…..හිරූගෙන්…….~~~ පිනි වරුසා 56 ~~~

ගරාවැටුණු පාළු කාඹරේක කෙල්ලව හිර කරල තිබුනෙ…….
අත් දෙපා වගේම කටත් තද කරල බැදල තිබුන නිසා කෙල්ල ලොකු වේදනාවකින් හිටියෙ……

ටික වෙලාවකින් දොර දිහායින් කටහඩවල් වගේම අඩි සද්ද ඇහෙනකොට කෙල්ලගෙ කන් දෙපැත්තෙන් දහඩිය බේරෙන්න ගත්ත……

ආශිගෙ රත්තරං කිරිල්ලී…….
ආයිමත් දෙයියනේ කියල කූඩු කරගත්ත…..

හම්මා උබේ අම්මගෙ සුවඳමයි උබ ලඟත් තියෙන්නෙ ……

සේනාධීර කෙල්ල ලඟට කිට්ටුවෙලා ඉව අල්ල අල්ල කියද්දි සෝමෙ කෙල්ල ලඟට කිට්ටුවෙලා මූණට පිම්බ…….

විසිනි රවල අහකබලා ගද්දි උන් ආයිමත් ජරා විදිහට හයියෙන් හිනාවුනා…….

යකෝ මේකි දවසින් දවස එලිය වැටෙනවනෙ…….
පුදුම ලස්සනක්නෙ තියෙන අරූ නහින්න යන එකේ පුදුමයක් නෑ……
පිස්සු හැදෙනව දැක්කම අයියෙ…..

සෝමෙ හිනාවෙලා සේනාධීර දිහා බලාගෙන කියද්දි සේනාධීර කෙල්ලගෙ පොනිටේල් එකක් දාල තිබුන කොන්ඩෙ කඩලදාල කොන්ඩෙ ඉඹල මලපෙරේතයෙක් වගේ කෙල්ල දිහා බැලුව……

ගිය සැරේ උබ නිසා මට මගෙ ලොකු පුතත් නැතිවුණා ……
උබේ මිනිහ මගෙ මුළු පවුලම විනාශ කෙරුව…..
අඩුගානෙ අඩුගානෙ ඌ මට හිටිය එකම කෙල්ලවවත් අතඇරියෙ නෑ……

සේනාධීර කෙල්ල ලඟට ඇවිත් කෙල්ලගෙ කොන්ඩෙන් තද කරල අල්ල ගන්න ගමං කෙල්ලගෙ මූණට එබුන….

උබ දන්නව ද උබේ මිනිමගෙ කෙරුවාව…..
දන්නවද…..
ඌ මගෙ පුතාල දෙන්නව මරාගත්ත….
මගෙ ගෑනි මාව දාල යන්න ගියා වෙන මිනිහෙක් එක්ක ……
මං හිතන්නෙ හොදමදේ ඌ උබට තාම කියල නැතුව ඇති……

උබ හිතාගෙන ඉන්න මිනිහ නෙමෙයි ඌ….
පලිගන්න පුලුවන්නම් ඕන කැතවැඩක් කරයි එහෙම මිනිහෙක් ඌ…….

මගෙන් පලිගන්න ඕන නිසා මට හිටිය එකම කෙල්ල මගෙ දෝනිව රවට්ටගෙන බඩට දරුවෙක් දීල ඒකිව අතරමං කරල උබව බැදගෙන පැත්තකට වුනා……
මගෙ කෙල්ල අද බඩේ දරුවෙක් තියාගෙන කාලකන්නි ජීවිතයක් ගතකරන්නෙ ඌ නිසයි ……
මං මේ හැමදේම දැනගත්තෙ ගොඩක් පරක්කුවෙලා උගෙ වෙලාවට මං ඒටිකේ හිටියෙ රට……

කෙල්ලගෙ ඇස් දෙකෙන් කඳුළු කඩාගෙන ගියා විතරයි……
කෙල්ල මෙච්චරකල් දැනගෙන හිටියත් ගනංනොගෙන හිටිය දේ ඇත්තක් කියල දැනෙද්දි මැරෙන්න තරම් වේදනාවක් දැනුනෙ ……

කෙල්ලගෙ කට බැදල තිබුන රෙදිකෑල්ල ගලවල විසිකරල සේනාධීර ඇමති විසිනිගෙ කට දෙපැත්තෙන් තද කරල මිරිකුව……

මගෙ දෝනිට මේතරම් දෙයක් වෙලා තියෙද්දිත් මං උබල දෙන්නට සතුටින් පවුල් කන්න දෙයි කියල උබ හිතනවද……

එදා උබලගෙ අර තුට්ටුදෙකේ පොලිස් කාරයට ඌ දැඟලුවට අපිව අල්ලගන්න බැරිව ගියා…..
මං උබ ගැන ඇහැ ගහගෙන ඉන්න වෙනම සෙට් එකක් දාලයි තිබුනෙ…..
මට උබේ මිනිහවත් පවුලෙ කෙනෙක්වත් වෙන කව්රැවත් නෙමෙයි ඕන කලේ උබවයි ඒක උබේ මිනිහ හොදටම දැනගෙන හිටිය ඒකයි ඌ උබේ පස්සෙන්ම වැටිල හිටියෙ……

කොහොමින් කොහොමහරි මටත් ඉදල ඉදල චාන්ස් එකක් ආව ඕං ඉතිං මිස් කරගන්න පුලුවන්යෑ …….
මගෙ කෙල්ල විඳවනකොට උදේ හවා හූල්ලනකොට තාත්ත කෙනෙක් විදිහට මට කරබාගෙන ඉන්න බෑනෙ……..

උබල ඔක්කොම කියන්නෙ බොරු……
මගෙ මහත්තය මං ඇර වෙන ගෑනියෙක් ලඟට යනව තියා එහෙම අදහසකින් ගෑනියෙක් දිහා බලන්නෙවත් නෑ කියල මං හොදටම දන්නව…….

මේ බලහංකො මල්ලි මේකිගෙ කතාව…..

සේනාධීර සෝමෙ දිහා බලාගෙන කියද්දි හැමෝම මහ හයියෙන් හිනාවුනා……

උබ හිතන බෝධි සත්වය නෙමෙයි ඌ…..
ඌ පලිගන්නම උපන් එකෙක් පලිගන්න තියෙනවනම් එක කෙල්ලෙක් නෙමෙයි කෙල්ලො සීයක් උනත් අනාථ කරයි…..

තමුසෙ කොහොම කිව්වත් මං මගෙ මහත්තය ගැන හොදට දන්නව එයා කවදාවත් එහෙම කරන්නෑ ……
මං නොදන්නවෑ තමුන්ගෙ දුව ගැනත් මොකෙක් එක්ක හරි නටල නටල දැන් මගෙ මහත්තයව අල්ලනව ඇති……

වහපං බැල්ලි කට…..

කෙල්ලගෙ කට දෙපැත්තට වැදුන වේගවත් කම්බුල් පාරවල් දෙක තුනක් නිසා තොල පැලිල ලේ වැක්කෙරෙන්න ගත්ත……

තමුසෙ කොහොම කිව්වත් මං කට වහන්නෙ නෑ …….
රට පුරා ඉන්න අහිංසක කෙල්ලො තමුසෙයි තමුසෙගෙ පුතාලයි ,මල්ලියි ගෝලයො ටිකයි එකතුවෙලා දූෂනේ කර කර යනකොට තමුසෙට අමතකවෙලා ගියා තමුසෙටත් දූ සිඟිත්තක් ඉන්නව කියල……

දැන් ඔය තමුසෙට දැනෙන දුක ,වේදනාව ,කේන්තිය තමයි එදා ඒ මිනිස්සුන්ටත් දැනෙන්න ඇත්තෙ ඒ මිනිස්සුත් විඳවන්න ඇත්තෙ …….
ඕකට කියන්නෙ කලකම් පල දෙනව කියල….

මගෙ අම්මට උබල මොනව කරලද කියල මං හරියටම දන්නෑ ඒත් උබලගෙ කතාවෙන් මට තේරෙනව එයාලගෙ මරනෙට උබලගෙත් මොකක්හරි සම්බන්ධයක් තියෙයි කියල ……….
උබේ පවුල විනාශවෙලා ගියෙ උබගෙ තියෙන නැහැදිච්……

කෙල්ලට කතා කරන්න හම්බුනේ නෑ ආයිමත් සේනාධීර කම්බුලට ගහපුනිසා ඇඳ මතට විසිවෙලා ගියා………

බලපල්ලකො මේකිගෙ සයිස් එක……
පොඩ්ඩක් කතා කරන්න දුන්නාම කරේ නගින්න එනව……
මිනිහගෙ හයිය අරගෙන කියවන කියවිල්ල…
බැදපල්ල ඕකිගෙ කට තද කරලම ටිකක් ඕකිට දැනෙන්නත් එක්කම…….

ඒත් එක්කම ඇහුන වෙඩිහඬ නිසා හැමෝම එහාට මෙහාට දුවන්න ගත්ත……

ආන් ලමාතැනී උබව බේරගන්න උබේ මිනිහ ඇවිල්ල …….
එක්කො අද මං පන පිටින් යයි නැත්නම් උබයි උබේ මිනිහයි යයි……

හ්ම් පලයල්ල ඔක්කොම ……
ඉක්මනටම මට ඕකගෙ මලකඳ දකින්න ඕන……

හැමෝම එහාට මෙහාට පැනල ගියත් සේනාධීර කෙල්ල හිටිය කාඹරේ නැවතුනා…..
ඒත් එක්කම කරන්ටෙක විසංඳි වෙනවත් එක්කම කෙල්ල දැක්ක සේනාධීර දොර මුල්ලෙ හැංගෙනව…….

එන්න එන්නම වෙඩි සද්දෙ වැඩි වැඩියෙන් ඇහෙද්දි කෙනෙකුගෙ සපත්තු සද්දයක් කාඹරේ ලඟින්ම ඇහුන……..
ඒ අඩිය තියන සපත්තු සද්දෙ කෙල්ලට අඳුරගන්න බැරිවුනේ නෑ ……

කටත් බැදල කරුවලේ ඇඳ උඩ වැටිල හිටිය කෙල්ලට ආශිට කතා කරනව තියා සේනාධීර දොර මුල්ලෙ හැංගිලා ඉන්නව කියල මූනෙන්වත් කියන්න පුලුවන් වුනේනෑ….

කෙල්ල කරපු කරන්න තිබුන එකම දේ ආශිව බේරල දෙන්න කියල දෙවියන්ට කියන එක විතරයි……

ආශිගෙ සපත්තු සද්දෙ ලඟ ලඟම ඇහෙද්දි එකපාරටම කෑගහන සද්දෙකුත් එක්ක මනුස්සයෙක් ඇඳ වැටෙන සද්දෙ ඇහෙනකොට කෙල්ලගෙ මුළු ඇඟම දහඩියෙන් තෙත්වෙලා ගැහෙන්න ගත්ත…..

ඒත් එක්කම සේනාධීර දුරකථනයෙන් කතා කරන සද්දෙ ඇහෙනවත් එක්කම ආයිමත් කරන්ටෙක ආව….

ඕං බලපංකො කෙල්ලෙ අපි හිතුව වගේම ප්ලෑන් කරපු විදිහටම උබේ මිනිහ අපේ ගැටේට අහුවුනා……

බිම ලේ විලක් මැද ඇදගෙන වැටිල හිටියෙ වෙනකවුරුවත් නෙමෙයි මෙච්චරකල් කෙල්ලව ඇස්දෙක වගේ ආරක්ෂා කරපු කෙල්ලට පනටත් වඩා ආදරේ කරපු ආශි……

සේනාධීර අතේ තිබුන යකඩ පොල්ලෙ ගෑවිලා තිබුන ආශිගෙ ලේ පිහදල ආයිමත් දෑත බදල වැටිල හිටිය ආශිගෙ පිට දිහාට ගැහුව……

කෙල්ලට වුනේ මේ හැමදේම දිහා බලාගෙන ඉඳල හූල්ල හූල්ල අඬන්න විතරයි…..
අඩුගානෙ ආශි ලඟට යන්නවත් පුලුවන්කමක් තිබුනෙ නෑ අතපය බැඳල තිබුන නිසා ……

බලපන් කෙල්ලෙ ඕක තමා කියන්නෙ පමනට වඩා ඉඳිමෙන්න එපා කියල……

කෙල්ල දිහා කෑදර බැල්මක් හෙලපු සේනාධීර ආශිට ගහපු පා පහරට මුනින් අතට හැරිල හිටිය ආශිව අනිත් අතට පෙරලිලා ගියා……

ඒයි මිනිහො අනිත් පැත්ත හැරිල ඉන්න එපා….
දැන් තමයි උබට බලන්න දේවල් තියෙන්නෙ …….
කෝ උබ ඔය වහගෙන ඉන්න ඇස් ඇරල බලපංකො උබේ නෝන දැන් මගෙ තුරුලෙ නැලවෙන්න හදනහැටි……

උබ ඉතිං නැන්දගෙ එකත් සජිවීව බලපු මිනිහනෙ ඉතිං නෝනගෙ එකත් ඕන් උබට ලයිව් බලන්න මං චාන්ස් එකක් අරගෙන දුන්න…..
ඒයි මිනිහො කෝ ඔය ඇස් ඇරපං…….

සේනාධීර ආශිගෙ මූණට පයින් ගහද්දි ආශිගෙ කටින් ලේ විසිවුනා…..

ඒත් එක්කම හිනාවෙවී ආවෙ සේනාධීරගෙ මල්ලි සෝමෙ එක්ක ගෝලයො ටිකක්…..

අයියෙ අර පොලිස් කාරයත් ඇවිත් සෙට් එක එක්ක……

උබල ටිකක් ඌව හුරතල් කරපල්ල මට මෙතන ලොකු වැඩක් තියෙනව……
මේ පැත්තකට උන්ට එන්න ඉඩ තියන්න එපා…..
හා හා උබල දැන් පලයල්ල මට මගෙ හීනෙ දකින්න දීල……

අනිත් වුන් කට⁣ කොනින් හිනාවෙලා යන්න යනකොට සේනාධීර කෙල්ලගෙ ඇඟ දිහා හෙලුවෙ කෑදර බැල්මක්……

කෙල්ල ලඟට ආව සේනාධීර කෙල්ලගෙ කට බැඳල තිබුන රෙදිකෑල්ල ගලවල විසිකලා…..

උබ කෑ ගහන සද්දෙ ඇහුනෙ නැත්නම් කිසිම ගතියක් නෑ කෙල්ලෙ…..
කෝ දැන් කෑගහන්න පටන් ගනිං උබේ මිනිහට නරඹන්නෙ නැතිව ඇවිත් උබව බේරගන්න කියල……

කෙල්ලව ඇදට පෙරලගෙන සේනාධීර පිස්සෙක් වගේ සිප ගන්නකොට කෙල්ලගෙ කෑගැහිල්ල ආශිගෙ පන නැති සිරුර පුරා දුවන්න ගත්තෙ විදුලි වේගයෙන්…….

හිමිහිට ඇස් පියන් ඇරියත් ආශිට දැනුනෙ ආශිගෙ මුළු සිරුරම ගිනිගන්නව වගේ…..

කතා කරන්න කට ඇරියත් කතා කරන වචන පිටවෙනව ඇහුනෙ නෑ……
ආශිගෙ කේන්තියෙන් පිච්චෙන දෑත් මිටමෙලවුනත් ආශිට නැඟිටගන්න පුලුවන්කමක් තිබුනෙ නෑ …….

සේනාධීරගෙ ඇඟට යටවෙලා දඟලන කෙල්ල දැක්කාම ගින්දර වගේ කඳුළු පිටවෙන දෑස් ආශි තදකරල පියාගත්ත…..

වෙවුලන දෙතොල් එකිනෙකට ගැටෙද්දි ආශි යාන්තමට ගොතගගහ වචන පෙල ගැස්සුව…….

බ..ල්ලො කෙ..ල්..ල අ..ත ඇර..පං……..
ඒ..කි අ. ම්..ම කෙ..නෙ.ක් වෙ..න්..න
ය..න්..නෙ……
තෝ.. ත් අම්..මෙ..ක්ගෙ..න් ඉ..ප…දුනා…නම්
අ..ත..ඇ..ර..පං……

ආශි ගොත ගගහ කතා කරද්දි සේනාධීර කෙල්ල අතඇරල නැඟිට්ට……

මේකිගෙ බඩේ පැටියෙක් ඉන්නවද…
යකෝ මාර සතුටු දවසක්නෙ….
උබ එහෙනම් දෙවනි පාරටත් තාත්ත කෙනෙක් වෙන්න යනව එහෙනම්……

මෙහාට වරෙන් …..

ඇඳ උඩ වැටිල හිටිය කෙල්ලගෙ කොන්ඩෙන් අල්ලගෙන සේනාධීර කෙල්ලව නැඟිට්ටෙව්ව……

මං අර කරන්න ගිය වැඩේ තව ටිකකින් කරන්නම්…..
ඊට වඩා සුබ ආරංචියක් දැනගත්තනෙ දැන්…..

මගෙ එකී අවජාතකයෙක් වදද්දි උබ සුජාත දරුවෙක් වදන්න……

කෙල්ලව ඇඳල අරගෙන කෙල්ලගෙ බඩ වැදෙන විදිහට සේනාධීර කෙල්ලගෙ බඩ ඇඳ වියලෙ හප්පල කෙල්ල බිමට අතඇරල කුසට පයින් ගහගෙන ගහගෙන ගියා…..

අ..ත..ඇ..රපං…….

Likes ,comments වලට thanks මගෙ යාලුවනේ……. 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *