…..හිරූගෙන්……~~~ පිනි වරුසා 55 ~~~

දින ගනනාවක් ගෙවිල ගියේ කා අතරවත් වැඩිය කතා බහක් නැතිව……
මෙතුම්,මහිම දෙන්න ටිකට් කපල ගෙදර එක්කගෙන ආව නිසා ඔක්කොම හිටියෙ හිතේ සැනසීමෙන්…..
ගෙදර වැඩිපුරම නිශ්ශබ්දව තිබුනෙ මහිමගෙ කට මේටිකේ වැහිල තිබුන නිසා…..
විසිනිනම් ආශිගෙ මූණවත් බැලුවෙ නෑ කෙල්ල හිතුවෙ මේ හැමදේම වුනේ ආශිගෙ හිතුවක්කාර වැඩ නිසා කියල……
ඒත් ආශිගෙ නපුරු ඇස්දෙක නම් නිතරම කැරකුනේ විසිනි වටේටමයි……

දැන් කෙල්ලගෙ කුසට මාස හතරකට කිට්ටුයි .ඒත් තාම දරුවෙක් ලැබෙන්න කියල හොයනවත් බෑ …..
බඩක් කියල නාමයක්වත් නෑ ….
ආශිනම් හොරෙන් හොරෙන් කෙල්ලගෙ කුස දිහාම බලාගෙන ඉදල නිතරම කල්පනාව …….

කෙල්ල නාගෙන ඇවිත් කොන්ඩෙ පිහදාන දිහා බලාගෙන ආශි හිතුවෙ රුවුල අතගගා…..

මේකි මට ඇරියෙ බොරුවක්වද්ද….
ඒත් එදත් ඩොක්ටර් කිව්වනෙ මටත් දැනෙනව ඒකි දැක්කම බබෙක් ඉන්නව කියල කෝ ඒත් මේකිගෙ බඩ එන්නෑනෙ ඒ මොකද …….

ශිට් මේ ගෑනු ප්‍රශ්න කල්පනා කරන්න ගියාම මට බොන්නමයි හිතෙන්නෙ අප්ප…..
ආශි…. ආශි කොහොම හිටිය කොල්ලෙද්ද රෙද්ද කලින් ……
ලව් කරන්න ගිහින් දැන් මාර ප්‍රශ්න වලට මූණ දෙන්න වෙලා තියෙන්නෙ……
හපෝ ආයිනම් කෙල්ලෙක්දිහා බලන්නෙවත් නෑ කොහොමත් බලන්න හම්බෙන එකක්නෑ මේකි ඉන්නකම් …..

මෙයා මොකද මේ කන්න වගේ මගෙ දිහා බලන්නෙ ඒපාර මොන යකා ගහලද…..

ඇදේ හාන්සිවෙලා පත්තරයක් බල බලා හිටිය කෙල්ලට හුඟ වෙලාවක ඉදල තේරිලා තිබුනෙ ආශි බලාගෙන ඉන්නව කියල….

ඒත් ටික වෙලාවක් ගියාට පස්සෙ කෙල්ල නැඟිටල කාඹරෙන් එලියට යන්න ගියෙ ආශිගෙ ඇස්වලින් බේරිල්ලක් නැතිමතැන….

විසිනි පහලට යනකොට හුගකාලෙකට පස්සෙ මහිම,මෙතුම් කෑම මේසෙ වාඩිවෙලා කෑම කනව……

දෙන්නට කෑම මේසෙ මතක්වෙලා තියෙන්නෙ ……

අමකතවෙලා තිබුනෙ නෑ බං …..
හිත මෙතනට දුවගෙන ආවට මට මගෙ බොඩිය අරගෙන එන්න බැරිවුනානෙ බං …..

ඒ මොකද ඒ ඒකත් කොහොමහරි අරගෙන එන්න එපැයි තියෙන බඩජාරිකමට…..

බෑනෙ බං ඇද ලග මේස උඩ බලන්න ආපු උන් අරගෙන ආව පලතුරු තිබුනනෙ තට්ටු පිට තට්ටු ගහල ඒව දාල එන්න මට හිත හදාගන්න පුලුවන්වුන්නෑ…..

මොකද බං තෝ කලවැද්දො කට වහගෙන ඉන්නෙ මොනවහරි කියපියකො ලෝයර් කුනෝ ඇයි තොගෙ වෙඩි තිබ්බෙ කටටද……

මගෙ නෙමෙයි තොගෙ කටට තියන්න තිබ්බෙ වැරදිලා #ක⁣ට තියල තියෙන්නෙ……

ඒයි ශිකේයිය බං තොට වෙඩි තියල තියෙන්නෙ කාටවත් පෙන්නන්නවත් පුලුවන් තැනකටයෑ බං …..
වහකන්න හිතෙනව යකෝ……
තෝ දොස්තරට පෙන්නුවෙ කොහොමද යකෝ විලිලැජ්ජාවක් නැතිව ……
ආ ඒකෙ පුදුමයක් නෑ තෝ හිවල අරුන් සෙට්ටෙක දැක්ක ගමන්ම තෝ හතරගාතෙ දාල ඇදගෙන වැටුනනෙ අරගෙන එනකොට තොට සිහිමුර්ජා වෙලා ඉන්න ඇත්තෙ……

තොට වුනාවගේ අසමජ්ජාති වැඩක් මං මගෙ හතුරෙකුටවත් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව ලොම්බො……

අනේ පල යන්න කලවැද්ද මං මගෙ #ක අල්ලගෙන ඉස්සරහට පැන්නෙ නැත්නම් තෝ එතනම මැරිල කුණු පෙරේතයො මෙලහකටත්……

අයියෝ ඇති ඇති ඕං ආයිමත් පටන්ගත්තද…..
ඇයි අනේ ඔය දෙන්න කොච්චරවත් රංඬු වෙන්නෙ ……

ඈ බං සුදූ උබ ඒකවත් දන්නෙ නැද්ද …..

ඇයි මොකක්ද …..

ඒකට කියන්නෙ සහෝදර බැඳීම ……
ඇණකොටා ගන්න ගන්න තමයි ඒක ශක්තිමත් වෙන්නෙ……
බොරුනම් තමුසෙගෙ මිනිහගෙන් අහල බලපංකො ……
අපි ඌත් එක්ක මෙහෙම යන්නෙ නැති එක වෙනම දෙයක් ……

ඔව් ඔව් වෙනම දෙයක් තමයි ….
මට කියන දේවල් මූ ඌට කියන්න ගියොත් මූට වෙන්නෙ අහවල්එක නැතිව එන්න…..

මං යනව අනේ යන්න ඔයාල හොදනෑ …..
කිව්වොත් එපා කරපුම කතාවක් තමයි…..

මොනව වුනත් මූ හොද එකා……
මට වෙඩිතියන්න හදනකොට මූ ඉස්සරහට පැන්න…..
එහෙම නොවුනනම් අද මං කොහොමත් මෙතනනෑ…..

සුදූ මෙහෙට එනවකො ….

මට බෑ මෙතුම් අයිය ඔයා ඔය ලඟට කතා කරල මාව සවුත්තු කරන්න හදන්නෙ……

නෑ බං සුදු මැනික එනවකො ටිකක් ….
මගෙ බඩ තාම ටිකක් රිදෙනව බං ඇවිදින්න කරන්න ටිකක් අමාරුයි……

කෙල්ල මෙතුම් ලඟට ගිහින් හිට ගත්තාම මෙතුම් කෙල්ලගෙ කුස ආදරෙන් අතගාල ඔළුව හේත්තු කලා……

උබ මට හැංගුවට මං බාප්ප කෙනෙක් වෙන්න යනව කියල මං ඒක දැනගත්ත හොරෙන් හොරෙන් වමනෙ දදා ඉන්නකොට…….
ඉක්මනින් වරෙන් පැටියො ඔයාගෙ බාප්පට මේ ලොම්බ ඉන්න දෙන්නෙම නෑනෙ අපි ඌට ගේමක් දෙමු එකතුවෙලා……

සා හිතේ ඇති මූ බඩේ ඉන්න ලමයිවත් නරක් කරනව ……..
මූ බාප්ප නෙමෙයි කාක්ක…..

මෙතුම් කුස අතගගා කියද්දි කෙල්ලට දැනුනෙ ලොකු ලැජ්ජාවක්…….
කෙල්ල ලැජ්ජාවෙන්ම අහක බලාගද්දි දැක්කෙ ආශි පඩිපෙ⁣ළේ වාඩිවෙලා බලාගෙන ඉන්නව …….
ආශිව දැක්කහමනම් කෙල්ලට දාඩිය පාරකුත් දැම්ම ……..

කන්න ආවත් ආශි නොකාම යන්න ගිය නිසා විසිනිට හිතුනෙනෑ තනියම බඩ පුරව ගන්න……
කෙල්ල කෑම එකකුත් බෙදාගෙන හොරගල් අහුල අහුල රෑම් එකට එනකොට ආශි කොහෙද යන්න ලෑස්ති වෙනව……
කෙල්ල බයෙනුයි හිටියෙ ආශි බනියි කියල බයෙන් උනත් ආශි ලඟට ගිහින් කෑම එක දික්කලේ ආශි බඩගින්නෙම යයි කියල……

මොකද…
ආ කන්න……
මට එපා……

බඩගින්නෙ යන්න එපා කාල යන්න…..

මට බඩගින්නෙ යන්න එපා කියන්නෙ තමුසෙත් කාලද ඉන්නෙ….
මොකද බිම බලාගෙන ඉන්නෙ නෑ නේද….
තමුසෙ නොකා නොබී ඉදල මගෙ පැටියට මන්ද පෝෂනේ හදපංකො එදාට තමා මං උබ ගැනත් බලා ගන්නෙ…….

ආශි රවාගෙන කෑ ගහද්දි කෙල්ලගෙ ඇස්වලට කඳුළු පිරුන ….

යන්න ගිය ආශි හැරිල ආයිමත් ආව…..

තමුසෙ ඉස්සෙල්ලම ඕකෙන් බාගයක් කනවකො මං පහලට ගිහින් එන්නං……
හැබැයි එනකොට කාල ඉවරයක් කරල තිබුනෙ නැත්නම් මං බලාගෙන ඉන්නෑ යනව ඒකනිසා ඉක්මනින් බාගයක් කාල දානව……

කෙල්ල එක හුස්මටම බාගයක් කාල ඉවරකලේ ආශි ඉක්මනට ආපහු රෑම් එකට එයි කියල ……
ඒත් ඒවෙනුවට පහලින් ඇහුනෙ ආශි බයික් එක ස්ටාඩ් කරල යන සද්දෙ……

මොන ජාතියෙ මනුස්සයෙක් ද මන්ද…
කපටිකමෙන් මට කවල යන්න ගියා….
හැමදාම වගේ මං මෝඩය වුනා…..

ආශි ගෙදර එනකොට එකොලහත් පහුවෙලා විසිනි හිටියෙ බොරුවට නිදිවගේ……
වැනි වැනී ආව කෙල්ල ලඟින් ඇද වුනාම මත්පැන් ගඳට කෙල්ලට වමනෙටමයි ආවෙ…..

බාප්පට ⁣හොදයි මගෙ පැටියව අතගගා ඉන්න.බැරිවෙලාහරි මං අල්ලුවොත් තමයි උබේ අම්මටත් ඩෝං යන්නෙ මගෙ පැටියො……
මං එච්චරටම නරක මිනිහෙක් ද මගෙ පැටියො…..
මාත් හරි ආසයි මගෙ පැටියව ටිකක් අතගාන්න කෝ මේකිගෙ තියෙන අහංකාරකම මට දෙන්නෑනෙ පොඩ්ඩක්වත් ලඟටවත් එන්න……

වෙරි මරගාතෙ ඔහේ කියව කියව හිටිය ආශිට එහෙම්ම නින්ද ගියා……

………………………………………………………………

අද මට ඩොක්ටර් ගාවට යන්න තියෙන දවස……

ආශි නැඟිට්ට ගමන්ම කිව්වෙ නැත්නම් නොකිය එලියට ගියොත් ඒකටත් බැනුම් අහන්න වෙන නිසා…..

කීයටද…..

හවස හතරහමාරට……

හ්ම් ලෑස්තිවෙලා ඉන්නව මං එක්කගෙන ⁣යන්නම්…..

අදවත් ඩොක්ටර්ගෙන් අහල බලන්න ඕනෙ මේකිගෙ බඩ එන්නෙ නැත්තෙ මොකද කියල …..
මටත් දැන් තියෙන ප්‍රශ්න……

විසිනිටත් තේරිලා තිබුනෙ නිතරම ආශි කන්න වගේ බලාගෙන ඉන්න නිසා…..

ටිකක් දුරින් හිටියත් ආශි නිතරම විසිනි ගැන හිටියෙ විමසිල්ලෙන් පුලුවන් හැමවෙලේම විසිනිට නොතේරෙන්න විසිනි ගැන හොයල බැලුව…….
විසිනි පඩිපෙළ නඟිනව බහිනව දකිද්දි පවා ආශිගෙ මුළු ඇඟම හීතල වෙලා යනව….
ඉක්මනට පහල රෑම් එකක නවතින්න ආශි තීරනේ කලේ බලාගෙන ඉන්න බැරිමතැන…..

ලැබෙන්න ඉන්න දරුව⁣ට වගේම විසිනිටත් ආශි ගොඩක් ආදරේ කලා…..
ඒත් ඒ ආදරේ පෙන්නන්න ආශිට තේරුනේ නෑ ඒකයි දරුව ගැන කිය කිය විසිනිට නිතරම බනින්නෙ…….
විසිනිට ආදරේ නැතිව නෙමෙයි ආදරේ පෙන්නන්න දන්නෙ නැතිව……

කෙල්ල ලෑස්තිවෙලා පහලට එනකොටත් ආශි උදේ ගිය ගමන් තාම ඇවිල්ල නෑ…….

හතරත් පහුවෙලා තාම නෑනෙ…..
එපොයිමන්ට් එකට පරක්කු වෙනවනෙ….
දැම්ම නොගියොත් මට වෙලාවට යන්න බැරිවෙයි……
අම්මත් ගෙදර නෑ මං කොහොමද යන්නෙ අර දෙන්න එක්ක යන්න පුලුවන්කමක්නෑ…..

කෙල්ල කල්පනා කර කර ඉඳල ආපහු ගෙට ඇවිල්ල ආශිගෙ පෝන් එකට කෝල් එකක් ගත්ත…..
ඒත් එක්කම පෝන් එක රින් වෙනව කෑම කාඹරේ දිහායින් ඇහුන නිසා කෙල්ල ඒ දිහාවට ගිහින් බැලින්නම් පෝන් එක කෑම මේසෙ උඩ ආශි දාල ගිහින් තිබුන……

හරි වැඩේ දැම්ම ගියෙ නැත්නම් වෙලාවට යාගන්න බැරිවෙයි ……
මෙයත් පුදුම තාත්තෙක්…….
මෙච්චර කියලත් ආවෙ නෑනෙ……

කෙල්ලගෙ ඇස් දෙකට කඳුළුත් පිරුන…..

ආවොත් එන්නෙ නැතෑ……

ඒත් එක්කම පාරට ගිහින් යන ත්‍රීවීල් එකකට අත දාල නැග්ග…..

ටික දුරයි යන්න හම්බුනේ වේගෙන් ආව ඩිෆෙන්ඩර් දෙකක් ත්‍රීවීල් එකට යන්න බැරිවෙන්න හරස්කරල නවත්තල කෙල්ලව බලෙන්ම ඇදල අරගෙන වාහනේට දාගත්ත…….

Likes ,comments වලට thanks මගෙ
යාලුවනේ……

………………………………………………………………
ආයිමත් කතා ලියන්නෙ නෑමයි කියල ඉන්නකොට ඔයාල තමයි මගෙ හිත වෙනස්කලේ……
මං හිතුවෙ නෑ මගේ කතාවට මේ තරම් ප්‍රතිචාර තියෙනව කියල ……
මේ සිද්ධියෙන් පස්සෙ තේරුනා කතාවත් එක්ක හුග දෙනෙක් බැදිල ඉන්නව කියල….

දවසකට ඉන්බොක්ස් මැසේජ් පනහකට වඩා තියෙනව යාලුවනේ ආයිමත් ලියන්න කියල……

ඇත්තටම මමත් කැමැත්තකින් නෙමෙයි යාලුවනේ කතාව නැවැත්තුවෙ…..
ඒත් මට එහෙම කරන්න සිද්ධවුනා…….
හුඟ දෙනෙක් අවසානෙ වෙනකම් කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්න නිසා මං මේ කතාව ලියනව……

ඵල ඇති රුකටමනෙ යාලුවනේ ගල් ගහන්නෙ…….
මන්ද මානසිකත්වයකින් පෙලෙන අයව සුවපත් කරන්න මං දන්නෑ……
මං දන්නෙ ලියන්න විතරයි …..
කතාව කියවල රසවිඳින්න පුලුවන් අය විතරක් කතාව කියවන්න………
කතාව හොද නැතිනම් නොකියව හිටිය කියල මට කිසිම ප්‍රශ්නයක් නෑ …….
ඒක ඔයාලගෙ කැමැත්ත…….

කතාවත් එක්ක හැමදාමත් රැදිල හිටිය යාලුවන්ටත් දවසගානෙ කතාව ආයිමත් ලියන්න කිය කිය වඳ දිදී බල කරපු යාලුවො සේරටමත් ස්තූතියි ……. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *