……හිරූගෙන්……~~~ පිනි වරුසා 57 ~~~

අ..ම්..මා…….

සේනාධීර ඕක නවත්තපං මිනිහො උබට ඕන මාවනෙ මාව ඉවරයක් කරපං…….

ආශි දිහා බලපු සේනාධීර කට කොනින් හිනාවෙලා වේදනාවෙන් මිරිකෙන කෙල්ලට ආයිමත් පයින් ගැහුව……

කෙල්ල වේදනාවෙන් කෑ ගහද්දී ආශිගෙ ලේ පවා ගිනියම් වෙලා ගියා…..
කේන්තිය ඇඟ පුරාම දුවද්දි වේගෙන් හුස්ම ගත්තෙ දත්ම්ටි කනගමං……

හිතේ හයිය මූළු ඇගටම ගමන් කරද්දි ආශි ඔළුව දෙපැත්තට වනද්දි ඔළුවට වැදුන යකඩපොලු පාර නිසා හිසකෙස් දිගේ බේරෙන රුධිරය බිම හැමතැනටම විසිරිලා ගියා……

ආශි ඔලුව හයියෙන් බිම හැප්පුවෙ කේන්තිය පාලනේ කර ගන්න බැරිමතැන….
පනනැති අතපය හිමිහිට වාරු කරගන්න ගමං ගැහෙන ඇඟිලිතුඩු හිමින්සැරේ ආශිගෙ කකුල වෙත අරගෙන ගිහින් සපත්තුවෙ ගහගෙන හිටිය උල් පිහියක් ඩෙනිමෙ කකුල උස්සල අරගෙන සේනාධීර දිහාට වේගෙන් යවපු පාර ආශි හිතපු තැනමයි පිහිය ගිහින් නතරවුනේ……

ආ..ව් අ..ම්…මෝ……

සේනාධීරගෙ ඇහැකින් ලේ බේරෙද්දි ආශි උලුවස්සට වාරුවෙමින් හිමිහිට නැගිට්ට….

අ..නේ ම..හ..ත්..තයො…
ඉ..ව.සන්..බෑ.. දෙයි..ය..නේ… ආ…..

ආශි අමාරුවෙන් ඇවිදගෙන ගිහින් කෙල්ල ලඟින් වාඩිවුනා……

ඇයි සුදූ …….

බඩ අල්ලගෙන වේදනාවෙන් කෑ ගහන විසිනි දැක්කම ආශිට දැනුනෙ තිබුන හීන,බලාපොරොත්තු ඔක්කොම දියවෙලා යනව වගේ……..

ආ..ව්……
මා..ව මැ..රෙන්..න තර..ම්. කැක්..කු.මයි.
.ආ…

හෙලෝ මාම….
ඔව් මං ඇතුලෙ ඉන්නෙ…..
සයිඩ් එකේ තියෙන කො⁣රිඩෝ එක දිගේ ඇතුලට ආවම තියෙන රෑම් එක…..
සුදූට අමාරුයි ඉක්මනට එන්න….

විනාඩි දෙක තුනක් විතර යනකොට ආශිගෙ මාමත් එක්ක තව දෙතුන් දෙනෙක් රෑම් එක ඇතුලට කඩාගෙන පැන්න…..

⁣දෙයියනේ මොකද කොල්ලො වුනේ මේ….
ඒවයින් වැඩක්නෑ මාම සුදූව ඉක්මනට හොස්පිටල් ඇඩ්මිට් කරන්න එයාට හොදටම අමාරුයි ……

හරි මං මේ ගැන බලාගන්නම් පුතා මේ ඔෆිසස්ල එක්ක සුදූවත් අරං හොස්පිටල් යන්න…..

මාම මේ මාත් එක්ක බන කතා කරන්න එපා…..

මං කිව්වෙ මෙයාව අරගෙන යන්න කියල මිසක් මට යන්න ඕනෙ කියල නෙමෙයි…..

ඒත් පුතා බලපං මේ උබේ ඔලුවෙන් ලේ වැක්කෙරෙනව…..
මං කිව්වනෙ මං බලාගන්නම් කියල…..

රෙද්ද බලාගත්තනෙ ගියපාරත් මාව යවල හරියට…..
මේපාර එක්කො මං මෙතනින් යන්නෙ මේ සීන් එක සදහටම ඉවරයක් කරල නැත්නම් මගෙ මලකඳ තමයි……

හරි පොඩ්ඩක් උබ සන්සුන් වෙයං පුතා….

ඔෆිසර් ඔයා මේ දෙන්නත් එක්ක අපි ආපු පාරෙන්ම දුවව අරගෙන යන්න ඒ පාර හුඟක් පරිස්සම් …..
යන ගමං මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න නංගි ඉක්මනට හොස්පිටල් එකට එයි……

ආශි බිමවැතිරිල වේදනාවෙන් දඟලන කෙල්ලගෙ අත තදකරල අල්ල ගත්තෙ දෙනෙත්වලින් කඳුළු ගලාගෙන යද්දි …..

බයවෙන්න එපා මැනික හැමදේම හොඳ විදිහට විසදෙයි….
හිතට හයිය අරගෙන හැමදේටම මූණ දෙන්න…
මං පුලුවන් ඉක්මනට එනව ඔයා ලඟට…..

ම..හ..ත්ත…. අ..පේ…………..

කෙල්ල ආශිගෙ අත අරගෙන කුසින් තියල ගොත ගගහ කතා කරද්දි ආශි කෙල්ලගෙ කට තදකරල වැහුව…..

අමාරැවෙන් කතා කරන්න එපා මැනික මං කිව්වනෙ හැමදේම හොදින් සිද්ධවෙයි…..
ඔයා බයවෙන්නෙ නැතිව ඉන්න…..
මං ඉක්මනටම එනව ඔයා ලඟට…..

කෙල්ලගෙ නලලට හාදුවක් දෙද්දි ආශිගෙ කඳුළු විසිනිගෙ කම්බුල් පුරාම විසිරිල ගියා……

ඔෆිස කෙනෙක් විසිනිව වඩා ගද්දි කෙල්ලගෙ ඇඳගෙන හිටිය සාය පුරා පහලට වෙන්න ගෑවිලා තිබුන ලේ වගේම වැතිරිලා හිටිය සිමෙන්ති පොලවෙ ගලාගෙන ගිහින් තිබුන ලේ දැක්කම ආශි පස්සෙන් පස්සට ගිහින් දොරට හේත්තු වුනා……
ආශිගෙ ඇඟ වෙව්ලල දහඩිය වැක්කෙරිල ගියා…….

පරිස්සමෙන් දුව අරගෙන යන්න ඔෆිස මොකක්හරි ප්‍රශ්නයක් වුනොත් ඉක්මනින් මට සිග්නල් එක දෙන්න……

ඕකේ සර්…..
අපි යන්නම්…..

කෙල්ල අරගෙන ගියාට පස්සෙ ආශි ලේ පෙරෙන ඔලුව උලුවස්සෙ තදින්ම හප්ප ගත්ත……

පොඩිපුතා ⁣ඕක නවත්තල මේ අහපං…..
කියනදේ අහල නවත්තපං…….

මේ වෙලාවෙ උබ වැටිල හරියන්නෑ…..
උබ හිත හයිය කරගනිං…..
ඔලුව ගහගත්ත කියල හැමදේම විසදෙන්නෑනෙ….
වෙන එකමදේ උබේ ඔලුවෙ තියෙන තුවාලෙ වැඩිවෙන එක විතරයි…..

ඔය තාමත් ලේ යනව….
කෝ මෙහාට වරෙන් මේ ලේන්සුව බදින්න…..

හැමදේම ඉවරයි මාමෙ…..
හැමදේම ….

මට මගෙ දරුව නැතිවෙනව……
දෙයියනේ මං කොච්චර හීන මැව්වද…..
හැමදේම ඉවරයි හැමදේම….
පව් දෙයියනේ මගෙ දරු පැටිය…..
මේ ලෝකෙ එලියවත් දකින්න කලින් යන්න වෙනව……
මං කොච්චර ආසාවෙන් ද හිටියෙ එයාව මේ ඇස්වලින් දැක ගන්න……
මේ අත් දෙකට අරගෙන නලවන්න……

ඒත් මේ තිරිසනා නිසා මගෙ දරුව මට නැතිවෙලා ගියා…….
මං මං මූට මොනවද කරන්නෙ කියල මට හිතාගන්න බෑ මාමෙ…..
මුගෙ මස් තීරු තීරු වලට කපනවද නැත්නම් මූව පනපිටින් පුච්වනවද කියල මට හිතාගන්න බෑ ……..

ආශි රතුවෙලා තියෙන දෑස් සේනාධීර දිහාට හැරෙව්වෙ දත්ම්ටි කමින්…….

බිම වැටිල හිටපු සේනාධීරගෙ ඇහේ ඇනිල තිබුන පිහිය ඇදල අරගෙන සේනාධීරව නැඟිට්ටවල කලිසමේ ඉනෙන් අල්ලල බිත්තියට හේත්තු කලා…….

උබට මතකද මගෙ නැන්ද අර නර්ස් ……
උබ වහවැටිල පස්සෙන් පැන්නුවෙ ඒ දවස්වල ……..

මගෙ අහිංස තාත්තට එයාගෙ වයිෆ්ගෙ අයියගෙ නෝනව ඒකියන්නෙ මගෙ ලොකු මාමගෙ වයිෆ්ව එදා උබල ඔක්කොම ඉන්න තැන දූෂනේ කරන්න කියල මගෙ තාත්තට බල කලා නේද තෝ නපුංසකයො……

මගෙ නැන්ද තොට කැමතිවුනේ නෑ කියල තෝ මගෙ නැන්දව මගෙ අහිංස තාත්තට කියල දූෂනේ කරවන්න හැදුව නේද බල්ලො……….
මගෙ තාත්ත බෑ කිව්වට පස්සෙ තෝ මගෙ තාත්තව මරාගත්ත නේද තිරිසනෝ…….

එ් මදිවට නිරපරාදෙ තෝ මාමවත් මැරුව ඒ මාමට පේන්න තෝයි තොගෙ මල්ලියි තොගෙ ගෝලයො ටිකයි මාරුවෙන් මාරුවට නැන්දව දූෂනේ කරාට පස්සෙ….

උබට තමන්ගෙ ගෑනිට එහෙම අපරාධයක් වෙනව දකින මිනිහෙකුගෙ වේදනාව දන්නෑ මොකද උබ දන්නෙ දකින දකින මල පොඩිකරල සැප ගන්න විතරයි……

අද මං උබට හැමදේම එකින් එක තේරුම් කරල දෙන්නම්……
බයවෙන්න එපා මං උබව එකපාර මරන්නෑ ටිකෙන් ටික මරන්නෙ…….

එදා මගෙ නැන්දට උබල කරපු අපරාදෙ මං මේ ඇස් දෙකෙන්ම දැක්ක……
මට ඕනිනම් තිබුන උබලව පොලිසියට අල්ලල දෙන්න ඒත් ඒකෙන් කවමදාවත් උබලට දඬුවමක් ලැබෙන්නෑ…..
අවුරුද්දක් විතර හිරේටවෙලා ආතල් එකේ ඉදල එලියට ඇවිල්ල ආපහු පුරුදු සෙල්ලම පටන් ගනියි……

ඉතිං ඒක නිසා එදා මගෙ හිතට දැනුන කේන්තිය මගෙ නැන්දගෙ විලා⁣පෙ මගෙ තාත්තගෙ මාමගෙ වේදනාවෙන් මගෙ ලේ වලට පවා උරාගෙන තිබුන වියරුව එක අංශුවක්වත් අඩුවෙන්න ඉඩ නොතිය මේ හිතේ තියාගෙන හිටිය…..
ඒ කවදහරි මං මගේ අතින් උබව උබල ඔක්කොම විනාශ කරනව කියල…..

ලෝකෙට පේන්න සුදු ඇදගෙන උබ කරන රඟ පෑම ……
මං උබේ රෙදි ගලවලනෙ තියෙන්නෙ දැන් හැම මනුස්සයම පොඩිඑකා පවා දන්නව දැන් උබ කරපු බිස්නස් පොඩි කෙල්ලො විනාශ කරපු හැටි, පොඩි පොඩි කොල්ලන්ව උබේ බිස්නස් නග්ග ගන්න පාවිච්චි කරපු විදිහ…….

ඒක නිසා එකෙක්වත් උබ මැරුනට දුක්වෙන්නෑ සතුටු වෙනව මිසක්……

උබට මතකද සේන….
කරාටි සේන….
එතකොට එයාගෙ දුවල දෙන්න…..
ඒ පවුල විනාශ කලෙත් උබයි උබේ වනචර පුත්තුයි…..

ආශි අතේ තිබුන පිහියෙන් සේනාධීරගෙ බඩ පසාරු කරල පිහිය එහෙම්මම රවුම් දෙක තුනක් ඇනපු තැන තියල කරකල අරගත්ත….

පොඩි මාම මං කියන දේවල් ඇත්ත නේද….

හැමදේම හරි පුතා අද උබේ දවස උබ කැමති දෙයක් මූට කරපං මං මට මොනව සිද්ධවුනත් උබේ වැඩේ ඉවරයක් වෙනකම් මේ දොරෙන් එකෙක්ට ඇතුලට එන්න දෙන්නෑ……

එ් විතරක් නෙමෙයි මගෙ අයියට ,මහිමට උබල එකතුවෙලා කොච්චර වඳ දුන්නද…..

අන්තිමට මගෙ නූපන් අහිංසක දරුව කිසිම දෙයක් නොතේරෙන ඒ කිරිකැටිය තෝ තිරිසනෙක් වගේ නැතිකෙරුව……
මොන වැරුද්දක් කලාටද යකෝ……
මොන වැරුද්දක් කලාටද තෝ මගෙ දරු පැටිය මරාගත්තෙ තිරිසනෝ……

ආශිගෙ අතේ තිබුන පිහිය ආයිමත් පාරක් සේනාධීරගෙ උදරය පසාරු කරගෙන යද්දි සේනාධීර වේදනාවෙන් කෑ ගැහුව……

උබ මගෙ ගෑනිව මං ඉස්සරහ දූෂනේ කරන්නත් හැදුව නේද බල්ලො…..
ඒකිට දරුවෙක් ලැබෙන්න කියල දැනගත්තාම මං මං හිතුව උබ ඒකිව අත අරියි කියල…..
ඒත් නෑ උබ ඒක දැන ගත්තාම ඒකිගෙ බඩට පයින් ගැහුව නේද බල්ලො…..

ආශි පිහියෙන් ආයිමත් අනිද්දි සේනාධීර කලින්ටත් වඩා වේදනාවෙන් කෑ ගැහුව…….

Likes ,comments වලට thanks මගෙ යාලුවනේ…….
ආදරණීය යාලුවනේ අපේ සින්ඩරෙල්ලාට ( අංජු ) සහයෝගය දෙන්න. මේ ලින්ක් එකෙන් ගිහින් අංක 03 ( සසර තනුව) වොට් කරන්න.ස්තුතියි බුදුසරණයි හැමෝටම

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *