06
සංකේත්ගේ ආදරේ නිසා හිරුනි හිටියේ ගොඩක් සතුටින්..සංකේත් තාත්තා කෙනෙක් වගේ වෙලාවකට සහෝදරයෙක් වගේ..තවත් වෙලාවකට යාළුවෙක් වගේ හිරුනිට ආදරේ කරා..හිරුනිව ආරක්ෂා කරා..ගෙදර අයගේ වෙනස්කම් හිරුනිට දැනුනෙම නැතිතරම්..ඒ තරම් සංකේත්ගේ ආදරේ හිරුනිගේ ජීවීතේට ආශිර්වාදයක් උනා..
“සුදූ..මේ බලන්න මං මොනවද ඔයාට ගෙනාවේ කියලා…”
“අනේ හරිම ලස්සනයි අයියේ..හරිම ලස්සම ගවුමක්..මං ආසම පාටින් ගෙනල්ලා තියෙන්නේ..ළා කොළ පාට..හරිම ලස්සනයි….එතකොට මේ මොකද්ද..බෑග් එකක්..තව මොනවද මේ..අනේ ලස්සන සෙරෙප්පු දෙකක්..”
“ලස්සන වෙන්න එපෑ ඉතිං..මගේ කෙල්ල ලස්සනට ඉන්න ඕනිනේ…”.
“හ්ම්ම්ම්..”
“ඉතිං මොකද ඔය මූණ නරක් කරගත්තේ.”
“ඔයා මේවා ගෙනත් දුන්නට් මට මේ ගවුම අදින්න විදිහක් නෑනේ..මේ සෙරෙප්පු දෙක බෑග් එකත් පාවිච්චි කරන්න විදිහක් නෑනෙර්…ඔයා මට දුන්න හැම තෑග්ගක්ම මං හංගලා තියෙන්නේ..මේ ටිකත් හංගන්න තමයි වෙන්නේ..”
“හ්ම්ම්..එකට ක්ම්ක් නෑ..”
“මේ හිගන කෙල්ලත් එක්ක මේ වගේ කතා කර කර ඉන්න ඔයාට ලැජ්ජයිද මහත්තයෝ..”
“හිරූ…”
හිරුනිගේ ඒ කතාවට සංකේත්ට හොදටම කේන්ති ගියා..ඒ කේන්තියත් එකතු වෙලා වෙනස්ම හඩකින් සංකේත් හිරුනිට කතා කරපු නිසා හිරුනිත් බය උනා..
“ඇ..යි… අ..යි..යේ..”
“මොනවද හිරූ ඔයා මේ කියන කතා..මං ඔයාට කීදවසක් කියලා තියනවද ඔය විකාර දේවල් කියවන්න එපා කියලා.ඇයි කියන දේ අහන්න බැරි..ඔයා හිතන්නේ මං ඒ තරම් පහත් කොල්ලෙක් කියලද…එහෙම ලැජ්ජාවක් තියනවා නම් මං මොකටද ඔයත් එක්ක යාලූ වෙන්නේ..ඇයි ඔයාට මගේ ආදරේ විශ්වාස නැත්තේ හිරූ..ඇයි ඒ..”
අන්තිම ටික කියනකොට සංකේත්ගේ හඩත් බිදිලා ගියා..හිරුනි සංකේත්ට පණ වගේ ආදරේ කරා..ඒත් හිරුනිගෙ හිතට වද දෙන එක ප්‍රශ්නයක් තිබුනා..එයාට වඩා ගොඩක් හොද කෙල්ලෙක් සංකේත්ට හොයාගන්න පුලුවන් කියලා හිරුනි නිතරම හිතුවා..කවදාවත් මේ ඉන්න අපායෙන් ගොඩ එන්න බැරි වෙයි කියලා හිරුනිට හිතුනා..එයා මේ ඉන්න අපායට සංකේත්වත් ඇදලා ගන්න හිරුනි කැමති උනේ නෑ..ඒ උනාට සංකේත්ගේ ආදරේ නැතුව ජීවත් වෙන විදිහක් හිරුනි දැනගෙන හිටියෙත් නෑ.
“හිරුනි…මං ඔයාගෙන් අහන්නේ මේ..ඇයි ඔයාට මාව විශ්වාස නැත්තේ..”
“අනේ එහෙම දෙයක් නෑ මගේ අයියේ.මට ඔයාව විශ්වාසයි …”
“බොරු කියන්න එපා හිරූ…ඔයාට මං ගැන විශ්වාසයක් තියනවා නම් ඔහොම කතා කරන්නේ නෑ..”
“අනේ නෑ අයියේ..මට ඔයාව විශ්වාසයි…කාත් කවුරුවත් නැති මට දැන් ඉන්නෙ ඔයා විතරයි..ඔයාගේ මේ ආදරේ නිසා තමයි මං මේ තරම් සතුටින් ඉන්නේ.මට සමාවෙන්න ..මං ආයෙත් ඒ වගේ දේවල් අහන්නේ නෑ ඔයාගෙන්..”
“ප්‍රොමිස්..”
“හ්ම්ම්..ප්‍රොමිස්…”
“කෝ දැන් මගේ සුදු මහත්තයා මාත් එක්ක තරහා නෑ නේද…ම්ම්ම්..”
“තරහයි..”
“අනේ…”
“තරහම තරහයි…ඕනිනම් යාලු කරගන්න…”
“මෙයාට නම් පිස්සු..හරිම් කපටියෙක්…මෙයාව යාලුකරගන්න ඉතින් එක විදිහයිනේ තියෙන්නේ..ඒත් ඉතිං මට ලැජ්ජයිනේ…”
“ඔයා හරි කපටියි අනේ..”
“මේ මේ ඒවා හරියන්නේ නෑ..කෝ මාව යාලූ කරගන්න..”
මේ රණ්ඩුවෙදි හිරුනි හැමදාම පරාද වෙනවා..වෙන කරන්න දෙයක් නැති නිසා කෙල්ල සංකේත්ගේ කම්මුලට හාදුවක් දුන්නා..හිරුනිගේ තොල්පෙතිවල සීතල සංක්කෙත්ගෙ කම්මුල්වලට දැනෙද්දි කොල්ලට දැනුනේ පුදුම සතුටක්…දෙන්නගේ සම්බන්දෙට දැන් මාස තුනයි..ඒත් හිරුනිට මේ වගේ දේවල් තාම නුහුරුයි වගේ..ඉදලාහිටලා ලැබෙන අවස්ථාවෙන් සංකේත් උපරිම ප්‍රයෝජන ගන්නවා ඒ හින්දා..හිරුනිත් දැන් සංකේත්ගේ මේ කපටිකම් ගැන හොදට දන්නවා…
“අහිංසකයා වගේ හිටියට මොකද…මමනේ දන්නේ මෙයාගේ කපටිකම් ගැන..”
“ඔන්න ඉතිං මගෙ සුදු නෝනේට කේන්ති ගිහින්…”
“අපෝ නෑ…”
“හා කමක් නෑ..කෝ මෙහාට එන්න…”
“ඒ මොකටද..”
“කවුරුහරි අපිට තෑග්ගක් දුන්නහම එයාටත් තෑග්ගක් දෙන්න ඕනි කියලා තමයි අපේ අම්මා මට උගන්නලා තියෙන්නෙ …”
“ඉතිං..මං ඔයාට මුකුත් දුන්නේ නැනේ..”
“ඇයි මේ කිස් එක..”
“ඔයා මට මේ ගෙනත් දීපු තැගි වලට ඒ ගිෆ්ට් එක මං ඔයාට දුන්න කියලා හිතාගන්නකෝ…”
“එහෙම හරි නෑනේ වස්තුවේ..ගිෆ්ට් එක සමාන වෙන්න ඕනි…”
“නෑ නෑ එහෙම වෙන්න ඕනි නෑ..”
“නැත්තේ මොකෝ…එහෙම් වෙන්න ඕනි…”
“අනේ නෑ..මාව අතාරින්නකෝ..”
තවත් මොනවදෝ කියන්න හැදුවත් හිරුනිට ඒකට අවස්ථාවක් ලැබුනේ නෑ..මෙච්චර වෙලා සංකේත්ගේ තුරුලෙන් මිදෙන්න වෙහෙසුනු හිරුනි හිතුවෙවත් නැති වෙලාවක සංකේත්ගේ තොල්වල පහස හිරුනිගෙ දෙතොල් වලට දැනෙද්දි ඒ හැගීමට හිරුනි අවනත උනේ කාලයක් තිස්සේ බලාපොරොත්තු උන දෙයක් එයාට ලැබුනා වගේ.. සංකේත් ගැන තිබුන ආදරෙන් මුලු හිතම පිරෙද්දි හිරුනි තව තවත් සංකේත්ට තුරුල් උනා..
“මොකෝ මේ මට බැන ඉදපු කොච්චි කරලගේ කට වැහුනේ එක පාරට..”
හිරුනි ආයෙත් ඇස් දෙක ඇරියේ සංකේත්ගේ කටහඩ ඇහුන නිසා..සංකේත්ගේ ඒ හිතුවක්කර වැඩේට යටි හිතේ ලොකු ආසාවක් තිබුනත් හිරුනි බොරු තරහක් මූණට ගත්තා..
“මොනාද අයියේ ඔයා මේ කරන්නේ..”
“ඇයි මොකෝ..”
“ඇයි කියලා අහන්නේ…කවුරිහරි දැක්ක නම් එහෙම…”
“ආ එහෙනම් ඔයාට තිබුනනේ එපා කියන්න..”
“අනේ යනවා යන්න..”
“ඇයි මොකද..ලැජ්ජයි වගේද…”
“හ්ම්ම්ම්..”
“අයියෝ බබා….බය වෙන්න එපා..මේ පැත්තට කවුරුවත් එන්නේ නැ..”
“ඒ උනාට හරි නෑනේ..”
“හ්ම්ම්..හරි අපි ආයෙත් එන්නෙ නැතුව ඉමුකෝ…ආවොත් අද වගේ කිස් ගොඩාක් දෙන්න හිතෙයි මට..”
සංකේත් එහෙම කිව්වම නම් කෙල්ල්ගේ මූණට ලොකු හිනවක් ආවා..ක්ලාස් දවසට හැමදාම දෙන්නත් එක්ක පාර්ක් එකට ඇවිත් විනාඩි දහයක් හරි කතා කර කර ඉදලා තමයි යන්නේ..අද හිරුනිට පැය බාගයක් කලින් ක්ලාස් ඉවර උනා..ඒ හින්දා දෙන්නාට වෙනදට වඩා නිදහසක් ලැබුනා අද .
“ඔන්න ඔහොම හිනා වෙලා ඉන්නකෝ…හිරු..මං ඔයාට දෙයක් කියන්නද..”
“මොකද්ද..”
“තව සති දෙකකින් ඔයාගේ විභාගේ..තව එක දවසයි ඔයා ක්ලාස් එන්නෙත්..මේ බලන්න මැණික…ඔයා විභාගේ ලියලා ඉවර උනහම මං ඔයාව මගේ ළගට ගන්නවා…”
“ඒ කිව්වේ..”
“ඒ කිව්වේ අපි කසාද බදිනව..”
“මේ මං.කසාද බදිනවා…”
හිරුනි බය වෙලා වගේ ඇස් දෙකත් ලොකු කරගෙන සංකේත් දිහා බලාගෙන ඉන්න්වා දැක්කම සංකේත්ට හිනාව නවත්තගන්න බැරි උනා..
“ඇයි..හිනාවෙන්නේ…”
“හිනා වෙන්නේ නැතුව කොහොමද ළමයෝ ඔයා ඔය බලන් ඉන්න විදිහට..”
“හිනා වෙන එක නවත්තලා අහන්නකෝ ඉතිං…”
“මොකද්ද..”
“ඔයා කොහොමද ඔය වගේ තීරණයක් ගත්තේ..ඔයා හිතනවද ඔයාගේ අම්මයි තාත්තයි මට කැමති වෙයි කියලා..”
“ඇයි එයාලා අකමැති වෙන්නේ ඔයාට…”
“මං වගේ..මේ..මං කිව්වේ..”
හිරුනි කියන්න ආපු වචනේ ගිලගත්තේ කලින් වෙච්ච දේ මතක් වෙලා..සංකේත්ට ඒක තේරුනත් නොතේරුනා වගේ හිටියා…
“මේ අහන්න හිරූ…අපේ අම්මලාට ඔයාට අකමැති වෙන්න හේතුවක් නෑනේ..ඔයා ඒවා හිතන්න එපා..මං ඒ ගැන බලාගන්නම්..ඔයා කැමතියි නේද…”
“මං මොකටද අකමැති වෙන්නේ අයියේ..මට ඉක්මනටම ඔයා ළගට එන්න පුළුවන්නම් මං කොයි තරම් වාසනාවන්තද…”
“ඔයාට වඩා මං වාසනාවන්තයි මැණික…ඔයා වගේ අහින්සක කෙල්ලෙක්ගේ ආදරේ ලබන්න තරම් මං පින් කරලා තිබුන එකම මදිද….”
“ඇත්තට..හිහී…මේ අපි යමුද..චාමික ඇවිල්ලත් ඇති…”
“හා යමුකෝ…”
හිරුනි සංකේත්ට ආදරේ කරා කියලා චාමිකගෙයි හිරුනිගෙයි යාලුකමේ කිසිම වෙනසක් උනේ නෑ.. සංකේත් උනත් ඒ දෙන්නගෙ යාලුකම මොන වගේද කියලා හොදට තේරුම් අරන් තිබුනේ..සංකේත් උනත් චාමිකට සැළකුවේ තමන්ගෙම සහෝදරයෙක්ට වගේ….ඒ නිසා ඒ බැදීම් වෙනදටත් වඩා ශක්තිමත් උනා..ගෙදර යන්නත් පරක්කු වෙන නිසා සංකේත් හිරුනිගේ අතින් අල්ලගෙන හෙමීට හෙමීට ඇවිදගෙන පාර්ක් එකෙන් එළියට එන්න ආවා..
“ඒ නෙතූ..අර බලපන්..අදත් උඹලගේ අක්කා ඉන්නවා…”
“කෝ බන්..ආ අර ඉන්නේ..ඒත් කවුද අර ඉන්න කොල්ලා..”
“එදා ඉදපු එකා නෙමෙයිනේ..බලගෙන යනකොට උඹගේ අක්කා හොද නැටුමක් නටනවා වගේ..”
“ඒකනේ බන්..මේ අර චාමිකයා නෙමෙයිනේ..”
“හොද වෙලාවට නේද කවීෂ් ගියේ..”
“ඒ මොකද..”
“ඇයි නෙතූ උඹවයි කවීෂ්වයි මාට්ටු වෙනවනේ නැත්නම්..”
“උඹ හිතන්නේ මෙයා ගෙදර ගිහින්අං ගැන කියයි කියලාද..උඹට පිස්සුද හංසි..මෙයා කොහොමද එච්චර හරියක් කරන්නේ..මට එහෙම දෙයක් කරොත් මං දනියී මෙයාට කරන දේ…මේ වරෙන් අපිත් යමු ඒ පැත්තට..”
“ඒ මොකටද…”
“උඹ වරෙන්කෝ පණ්ඩිතකම් කියවන්නේ නැතුව…මං දන්නවා මං මොකද්ද කරන්න ඕනි කියලා…”
නෙතූ හංසිත් එක්ක හිරුනිගෙ ඉස්සරහට ආවා..නෙතූව දැක්කම හිරුනිට සංකේත්ගේ අතත් අතෑරුනා..ඊළගට මොනවා වෙයිද කියලා හිතාගන්න බැරුව ඉදපු හිරුනිගේ ඇස්වලින් කදුළු වැටෙන හැටි දැකපු සංකේත් හොදටම බය උනා…
‘අනේ ඇයි හිරූ මේ..ඇයි වස්තු අඩන්නේ…මොකද උනේ..කතා කරන්නකෝ…”
“ආ මගේ අක්කණ්ඩි මොකද මේ පාර්ක් එකේ..”
සංකේත් එතකොට තමයි දැක්කේ එයාලා දිහා බලාගෙන අමුතු විදිහට හිනාවෙන නෙතූව..
“ඇයි මොකද…”
“හා හා මස්සිනේ..මොකද ඔය තරම් හයියෙන් කතා කරන්නේ..”
“කවුද ඔයා..”
“ඇයි හිතාගන්න බැරිද…”
“පුලුවන් නම් අහන්නේ නෑනේ..”
“ආ ඔව්නේ..මං තමයි මේ හිරුනි සෞභාග්‍යාගේ එකම නංගී..නෙතූ…”
“නංගී ඔයා මේ..”
“හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න…මං ඔයත් එක්ක නෙමෙයිනේ කතා කරේ..මගේ මස්සිනා එක්කනේ..”
“නංගි ඔයා යන්න මෙතනින්..”
“මං දැන් උඹට කිව්වනේ කට වහගෙන ඉන්න කියල..මේ මස්සිනා..මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි..”
“ඔඑ කියන්න..”
හිරුනිට සංකේත්ව නවත්තන්න ඕනි උනත් ඒක කරගන්න බැරි උනා..සංකේත් උනත් හිටියේ කේන්තියෙන්..නෙතූ හිරුනිට කරන හිරිහැර සේරම සංකේත් දැනගෙනයි හිටියේ..හිරුනි කියලා නෙමෙයි…එත් චාමික ඒ සේරම සංකේත්ට කියලා තිබුනේ…”
“ඇත්තටම මස්සිනේ ඔයාට මීට වඩා හොද කෙල්ලෙක් හොයාගන්න බැරි උනාද…”
“ඒක ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද..මං කැමති කෙනාව තමයි මම තෝරගත්තේ..”
“ඔයා හිතාගෙන ඉන්නේ මේ ඉන්නේ ගොඩක් අවන්ක හොද කෙල්ලෙක් කියලද…”
“ඔව්..හිරු ගැන මං හොදට දන්නවා…”
“ඔයා මොනවද මස්සිනේ මෙයා ගැන දන්නේ…”
“මොකද්ද ඒ කතාව..”
“හ්ම්ම්ම්..මං කියනවට වඩා හොදයිනේ ඔයා මෙන්න මේ ටික බලන්නකෝ…”
නෙතූ එයාගේ ෆෝන් එක සංකේත්ට දුන්නා..ෆෝන් එක දිහා බලාගෙන ඉදපු සංකේත්ගේ ඇස් ලොකු උනා..අත මිටි මෙළවුනා..මේ සේරම හිරුනි බලාගෙන හිටියේ..සංකේත් හිරුනි දිහා බැලුවෙ ගිනි පිටවෙන ඇස් දෙකෙන්…”දෙයියනේ මේ මොකද වෙන්නේ..නෙතූ මොනවද මෙයාට පෙන්නුවේ…ඇයි මේ විදිහට මං දිහා බලන් ඉන්නේ…”
“හිරූ ඇයි ඔයා මට මේ තරම් දෙයක් හැංගුවේ…”
කේන්තියෙන් පුපුර පුපුර සංකේත් හිරුනිගෙන් අහද්දි හිරුනි බයට වෙව්ලන්න ගත්තා…නෙතූ නම් හිටියේ ගොඩක් සතුටින්..”උඹගේ ප්‍රේම කතාවත් මං ඉවර කරා එහෙනම්…”නෙතූගේ මූණේ තිබුනේ කුරිරු හිනාවක්…
මතු සම්බන්ධයි