03

~~~~ සමනළ වසන්තය ~~~~~
03 කොටස
වෙන දවස් වල අම්මා කතා කරලා කිරි එක දෙනකන්ම බෙඩ් එකට වෙලා ගුලි ගැහිලා ඉන්න මම අද පුරුද්ද අත ඇරලා අම්මා ඇහැරවන්නත් කලින්ම බෙඩ් එකෙන් බිමට පැන්නා …. එහා පැත්තේ බෙඩ් එකේ සදූ හොදටම නිදි …වෙනදා මට කලින් ඇහැරිලා අම්මා හොයාගෙන යන කෙල්ල අද පාන්දර වෙනකන් ඇහැරිලා හිටිය නිසාද මන්දා කොට්ටේකුත් තුරුළු කරගෙන තාමත් දොයි … එයාව ඇහැරවලා අවුස්සන්න ඕන කියලා හිතුනත් අද අප්පච්චී ගෙදර නිසා ඔය වසංගතේ අවුස්සගෙනත් බැහැ ….
‘අම්මා ..අම්මා …’ මම කුස්සියට ගියේ අම්මාව හොයාගෙන උනත් අද අම්මා පෙන්න නැහැ …. හීන් මැණිකේ නැන්දා කුස්සිය ඇතුලේ බරටම වැඩ ..මුළු කුස්සියම කිරිබත් සුවදයි ……මම ආව එක ගැනවත් ගානක් නැතිව එයා කිරිබත් කැට කපනවා …. මම හෙමින් සැරේ ගිහින් හීන් නැන්දා පිටිපස්සෙන් හිටගෙන එයාගේ කරට උඩින් එබිලා බැලුවා …ම්හ්හ්හ්හ්හ්හ්…. නෝ ආන්ස්වර් ….
‘හීන් මැණිකේ මම ආවා … ඔයා මට කිරිබත් හදනවාද …’ මම කටහඩ වෙනස් කරලා අමුතු තාලෙකට එහෙම ඇහුවම .. එයා ගැස්සිලා ගිහින් මගේ දිහා හැරිලා බැලුවා …
‘මම බය වෙලා ගියා මේ පුංචි බේබි නේ …… අද මොකද මේ උදේ පාන්දරම ඇහැරිලා …. ‘ හීන් මැණිකේ නැන්දා එහෙම අහලා ආපහු එයාගේ වැඩේ කරන්න ගත්තා …
‘ඇයි නරකද අපි උදේ පාන්දර ඇහැරුනාම …’ මම එහෙම කියලා කිරිබත් එකට අත දැම්මා …
‘ අපොයි බේබි ඉදුල් කරන්න එපා ඕවා … බුද්ධ පුජාවවත් තියලා නැහැ තාම ….’ එයා එහෙම කිව්වම මම ආපහු අත ඇදලා ගත්තා ….
‘හින් නැන්දා අම්මලා තාම නිදිද ….’
‘ඔව් මහත්තයා එක්ක ගොඩක් රෑ වෙනකන් කතාකර කර ඉදලා පාන්දර නිදාගත්තේ .. ඔන්න ඔහේ තව ටිකක් නිදාගන්න දෙන්න බේබි … ‘’
හීන් නැන්දා එහෙම කිව්වම මම මුහුණත් පුළුටු කරගෙන කුස්සියේ දොරෙන් එළියට බහින්න කියලා දොර ලගට ගියේ මගේ ගිරා පැන්චාව බලන්න කියලා ..
‘පුංචි බේබි ඔය විදිහට එළියට බහින්න එපා ..ඔය පාරේ යන ඉලන්දාරියෝ මේ පැත්ත බල බලා යනවා නෙව … ඇදුම් මාරු කරගෙනම යන්න ’
වේලාවකට මේ හීන් මැණිකා නැන්දාත් අපේ අම්මාට දෙවෙනි නැහැ ..ඕක කරන්න එපා ..අරක කරන්න එපා …මෙහෙම ඉන්න ….. අරම ඉන්න ..මොන තරම් වද දෙනවාද මේ අහිංසක මට …
‘හොදමයි උත්තමාවිය …. ‘’ මිදුලට යන එක පැත්තක දාලා මම ගේ ඇතුලට යන්න හැරුනා …මොනවා උනත් හින් මැණිකේ නැන්දා කියන්නේ අපේ ගෙදර ජීවත්වෙන වැඩිමහල්ම කෙනානේ …. ගෙදර හැමෝම එයාට ගරු කරේ ඒ හේතුව නිසා …
කොහොම හරි මම ආපහු එළියට බැස්සේ වොෂ් එකක් දාගෙන ගවුමකට මාරු වෙලාම තමා … ඒ වෙද්දීත් කවුරුත් ඇහැරලා හිටියේ නැහැ ….
‘පෙත්තප්පු … බත් කෑවාද ….ඔයා …’
‘පෙත්තප්පු බත් කෑවා …පෙත්තප්පු බත් කෑවා …’
‘පෙත්තප්පු අක්කාට ආදරේද …’
‘පෙත්තප්පු ආදරේ … පෙත්තප්පු ආදරේ …’
කියන කියන දේ ඒ විදිහටම ආයෙම කියන ගිරා පැන්චා එක්ක ඉද්දි නම් වේලාව ගෙවිලා යනවා දැනෙන්නේ නැහැ …..
‘හිරූ …. තේ බොන්න එන්න …..’ අම්මා කතා කරනකන් මම කලේ පෙත්තප්පු එක්ක කියව කියවා හිටිය එක …
‘මේ එනවෝ . ‘’ වෙනදා වගේ කිසිම පමාවක් නැතිව අම්මා කිව්ව ගමන් ගේ ඇතුලට දුවගෙන යන්න හේතුව නම් අද අප්පච්චී ගෙදර ඉන්න එක තමා … මම කෑම කාමරයට යද්දී සදූ තාත්තාගේ ඔඩොක්කුවේ වාඩිවෙලා හුරතල් වෙනවා ….
‘හිරූ අද උදේ පාන්දරම ඇහැරුනාද ..’ මම දුවලා ගිහින් අප්පච්චී වාඩිවෙලා හිටිය පුටු ඇන්දේ වාඩිවෙලා එයාගේ බෙල්ල වටේට අත්දෙක දාගත්තා ….
‘අම්මේ අද වහියිද දන්නේ නැහැ නේද …’ සදූ වීරයා වගේ එහෙම කියලා නෝන්ඩියට වගේ හිනාවෙන්නේ අද අප්පච්චි ඉන්න හින්දා මගෙන් බේරිලා ඉන්න පුළුවන් කියලා දන්න නිසා තමා
‘ඒක තමා මාත් බැලුවේ වෙනදා මම ඇහැරවනකන් ඇහැරෙන්නේ නැති කෙල්ල අද මටත් කලින් ඇදෙන් නැගිටලා ….. ’ ඔන්න ඒ පාර අපේ අම්මාත් මට විරුද්ධව කතා කරන්න පටන් ගත්තා …ෂිට් …මෙයාලාට බැහැනේ අප්පච්චිගේ ඉස්සරහදිවත් මට හිනාවෙන්නේ නැතිව ඉන්න …
‘අද මගේ සුදුම සුදු අප්පච්චි ඇවිල්ලා නේ ඒ නිසා තමා මම අද චූ……ට්ට්ට්…..ටක් විතර කලින් ඇහැරුනේ .. අද අපි ඇවිදන්න යනවා නේද මගේ අප්පච්චි …’ මම කිසිම දෙයක් ගණන් ගන්නේ නැතිව එහෙම කිව්වා
‘ හරි හරි බබෝ අපි අද කොහේ හරි ඇවිදින්න යමුකෝ …’
‘ඔන්න අප්පච්චි මට බයිසිකල් එකක් අරන් ඕන ..’ ගොඩක් දවස් ඉදලා හිතේ තිබ්බ දෙයක් මම අප්පච්චිගෙන් ඉල්ලුවේ ….
‘නැහැ ..නැහැ කෙල්ලොන්ට බයිසිකල් ඕන නැහැ … හිරූ ….. ඔයාට මම කියලා තියෙනවා නේද ඕන නැති දේවල් අප්පච්චිගෙන් ඉල්ලන්න එපා කියලා …’ අම්මා පැත්තක ඉදලා එහෙම කියද්දී මගේ හිතට දුකක් ආවේ …මොකද මම කැමති දෙයක් කරන්න කවුරුත් ඉඩ දෙන්නේ නැහැ නේ … ඔක්කොම එන්නේ මම කරන වැඩ වලට බාල්දි පෙරලන්නමයි ….
‘අනේ අප්පච්චි ……. මොකක්ද …මම ආසයි නේ …’ නහයෙන් අඩන ගමන් මම මුහුණ පුම්බා ගත්තා
‘හරි හරි ඔය මුහුණ එල්ලාගන්න එපා ..මම ඔයාට පොඩි බයිසිකලයක් අරන් දෙන්නම්කෝ ..’ අප්පච්චි මම කිව්ව දේට එකග උනාම මගේ ඉහේ මලක් පිපුනා වගේ ……අම්මාගේ නම් මුහුණ හරි නැහැ …
‘අප්පච්චි තමා දුවලා නරක් කරන්නේ ….’
‘ඔන්න ඔහේ අරන් දෙමු සාරා කෙල්ලගේ ආසාවනේ …’
‘හ්ම්ම්ම් ඔයාගේ කැමැත්තක් …ඔන්න මෙයා වැටිලා අඩු කඩාගත්තොත් මම නැහැ …’
අම්මා ඒ කිව්වේ නම් හිත හොදකින් නෙවේ …
‘ඔන්න ඔන්න සාරා ඔයත් පොඩ් එකෙක් වගේ නේ මොනවා හරි කිව්ව ගමන් මුහුණ එල්ලා ගන්නවා ..කෝ කෝ හිනාවෙන්න මගේ දිහා බලලා ..’
තාත්තා එහෙම කිව්වාම අම්මාගේ මුහුණේ මල් හිනා ගොඩයි …. ලොකු ගැහැණු ළමයි දෙන්නෙක් හිටියාට එයාලාගේ ලව් එක නම් පොඩි කපල් එකක් වගේ …..
‘දැන් කට්ටියම කෑම කාලා ඉමුද ……’
අපි කට්ටියම කතාවට නැවතීමේ තිත තියලා කෑම මේසේ පැත්තට ගියා … හීන් මැණිකේ නැන්දාටත් අද රජ මගුල් වගේ …. කෑම ගොඩයි … අපි හිතේ හැටියට
‘ශා …ශා …හීන් මැණිකේ නැන්දා අද කීයටද ඇහැරුනේ මෙච්චර කෑම ගොඩක් හදන්න …’ සදූ ඇස් දෙකත් නළලේ තියාගෙන එහෙම ඇහුවා …
‘මට අපේ මහත්තයා ආවට පස්සේ නින්ද ගියේ නැහැ … ඉතින් ඒ වේලාවේ ඉදලා ඔව්වා තමා කලේ ..’ හීන් මැණිකේ නැන්දා හරි අහිංසක විදිහට ඔළුවත් ඇල කරගෙන එහෙම කිව්වා …හීන් මැනිකේ නැන්දා කොහොමත් අපේ ගෙදරට ගොඩක් ලැදියිනේ ……. එයාට කියලා කාත් කවුරුත් නැති නිසා එයාගේ මුළු ලෝකෙම උනේ අපේ පවුල …ඉතින් අපේ ගෙදර අයත් අපේම කෙනෙක් වගේ තමා එයාට සැලකුවේ ..
එදා දවසම අප්පච්චි කළේ සදුයි මායි අම්මයි එක්ක සවාරි යන එක තමා …. ගෙදරටම හිරවෙලා ඉන්න අපි මාස ගාණකින් අප්පච්චි ගෙදර ආවාම හිතේ හැටියට එයත් එක්ක ඇවිදින්න යන එක පුරුද්දක් … අපි ආස කරන හැම දෙයක්ම වගේ අඩුවක් නැතිව අරන් දෙන්න එයාගේ හිතේ කිසිම ලෝභ කමක් නැහැ …නිවාඩු ඉවර වෙලා ගෙදරින් යන්න කලින් මම ඉල්ලපු බයිසිකල් එක අරන් දීලා යන්න එයා අමතක කලේ නැහැ …
******
‘ හිරූවා ආර්ට් ඩේ එකට කොලේජ් එකට ඉන්විටේෂන් දුන්නාද දන්නේ නැහැ නේද …’ ඉන්ටවල් එක වේලාවේ ටක් එකට ගාටන ගමන් තමා තේජා එහෙම ඇහුවේ .. තේජා කියන්නේ අපේ පන්තියේ ඉගෙන ගන්න ගොඩක් දක්ෂ ගැහැණු ළමයෙක් … ඉතින් අපිත් දන්නේ නැති ව්‍යාකරණ අරවා මේවා අහගත්තෙ තෙජාගෙන් තමා
‘ඔව් මම හිතන්නේ … මට ඇහුනා දිනිදී කියනවා …. කොලේජ් එකටත් ඉන්වයිට් කළා කියලා ..’
‘ එහෙනම් ගගුන්ලා එහෙමත් එයි නේ ….’ පුජනී ඒක ඇහුනා විතරයි මගේ අත කොනිති ගහන්න තියාගත්තා …
‘එයි එයි …උබට මොකෝ පුජනී ආවත් නාවත් …ඌව බලාගන්න කේතකි ඉන්නවා නේ ..’
‘අපෝ උබට තරහා ගියාද ..මම එහෙම කිව්වේ එයා උබේ ක්‍රෂ් එක්ක හින්දා …’
‘අපෝ මම දැන් ඌට කැමති නැහැ බන් ….. ඌ දැන් වල් ඌරා වගේ මහත් වෙලා ..’
‘අනේ බන් මට කොළේ වහන්න එපා ..’
‘උබට වහන්න කොළයක් නැහැ මට …. වරෙන් මෙන්න මෙහෙ යන්න …’ මම පුජනිවත් ඇදගෙන ටක් එක ඇතුලට රිංගුවා …. ඉන්ටර්වල් එක නිසා නිසා කෙල්ලොන්ගෙන් ටක් එක පිරිලා ඉතිරිලා ගිහිල්ලා …. හිනා වෙනවා කතා කරනවා …ලොවෙත් නැහැ ලොව් ගහෙත් නැහැ මුන් වගේ උන් නම් …. කට ඇරියොත් කොල්ලෙක් ගැනම තමා …මම හිතන්නේ මුන්ට කොල්ලොන්ගෙන් තොර ලෝකයක් නැහැ ….
‘දහයේ අයිස් පැකට් කමු …’ මම රුපියල් තිහක් දීලා අයිස් පැකට් තුනක් අරන් ආවා ..
‘ආර්ට් ඩේ එකට අපි කරන ඉවෙන්ට් එක මොකක්ද ….’ පුජනී එහෙම ඇහුවේ කල්පනා කර කරමයි ..
‘මේ අයිඩියා එකක් ආවා …’ මම එකපාරටම කෑ ගැහුවා සැර වැඩිද මන්දා ..මුළු ටක් එකේම උන් ටික අපි දිහා බලලා හිනාවෙන්න පටන් ගත්තා …. මමත් ඉතින් විරිත්තලා ..ඇද කරලා පුජනිවයි තේජාවයි ඇදගෙන ටක් එකෙන් එළියට ආවා …
‘මොකක්ද කියපන් උබට ආව කිව්ව අයිඩියා එක ..’
‘අපි අන්දරේගේ සීන් එකක් කරමු ….’
‘ඇපොයි …’ තේජා මුහුණ ඇද කරා
‘මොකෝ ඇපොයි ගාන්නේ .. හොද ෆන් එකක් ගන්න පුළුවන් නේ … මම තමා ඔන්න අන්දරේ .’
‘හරි හරි ….හිරූ …. කැමති නම් ඒක කරමු …මම කාගේ පාර්ට් එකද කරන්නේ ’
‘උබ ..නේ …උබව අන්දරේගේ හාමිනේගේ චරිතේට හොදයි වගේ ..’ ජුජනී ප්‍රමාණයෙන් ගොඩක් හීන්දෑරි උන නිසයි මම එහෙම කිව්වේ .. ආර්ට් ඩේ එකට කරන ඉවෙන්ට් එක ගැන කතා කර කරම අපි ක්ලාස් එක පැත්තට ගියා

‘ඒයි මිස් බක බක ….’ මම ගැස්සිලා බැලුවේ කව්ද මට බක බක ගාන්නේ කියලා …බැලින්නම් කේතකි අශිරා එක්ක අපි දිහා බලාගෙන නොන්ඩියට වගේ හිනාවෙනවා ..
‘උබ මටද බක බක ගෑවේ …’
‘ඔව් මිස් බක බක ඔයාට තමා …. ආයේ ගෙම්බෙක් එහෙම ගෙනාවේ නැද්ද ඉස්කෝලෙට … ‘’
‘ ඇයි ගෙම්බෙක් ගේන්න ඕනද දැන් මම … ‘’ මම අඩියට දෙකට කේතකිගේ මුහුණට ලංවුන පාර කේතකි පොඩ්ඩක් පස්සට ගියා ….
‘ආයේ එහෙම උබ ඔය වගේ දෙයක් කරලා තිබ්බොත් මම කෙලින්ම ගිහින් ප්‍රින්සිපල් මැඩම්ට කම්ප්ලේන් කරනවා … ‘
‘ඔහ් …ෂුවර් … කම්ප්ලේන් කරලා බලපන්කො …මොනවාද වෙන්නේ කියලා .’
‘මෙන්න මෙහෙ අපි යමු කේතකි …මොකටද පැන පැන දෙන අය එක්ක වලි දාගන්නේ …. ‘ අශිරා කේතකි ඇදගෙන යන්න ගියා ….. මට දුක හිතුනේ කේතකිට අත දිග ඇරලා දෙකක් දෙන්න බැරි උන එක ගැනයි …
‘ කාම් ඩවුන් හිරූ … කාම් ඩවුන් …’ මට තරහා ගිය බව දැකලා පුජනී මගේ අතින් තද කරලා අල්ලා ගත්තා ….
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *