🌸🌸මියුලැසියේ🌸🌸 01 – Dilhani De Silva
1 වන දිගහැරුම
“දැං එතකොට තාත්තී මට කියන්නේ අර හිනාවක් කතාවක් නැති දිගංචියාව මට මැරි කරන්න කියලද?
“හ්හාහා…..දිගංචියා …ෂෝක් නමනේ දෝණි….ඔව් එහෙම තමා අපි කියන්නේ…….”
“අනේ තාත්තී මට තාම 22 ඉයර්ස්නේ…..තව ඉන්න දෙන්නකෝ ගෙදර….”
“ඔයාලා පුංචි කාලේ ඉදන්ම දන්නවනේ දූ….ඉතින් මැරි කලාම මොකද?අපි තීර්ණේ කලා ලොකු වෙද්දි ඔයාලා වෙන අය හොයා නොගත්තොත් ඔය දෙන්නව බංදනවා කියලා…”
“මොකක්….”
“ඔව්….ඒක අපේ පවුල් දෙකේ තියෙන මේ මිතුරුකමට හොදයිනේ…..”
ඒ ප්‍රසන්න සමරක්කොඩි සහ ඔහුගේ ඒකම දියණිය චෙනායා අශ්විනී සමරක්කොඩි යි අතර විවාහය සම්බන්ධැයෙන් යන විවාදයයි…
චෙනායාගේ අම්මානම් මේ දිහා බලං හිටියේ හිනාවෙවී…ඈ දන්නවා පියාගේ කීමට කෙල්ල කොහොමත් අවනත වන විත්තිය…කොහොමටත් තාත්තාගේ යි දුවගෙයි ප්‍රශ්න වලට ඈ අත දාන්නේ නෑ.මොකද ඒවට ඒ දෙන්නා යාලු වෙලා අන්තිමට තමන්ම වැරදිකාරයා කරන නිසා…..
“අනේ චන්දු අයියේ…ඔයාවත් කියන්නකෝ මෙයාට…මට බදින්න බෑ කියලා…”
චෙනායා ඊළගට හැරුනෙ සමරක්කොඩි මහතාගේ අක්කාගේ පුතා වන චන්දු වෙතයි…හදිසි අනතුරකින් චන්දුගේ මවත් පියත් මියයනවා ඔහුට අවුරුදු 15දී පමණ…එදා පටන්ම ඔහුව බලා ගන්නේත් සමරක්කොඩි මහතායි..
චෙනායා සහෝදරයින් නොමැති නිසාම චන්දුටත් ගොඩක් සමීපයි…කෙල්ලමේ විවාහය නවත්තන්න එයාගේ සහය පතනවා කියලා දන්න නිසාම සමරක්කොඩි මහතා ඔහුව පෙට දැනුවත් කර තිබුණා…
“අනේ චිනූ මාමා කරන්නේ ඔයාට හොදක්නේ…ඉතින් ඒකේ වරදක් නෑනේ….”
“ආ දැන් ඔයත් ඒ පැත්තේ නේ….හරි හරි මං බදින්නම්කෝ…බැදලා අර දිගංචියාගේ අඩියක් විතර කොට කරලා ගන්නම් මම…..“
කියමින් කෙල්ල ගස්සගෙන ගියා…සමරක්කොඩි මහාතාත් ඇගේ මව කල්පනීත් චන්දුත් මහ හඩින් සිනාසුනා…
චෙනායා දගම දග මල්ලක්…එච්චර උසක් නෑ…අඩි 5ක් විතර ඇති…බටු ඇටයක් වගේ …ඒත් ගොඩාක් ලස්සනයි..වගේම හුරතල්….කෙන්ති ගියාම කොච්චි කරලක් වගේ තමයි….
කොහොම හරි චෙනායාවනම් වඩේට කැමති කර ගත්තා…
අනිත් පැත්තෙත් තත්ත්වේ මීට දෙවනිනම් නෑ…..
“මොන විකාරයක්ද ඩැඩා…අර අගල් දෙකක් උස බටු ඇටේව මට බන්දන්න හදන්නේ?මේ රටේ වෙන කෙල්ලෙක්ව හම්බෙනේ නැද්ද?”
“පුතා ඒක තමා අපේ තීරණෙ..ඔයා මෙච්ක්ජර දවසක් හොයා ගත්තෙත් නෑනේ…ඉතින් අපි මේක තිරණේ කළා..”
“හරි අර බටු ඇටේත් මට කැමති නෑ…ඒකි පොඩි කාලේ සෙල්ලම් කරද්දිත් මාත් එක්ක රන්ඩුමයි කලේ…”
“එයා කමතී…ඔයාත් කැමතී…වැඩේ ස්තීරයී…ඉක්මන්ට වෙඩින් එක වෙනවා…හරිද?”
“අයියෝ ඩැඩා…”
“කතා ඉවරයි….”
ඔහු සෙනෙශ් ඉදුවර ඒකනායක ගොඩක් ටෆ් යන් බිස්නස්මන් කෙනෙක්…පියාය්හ් සමග ව්‍යාපාර වලට හවුල් වෙලා ඉන්නේ…වැඩිය කතාබහක් නෑ හිනාවක් නෑ…චෙනායාත් එක්ක පොඩිකාලේ ඉදන්ම රණ්ඩු වෙනවා…ඒත් දැන් මැරි කරන්නත් යනවා…
සෙනේශ් එහෙමත් නැත්තම් සෝනු ඔලුව කසමින් ඉහළ මාලයට නැගගත්තා….
“අපොයී අර වසවර්ති බයු ඇටෙත් එක්ක මං කාමරේ බෙදාගන්න ඕනෙද?අයියෝ දෙයියන්ටවත් පෙන්නේ නැද්ද මේ දුක…?මගෙ නපුරුකම් ඕකිට පොඩි කාලේ ඉදන්ම අදාල නෑනේ….”
කොල්ලා උන්නේනම් අනාගතේ තමාග්වෙ අයිතිවාසිකම් ගැන බියෙන්…
මොකද පුංචි කාලෙදිත් ආවම කෙල්ල කොල්ලාට ගහලා කොලාගෙ සෙල්ලම් බඩු එහෙම ගන්නෙ සෝනුටත් නොදීමයි…
කාලය ගෙවී ගියේ චිනූගේත් සෝනුගේත් විවාහයට දින ළං කරලා….
කෙල්ලයි කොල්ලයි දෙන්නම හිටියෙ..
බයෙන්…කෙන්තියෙන්….චකිතයෙන්….
කොටින්ම දෙන්නටම බාගෙට පිස්සූ වගෙයි…
මතු සම්බන්ධයි
ලස්සනයි කතාව