06

..##නිම්හිම් සේයා ##..
6
“ඉතින්..
දිනෙත් නිම්සර ජයසුන්දර මේ ඒ හොරාගේ කතාවයී..අසව් අසව්..ඕන් දැන් හරිනෙ..
හරි..දැන් තමයි මන් දන්න චූටී මැනික..සේයා මන් ඉස්සරහා ඉන්නෙ..
අම්මට සිරි..සෑහෙන්න යමක් මන් ගැන දන්නවා වගේ..අද රෑට නයිට් එකක් ගහන්න වෙයි වගෙ..
නන්ගි බලනවා ඇති මන් මෙ සේරම දන්නෙ කොහොමද කියලා..ඇත්තටම මන් නන්ගි ගැන දන්නෙ දැන් දවස් තුනක ඉදන්..
ඈ..
කට ඇරුනු විදියට හොර ගෙඩියට ගිය කැකිරි පැලෙන හිනාව..මෙයා අද මාවත් උල තියයි වගෙ..
හරි හිනා නේ..කියනවාබලන්න කොහොමද මන් ගැන දවස් තුනක ඉදන් මාව දන්නෙ කියලා ..ම්ම්..කියනවා කියනවා කියනවා..කව්ද මන් ගැන ඔත්තු බලන්න දැම්මෙ ආ..
සුපුරුදු සේයා නිම්නාදී එලියට ඇවිත්..තරහක් වෙනුවට ඒ මූනෙ තිවුනෙ මදහසක්..
හරි හරි මගෙ අම්මි..මේන් වැන්දා කෑගහන්න එපා..සේරම කියන්නම්..
දිනෙත් නිම්සර ජයසුන්දර ..සමහරවිට ඔයා දැනටමත් මගෙ තාත්තා ගැන දන්නවා ඇති..
ඒ පාර තාත්තෙක් ගැන කියනවා..මන් තාත්තව තියා පුතා ගැනවත් දන්නෙ නෑ..අඩු තරමේ මේ මන් ගැනවත්..
කියනවකො වදේ වැල්වටාරම් නැතුව…
හ්ම්ම්..මගේ තාත්තා තමයි සරත් ජයසුන්දර ..එයා ලන්කාවෙ ව්‍යාපාරිකයන්ගෙ ඉහලම ඉන්න කෙනෙක්..මන් හිටියෙ රට කියලා කීවානේ මන්..අපේ අම්මා පැරලයිස් වෙලා හිටියෙ ..මන් ලන්කාවට ආව දවසෙ තමයි මන් දැනගත්තෙ එයා නැතිවෙලා මාස දෙකක් කියලා ..මට දැනුනු වේදනාව..අඩුම තරමෙ මට මගෙ අම්මගෙ මිනියවත් බලන්න බැරි උනා..මාව පිට කෙනෙක් වගෙ අයින් කරලා..
එතකොට කෝ දැන් තාත්තා ..
හ්ම්ම් ඒක තමයි මන් කියන්න යන්නෙ..
හා..
මෙයාගෙ බොරු බේගල් කතා මන් විස්වාස කරයි කියලා හිතනවා ඇති..හොරකමකට ආවා මදිවට තව සුරන්ගනා කතා ගොතනවා..කමක් නෑ..නින්ද ගියාට පස්සෙ මොනා හරි කරොත් එහෙම ..හැබැයි ඒ ඇස් බොරු කියනවා කියන්නත් බෑ..ඒත් ඉතින් කවුද දන්නෙ මෙයාත් ඇක්ටර් කෙනෙක් වගෙ කෙනෙක්ද කියලා ..
නන්ගි අහන්ද ඉන්නෙ..
හ්ම්ම් ඔව්..
මට ගෙදර ලොකු අමුත්තක් දැනුනා..තාත්තා වෙන කසාදෙකුත් බැදලා මේ මාස දෙකට..මට තාත්තා මරන් කන්න තරම් කේන්ති මටත් වඩා බාල කෙල්ලෙක්..මගෙ අම්මා කියලා මට පෙන්නුවා..මන් ඒ වෙලේ තරහට කීවේ මන් උඹව මරලා මෙහෙන් යනවා යකෝ කියලා..තාත්තා නටන ජවුසන් දැකලා එදාම මට හිතුනා ලන්කාවෙන් සදහටම යන්න..ඒත් වීසා හදාගන්න දවස් දෙකක් තව ඉන්න උනා..මගේම ගේ ඇතුලෙ වෙන දේවල් දැකලා ජීවීතේ ගැන තිබුනු හැම සුබ දෙයක්ම මගෙන් ගිලිහුනා..අන්තිම දවසෙ ,,,අන්තිම දවසෙ අම්මගෙ සොහොනට ගිහින් අම්මට සමුදීලා කටුනායකට ගියා.මගෙ හොදම යාලූවො දෙන්නට විතරයි කීවේ ආයෙ එන්නැති බව..ඒත් ප්ලයිට් එකට නගින්න ඔන්න මෙන්න තියෙද්දි මාව ඇරෙස්ට් කලා..මන් දන්නෙ නෑ මොනාටද ඇරෙස්ට් කලේ කියලාවත්..මගදි මන් ඇහුවා ඇයි කියලා එතකොට තමයි දැනගත්තෙ තාත්තා මැරිලා කියලා..තරහට කීවට මගෙ තාත්තව මරන්න මට පුලුවන්ද ..කල්පනා කරලා බැරිම තැන පැන්නා ජීප් එකෙන්..බස් එකේ නැගලා මේ පැත්තට ආවා..උන් බස් එක ෆලෝ කලා යාලූවගෙ ගෙදර යන්නයි හැදුවෙ..ඒත් මගදි බහින්න උනා..ඔයාලගෙ ගේ ඉස්සරහා හෝල්ට් එකෙන් බැස්සේ..පස්සෙ තාප්පෙන් පැනලා අර අඹ ගහෙන් මේ රූම් එකය ආවා..දැනන් උන්නෙ නෑ මේ රූම් එක අයිති කෙල්ලෙක්ට කියලා..එහෙම උනානම් මන් මේකට පනින්නෑ..

පොඩ්ඩක් ඉන්න එතකොට ඔයා දවස් තුනක් තිස්සෙ මේ රූම් එකේ..

ම්ම් ඔව්..

එතකොට ..මේ මෝඩයා මන් ඇදුම් මාරු කරන කොටත් බලන් ඉන්න ඇති..

නන්ගි..

ම්ම්

සමාවෙන්න වරදක් කරන්න හිතන් ආවෙ නෑ..හවස තමා දැනගත්තෙ රූම් එකේ ඉන්නෙ කෙල්ලෙක් කියලා..මන් රෑ වෙන රූම් එකකට යන්න හැදුවත් ඔයාගේ රූම් එක වෙනම තියලා හදලා තියෙන නිසා බැරි උනා..නන්ගි සමාවෙන්න මට..

දැන් ඉතින් බනින්නයැයි..එතකොට නිව්ස් වල කීව කොල්ලා මෙයා..පොලිසියෙන් ආවෙත් මෙයා හොයන්න ..මන් දැන් මොකො කරන්නෙ..අම්මිලට කියනවද..

නන්ගි ප්ලීස් ඒ දේ නම් කරන්න එපා

මොන දේද..

අම්මලට කියන්න එපා නන්ගි..මට ඕනී මගෙ තාත්තට මොනාද උනේ කියලා හොයාගන්න..බුදුහාමුදුරුවො මත දිවුරලා කියන්නම් මන් හොරෙක් වන්චාකාරයෙක් නරක කෙනෙක් නෙමී..මට තව දව්ස් දෙකක් මෙහෙම ඉන්න දෙන්න නන්ගි ප්ලීස්..වදින්නම් ඔයාට..

කොල්ලෙක් මෙහෙම බැගෑපත් වෙද්දි ඒ අසරණ කමට ගරහන්න මට බෑ..ඒත් මන් කොල්ලෙක්ව මගෙ රූම් එකේ තියන් ඉන්න එක..හොද දෙයක්ද..දැන් මට මෙයා ඉස්සරහා හිතන්නත් බයයි..ඇයි වදෙ මන් හිතන්නෙ මොනාද මෙයා ඒවා කියනවනි..

අනේ නන්ගි..

මට ඒත්..අයියෙ මන් කෙල්ලෙක් ..ඔයාව කොහොමද මන් මගෙ රූම් එකෙ තියාගන්නෙ..අනික මේ රූම් එකට හැමතිස්සෙම කවුරුහරි එනවා

අනෙ නන්ගි දැන් දවස් තුනක් මන් හිටියා ඔයාට මන් කරදරයක් කලේ නෑනී..අද උනත් එලියට ආවෙ බඩගින්නෙ ඉවසන් ඉන්න බැරිම තැන..නන්ගිට බයනම් මෙ මගෙ අයිඩින්ටි කාඩ් එක..මේ මගෙ කැම්පස් එකෙ අයිඩී එක..මේ ක්‍රෙඩිට් කාඩ් ප්ලීස් නන්ගි..අද ඔයාගෙ උපන්දිනෙ දවසෙ අහින්සකයෙක්ට කරන උපකාරයක් කියලා හිතන්න..මන් වොශෲම් එකේ හරි ඉන්නම්..තව දව්ස් දෙකයි නන්ගි..,,,හ්ම්ම්..මන් ටිකක් හිතන්න ඕනී..

අනෙ නන්ගියෝ..ඔයාගෙ අයියට මේම උන කිය්ලා හිතන්න..ප්ලීස් නන්ගි..

හ්ම්ම් එතකොට දැන් දව්ස් දෙකකට පස්සෙ ඔයා මොනාද කරන්න හිතන් ඉන්නෙ..

මට තාම යාලුවගෙන් කෝල් එකක් ආවෙ නෑ.ඒක ලැබුනු ගමන් මන් යනවා මෙහෙන්..කොහොමහරි හොයාගන්නයි ඕනී..ඇත්ත..නිකරුනෙ අපරාද කාරයෙක් වෙන්න බෑ මට..

හ්ම්ම් හ්ම්ම්..හ්ම්ම්..

චූටී මැනිකෙ හා කියන්නකො..

හ්ම්ම්

හ්ම්ම් නෙමී හා..

මට නිදිමතයි..

සොරි.ඔයා අද ගොඩාක් මහන්සි වෙලා ඉන්නෙ සොරි නන්ගි ඔයාගෙ ලස්සන දවස කැත කලාට..

හ්ම්ම්..

නන්ගි හා නේද

හ්ම්ම් අයියො කට වහන් දැන් නිදනවකො වදෙ..

හරි නන්ගි සොරි..

මේ මෝඩයා දැන් කොහේ නිදාගනීද දන්නෙ නැ..අම්මිලා ගාවට ගිහින් නිදාගන්නත් හිතයි..

නන්ගි

ඇයි

තෑන්ක්ස්..

හ්ම්ම්

කොහෙ ඉදන් කියනවාද මන්දා..මන් ඇද යටට ඔලුව දාලා බැලුවා..කෝ..

මන් මෙහෙ නන්ගි ..

ඒ කටහඩ කොයින්ද ඇහෙන්නෙ..අහ් අල්මාරිය මුල්ලෙන්..මේම ඉද්දි පව් කියලත් හිතෙනවා..ඒත් ඉතින් මන් මොනා කරන්න්ද..මීටත් වඩා..

නන්ගි..

මොකො වදේ..

හැපි බර්ත්ඩේ ..

තෑන්ක්ස් ..දැන් ඔය වාත කට වහන් නිදාගන්න අයියෝ..

එතන නිදාගන්න බෑ..එහෙම කියලා මගෙ ඇදට එන්න කියන්නැයි..

අයියා

නන්ගි

නින්ද යන්නෙ නෑනී..

කමක් නෑ නන්ගි

මේ බෙඩ්ශීට් එක එලන් බිමින් නිදාගන්න..

අනෙ ස්තූති නන්ගි..ගොඩක් පින්..

හ්ම්ම් හා..now plz shutup..i want sleep…..

(මතු සම්බන්දයි ) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *