….හිරූගෙන්….~~~ පිනි වරැසා 49 ~~~

කෙල්ල දිහාවට කෑදර බැල්මක් දාගෙන ආවෙ අවුරැදු තිහක වගේ වයසක් තියෙන ඇමති සේනාධීරගෙම රෑපෙ තියෙන කුපාඩි මිනිහෙක්….

ලොකු පුතා කොහොමද අරූගෙ තේරීම….

තේරීමනම් සුපිරි තාත්ති දැක්ක ගමං ආස හිතෙනව…..

අදනම් සුපිරි දවසක් තාත්ති….
නියම ෆන් එකක් ගත්තෑකි වගේ….

ඇමතිගෙ පුතා කෙල්ලට ලංවෙලා මූණට වැටිල තිබුන කෙස්රොදකට පිඹින ගමං කිව්වෙ……

අපි ඕකුන් ඔක්කගෙන්ම පලිගන්න ඕන ලොකු පුතා …..
ඕකිගෙ මිනිහ අපේ බිස්නස් සේරම බිමට වට්ටල තියෙන්නෙ පොඩි මල්ලිව මරල දැම්ම, බාප්ප අබ්බගාතයෙක් කලා ,නංගිගෙ ජීවිතේම නාස්ති කලා ඌ අපිට සෙල්ලම් පෙන්න පෙන්න ඉන්නකොට ඌට අමතක වෙලා ගියා කවදහරි අපිටත් චාන්ස් එකක් එයි කියල…..

තාත්ති මට අද මේකිව ඕනේ….
පට්ට ලස්සනක්නෙ තියෙන්නෙ ඇමරිකාවලවත් මෙච්චර ලස්සන කෑල්ලක් දැක්කෙ නෑ….

මෙච්චරවෙලා කෙල්ලගෙ කට වටේට බැදල තිබුන ලේන්සුව ගලවල විසිකරල කෙල්ලගෙ තොල් පෙති අතගාන්න ගත්ත…..

තුක්…..
පලයං යන්න ගෑනු පෙරේතය …..
තෝ අම්මෙක්ගෙන් ද ඉපදුනේ…..

විසිනි කෙලගහපු පාරට ඇමති පුතාගෙ මූණ පුරාම කෙල විසිරැනා…..
ඒ විගසම කෙල්ලට ලැබුන වේගවත් අතුල් පහරට කෙල්ලගෙ තොල පැලිල නිකට දිගට ලේ වැක්කෙරෙන්න ගත්ත…..

කෙල්ලට හිතා ගන්න බෑ මෙච්චර දහිරියක් හිතට කොහෙන් ලැබුනද කියල….
ආශි ජීවත් වෙනව කියල දැනගත්තාම කෙල්ලට ගතට වගේම සිතටත් ලොකු ශක්තියක් ආවේ…..

අතඇරපං මාව පෙරේත හැතිකරේ….
තොපි හිතුවද මං තොපිට බයේ මගේ ජීවිතේ ඉල්ල ඉල්ල හිගාකයි කියල ….
එහෙනම් තොපිට වැරදිලා …..
මගෙ මහත්තය මේ පලාතම වගේම තොපිත් නම ඇහුවත් වෙවුලන ආශික්…..
තොපිට අමතක වුනාද මං ආශික්ගෙ වයිෆ් කියල …..

මූණ පුරා තියෙන තුවාල වලින් වගේම අත්පා ගැට ගහල තියෙන ලණු වලට කැපිල රිදුම් දෙන තුවාල ඇදුම් කන පටි පාරවල් පුපුරැ ගහන කම්බුල්වත් කෙල්ලට මතක්වුනේ නෑ එන ඕන දේකට අවසාන බිංදුවටම එනකම්ම සටන් කරන්න හිත ශක්තිමත් වුනේ ආශි තව තවත් හිතේ හොල්මන් කරද්දි …..

මේන් මේකිගෙ කටට පන ඇවිදින්….
මිනිහගෙ ඌශ්නෙ ගෑනිට වැදිල වගේ බං….

සෝමෙ හිනාවෙවී කියද්දි කෙල්ල දවා අළු වෙන තරමට සෝමෙටත් වගේම අනිත් අයටත් රැව්ව…..

ඔව් මං උබලට බය නෑ යකෝ….
මගෙ මහත්තය මෙතනට ආවොත් එහෙම උබලගෙ කෑල්ලක්වත් හොයාගන්න බැරිවෙයි ….
මං දන්නව උබල මගේ මහත්තයගෙ නම කියද්දිත් වෙව්ලනව කියල…..
මගේ මහත්තය සිංහයෙක්නම් උබල පය පාමුල වැටිල ජීවිතේ හිඟාකන පුංචි පුංචි සත්තු…..

ඔබලට පුලුවන්නම් ගිහින් මගෙ මහත්තයගෙ මූණට ගහල බලපංකො…..
හැබැයි උබලට එන්න වෙන්න එක්කො පෙට්ටියෙන් නැත්නම් මූවගේ අබ්බගාතයෙක් වෙලා…..
ආශි ගැහුවොත් ගහන්නෙ කෙලින්ම ගිහින් මූණටමයි……
තොපි වගේ බයගුල්ලො වෙලා හැංගි හැංගි නෙමෙයි …..

ඒක නෙමෙයි උබලට හරියන්නෙ ගවුම නෑ ඒකත් හරියන්නෑ මොකද දැන් ඉන්න ගෑනුවත් උබල වගේ කොන්දපනනැති වැඩ කරන්නෑ ….

කෙල්ල උන් ඔක්කොම දිහා බලාගෙන හයියෙන් හිනාවෙද්දි සේනාධීරගෙ පුතා පැනල චටාස් ගහල කනේ පාරක් දුන්න….

කටවහපං බැල්ලි ……
තෝ හිතාගෙන හිටියට තො⁣ගෙ මිනිහ තෝව ඇවිත් බේරගනියි කියල ඌට මේපාරනම් අපිට කිට්ටුවෙන්නවත් ලැබෙන්නෙ නෑ …..
ඌ මෙතන හොයාගෙන එද්දි උබට වෙන්න ඕනෙ හරිය වෙලා මෙතන මැරිල ඉදී…..
තොටත් තොගෙ මිනිහට තියෙන හයිය තියෙනව නේද ගතේ හයිය නැතිවුනත් හිතේ හයිය…..

ඇමතිගෙ පුතා ඇවිදින් කෙල්ලගෙ අතපය ලිහල දැම්ම…..

කෙල්ලව බලෙන්ම ඇඳට පෙරලගෙන හැමෝම ඉන්න තැන බලෙන්ම කෙල්ලගෙ කම්බුලක් සිප ගත්තෙ කෙල්ල දඟලද්දි…..

අතඇරපං මාව තොපිට ලැජ්ජ නැද්ද කෙල්ලෙක් මෙහෙම තනිකරගෙන වද දෙන්න …..
තොපිත් පිරිමිද….

නංගිට ඒක දැනගත්තෑකි තව ටිකකින්…..

ඇමති පුතා හිනාවෙලා කියද්දි එතන හිටිය හැමෝම ජරාවිදිහට හිනාවුනා …….

අපි යනව බාර් එක දිහාවට ටිකක් උබ උබේ වැඩක් කරගනිං…..
ඇමති හිනාවෙලා කියද්දි මුළු ඇඟ දිහාම බලල තොල පිට හරවමින් ඒ තිරිසනා කෙල්ල දිහාට කිට්ටුවුනේ……
හැබැයි මරන්නැතිව අපිටත් ටිකක් ඉතුරු කරපං …..
අපිත් ආසයි නාඹර කැකුලියන්ට නේද බං මල්ලි …….

කෙල්ලෙ නිකං බොරැවට දඟලන්නෙ නැතිව මගෙ පුතාව ටිකක් සතුටු කරහංකෝ …..
උබත් හරියට උබේ අම්ම වගේමයි…
බේරිලා යන්න බෑ කියල දැන දැනත් බොරැවට කෑ ගහල දඟලනව…..

ඔව් උබල ඇති තරම් හීන බලපල්ල හැබැයි මගේ මහත්තය මෙතනට එනකම් විතරක්..
උබ ගිහින් මල්ලිටයි පුතාටයි පෙට්ටි බුක් කරල වරෙන් ඇමතිතුමෝ…

කෙල්ලගෙ කම්බුලට වැරෙන් කම්බුල් පාරක් ආයිමත් ලැබෙද්දි කෙල්ලගෙ ඔලුව ගිහින් ඇදවියලෙ වැදුනෙ ලේ විසිරෙද්දි…..

උබ ඔය විදිහට කතාකරන්නෙ කාටද කියල දන්නවද බැල්ලි….
මිනිස්ටර් නිකේශ්වර සේනාධීරට…..
තොට ඒතරම්ම හයියක් කොයින්ද…..
බටු ඇට දෙකක් තරමට නැතත් තොග කටේ තියෙන සව්දම….

බලාගෙන හිටපිය බැල්ලි තොගෙ මිනිහට තෝව බේරගන්නකං …..
එන්න ඕන වුනත් අද එන්න ලැබෙන්නෑ…..
මොකද ඌට එන්න බැරිවෙන්න හැමතැනින්ම හිරවෙලා තියෙන්නෙ…..
ඒකනිසා මට පාඩුවෙ මගෙ වැඩේ කරගන්න දීපං …….

මගෙ සුදු මහත්තයො මෙච්චරකාලෙකට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මගෙ ඇඟට දැනුනෙ ඔයාගෙ ස්පර්ශය විතරයි වැටුනෙ ඔයාගෙ හුස්ම විතරයි …..
ඒත් බැරිවෙලාහරි වෙලාවට ඔයාට මාව බේරගන්න එන්න බැරිවුනොත් මට බෑ දෙයියනේ හිරිකිතක් නැතිව ඔයා ලඟට එන්න ……

මට ආයිමත් මේදේවල් අමතක කරල ඔයාගෙ වෙන්න බෑ …..
එක එකා අතින් ඉඳුල් වෙලා ඔයාගෙ ලග ඉස්සර වගේ දැවටි දැවටි අපේ පැටිය ගැන හීන දකින්න කවදාවත් බෑ රත්තරං…….

මට සමාවෙන්න අම්මෙ තාත්තෙ මේ ඔක්කොම අතඇරල දාල මටත් ඔයාල ලඟට එන්න වෙයි….
මෙතුම් ,මහිම අයියල මහත්තයවයි අම්මවයි කොහොමහරි බලාගනී…..
මං හොදටම දන්නව මුං ඔක්කොම එකතුවෙලා ඔයා එන්න පරක්කුවුනොත් මව විනාස කරයි දෙයියනේ ……

මං දන්නව උන් මට එහෙම කලාට කවදාවත් මාව මරන්නෑ කියල උන් ඔය කොච්චර කිව්වත් …..
උන්ට ඕනෙ මාව විනාශ කරල ඔයාව වට්ටන්න,ජීවත් වෙන මලමිනියක් කරන්න…..
මාව ඇවිත් ඉක්මනට බේරගන්න මගෙ දෙයියො එහෙම නොවුනොත් මං ඔයාගෙ පැටියත් එක්කම මගෙ ජීවිතේ නැති කරගන්නව ……

කෙල්ලට හයියෙන්ම හිනාවෙන ගමං අනිත් අය එතනින් යද්දි ඇමතිගෙ පුතා කෙල්ලව ඇදට පෙරලගත්ත…..

Likes ,comments වලට thanks මගෙ යාලුවනේ …… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *