…..හිරූගෙන්……~~~ පිනි වරැසා 52~~~

ආශි icu එකේ දොරට හේත්තුවෙලා ඉක්බිඳිනකොට උනුසුම් අතක් උරහිස මත තියනව දැනෙනකොට ආශිට ඒ ජීවන සුවඳ අඳුරගන්න බැරිවුනේ නෑ ……

හැමෝටම පෙන්නුවට හිත තදකරගෙන ඉන්න හිතක් පපුවක් නැති ගානට හැසිරෙන මිනිහෙක් කියල කාව රැවැට්ටුවත් උබේ අම්මව රවට්ටන්න බෑ පුතේ……

අම්මගෙ හිස වැදුන පාරට තුවාල වෙලා තිබුන නිසා අම්මගෙ හිස වටේට වෙලුම්පටි වලින් වෙලල තිබුනෙ……

අම්මගෙ තුවාලෙ දැක්කම ආශිට අම්ම ගැන ලොකු දුකක් ඇතිවුණේ….

මං උබව අඳුරන්නෙ උබව මගෙ බඩට ආව දා ඉඳල …..
උබේ සිතුම් පැතුම් හැමදෙයක්ම දැනගෙන හිටියට මේ අම්මට බැරිවුනා උබව යහපත් මාර්ගෙට ගන්න…..
උබ දන්නැති වුනාට මං උබ ගැන හිතල විදින වේදනාව මං විතරයි දන්නෙ……
මට දැන් හිතෙනව උබල ලොකු නොවී පුංචියටම හිටියනම් කොච්චර හොඳද කියල……

තාත්ත දැන ගත්තම මට දරැවො දෙන්නෙක්ම ලැබෙන්න ඉන්නව කියල ඒ මිනිහට පිස්සු හැදුනෙනැති එක විතරයි…..
උබල වෙනුවෙන් ගොඩාක් හීන දැක්ක….

කවදහරි මං නැති දවසක මං වගේම මගෙ දරැවො දෙන්න ඔයාව බලාගනී ඒක නිසා මට ඕන වෙලාවක මැරෙන්න බයනෑ කියලමයි කිව්වෙ ……
උබල හම්බුනාට පස්සෙ තාත්ත තවත් මහන්සි වෙලා හම්බ කරන්න පටන්ගත්ත ඒ උබලට සැපවත් ජීවිතයක් හදන්න…….

තාත්තට ඕනකලේ උබල ගුණයහපත්කමට ඉන්න හොඳ වැදගත් සමාජයටම ආදර්ශයක් වෙන දරුවො කරන්න…..

ඒත් හැමදේම බොඳවෙලා ගියේ නොහිතපු විඳිහට තාත්ත අපිව දාල ගියාට පස්සෙ…..
මට බැරිවුනා තාත්තගෙ හීනෙ හැබෑකරන්න…..
එකෙක් කොච්චර හොඳට හැදුනත් වැඩක්නෑ අනික පලාතම ගඳ ගස්සනවනම්…..

ඒවගේ තමයි උබත්…
අයිය කොච්චර හොඳට හැදුනත් වැඩක්නෑ උබ කරන්නෙ නොහොබිනාකම්නම්……

ආශිගෙ හිතට ලොකු අසරණකමක් වගේම වරදකාරී හැගීමක් දැනෙද්දි අහක බලාගත්තෙ කඳුළු පටලයකින් දෑස් බොඳවීගෙන එද්දි ….

අද මේ විදිහට ඇඳකට වැටිල පන අදින තත්වෙකට මගෙ කොල්ල වැටුනෙ උබ නිසයි උබේ වැඩ නිසයි …..

උබ අද හැදෙයි හෙට හැදෙයි කියල මං කලේ හැමදාම කට වහගෙන හිටිය එක…..
පොඩිකාලෙ වැරදි පාරෙ යනකොට උබව ගහල බැනල කොච්චර හරි මාර්ගෙට ගන්න හැදුවත් උබගෙ ⁣තියෙන නොසන්ඩාලකමය උබ හැදුනෙනෑ……
අන්තිමට මං උබව ලඟට අරගෙන හොඳින් තේරැම් කරල දුන්න හුගාක් ආදරෙන් ජීවිතේ ගැන කියල දුන්න ඒත් උබට ඕනකලේ උබේ ජීවිතෙත් නාස්ති කරගෙන හැමෝගෙම ජීවිත විනාශ කරන්න….

දැන් උබට සතුටුද…..
උබේ සහෝදරය අරහෙම පන අදිනව දැක්කම උබට සතුටක් දැනෙනවද පුතේ……

ආශි හිතපුවත් නැති විදිහට අම්ම ආශිට පාත්වෙලා වැන්ද…..

මොනවද අම්ම මේ කරන්නෙ….
කෝ විකාර කරන්නෙ නැතිව නැඟිටින්න…..

මං උබගෙන් වැඳවැටිල ඉල්ලන්නෙ එකම දෙයයි ඉතුරු ටිකවත් මට සැනසීමෙන් ඉන්න දීපං ……
උබ නොදැන හිටියට උබ ගෙදරින් පිටත්වෙලා යන හැම වෙලාවකම මගේ පපුව සියදාස්ගානට වේගෙන් ගැහෙනව ඒ උබට මොකක්හරි නපුරක් වෙයි කියල…..
උබ ගිය වෙලේ ඉඳන් ආයිමත් ගෙදර එනකම් මගේ පපුව රිදෙනව මගෙ පුතේ….

උබට දුක හිතෙන්නෙ නැද්ද පොඩ්ඩක්වත් මේ අම්ම ගැන…
දැන්වත් ඔය සේරම අමතක කරල හොද මිනිහෙක් වෙයං මගෙ පුතේ…..
මට සැනසීමෙන් මැරෙන්න දියං…..
මගෙ ඉදිරිපිට මගෙ දරුවො වේදනා විඳල මැරිල යනව දකින්න මං අවාසනාවන්ත කරන්න එපා පුතේ….
මට සැනසීමක් දියං දැන්වත් …..
දැන්වත් හොද මිනිහෙක් වෙයං පොඩ්ඩක්වත් අපි ගැනත් හිතහං……

අම්ම ආශිගෙ පපුවට ගගහ අඬ අඬා කිව්වත් ආශි පිලිගත්ත පාටක් තිබුනෙ නෑ……

එතකොට මට අම්ම කියන්නෙ මගේ තාත්තව කෑලි කෑලි වලට කපල දාපු මිනීමරැවො අතඅරින්නද…..
මගේ තාත්තට කියල එයාගෙ හොදම යාළුවගෙ බිරිඳ මස්සිනාගෙ බිරිඳව දූෂනේ කරවන්න හදපු අවජාතකයො අතඅරින කියලද……
එකා එකා ඇවිත් මාරැවෙන් මාරැවට මගෙ නැන්දව දූෂනේ කරල මාමට පෙන්නපු අසමජ්ජාති බල්ලො ටික අතඅරින කියලද….

ආශි වේගෙන් සද්දෙට හොස්පිටල් එකම දෙවනක් වෙන්න කෑගහද්දි අම්මටත් බය දැනුන…..

සේන අංකල්ව මරල එයාගෙ ලොකු දුවවයි පොඩි දුවවයි දූෂනේ කරල මරල මගෙ අයියටයි මහිමටයි වෙඩි තියල ඔයාගෙ ලේලිව මාරැවෙන් මාරුවට දූෂනේ කරන්න හදපු ඒ පාහර බල්ලො අතඅරින කියලද….

ආශි යටිගිරියෙන් කෑගහන ගමං icu එකේ දොරටත් පයින් ගහපු පාරට වීදුරැ කෑලි වලට කුඩුවෙලා හැමතැනම විසිරිලා ගියා…..

මං මේ හැමදේම මේ කාලකන්නි ඇස් දෙකෙන් දැකපු මිනිහෙක් අම්ම…..
ඔයාම කියන්න දැන් හැමදේම මගෙන් දැනගත්තනෙ…..
මං මොනවද කරන්න ඕනෙ කියන්න මං මොනවද කරන්න ඕනෙ…..

මගේ තාත්තට ඉපදුණු එකෙක් නොවුනු ගානට ගේ ඇතුලට වෙලා රිංගගෙන සද්ද නැතිව ඉන්න ඕනෙද…..
නැත්නම් මේ රට පලාත අතඇරල බයේ පැනල දුවන්න ඕනෙද…..
නැත්නම් මං ගිහින් උන්ගෙ දෙපා මුල වැටිල අනේ මට සමාවෙන්න මගෙන් වැරැද්දක් වුනේ ආයි එහෙම කරන්නෑ කියල සපත්තු ලෙවකන්න ඕනෙද……

කි..ය..න්..න ම…ට……

ආශිගෙ කේන්තිය දැක්කම අම්මටත් බය හිතුනෙ ආශි කේන්තියෙන් හොස්පිටල් එක දෙවනක් කරයි කියල……

අම්මයි ආශියි දිහා වටේ පිටේ ඉන්න ඔක්කොම බලාගෙන ඉන්නව දැනුනත් ආශිටනම් වගේ වගක්නෑ …..

අම්මටත් හිතාගන්න බෑ ආශි මේ කියනදේවල්…..
අම්මගෙ දෑස් වලින් කඳුළු වැටෙද්දි අම්ම හයියෙන්ම පපුව මිරිකගත්තෙ ආශි කියනදේවල් අදහගන්න බැරිව…..

පොඩි පුතා එවෙලෙ ඔයත් හිටියෙ ගේ ඇතුලෙමද ඒත් මට කි..ව්..වෙ….

කෝ මොකද ඔය බයවෙලා වගේ…..
උත්තර නෑ නේද…..
පුංචි ලමයෙක් විදිහට හිටපු මං ඒදේවල් කොහොම දරාගත්තද කියල හිතෙනවද දැන්……..

ඔයාට මේ දේවල් දකින්නෙ නැතිව මෙහෙම නම් හිතාගන්නකො මගෙ මේ ඇස් දෙකෙන් මේ හැමදෙයක්ම සිදුවීමෙන් සිදුවීමට දැක්කාම ⁣මට මොනව හිතෙනව ඇති ද කියල……

ඔයා මෙච්චරවෙලා මට බැන්න නේද මං හරියට හැඳුනෙ නෑ කියල……
මෙච්චර දේවල් මේ ඇස්වලින් දැකල තියෙද්දිත් මං කොහොමද ඔයා කියන විඳිහට අයිය වගේ හැදෙන්නෙ අම්ම…
මං කොහොමද මැරිල ඉපදුන ගානට හැමදෙයක්ම අමතක කරන්නෙ…..

ඔයාගෙ හීන තාත්තගෙ හීන මං හැබෑ නොකලත් මට මගේ අය වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න ඕනෙ මාව මැරිල ගියත්…..
ඒනිසා මෙතුම් වගේ පුතෙක් මගෙන් ඔයා කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා අම්ම මං හැමදාටම ආශි ආශි විතරමයි…..

ආශි එතනින් යනවත් එක්කමයි මාමත් එතනට ආවෙ……
මාම ආශි යන එක නතර කරල අතින් අල්ලගන්න හැදුවත් ආශි මාමටත් රවල මාමගෙ අත ගසල දැම්ම……

ප්ලීස් මාම අදින් පස්සෙ ඔයා මාව හිරකරගෙන ඉන්න උස්සහ කරන්න එපා…..
මං ගැන හොයල බලන්නත් එපා මේ මොහොතින් පස්සෙ මං කරන්නෙ මට ඕනි දේ…..
අවුරැදු ගානක් මගේ පාර හරස්කරගෙන හිටගෙන මාව බැඳල තියාගත්ත දැන් හොදටම ඇති ……
හොඳට මතක තියාගන්න අදින්පස්සෙ මගෙ පාරට එන්නවත් මාව වලක්වන්නවත් ට්‍රයි කරන්න එපා…..

සද්දෙට කියල දාපු ආශි එතනින් යන්න ගියෙ කේන්තියෙන් පුපුර පුපුර…..
කවුද මල්ලී සුදූ ලඟ ඉන්නෙ…..
මං මගෙ ඔෆිස කෙනෙක් රෑම් එක ලඟ තියල ආවෙ…..

මට ගොඩක් බයයි මල්ලි තාම මෙතුම්ගෙ තත්වෙ ගැන ඩොක්ටල කිසිම විස්තරයක් හරියට කියන්නෙ නෑනෙ…..
එහෙන් අර කොල්ල පිස්සු වැටිල වගේ දඟලන්නෙ….
අපේ ජීවිත වලට මොනව වෙයිද කියල මට හිතාගන්නවත් බෑ මල්ලියෙ …..

බලාගෙන ගියාම පොඩි පුතාගෙත් වරදක් නෑ මං මේච්චර දෙයක් අද වෙනකම් දැනගෙන හිටියෙ නෑ මල්ලි…..
නංගිට ලොකු අපරාධයක් කරල තිබුන කියල දැනගෙන හිටියත් මං දැනගෙන හිටියෙ නෑ එදා වෙච්ච දේවලුත් අකුරක්නෑර
පොඩිපුතා දැකල කියල…..

ඒත් එහෙමයි කියල අපිට පුලුවන් ද අපේ අනිත් අයවත් නැති කර ගන්න මේ ප්‍රශ්න වල පැටලිලා……
මට තේරෙන්නෑ මල්ලියෙ මොනව කරන්නද කියල මට හිතාගන්න බෑ මල්ලියෙ….

එතකොට සේන අයිය….
මං එයාව එදා අයියලගෙ මරණ ගෙදරින් පස්සෙ දැක්කෙ නෑනෙ…..
මොකද්ද මේ නෙතුම් කියන කතා මට තේරෙන්නෑ මල්ලියෙ මොනවද මේ පැටලිලි කියල…..

පොඩි පුතා ගොඩක් හොඳට සේන අයියව අඳුරනවනෙ…..
එතකොට අර අහිංසක කමට හිටිය සුරංගනාවියො වගේ ලස්සනට හිටිය කෙල්ලො දෙන්න මරල දාලද…..

ඔව් අක්කෙ….
ඒක වෙලත් දැන් ටික දවසක් වෙනව….
මං අක්කට හැමදේම විස්තර කරල පස්සෙ කියන්නම්කො….

පව් දෙයියනේ පොඩි උන් දෙන්න…..

මේ මිනිස්සු මෙච්චරටම තිරිසන්නු වෙලා තියෙන්නෙ ඇයි මල්ලි……

ඒව උන්ගෙ ලේවල වැරදි වෙන්න ඇති අක්කෙ….
උන්ගෙ පරම්පරාවෙ ඔක්කොටම ගෑනු පේන්න බෑ …..

මට කෙල්ලව බලල පංසලට යන්න ඕන බෝධි පූජාවක් තියල පඬුරක් ගැට ගහල එන්න….
හිතට පොඩිහරි සැනසීමක් දැනෙන්නෙ සුදූ කිසිම අන්තරාවක් නැතිව බේරිල ආපු එකටයි මහිම පුතාගෙ ඔපරේෂන් එක සාර්ථක වෙච්ච එකටයි……

ඒත් බලන්නකො මල්ලියෙ මගෙ අහිංස කොල්ල කිසිම හැලහොල්මනක් නැතිව වැ..ටිල ඉ..න්..න හැ..ටි…..

අම්ම පපුව අල්ලගෙන අඬද්දි ආශිගෙ මාම ලඟට ගිහින් ඔලුව අතගෑව….

නාඬ ඉන්න මගෙ අක්කෙ දෙයියන්ගෙ පිහිටෙන් මෙතුම් පුතාට හොඳවෙයි….
ඔයා හිත හයිය කරගන්න…..
මේ වෙලාවෙ ඔයා තමයි හැමෝගෙම හිත හදන්න ඕනෙ….

තව එකක් අක්කෙ මේ කිසිම දෙයක් අඩුගානෙ මෙතුම් ගැනවත් මහිම ගැනවත් සුදූට කියන්න එපා….
කෙල්ල ඉන්න තත්වෙ නිසා ඒක උනත් ඇති දරුවට බලපෑමක් වෙන්න…..

කෝ ඔය කඳුළු පිහදාගන්න මෙතනටවෙලා හූල්ල හූල්ල හිටිය කියල මෙතුම්ට සනීප වෙන්නෑනෙ…..
ඩොක්ටල කරන්න පුලුවන් හැමදේම කරනවනෙ…..
අපේ කොල්ලට කිසිම කරදරයක් වෙන්නෙ නෑ අක්ක පොඩ්ඩක්වත් බය වෙන්න එපා…..
යමු අපි දෙන්න ගිහින් සුදූව බලල පංසලටත් ගිහින් එන්න යමු…..

Likes ,comments වලට thanks මගෙ යාලුවනේ…… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *