැපුව එකක් සේනගේ ලොකු කෙල්ල දූෂනේ කලා කියල අනික උබව ඇල්ලුව කියල …..

කාටවත් උබව අල්ලන්නවත් දෙන්නෑ නේද උබේ මිනිහ…..
අද ඌ එනකොට උබ ඉන්න විදිහ දැක්කම අපි මරන්න ඕනනෑ ඌම දිවිනසා ගනී….

ඒකියන්නෙ මගෙ මහත්තයට කරදරයක් නැද්ද දෙයියනේ එයා හොදින්ද ……
ඒකම ඇති ⁣රත්තරනේ මට…..

මෙච්චරවෙලා බයේ ගැහි ගැහි හිටිය කෙල්ලගෙ හිතට අමුතු පනක් ලැබුන වගේ දැනුනෙ…..

උන් ඔක්කොම තිරිසන් විදිහට හිනාවෙද්දි සෝමෙ කෙල්ල ලඟට කිට්ටුවුනා….

ඌ හින්ද මං අබ්බගාතයෙක් උනා යකෝ මං ඕකව ඉතරුකරන්නැ ඕකට ගෑවිච්ච එකෙක්වත් යහතින් තියන්නෑ…..
උබ අද ලෑස්ති වෙයං මෙතන ඉන්න හැමඑකා එක්කම මාරැවෙන් මාරැවට බුදිය ගන්න ….
ඌ දන්නෑ ඌ වැරදි උන් එක්කයි හැප්පුනේ කියල …..

බලපංකො මල්ලී මේකිත් මේකිගෙ අම්ම වගේම ගිනි කිකිලි වගේ නේද බං…..
ඒ රූපෙමයි මීට අවුරැදු ගානකට කලින් රහ බලපුව ආයිමත් රහ බැලුවෑකි අපිට…..

අම්ම …..
මෙයාල අම්මව දන්නෙ කොහොමද….
එතකොට සෝමෙ මෙයාගෙ මල්ලිද….
මට තේරෙන්නෑ දෙයියනේ මොනවද මේ ප්‍රශ්න ,පැටලිලි ……
මට මගෙ පැටියව ආරක්ෂා කරල දෙන්න දෙයියනේ …..

මේකිද තාත්ත උගෙ භාන්ඩෙ…

කෑදරම කෑදර බැල්මකින් ……

Likes ,comments වලට thanks මගෙ යාලුවනේ …….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *