05

…##නිම්හිම් සේයා ##
5
මේ රෑ හිතට බයකුත් එනවා..මන් බැල්කනි එකට ගිහින් පහලත් බැලුවා..කෝ කවුරුත් නෑනී..හොල්මන් ..අහ මට මතක් වෙනවා ගිය මාසෙ එහා පාරෙ මැරුණු සීයව..මන් ඒ සූදූ සීයා මෙතනින් යද්දි විහුලු කරලා තියෙනවා ..සීයා ඒවා මතක තියන් මාව බලන්න ඇවිල්ලා වත්ද..තෑගී බැලිල්ල පැත්තකින් තියලා දැන් නම් නිදාගන්න ඕනී..
මන් ජනේලෙත් වහලා ලයිට් එකත් ඕෆ් කරලා ඇදට පැන්නා..ඔලුවෙ ඉදන්ම වහගත්තා රෙද්දෙන්..
කාමරේ මන් එල්ලලා තිවුනා හුලගට හෙල්ලුනාම ලස්සන බෙල් එකක් වදින සැරසිල්ලක් ..මේ වෙලේ ඒක වදින්නෙ..
වෙන්න බෑ..මන් ජනේලුත් වැහුවා..අනික හුලගට හෙල්ලුනාම එන සද්දෙ නෙමී එන්නෙ..කාගේ හරි ඔලුව වැදුනාම එන සද්දෙ..
බයටම මන් රෙද්ද චුට්ටක් පල්ලෙහාට කරලා හොරෙන් බැලුවා..හෙවනැල්ලක් ..
අනෙ අම්මි..ඉතිපිසෝ බගවා..අර්..අනෙ ඉතුරු ටික මතක නෑ..මන් ආයේමත් ඔලුව වහගත්තා..මට මතක් වෙන්නෙම අර සුදු සීයව..
දැන් කාමරෙ කවුරු හරි ඇවිදිනවා වගෙ..හොල්මන් ඇවිදින සද්ද ඇහෙන්නෙ පුලුවන්ද ..
දැන් නම් බයකට වඩා හිතේ තියෙන්නෙ කුතුහලයක්..මන් කොට්ටෙ යටින් තියන් උන්නු පෝන් එක අතට ගත්තා..අරන් ඒකේ ටෝච් එක එබුවා..
මන් හිතුවා හරි කවුරුහරි ඉන්නවා..ඒ කෙනා කවුරු උනත් මාවත් දැක්කා..කලුවරෙ දිලිසුනු නිල්පාට ඇස්..
ඉක්මනට ටේබල් ලෑම්ප් එක ඔන් කලා..
අහ් කොල්ලෙක්..
අම්….
මන් කෑගැහන්න හදදිම ඇදට පැනපු කොල්ලා මගේ ඇග උඩට නැගන් මගේ කට අතින් තද කලා..දෙවියනෙ …අනේ

මන් ඒ මූණ බැලුවා..හොර පාටක් නම් පේන්න නෑ..කාලයක් තිස්සෙ මගේ හිතේ උන්නු කෙනෙක්ගෙ රූපයක් වගේ..උසයි..කලුයි..කලුයි කීවට ඕන් කට්ට කලු නෑ..හරියටම හරියටම ටැමිල් නලුවෙක් වගෙ…නිල්පාට ඇස් ..ඒ මූණට ගෙනාවෙ අපූරූ කඩවසම් බවක්..යාන්තමට එහෙන් මෙහෙන් වැවුණු රැවුල..අහ් මන් මේ මොනාද හිතන්නෙ..මේ මහ රෑ මගේ ඇග උඩ නැගන් ඉන්න කොහේවත් නැති කොල්ලෙක්ගෙ ලස්සන බලනවා..ඔක්කොටම කලින් මේ යකාගෙන් බේරෙන්න ඕනී .

මන් එහෙට මෙහෙට දැගලවා..අහ් ඇගෙ බරට හෙල්ලෙන්නත් බෑ..තව ටිකක් උන්නොත් මාව හුස්ම හිරවෙලාම මැරෙයි..

මන් වගේම ඒ කොල්ලත් මන් දිහා බලන් ඉන්නවා..ඒ අත් ටික ටික ලිහිල් වෙන බව දැනෙනවා..හරි දැන් වෙලාව කෑ ගහමු..

අම්මි

ප්ලීස් කෑගහන්න එපා..ප්ලීස්

අම්මා මේන් හොරෙක් ප්ලීස් ගානවා..බෑ මන් කෑගහනවමයි..

ප්ලීස් නන්ගි කෑගහන්න එපා..

ඒ කීව විදියට නම් සලකා බලන්න හිතෙනවා..

හරි කෑගහන්නෙ නෑ..මගෙ ඇගින් බහින්න..

සොරි..

මැනස් දන්න ඉගන ගත්තු හොරෙක් වගෙ..

ඒ පාර කොල්ලා මගෙ ඇගෙන් බැහලා බිම වාඩි උනා..

දැන් කොතනින්ද පටන්ගන්නෙ කොල්ලා වගේම මමත් එක පාර කතා කරන්න කට ඇරියා..

මන් ඇද උඩ..හොරා බිම..රෑට අදින කොට ශෝට නිසා මගෙ කකුල් එලියෙ..මමත් ඇදෙන් පැනලා බිමින් ඉදගත්තා..

කව්ද ඔයා..ඇයි මගේ රූම් එකේ..මොකටද ආවෙ..මොනාද ඕනී..

හෝව් හෝව් ..චුට්ටක් ඉන්න නන්ගි..

මට නන්ගි කියන්නෙ ..මන් එයාගෙ නන්ගිද..දැන් එතකොට මන් හොරෙක්ගෙ නන්ගි කෙනෙක්..

කියනවා හලෝ කවුද ඔයා..

බඩගිනි නන්ගි..

මගෙ බඩ පපුව දාලා ගියා..අම්ම කියලා තියෙන්නෙ බඩගින්නෙ ඉන්න හතුරෙක්ට උනත් කන්න දෙන්න කියලා..

හ්ම්ම් චුට්ටක් ඉන්න..

සමාරවිට මේ හොරාගෙ ප්ලෑන් එකක් වෙන්නැති..මාව පහලට යවලා රූම් එකේ තියෙන මොනා හරි අරන් පැනගන්න..මන් චුට්ටක් ඒ හොරා දිහා බලන් උන්නා..

එ මුන විඩාබරයි ..දවසටම කාලා නෑ වගෙ..කමක් නෑ..හොරෙක් නම් ගෙනියන දෙයක් අරන් පැනලා යාවිනේ..

මන් පල්ලෙහාට ආවා..දැන් ඕනීනම් මට අම්මි තාත්ති ඇහරන් එන්නත් පුලුවන්..ඒත් මගෙන් කන්න ඉල්ලුව මනුස්සයව පාවා දෙන්න පුලුවන්ද ..

අද මගෙ උපන්දිනේට ගෙනාව කේක් කෑල්ලකුයි..මයිලෝ එකයි අම්මි අරන් තියලා තිවුනු සැන්විච් පාන් පෙති ටිකකුයි අරන් මන් කලුවරේම උඩට ගියා..

සමාරවිට ගිහින් ඇති..මන් හිමින් දොර ඇරියා..හා මන් හිතුවා හරි හොරා ගිහින්…

මන් ගෙනාව ඒවා ඇදෙන් තියලා ජනේලේ ලගට ගියා..ම්ම් ජනේලේ ඇරලත් නෑ..එතකොට කෝ කෝ මේ හොරා..

අහ් අම්මො අදනම් මාව බය වෙලාමයි මැරෙන්නෙ..මන් බය වුනු තරමක්..මේන් ඒ පාර ආයෙත් බිම ඉදන්..

ඇත්තටම මේ බඩගිනි උනු හොල්මනක්ද..එහෙම නම් තව ටිකකින් එයාගේ උල් දත් එලියට දාලා මගෙ ලේ බොයි..කෝකටත් පරිස්සම් වෙමු..සුදානම් සරීරෙන්..

ආ..

මන් ගෙනාව දේවල් හොරාට දුන්නා..මන් දිහා ස්තූතීපූර්වකව බලන් උන්නු හොරා ඒ සේරම හරිම ආසවෙන් මගෙන් අර ගත්තා..

මන් බිම ඇන තියාන බලන් උන්නා..හත් අවුරුද්දකින් කාලා නෑද කොයිද..හොරා කනකම් මන් චුට්ටක් එයාව නිරික්ෂණය කලා..ක්‍රේල් කොන්ඩේ..පිරුනු ඇග..මුහුනෙ තියෙන වැදගත් පාට..

බෙල්ල හරෝ හරෝ පිටසක්වල ජීවීයෙක් දිහා බලන්නා වගේ මන් බලන් උන්නු හැටි එයා දැක්කා..මන් යාන්තමින් හිනා උනා.මගෙ පුන්චි හිනාවට එයා දුන්නු හිනාව..හම්මෙ චුට්ටන් කෝඩූ හිත පිච්චිල යනවා වගේ.

හරි කාලා ඉවර වෙලා මයිලෝ එකත් බීවා..මයිලෝ බටේවත් ,කේක් කුඩු ටිකක් වත් බිම හැලුවෙ නෑ..එතන අස් කලා..

මොනා උනත් පිලිවෙලක් තියෙන හොරෙක්..සමාර වෙලාවට මන් කාලා එතනම දානවා කෙල්ලෙක් වෙලත්..ඒත් මේ හොරා නම්..වැදගත් පිලිවෙලකට හැදුනු හොරෙක්..

ඒ පාර නැගිටලා වොශ් රූම් ගියා..මාර හොරෙක් මගෙ රූම් එකට රින්ගලා මගෙන්ම කන්න ඉල්ලන් මගෙ වොශ් රූම් එකත් පාවිච්චි කලා..

දැන් නම් මූනේ තිවුනු මලානික පාට නෑ..

මන් අත් දෙක එකට බැදන් ඉතින් කියන්නා වගෙ බලන් උන්නා..මොනා හරි උනොත් ටක් ගාලා කෑගහන්නත් බලාගෙන…

තැන්ක් යූ නන්ගි..

වෙල්කම්..

හ්ම්ම් සොරි..මන් ඔයාව බය කලාට..

හ්ම්ම් දැන් මට දැනගන්න පුලුවන්ද ඔයා ගැන..

හ්ම්ම්..මෙහෙම වෙන්න මන් හීනෙකින් වත් හිතුවෙ නෑ..

කොහොම වෙන්නද..

මේ වගෙ හොරෙන් එන්න..

අහ් මෙයා කියලා එන්නද එතකොට බලන් උන්නෙ..මන් ඒ මූණ විපරමින් බැලුවෙ මන් බැනපු කොල්ලෙක්වත්ද කියලා..නෑනී ඒ මූණ දැකලා නෑ..ෆිල්ම් වල නම් දැකලා තියෙනවා වගෙ..කව්ද මට මතක් වෙන්නෙ නෑ..අර සූර්‍යාග්‍ර් මල්ලි ..

නන්ගි..

ම්ම්ම්

මන් ඔයාට මුල ඉදන්ම කියන්නම්කො..

ඒක හොදයි..

මන් මගෙ ටෙඩී බෙයාවත් ඔඩොක්කුවේ තියාන ලස්සන සුරන්ගනා කතාවක් අහන්න ලෑස්තියි..

මගෙ නම දිනෙත් නිම්සර ..දිනෙත් නිම්සර ජයසුන්දර ..මන් ලන්කාවට ඇවිත් තාම සතියයි..බීඑස් සී හොන්ස් උපාදියක් තියෙනවා මට..ලන්කාවෙ ජොබ් එකක් කලොත් රස පරික්ශක කෙනෙක් වෙන්න පුලුවන්..

ඉතින් මට මොකො..මොන පරික්ශක උනත්..ඔච්චර ඉගෙන ගෙනත් හොරෙක් වෙලා ඉන්නෙ..හ්ම්ම්..ඇයි අනෙ ඒකටත් අපේ ගේ..මගේ රූම් එක..

දැන් නන්ගි හිතන දේ මට තේරෙනවා..මෙච්චර ඉගන ගෙනත් හොරෙන් ගෙවල් වලට පනින්නෙ ඇයි කියලානෙ..ඇත්තටම මන් ආවෙ හොරකමකට නෙමි..

මෙයා රස පරික්ශක නෙමි හිත් පරික්ශක..ඇත්තටම කීවොත් දැනටමත් හොරකමක් සිද්ද වෙලා ඉවරයි..

කෝ නන්ගිගෙ කට..මන් හිතුවෙ නන්ගි කට පියන් ඉන්න දන්නෙ නෑ කියලා..

අහ් ඒ පාර නම් මන් උඩ ගියා..මන් ගැන හොදටම දන්න කෙනෙක් ඇරෙන්න එක දවසක් කතා කරපු කෙනෙක් ඔහොම කියන්නෙ නෑ..

(මතු සම්බන්දයි ..) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *