06 වන දිගහැරුම
සෙනෙශ් පහළට එද්දී මව තේ මේසයක් පිලියෙල කර තිබුණාය…
චෙනායාද ටික වේලාවකින් සූදානම් වී පහළට ආවා…කෙල්ල ඇදන් ආවේ අත් රහිත පපුවෙන් මදක් පහලට වෙන්නට ඉන යෙදූ දණහිසට වඩා ටිකක් කොට ලා අලු පැහැගත් ගවුමකි…
අඩි 5ක් පමණ උසැති කෙල්ල ගවුමට තවත් හුරුබුහුටියට පෙණිනි….
අම්මා කෙල්ල දිහා බලන් හිටියේ ආසාවෙන්….ඇගේ මේ හුරුබුහුටි සුන්දරත්වයට ඈ කවදටත් ආස කළා..
කොල්ලත් කෙල්ල දිහා බලන් හිටියා….චිනූ ගොඩාක් ලස්සනයි කියලා සෝනු දන්නවා…ඒත් පුංචිකාලේ රණ්ඩු නිසාම තාමත් හිතෙන්නෙ ඒයා එක්ක ඇවිලෙන්නමයි….ඒ වගේම කෙල්ලව සෙනේශ්ට පෙනුනේ හරිම පොඩියට…කොහොමත් සෙනේශ්ට අවුරුදු 28වෙනවානේ… කෙල්ලට වඩා 6ක් වැඩිමල්…ඒක ලොකු වයසකුත් නෙවෙයි…..
ඒත් සෙනේශ් හිතන් ඉන්නේනම් එයා පරිපූර්ණ යි වගේම චෙනායා තාම මනසින් වැඩිලා නෑ කියලයි….
ඔව් කොහොමත් චෙනායා කරන්නේ ඉතින් ටිකක් ඒ වගේ වැඩ තමයි…
“අනේ මගෙ බටු ඇටේ හරිම කියුට්….මට මිරිකන්න් හිතෙනවා …..”
අම්මා කීවෙ පහලට ආව කෙල්ලව වැළදගනිමින්….කෙල්ල බෙල්ල ඇලකරලා ඇස් හීන් කරලා හුරතල් පාට හිනාවක් දැම්මා….
“මේකිට මායම් 64ක් නෙවෙයි 164ක්ම තියෙනවා…කෝලම්”
කොල්ලා හිතින් හිතුවේ අමනාපයෙන්.පුංචි කාලෙත් චිනූ ආවම අම්ම එයාව හුරතල් කරනකොට සෙනේශ් හිටියේ ඉරිසියාවෙන්…තාමත් ඒ හැගීම එහෙමමයි….මේක ඉතින් ඉපදිච්ච දවසේ ඉදන් එන රණ්ඩෙවක්නේ….
“අනේ අන්ටිත් මට බටු ඇටේ කියනවා…මේ දිගංචියා වගේ…මන් තරායි….“
කෙල්ල මූණ පුළුටුකරන් කියද්දී අම්මට හිනා…
“ආදරේටනේ කීවේ පුතේ.. ඔයා මගෙ සුදු දෝනිනේ…..ම්..ම්…අනික දැන් මට අම්මා කියන්න…ආන්ටි පට්ටම ඉවරයි හොදද?”
“අනේ ආන්ටී…ටික….”
“ඔය ඉතින් ආයිත් ආන්‍ටි ලු…”
“සොරි සොරි අම්මා…..හලිද…ටික දවසක් යනකම් ටිකක වරදී…සමා වොනෝද මට…..”
කෙල්ල අම්මේ කියද්දී අහිංසකව අහද්දී අම්මට ආදරේ හිතුනා ඈගැන…
“ඔයාට නොදෙන සමාවක කොයින් වස්තුවේ මං ගාව….ඔයා ගාව හුරතලේ ඇරෙන්න වෙන මුකුත් නෑ කියලා මං දන්නවා…..”
අම්මා කියද්දී කෙල්ල බිම බලා ගත්තා….වෙනස අම්මා දැක්කා…
“මොකද දරුවෝ…..”
“න්…නෑ අම්මා ගෙදර මතක් උනා…..”
කෙල්ල කීවෙ දුකෙන්….
“අනේ පැටියෝ….අපි යන්කෝ හෙට උදෙනම ගෙදර හොදද?
මේ හුරතලේ සෝනු බලා හිටියේ මූණ ඇඹුල් කරන්…
“විකාර…අලි බබ්බු හුරතල් කරනවා….වෙනදනම් ආවම විතරයි මට අම්මාගේ ආදරේ අඩූනේ…දැන් ඉතින් 24 අවර්ම මේහෙමනේ…..මල වදේ….”
“මොනාද සෝනු කුටු කුටි ගාන්නේ…..”
“අනේ මන් කුටු කුටු ගෑව එකක් නෑ….තේ බොමුද…දැන් ඇල් වතුර වෙලා ඇති….පස්සෙ බැරියෑ හුරතල් වෙන්න….”
අම්මා සිනා සී මේසෙන් චිනුත් සමග වාඩිවිය .. ……
ඒකානාක මහතාත් පැමින අසුන්ගත් පසු සිවු දෙනාම එක්ව තේ පානය කළහ….
වෙහෙසකර දිනයක අවසානයේ සියල්ලෝම වේලාසනම නිදන්නට ගියේ ඩිඩාව හේතුවෙන්මය….
සෝනූගේ ගෙදර චිනූගේ ආගමනයෙන් සතුටින් පිරුණා වාගේම චිනුගේ නිවස පාළුවෙන් ගිලුනි…
සමරක්කොඩි යුවලගේ එකම දියණිය සුරතලිය නිවසින් පිට කලත් ඔවුන් උන්නේදරාගත නොහැකි පාළුවෙන්….
චිනූටත් නිදාගන්නට ඇදට ආවද තම දෙමවුපියන් කෙතරම් පාලුවෙන් ඇත්දැයි සිතුනා…..
කොච්චර ලොකු උනත් කෙල්ල ගොඩාක් වෙලාවට අම්මගෙයි තාත්තාගේ යි මැද්දේ තමයි නිදාගත්තේ…..
සෝනුට තිබුණ්වෙ දෙදෙනෙකුට නිදාගන්නට හැකි ඇදකි….ඒ නිසා දෙන්නටම ඉන්න උනේ ටිකක් ලගින්…
කෙල්ල අනෙක් පස හැරී සුසුම් ලන හඩ කොල්ලාට හොදටම ඇහුනා…..සෝනු ටිකක් හැරිලා බැලුවා…
“හරි හරි බටු ඇටේ අද ටිකක ළගට වෙලා ඉන්නවකෝ….හෙට ඇදක් ගෙනත් දාන්නම් ලොකුවට හොදේ… “
කොල්ලගේ කතාව කෙල්ල එච්චර තැකුවේ නෑ…..
“අයියේ…..”
කෙල්ලගේ හඩෙහි ස්වභාවය කොල්ලාව පුදුම කලා…සෝනු සම්ම්පූර්ණයෙන් ඈ දෙසට හැරී උරහිසට අතක් තිබ්බා……
“නංගී……මොකද මේ….”
“මට හැමදාම මෙහෙම නේද ඉන්න වෙන්නේ….අම්මිගෙයි තාත්තාගෙයි තුරුලත් නෑ..ආදරෙත් නෑ……මට බෑ……මං මං ආන්ටි ගාවට යන්නම්……මට ටිකක් තුරුල් වෙලා ඉන්න ඕනා…..”
චෙනායා කීවේ කදුළු පෙරමින් හූල්ල හූල්ල….අම්මාගේ තාත්තාගේ ආදරය නොඅඩුව ලබමින් ඈ හැදුන බව සෝනු දන්නවා….ඔහුට දුක හිතුනා පලවෙනි වතාවට ඈ ගැන…….
“අහන්නකෝ මගෙ බටු ඇටේ….මං හස්බන් කියන එක අමතක කරන්න….අයියා කියලා හිතන්න….එන්නකෝ ම්ං තුරුල් කරගන්නම්….”
“බෑ ආන්ටි ලගට යන්නම්…..”
“අනේ මේ ඒ ජෝඩුවට පාඩුවේ ඉන්න දෙනෝ…..අර සමරක්කොඩි කපල් එකත් ඉන්නැත්තේ මේ ඇනේ ඉක්මන්ට යවාගන්න බැරුව…..”
සෝනු කියද්දීනම් කෙල්ලටත් හිතුනා ඇත්තදෝ කියලා…කේල්ල පිටුපසට අතදමා කොල්ලට පහරක් ගැහුවේ හිනාවෙමින්…..
“එනවා ඉතින් ළගට…මට ලාදුරු නෑ……”
කෙල්ලගේ බදවටා අත දමා සෝනු පිටුපසින් තුරුලට ඇදගත්තා……කෙල්ල ෂනිකයෙන් හැරී ඔහුගේ පපුවට හිස තබා තවත් හොදට තුරුල් උනා……
කොල්ලට දැනුනේ අමුත්තක්….කියාගන බැරි හැගීමක්….ඒත් කෙල්ල තුරුල් වෙලා හෙවුවේ අම්මාගේ තාත්තාගේ උනුසුම ඔහුගෙනුත්…….
මතු සම්බන්ධයි