03

කදුළු පිහදගෙන හිරුනි වැඩ පටන් ගත්තා.ටික වෙලාවකින් කමලා නෙතූ එක්ක හිරුනි ළහට ආවේ හොදට ඇද පැළදගෙන..

“අපි එළියට යනවා..එනකොට උයලා තියපන්…”

කමලා එහෙම කියනකොට නෙතූ කට කොණකින් හිනා වෙනවා හිරුනි දැක්කා..”මේවා දකිනකොට ඕනි කෙනෙක්ට හිනා යනවා තමයි ඉතින්..එකම අම්මගේ ළමයි වෙලත් මං ගෙදර වැඩකාරියෙක් වගේ වෙන්නයි නෙතු කුමාරිකාවක් වගේ ඉන්නයි විදිහක් නෑනේ නැත්නම්.ඔය ගමනට මාවත් එක්කගෙන ගියා නම්..”අද තුන්දෙනාම ගිහින් එන්නේ හොදට විනෝද වෙලා කියලා හිරුනි දන්නවා..ඒ සතුටට හිරුනි අයිති නෑ..එයාලා කොහේ ගියත් හිරුනිව ගෙදර තියලා යන්නේ..හිරුනි ගෙදරින් පිටට ගියේ ඉස්කෝලේ යන්නයි ක්ලාස් යන්නයි විතරයි..ගෙදර වැඩ ටික ඉවරවෙනකොට රෑ අට විතර උනා..රෑට උයලා ගෙවල් අස් කරලා ඒ හැම දෙයක්ම කරලා තමයි හිරුනි එයාගේ වැඩ ටික කරගන්නේ..වැඩ ඉවර වෙලා වොශ් එකකුත් දාගෙන හිරුනි පාඩම් කරන්න ලැස්ති උනා.
“තව මාස හතයි විභාගෙට තියෙන්නේ..කොහොමහරි විභාගේ පාස් වෙන්න ඕනි…”..කමලා එහෙම ගෙදර ආවම රෑට කාලා තවත් ටිකක් වෙලා පාඩ්ම් කරලා හිරුනි නිදාගත්තා…

—————————————–

සතියක්ම ගෙවිලා ගියා..සංකේත් කල්පනා කරේ හෙට දවස ගැන..කොහොමහරි හෙට හිරුනි එක්ක කතා කරනවා..ඒත් අර කොල්ලා.

“අඩෝ සංකේතයා උඹට සුබ ආරන්චයක් ගෙනාවා මන්..”

“අනේ මේ උඹගේ ආරංච්වල තියන සුබ කම ගැන මං හෝදට දන්නවා..”

“අන්න අන්න රෝන්ග් ටෝක්ස් දෙන්න එපා හරි..මේ සංකේත්..අහල ඉදපන්කෝ ඉස්සෙල්ලා…”

“කියපන් ඉතින්…”

“උඹගේ කුමාරිකාව හිරුනි එක්ක ඉන්න අර කොල්ලා උගේ නම චාමිකලු..කෙල්ලගේ හොදම යාළුවලු..උඹ දන්නවනේ බන් හිරුනිගේ ගෙදර තත්වේ..හිරුනිගෙ අම්මා හිරුනිට සලකන්නේ හරියට අරන් හදාගන්න ලමෙක්ට වගේ..අර කොල්ලා තමයි ඒ කෙල්ලට උදවු කරනවා කියන්නේ ස්ටඩීස් වලට එහෙම…”

“උඹ කොහොමද ඔය විස්තර හොයාගත්තේ..”

“අපේ නංගිගේ යාලුවා තමයි කිව්වේ..අර හිරුනිලගේ ගෙවල් කිට්ටුව ඉන්න කෙනා..කලින් විස්තර අහගත්තෙත් ඒකිගෙන්නේ..”

“එහෙමද…”

“මගේ කෙල්ල ඒ තරම් දුක් විදිනවද එතකොට..කොහොම ඉවසගෙන ඉන්නවද මන්දා..මං කොහොම හරි ඔයාව මගේ කරගන්නවා රත්තරං ..කවදාවත් දුකක් දෙන්නේ නැතුව සතුටින් තියනවා ඔයාව..ඔයාව මට ඕනි…”හිරුනි ගැන කල්පනා කර කර ඉදලා දන්නෙම නැතුව සංකේත්ට නින්ද ගිහින්..පහු වෙනිදා හිරුනිට ක්ලාස් ඇරෙන වෙලාවට තරිදුවත් අඩගහගෙන සංකේත් හිරුනිව බලන්න ආවා..”අර එන්නේ මගේ කෙල්ල..”

“මල්ලී..මට ටිකක් කතා කරන්න පුළුවන්ද…”

සංකේත් චාමික ළගට ගිහින් චාමිකට කතා කරා..”අද නම් මේක විසදගන්න පුලුවන් වෙයි..”

“ඔව් කියන්න..”

“ම්ම්.මෙහෙම නෙමෙයි ටිකක් නිදහස් තැනකට යමුද..”

එතකොට තමයි හිරුනි සංකේත් දිහා බැලුවේ.. සංකේත් හිරුනි දිහා බල බල කතා කරන නිසා හිරුනිට ටිකක් බය හිතුනා..ඒත් ඒ ඈස් දිහා බලනකොට කවදාවත් නැති තරම් අමුත්තක් හිරුනිට දැනුනා..කියන්න තේරේන්නේ නැති හැගීම් ගොඩක් එක්ක හිරුනිට සටන් කරන්න උනා..

“හරි පාර්ක් එකට යමූ..එන්න හිරූ”

“ඒ කියන්නේ මාත් යන්න ඕනිද..ඒ මොකටද..චාමිකට පිස්සුද..අනේ මන්දා මට මොනවා වෙලාද කියලා..”

“ම..මං මොකටද..ඔයා යන්න..මන් ගෙදර යන්නම්..”

සංකේත් දිහා බලාගෙන හිරූ දුන්නේ හිතට එකග නැති උත්තරයක්…

“ඔයාට තනියම යන්න බෑ..කියන දේ අහලා එන්න..”

චාමික හිරුනිගේ අතින් අල්ලගෙන පාර්ක් එක දිහාට ගියා..සංකේත් තරිදුට බයික් එක පාර්ක් කරලා එන්න කියලා හිරුනිලත් එක්ක ගියා..පාර්ක් එකට යන අතරමගදි සංකේත්ගේ ඇස් දෙක තිබුනේ හිරුනිගෙයි චාමිකගෙයි එකට පැටළිලා තියන අත් දෙක ළග..හිරුනිගේ දැක්කා සංකේත්ගේ මුණ මැළවිලා ගිහින් තබුන හැටි..”චාමික මගෙ අතින් අල්ලගෙන යන නිසා වෙන්න ඇති …එයා මොනවා හිතනවද දන්නේ නෑ මං ගැන..එයාට දුක හිතිලද කොහෙද ..”

“ඌයි මෝඩයෝ රිදෙනවා..මගේ අත අතාරිනවකෝ…”

හිරුනි එහෙම කියනකොට චාමික හිරුනි දිහා බැලුවා..රිදෙන්න තරම් හයියෙන් ඒ අත අල්ලගෙන හිටියේ නෑ කියලා චාමිකට විශ්වාසයි..හිරුනි හිටියේ ගොඩක් කැළඹිලා.සංකේතුයි චාමිකයි දිහා සැරින් සැරේට බලන හිරුනිගෙ අහිංසක ඇස් දෙක දැක්කම චාමිකට හැම දෙයක්ම තේරුම් ගන්න පුලුවන් උනා..හිරුනිගේ අත අතෑරපු චාමික අහක බලාගෙබ හිනා වෙන්න ගත්තා…”හිරු මේ කොල්ලට කැමතියී වගේ..මං හොයාගත්ත විස්තරවල හැටියට නම් කොල්ලා නරක නෑ..ඒත් මොකක් හරි හේතුවක් නිසා මේ කෙල්ලගේ ජීවිතේට තවත් දුකක් එකතු උනොත් ඒකට කවදාවත් මං මටම සමාවක් දෙන එකක් නෑ..බලමුකො මොකද වෙන්නේ කියලා..”.එන අතරමගදි සැරින් සැරේ පිටිපස්ස හැරිලා සංකේත් දිහා බලන හිරුනිව චාමික දැක්කත් නොදැක්ක වගේ හිටියා….වැඩිය කට්ටිය නැති තැනකට ගිහින් තුන්දෙනාම ඉදගත්තා…

“හ්ම්ම්..දැන් කියන්නකෝ..මොනවද කතා කරන්න තියෙන්නේ..”

“ඇත්තටම මල්ලි මට කතා කරන්න ඕනි හිරුනි ගැන..”

සංකේත් හිරුනිව පෙන්නලා එහෙම කියනකොට හිරුනිගේ ඇස් දිළිසෙන්න ගත්තා..ඒ වෙලාවේ හිරුනිගේ හිතට දැනුන සතුට…”අනේ ඇත්තට මට මේ මොකද වෙලා තියෙන්නේ..මං මෙයාව දැක්කෙත් අදමයි..ඒත් ඇයි මේ ගොඩක් පුරුදුයි වගේ දැනෙන්නේ…මොකද මට වෙලා තියෙන්නේ…

“ඔව් මන් දන්නවා…”

“මොකක්..එතකොට චාමික දන්නවද මේ ගැන..ඒත් කොහොමද…මං මුකුත් දන්නේ නෑනේ..”

“මෙහෙමයි මල්ලි..මං සංකේත් විජේවර්ධන ..මං ඉන්නේ නුවර මාළිගාව කිට්ටුව..අපේ පුන්චිලගේ ගෙදර..එතකොට මගේ අම්මයි තාත්තයි ඉන්නේ හම්බන්තොට ..මට තව මල්ලි කෙනෙකුත් ඉන්නවා..බාප්පගේ බිස්නස් වැඩ වලට එහෙම උදවු කරන්න තමයි මන් මෙහේ ආවේ..”

“මං හොයාගත්ත විස්තර නම් හරි වගේ..ඒ කියන්නේ කොල්ලා බොරුවක් නෙමෙයි කරන්නේ..”

“මොනවද මල්ලි කල්පනා කරන්නේ..”

“ආ නෑ මුකුත් නෑ..ඔයාලා දෙන්න කතා කරන්නකෝ..මං අරෙහෙට වෙලා ඉන්නම්..”

චාමික එතනින් යන්න හදනකොටම හිරුනි චාමිකගේ අතේ එල්ලුනා..

“අනේ කොහෙද යන්නේ..මං මොනවද මෙයා එක්ක කතා කරන්නේ..මාවත් එක්කගෙන ය්න්න…”

“අනේ මෝඩියේ සංකේත් ඇවිත් තියෙන්නේ ඔයත් එක්ක කතා කරන්න මිසක් මාත් එක්ක කතා කරන්න නෙමෙයි..”

“අනේ ඒ උනාට..”

“හරි හරි මං දන්නවා ඔයත් මෙයා එක්ක කතා කරන්න කැමතියි කියලා..බොරුවට අඩන්නේ නැතුව මෙතනට වෙලා ඉන්න..මං ටිකක් එහාට වෙලා ඉන්නම්…”

හිරුනිට විතරක් ඇහෙන්න චාමික එහෙම කිව්වම බලාගෙන ඉද්දි කෙල්ලගේ මූණ රතු උනා..චාමික හිනා වෙවී එයාලගෙන් ටිකක් ඈතට ගියේ දෙන්නට තනියම කතා කරන්න ඉඩ හදලා දෙන්න..
චාමික ගිහින් විනාඩි දහයක් විතර යනකල් දෙන්නම හිටියේ ගොළු වෙලා වගේ..තවත් නිහඩව ඉන්න බැරි නිසා සංකේත් කතා කරන්න පටන් ගත්තා..

“හිරූ..මොකද ඔය තරම් බය වෙලා..”

“න්..නෑ…”

“මේ අහන්නකෝ…”

“ම්ම්..”

“හිරූ මං ඔයාට ආදරෙයි…”

“මොකද්ද කිව්වේ..”

“මං කිව්වේ මං ඔයාට ආදරෙයි කියලා..”

“ඒත්..”

“පොඩ්ඩක් ඉන්න..මං තාම කතා කරලා ඉවර නෑ..මං දන්නවා ඔයා කියන්න හදන දේ..මං ඔයා ගැන හැම දෙයක්ම දන්නවා..ඒ ගැන ආයේ කතා කරන්න ඔනි නෑ..මට ඕනි ඔයාව..ඔයාගේ ආදරේ..වෙන කිසිම දෙයක් ඕනි නෑ..අද උනත් ඔයාව කසාද බදින්න මං කැමතියි ..ඔයා ඔය ඉන්න අපායෙන් ඔයාව එළියට ගන්න මට අවස්ථාවක් දෙන්න වස්තු…මං ගොඩක් ආදරෙයි ඔයාට…”

හිරුනිට ඒ වචන ඇහුනේ හීනෙන් වගේ..හිරුනිගේ ඇස් වලට එබෙන ගමන් සංකේත් ඒ කියපු දේවල් හිරුනිට විශ්වාස කරන්නත් බැ වගේ…”මේ හිගන්නියෙක් වගේ ඉන්න මට කවුද ආදරේ කරන්න හිතන්නෙවත්..ඊටත් මං කොහොමද විශ්වාස කරන්නේ..මගේ අම්මා නංගී එයාලා පවා මට මෙහෙම සළකනකොට පිට මනුස්සයෙක් ඇත්තටම මට ආදරෙයි කියලා හිතන්න පුලුවන්ද..ඒත්..ඒත්..ඇයි මට කියන්න බැරි මං එයාට ආදරේ කරන්නේ නෑ කියලා..එයාව දැක්කෙත් අදමයි..ඉතිං කොහොමද ආදරේ කරන්නේ..අම්මා දැන ගත්තොත් මාව මරයි..ඒත් මේ ඇස් දෙක..ඒ ඇස් වල මට තියන ආදරේ කොච්චරද කියලා ලියවිලා තියනවා..ඒක මට පේනවා..මගේ හිත මට මොකද්ද මේ කියන්නේ..මේ ඇස් දෙක දිහා කොයි තරම් බලන් හිටියත් එපා වෙන්නේ නෑ..එයා මගේ අත් දෙකෙනුත් අල්ලගෙන ඉන්නේ..එත් ඒ උනුහුමින් මගෙ අත් දෙක අහකට ගන්න මට හිතෙන්නේ නැත්තේ ඇයි..කවදාවත් මේ වගේ හැගීමක් මට ඇති වෙලා නෑ.අනේ මං මොකද කරන්නේ..”

“හිරුනී..ඇයි වස්තු මේ අඩන්නේ…”

“ආ නෑ මං අඩන්නේ නෑ..”

“එහෙනම් මේ කදුළු ..”

සංකේත්ගේ අත් දෙක හිරුනිගෙ කදුළු වලින් තෙමිලා හොදටම..තවත් එතන ඉන්න බෑ කියලා හිතුන නිසා සංකේත්ගේ අත් දෙකත් අතෑරලා හිරුනී චාමික ළගට දුවලා ගියා..

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *