07
තවත් පරක්කු උනොත් හිරුට ගෙදරින් ගුටි කන්න වෙනවා කියලා දන්න නිසාම බලන් ඉදලා බලන් ඉදලා බැරිම තැන චාමික පාර්ක් එකට ආවා හිරූව හොයාගෙන..ඒ එනකොට තමයි චාමික දැක්කේ සංකේත් එක්ක කතා කර කර ඉන්න නෙතූව..”නෙතූ කොහොමද මේ දෙන්නාව දැක්කේ..දැන් මොකද කරන්නේ…මොනවද අර කතා කරන්නේ..ඒත් සංකේත්ගේ මූණ නම් එච්චර හොද නෑ…කෝකටත් ගිහින් බලමුකෝ…”චාමික හෙමින් හෙමින් හිරුනි ඉන්න තැනට ආවා.ඒත් කවුරුවත් චාමිකව දැක්කේ නෑ….ෆෝන් එක දිහා තව ටික වෙලාවක් බලන් ඉදලා ආයෙත් හිරුනි දිහා බලපු සංකේත්ගේ ඇස්වල තිබුන කේන්තියට කොච්චරද කියලා හිරුනිට හිතාගන්නවත් බැරි උනා..හිරුනි කවදාවත් සංකේත්ව මේ විදිහට දැකලා තිබුනේ නෑ..නෙතු නම් හිටියේ පුදුම සතුටකින්..මෙච්චර වෙලා හිරුනි දිහා බලන් ඉදපු සංකේත් ආයෙත් නෙතූ දිහා බැලුවා..
“මොකද මස්සිනා..විශ්වාස කරන්න බෑ වගේද….ඒත් ඕක තමයි ඇත්ත..ඔයා මහ ලොකුවට අහිංසකයි කියලා හිතාගෙන හිටියට පේනවනේ මෙයාගේ වැඩ….”
නෙතූ කියපුවට සංකේත් මුකුත් කිව්වේ නෑ..ඒත් වෙන්නේ හොද දෙයක් නෙමෙයි කියලා දැනුන නිසා චාමික හිරූට කතා කරා…
“හිරූ..මොකද මෙතන වෙන්නේ…”
“ආ ඔය ඇවිත් තියෙන්නේ අනිත් එක්කෙනා..හොර මිනිහයි ඇත්ත මිනිහයි දෙන්නම එක තැන..මෙයත් මේවා නොදැන ඉන්න විදිහක් නෑනේ…..”
“මොනවද මං නොදැන ඉන්න විදිහක් නැත්තේ…”
ඒත් ඒ ප්‍රශ්නේට නෙතූගෙන් උත්තරයක් ගන්න චාමිකට බැරි උනා..මේ වෙනකොට සංකේත් ඉවසීමේ සීමාව උපරීමෙට ඇවිත් තිබුනේ..නෙතූගේ වචන වලට තවත් ඉවසන්න සංකේත්ට බැරි උනා..”චටාස්…”නොහිතපු වෙලාවක වැදුන කම්මුල්පාර නිසා සමබරතාවය ගිලිහිලා බිමට වැටෙන්න ගිය නෙතූව හංසි අල්ලගත්තා..
“මොකද්ද මිනිහෝ උඹ මේ කරේ..උඹට කොහෙන්ද මගෙ කම්මුලට ගහන්න තරම් හයියක්..මං කවුරු කියලද හිතාගෙන ඉන්නේ…”
නෙතූ සංකේත්ට කෑගැහුවේ පිස්සුවෙන් වගේ..ඒ තරම් කේන්තියෙන් හිටියේ නෙතූ..ඒත් සංකේත් ඒ කෑගැහිල්ලට බය උනේ නෑ..
“කට වහපන්..”
“උඹ කොහොමද කියන්නේ මට කට වහන්න කියලා..මාව හදාගන්න කලින් උඹ උඹගේ කෙල්ලව හදාගනින්…”
“අනේ අයියේ..ඔයා මොකද මේ කරන්නේ..ඇයි නංගිට කෑගහන්නේ..ඕක නවත්තනකෝ..බලන්න අර මිනිස්සු අපි දිහා බල බල යනවා..කියන දේ අහන්නකෝ..”
“පැත්තකට වෙලා ඉන්න හිරූ..පේනවද මේකි කියන ඒවා..”
“අයියේ ඕක නවත්තපන් බන්..මෙතන රණ්ඩු වෙන එක හිරුනිටත් හොද නෑනේ..”
“මං කොහොමද මල්ලි කට වහගෙන ඉන්නේ..බලපන් මේ ෆොටෝ ටික..”
සංකේත් නෙතූගේ ෆෝන් එක චාමිකට දුන්නා..නෙතූ එයාගේ ෆෝන් එක ගන්න හැදුවත් සංකේත් ඒකට ඉඩ දුන්නේ නෑ..චාමික ෆොටෝ එකින් එක බැලුවා..ඒකේ තිබුනේ එදා ඉස්සෙල්ලම සංකේත්ව මුඹ ගැහුණ දවසේ චාමික හිරුනිගේ කදුළු පිහදාන වෙලාවේ ගත්ත ෆොටෝ වගයකුයි ඊට කලින් දවසකදි ගත්ත චාමික හිරුනිව තුරුල් කරගෙන ඔලුව අතගාද්දි ගත්ත ෆෝටෝ ටිකකුයි..චාමිකට ඒ ෆොටෝ ටික දැක්කම උඩ බිම නැති උනා…
“සංකේත් උඹට දැන් අපි දෙන්න ගැන සැකයිද..එක දවසක් මෙන්න මේකිගේ උදේ කෑම එක ලැස්ති කරලා දුන්නේ නෑ කියලා හිරුනි ක්ලාස් එන්න ලෑස්ති වෙලා ඉන්නකොට කමලා ඇන්ටි හිරුනිට හොදටම ගහලා තිබුනා..ඒ තරම් පොඩි දේකට කකුල් දෙකේ පාරවල් මතු වෙනකල් හිරුනිට ගහලා තිබුනා..එදා මං හිරූගේ හිත හැදුවේ ගොඩක් අමාරුවෙන්..එදා තමයි මේ ෆොටෝ අරන් තියෙන්නෙ..”
“උඹට පිස්සුද මල්ලි…මං පෙන්නුවේ ඒ ෆොටෝ ටික නෙමෙයි…”
“එහෙනම්..””
“ඔය ඊට පස්සේ තියන ෆොටෝ ටික බලපන්…”
ඒ ෆොටෝ වල තිබුනේ හිරුනි ගෙදර කට්ටියගෙන් ගුටි කන හැටි..ගහන්න එපා කියලා වැද වැද කියන හැටි..චාමිකේගේ ඇස් වලට කදුළු ආවා ඒ ෆොටෝ ටික දැක්කම…චාමික විතරක් නෙමෙයි ඕනිම කෙනෙක්ට දුක හිතෙනවා ඒ ෆෝටෝ බැලුවොත්..හිරූ වැඩිපුරම ගුටි කන්නේ නෙතූගේ වැඩ නිසා..ඒ අසරණකම දිහා බල බල සතුටු වෙන්න තරම් කෙල්ලෙක් වෙලත් නෙතූට පුලුවන් උන එක ගැන චාමිකට පුදුමයි..
“සංකේත් මේ…”
“ඔව් බන්.හිරූ කවදාවත් ඔය දේවල් ගැන මට කියලා නෑ..මේ කෙල්ල මේ තරම් දුක් විදිනවා කියලා මං අදයි දැන ගත්තේ…”
කොයි තරම් දුක් වින්දත් සංකේත් ඉස්සරහා හිරුනි හිනා වෙලා ඉන්න එක ගැන සංකේත්ට පුදුමයි..සංකේත්ට කේන්ති ගියේ හිරුනි මේ කිසි දෙයක් එයත් එක්ක කියලා තිබුනේ නැති නිසා..නෙතූට පුදුම හිතුනා සංකේත් කියන දෙවල් වලට..එයාගේ ප්ලෑන් එක අවුල් ගිය එකට ඊටත් වඩා කේන්තියෙන් හිටියේ…
“සුදු දෝණී…ඇයි ඔයා මෙතන…”
“දෙයියනේ තාත්තා මොකද මෙහෙ ආවේ..” ජයවර්ධනව දැක්කහම බය වැඩි කමට හිරුනිට තවත් ඇඩුනා..
“තාත්තී…මේකි හින්දා මං ගුටි කෑවා..”
නෙතූ හැම දෙයක්ම ජයවර්ධන එක්ක කිව්වා..
‘ලොකූ ගිහින් කාරෙකට නගින්වා..චාමික තමුසෙත් යනවා..නගින්වා කාර් එකට ..”
සේරම අහගෙන ඉදලා ජයවර්ධන කිසිම වෙනසක් නැතුව හිරුනිට කතා කරා..ඒත් එර් ඇස්වල ලියවිලා තියන කේන්තිය අදුරගන්න හිරුනිට අමාරු උනේ නෑ..කකුල් දෙක පැටලි පැටලි ගිහින් කාර් එකට නැග්ගා.සංකේත්ට කරගන්න දෙයක් නෑතුව අසරණ වෙලා බලාගෙන හිටියා..දැන් ඉදන් සිද්ද වෙන ඕනිම දේකට මූණ දෙන්න හිරුනි හිත හදාගෙන හිටියේ…කට්ටියත් එක්කම ගෙදරට ආවා..හිරුනි කාර් එකෙන් බැස්සත් ගේ ඇතුළට යන්න තරම් ශක්තියක් තිබුනේ නෑ..ජයවර්ධන ඇවිත් හිරුනිගේ අතින් ඇදගෙන ගේ ඇතුළට ගියා..චාමිකත් හිරුනි එක්කම ගේ ඇතුළට ගියා..
“ආ හරි දැන් කියපන්..උඹ මොකද්ද මේ නටන නාඩගම…”
“තාත්තේ…”
“ඔව් කතා කරපන්..කවුද ඒ කොල්ලා..ඌට කොහෙන්ද මගේ කෙල්ලට ගහන්න තරම් හයියක්…කතා කරපන්..එතකොට උඹ..උඹද මේකිට මේ වැඩ වලට උදවු කරන්නේ…කතා කරපන්..නැත්නම් මං උඹට හොද වැඩක් කරනවා..”
කතා කරත් නැතත් අද ගුටි කන්න වෙනවමයි කියලා හිරුනි දන්නවා..හිරුනිට කියන්න දෙයක් තිබුනෙත් නැති නිසා කට වහගෙන හිටියා…
“සුදු දෝණී ගිහින් අර වේවැල අරන් එන්න..”
“හා තාත්තී..”
නෙතූ ගොඩක් සතුටින් ගේ ඇතුළට ගිහින් වේවැල ගෙනත් දුන්නා..
“ආ තාත්තේ..”
“හ්ම්ම්..දැන් උඹ කතා කරන්නේ නෑනේ..ඉදපන් මං උඹට හොද වැඩක් කරන්න මෙහාට වරෙන්…”
“අංකල් ඔය මොකද්ද කරන්න හදන්නේ..මේ ළමයට මේ දෙන දුක් මදිවටද තවත් වද දෙන්නේ…”
“උඹ පැත්තකට වෙලා ඉදපන්..මං උඹ ගැන පස්සේ බලාගන්නම්..උඹ දන්නවනේ මේ ජයවර්ධන කියන්නේ කවුද කියලා..”
“මිස්ටර් ජයවර්ධන ….”
චාමිකවත් පැත්තකට තල්ලු කරලා හිරුනිගේ අතින් අල්ලගෙන වේවැල අතට ගත්ත ජයවර්ධන හිරුනිට ගහන්න හදනකොටම ඇහුණ ඒ කටහඩ නිසා හැමෝම ඒ පැත්ත බැලුවා..
“ඇ.ඇ..ම.ති.. තුමා…”
“මේ මිසටර් ජයවර්ධන නේද…..මං හරිනේ…”
“ඔව් ඔව් ඇමති තුමා..ඒත් ඔබතුමා මොකද මේ අපේ ගෙදර..කිව්වා නම් මං එනවනේ..”
“නෑ නෑ මං මේ හදිස්සියේ ආවේ..මිස්ටර් ජයවර්ධන මොකද මේ කරන්නේ.කවුද මේ ගැනූ දැරිවි.. .”
“ආ මේ ඇමති තුමා..මේ මේ කෙල්ල මේ අපේ ගෙදර වැඩට ඉන්න කෙල්ල…”
කිසිම හිරිකිතහයක් නැතුව ජයවර්ධන හිරුනිව ගෙදර වැඩකාරියෙක් කියලා අදුන්වලා දෙනකොට චාමිකට දැනුනේ කියගන්න බැරි තරම් කළකිරීමක්.ඒත් හිරුනිට නම් ඒ වචන වලට හිත රිදුනේ නෑ..කිව්වත් නොකිව්වත් එයා මේ ගෙදර වැඩකාරිම තමයි කියලයි හිරුනිට හිතුනේ..
“ඉතිං ජයවර්ධන මොකද ඔය වේවැලක් එහෙම අතේ තියාගෙන..”
“නෑ ඇමති තුමා..මේ..මේ කෙල්ල හරියට හිතුවක්කරයි..ළමයින්ට හොද නරක කියලා දෙන එක අපේ යුතුකමනෙ ඉතිං…”
“ඒක ඇත්ත මිස්ටර් ජයවර්ධන …ඒත් මිස්ටර් ජයවර්ධන මං මේ කියන දේ හොදට අහගන්න ඕනි..තේරුනාද…අදින් පස්සේ මේ ගෙදර මෙහෙම දේවල් වෙන්න බෑ..මේ ගෑණු දැරිවිට මීට පස්සේ නියපිටින් පාරක් ගහලා තිබුනොත් මං නරක මිනිහයි කියලා කියන්න එපා..මේ කෙල්ල කුමාරිලාවක් වගේ ඉන්න ඕනි අද ඉදන්..”
මේ ඇවිත් ඉදපු ඇමති තුමාව හිරුනි දැනගෙන හිටියේ නැති උනාට චාමික දැනගෙන හිටියා..මාස තුනකට විතට කලින් තිබුන election එකෙන් අලුතින් පාර්ලිමේන්තුවට පත් වෙලා ඇමති කමකුත් ගන්න තරම් වාසනාවක් මේ මනුස්සයට තිබුනා..ඒත් ඇමතිතුමා ඇයි මේ විදිහට හිරුනි වෙනුවෙන් කතා කරන්නෙ කියන එක චාමිකට ප්‍රශ්නයක් උනා..ඒත් හිරුනි නම් හිටියේ සතුටින්..කවුරු උනත් මේ ආපු මනුස්සයා නිසා ටිකක් හරි සැනසීමක් ජීවිතේට ලැබෙයි කියලා හිරුනිට හිතුනා…
“ඒත් ඇමතිතුමා…”
“ඉන්නවා අයිසේ පොඩ්ඩක් කට වහගෙන..මං තාම කතා කරලා ඉවර නෑ..මං මේ විදිහට කියන්නේ ඇයි කියලනේ දැන ගන්න ඔනි..මං දන්නවා මේ ඉන්නේ මේ ගෙදර වැඩකාරි නෙමෙයි කියලා..තමුන්ගෙම ළමෙක්ටනේ තමුන් මේ වගේ සලකන්නේ..මට ලැජ්ජයි තමුන් ගැන…අද ඉදන් මේ වගේ දේවල් වෙන්න බෑ..”
ජයවර්ධනට හොදටම බැනලා ඇමතිතුමා ආවේ හිරුනී ළගට..
“දූට අද ඉදන් කිසිම කරදරයක් වෙන්න මං ඉඩ තියන්නේ නෑ..හොදද…ඔයා ගොඩක් අහින්සක දරුවෙක්…මට දැන් හිතාගන්න පුලුවන් මගේ කොල්ලා මේ තරම් ඔයාට කැමති ඇයි කියලා..”
“මොකද්ද ඒ කතාව..කවුද මෙයාගේ පුතා..මේ මොකද්ද වෙන්න යන්නේ..එතකොට මගේ සංකේත්….”මොහොතකට කලින් හිරුනිගේ හිතේ තිබුන සැනසීම කොහේ ගියාද දන්නේ නෑ..හිරුනි චාමික දිහා බැලුවේ ඒ කතාවේ තේරුම මොකද්ද කියලා දැන ගන්න…ඒත් චානිකත් හිටියේ මුකුත් හිතාගන්න බැරුව..
“ඇමති තුමා..මොකද්ද ඒ කිව්වේ..”
“ඇයි මිස්ටර් ජයවර්ධන මං කියපු දේ ඇහුනේ නැද්ද..මේ ඉන්නේ මගේ ලේලි පොඩ්ඩනේ…කොල්ලගේ තේරීම නරක නෑ..”
“ඒත් ඇමති තුමා..”
ජයවර්ධන විතරක් නෙමෙයි නෙතූත් හිටියේ ඒ කතාව විශ්වාස කරගන්න බැරුව..හිරුනිගේ හිතට ඒ වෙලාවේ කෙළවරක් නැතුව ප්‍රශ්න ගලාගෙන ආවා..අද ඉදන් ජීවිතේට තවත් ප්‍රශ්නයක් එකතු උනා කියලයි හිරුනි හිතුවේ..”මගේ සංකේත්ව නැති උනොත් නම් මං මැරෙනවා..තවත් නම් මේ දුක විදින්න බෑ..”..හිරුනිගේ කදුළු අලුත් වෙලා හිරුනි ඉකි ගගහා ඇඩුවා..ඒ වෙලාවේ එතන කවුද ඉන්නේ කියලා හිරුනිට වැදගත් උනේ නෑ…හිරුනිට ඕනි උනේ හිතේ දුක නැති වෙනකල් අඩන්න..
“තාත්තේ ඔයා මෙහෙ…”
ඉස්සරහා දොර ළගින් ඇහුන කටහඩට ජයවර්ධනයි නෙතුයි විතරක් නෙමෙයි අඩ අඩ ඉදපු හිරුනිත් ඔලුව උස්සලා බැලුවේ ඒ කටහඩේ තිබුන හුරුපුරුදුකමත් එක්ක ඇති උන කුතුහලයෙන්…
මතු සම්බන්ධයි
යාළුවනේ පොඩි ඉල්ලිමක් වගෙම පෙජ් එකේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් කරන ලොකු උදවුවක් කතාව රස විදින ඔයාලා like එකක් දාන්න වගේම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා එක පෙජ් එකෙ ඉදිරි ගමනට ගොඩක් වටිනවා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා පෙජ් එකට ආදරේ ඔයාලා අපිට උදවු කරයි කියලා
ස්තුතියි ඇඩ්මින් ආදරෙයි තවමත්