05වන දිගහැරුම

චෙනායා බොහෝ දිනයන්හි සෝනුගේ නිවසට ගොඩ වැදුනත් අද ඇයට දැනෙන්නේ වෙනසක්…ඒ ඇය දැන් මේ නිවසේ ලේලිය වන නිසායි.සෙනේශ්ගේ මව්පියන්ද ඈව වෙනදාටත් වඩා ආදරයෙන් පිලිගත්තා…

“ආ බටු ඇටේ තමුසේ ටිකක් ලැජ්ජා වෙන්නත් දන්නාවා නේ….එහෙම එකක් තියෙද ඕයි තමුසෙට….”

අම්මා සුදු මල් කීපයක් දැමූ වතුර වීදුරුවක් අරන් එද්දී සෝනු කීවේ ඇගේ කනට කර …..

“මේ දිගංචියෝ තව දුරටත් යහතින් බත් කන්නඕනනම් කට පියන් ඉන්නවා….”

කොල්ලා නිහඩ උනේ මව ලගට පැමිණි හෙයිනි….

“මගේ ප්‍රින්සස්…. හැමදම මම මේකව ඉල්ලුවා සමරක්කොඩිගෙන්න්…. ඉතින් දැන් හම්බුනානේ….”

අම්මා වතුර කෙල්ලට පෙවුවේ ඇගේ කම්මුලක් මිරිකමින්…

“අපෝ ඉලවුවේ ප්‍රින්සස් ….”

“මොකද්ද් පුතා කීවේ….”

කොල්ල මුමුනද්දී අම්මා ඇසුවේ ඔහෙ දෙස බලන්…

“නෑ…නෑ…මේ මෙයා ප්‍රින්සස් කෙනෙක් වගේමයි කීවා….”

සෙනේශ් ඔලොක්කුවට කියද්දිම අම්මා තේරුම් ගත්තා වලිවලනම් අඩුවක් වෙන එකක් නෑ කියලා මේ දෙන්නගේ…..ඒත් එකට ඉද්දී දෙන්නට දෙන්නා තේරුම් ගනී කියලා ඈ හිත හාදාගත්තා….

“හා හා… කතා ඇති….දැන් දෙන්නම උඩට යන්න…ගිහින් වොශ් දාගන්න…මම ඔයාලට තේ හදන්න කියන්නම්..අනික දෙන්නා ගැනම මම දන්නවා….ඔය හදන්නේ වෙන රූම් එකක් ඉල්ලන්නන්ම් ඒ ගැන හිතන්නවත් එපා….දැන් යන්න…..”

විවේක ගන්නයැයි කියද්දී චිනූ යමක් පවසන්නට උත්සාහා කරද්දීම සෙනේශ් ගේ මව කියූවේ දෙදෙනාවම කුඩා කල සිටම ඉතාමත් හොදින් දන්නා නිසයි….

ඒක කියද්දීනම් කෙල්ල මූන බෙරි කරන් ඉහළ මාලයට නගින්න ගත්තේ සෝනුටත් ඇස් හීන් කරලා රවන ගමන්මයි….😡😡😠😠

අම්මට මේකට හිනා….ඒත් කෙල්ල පස්සෙන්ම සෝනූ ගියේ කෙල්ල ගැන විතරක් තරහෙන් නෙවෙයි අම්මටත් තරහෙන් රවන ගමන්…..😠😠😠

“හහ් දැන් ඉතින් දෙන්නා හොද වෙනකම් මට මේ රැවිලි ගැස්සිලි බලන්න වෙයි…..”

අම්මා සිනාවෙන් සිතමින්ම මුළුතැන් ගේ දෙසට පියමැන්නාය….

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

කොල්ලා මුලින්ම නානාකාමරයට වැදී පැය බාගෙකට විතර පස්සේ ඇවිත් දුරකතනයත් අරන් කාමරයෙන් පිටතට ආවා … ..කෙල්ල ටවල් එකත් රැගෙන නානා කාමරයට ගොස් නැවත ආවේ තුවායත් ගත දවටගෙන…..ඈට පුරුද්දක් තිබුණේ නෑ ඇදුම් අරගෙන බාත්රූම් ගිහින්….

ඒ නිසාම පිරුද්දට වගේ කෙල්ල ආවේ ටවල් එකත් ඇදන්මයි….
එද්දී සෝනුත් හිටියේ දොරා ඇරන් කාමරේට එනගමන්මයි….චිනූව දැකපු කොලාගේ ඇස් උඩ ගියා….

කෙල්ලටත් පස්සෙයි වඩේ තේරුනේ…..ඒක නිසාම සෝනුට රවාගෙනම් චිනූ හදිස්සියෙන් තමන්ගේ බෑගය ළගට යන්නයි හැදුවේ…..

සෝනූ ෂනිකව පැනලා ඇගේ අතකින් ඇදලා ළගට ගත්තා….චිනූ ගීන් නැවතුනේ ඔහූගේ පපුවේ වැදිලා….

“කියන්නම ඕනා මේක….මෙහෙම ඇන්දමනම් බාලාන්සේ වගේ පෙන්නේ නෑ….කියුට්….ස්වීට් …..ම්…ම්…..සෝ සෙක්සි….තව…..”

සොනූ මේ කෙල්ලව අරන් තියෙන්නෙත් විහිඅලුවට කෙල්ලටත් ඒක තේරුනා….ගැලවෙන්න දැගලුවත් පුලුවන් උනේ නෑ ඔහුත් සමගපොර බදන්න….

“හෝව් හෝව් බටු ඇටේ ….දගලන්න එපා ටවල් එක කැඩිලා බිමට වැටෙයි….එහෙම උනොත්…..”

තමන්ගේ මූණ ළගම තියෙන කෙල්ලගෙ ඇස් දිහා බලන් සෝනු කීවේ ටිකක වල් පාටට ඇහැක් ගහලා…..චනායා ඉතින් කවදටත් හොටුපෙරන් ලැජ්ජා වෙලා පැත්තකට වෙන ජාතියේ කෙල්ලෙක් නෙවෙයිනේ…….

හොද හුස්මක් අරන් කෙල්ල කළේ තමන්ගේ මූණට නැවිලා එබීගෙන ඉන්න කොල්ලාගේ නලලට ටිකක් ඉස්සිලා ඇගේ නලලෙන් පහර දීපු එකයි…..

නලලට වැදුන පාර නිසා කෙල්ලගේ ග්‍රහනය ලිහිල් වෙද්දී කෙල්ල අත මුදවගෙන එහාට පැන්නා….කෙල්ලටත් පාරට හොදට රිදුනා….
ඒත් ගනන් ගත්තේ නෑ…..සෝනුගෙන් බේරුන නිසා..

“අපෝ යකින්නියෙක් උඹනම්….”

සෙනේශ් කීවෙ නලල අතගාගනිමින්….

“හැබැයි අර කලින් කීවේ සෙක්සී කතාවනම් ඇත්තටමයි කීවෙ ඈ….”

කොලා ඇහැක ගහලා කියන් ඉක්මන්ට කාමරෙන් එලියට ආදේ අයෙත් චිනූ මොනා කරයිද කියලා නොදන්න නිසයි…..

ඒකටනම් කෙල්ල ටිකාක් විතර රතු උනා….දග උනත් එයාත් කෙල්ලෙක්නේ….

සෝනුත් පහලට බැස්සේ බුම්මට්ටෙක් වගේ හිටිය තමා විහිළු කරන්නත් දන්නවා නේදැයි සිතින් තමාටම සිනාසෙමින්…..

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

මතු සම්බන්ධයි 

One Comment

  1. Hi! Do you know if they make any plugins to help with Search
    Engine Optimization? I’m trying to get my site to rank for some targeted keywords but I’m
    not seeing very good success. If you know of any please share.
    Kudos! You can read similar blog here: Eco wool

Leave a Reply

Your email address will not be published. Required fields are marked *