08. වන කොටස.

මියෙදෙන තුරා..

මම අඩියක් දෙකක් ඉදිරියට තිබ්බේ වචනයක් පිට කරගන්න ශක්තියක් නැති නිසා. මම ටිකක් ඉස්සරහට යනකන් බලන් හිටපු විජී අයියා මෝටර් සයිකල් ඒක පණ ගැන්නුවා.

ලොකු බේබී… නිවැරදි මිනිස්සුන්ට මගෙන් කරදරයක් නෑ. මන්ත්‍රී බේබී මහත්තයගේ වැඩ වලට ලොකු බේබී පලි නෑනේ. ලොකු බේබී වලව්වේ අනිත් අයට වඩා හිත හොද බව මට අාරංචීයී.

විජී අයියා ඒහෙම කියද්දී මම අාපහු හැරිලා බැලුවා. ඒත් ඒක්කම ඔහු කුරුල්ලෙක් වගේ මෝටර් සයිසිකලයෙන් පියඹා ගියා. මගේ හිතේ විජී අයියා ගැන තිබුන හැගීම ටිකක් වෙනස් වුනා .කොන්ඩ රැව්ල් වවාගෙන රස්තියාදු පෙනුමක් මවාගෙන ජීවත් වුනාට සාධාරනයට වැඩ කරන මනුස්සයෙක් කියලා මගේ හිත කිව්වා.

මම ඉක්මන් ගමනින ඉදිරියට ගියේ ඉක්මනට ගෙදර යන්න ඔනි නිසා, පරක්කු වුනොත් මම පුස්තකාලේ ගිහින් නෑ තියලා සැක හිතෙන්න පුලුවන්. මම ගම පැත්තෙන් අා ත්‍රීවීල් ඒකකට අත දැම්මේ බයෙන් බයෙන්.

කොහෙට යන්නද මිස්.

ටවුන් ඒකට .

යමු නගින්න මිස්

ත්රීිවීල් ඒකේ හිටියේ අවුරුදු තිහක විතර පෙනුමක් තිබුන පුද්ගලයෙක් . මම නැග්ග වෙලේ ඉදන් බයේ හිටියේ මේ මනුස්සයා මගෙන් මොනවා අහයිද? ගෙදරට අාරංචී වෙයිද කියලා. ඒ මනුස්සයා මාව අදුර බවක් නම් තේරුනේ නෑ. කන් අඩි පැලෙන්න හයියෙන් සිංදුවක් දාගෙන ඒ මදිවට ඒ මනුස්සයත් කෑ ගහලා සිංදුව කියනවා. ටවුන් ඒකට කිට්ටු වෙද්දි සද්දේ අඩු කරලා දැම්මා.

මිස් කොහෙන්ද බහින්නේ.

මට පොඩ්ඩක් බෑන්ක් ඒකට යන්නත් ඔනේ . තව ගමනක් යන්නත් තියෙනවා . මල්ලිට වැඩක් නැත්තම් දිගටම මගේ ඒක්ක යමු.

අපිට මොන වැඩද මිස්. මේකනේ අපේ රස්සාව අපායට යමු කිව්වත් අපි රෙඩි..

හා ඒහෙනම් බෑන්ක් ඒක ගාවින් නවත් වන්න.

මිස් මට පොල්ල තියන්න ඒහෙම ඒපා හරිද? දවසම මෙතනට වෙලා මිස් ඒනකන් බලන් ඉන්න වෙයි.

නෑ නෑ බය වෙන්න ඒපා ඒ ගැන. මම ටග් ගාලා ඒනවා.

මට බැංකුවෙන් සල්ලී ගන්නවා කියන්නෙත් හරිම නුහුරු වැඩක්. මීට කලින් තුන් පාරක් විතර අැවිත් තිබුණා .ඒ හැම පාරම අාවේ අම්මත් ඒක්ක. මම සල්ලි අාපසු ගන්න ඔනේ කරන පත්‍රිකාව පුරවන්න ගත්තේ වටපිට නොබලමයි . බැංකු පොත අස්සේ පුරවපු පත්‍රිකාව බැංකු පොත අතර රුවාගෙන මමත් පොලිමේ හිට ගත්තා. මම වැඩිය ඔලුව උස්සලා වටපිව බලන්න නොගියේ අදුර කෙනෙක් වත් ඉදීවී ද කියලා.

අවශ්‍ය සල්ලිත් අරගෙන මම අහපහු ත්‍රිවීල් ඒකට අාවා.

මිසි පරක්කු වෙද්දි මම බැලුවෙ මිස් මට පොල්ල තියලා මාරු වෙලාද කියලා.

බෑන්ක් ඒකේ සෙනග වැඩී මල්ලී. ඒකයි පරක්කු වුනේ.

දැන් කොහෙටද යන්නේ මිස්.

සුවාසී හොස්පිටල් ඒකට යමු.

මම ඒහෙම කියද්දි ඔහු පුදුමයෙන් අාපසු බැලුවා.

මම මෙහෙම අැහුවට සමා වෙන්න මිස්. මිස්ට බෙහෙත් ගන්නද?

නෑ… මේ.. මගේ යාලුවෙක් හොස්පිට්ල් අැඩ්මිට් කරලා. ඒයාව බලන්න යනවා.

හරි මිස් ඔන්න තැනට අාවා.

මම ත්‍රිවීල් ඒකෙන් බැස්සේ ගැහෙන හිතින්. මට තනියම බෙහෙත් ගන්න අැවිල්ලත් පුරුද්දක් නෑ. වෙනදා බෙහෙත් ගන්න තැනට යන්නත් බෑ .ගෙදරට අාරංචී වෙන නිසා. අද මම අාවේ අපි කවදාවත් බෙහෙත් නොත්තු තැනකට.

මල්ලී මම ඒන්න ටිකක් පරක්කු වේවී මම ඒනකන් ඉන්න පුලුවන් නේද?

හරි හරි මිස්.

අපු ටිකට හයර් ඒක දීලා යන්නද?

ඔනේ නෑ මිස් වැඩේ කරන් ඒන්න මම ඉන්නම්

මම රෝහලේ අැතුලට ගියේ චකිතයෙන් . අංක ගන්න තැනට ගියාම ඒතන හිටියේ තවම අවුරැදු විස්සක විතර පොඩි ගැහැනු ළමයෙක්. ඒයා ලස්සන හිනාවක් මවාගෙන මගේ දිහා බැලුවා. ඒක නිසා මගේ හිතේ තිබුන බය ටිකක් අඩු වුනා . මම විස්තරය කිව්වම .

මිස් කලින් නම්බර් ඒකක් ගන්න ඔනෙන්. මිස් කියන ඩොක්ටර් මේ වෙලාවේ අැවිත් ඉන්නේ . පොඩ්ඩක් ඉන්න මම පොඩ්ඩක් අහලා බලන්නම් මිස්ට නම්බර් ඒකක් දෙන්නද කියලා.

හුරැබුහුටි ගෑනු ළමයා රිසිවරය කනට තියාගෙන් අංක කීපයක් වේගයෙන් තද කරන් ගියා. දුරකථන සංවාදයෙන් පස්සේ මගේ පැත්තට හැරුන ගැහැණු ළමයා.

මිස්ගේ වෙලාව හොදයි. නම්බර් ඒකක් දෙන්න කිව්වා.

මම අවශ්‍ය මුදල ගෙවලා අංය සහිත පත්‍රිකාව ලබා ගත්තා.

මිස් රූම් නම්බර් අටට යන්න. උඩ තට්ටුවේ.

මම පඩි පෙළ නැගගෙන ඉහළ මාළයට අාවා. කියපු කාමර අංකය ඉදිරිපිට දිගු පොලිමක් නොමැති බව දැකීමෙන් මගේ හිතට ලොකු සැනසිල්ලතක් දැනුනා. පැය භගයකට විතර පසු වෙෙද්‍යවරයා හමුවීමට මට අවස්තාව උදා වුනා.

නමින් වෙෙද්‍යවරයා දැන සිටියත්, මුල්ම වතාවට දැක ගත්තේ ඒ මොහොතෙදියි. තරමක මහලු ස්වරූපයක් ගත් ඔහු අවුරුදු පනහකටත් වඩා වයසැතයි මට හැගුනා. සුදු පැහැ ගැන්වුන හිස කෙස් , පැලද සිටි විශාල උපැස් යුවල ඔහුගේ වයස් පිලිඹිබු කලා. ඉතා කරණාබර සිනහවක් මුහුනෙහි රදවාගෙන වාඩි වෙන ලෙස අතින් පෙන්නුම් කලා.

රෝග පිළිබද මට දැනෙන සියල්ල මම වෙෙද්‍යවරයා සමග කියා සිටියා. සාමාන්‍ය ජීවිතය පිළිබදවද ප්‍රශන කල ඔහු මුහුණට බැරෑරුම් ස්වරූපයක් මවා ගත්තා.

මෙහෙමයි මානසික අාතතිය නිසාත් ඔය වගේ තත්වයක් අැතිවෙන්න පුලුවන්, වෙන රෝගයක් වෙන්නත් පුලුවන්. පරික්ෂන කීපයක් නම් කරන්න වෙනවා

හොදයි ඩොක්ටර්..

මේ පරක්කෂණ ටික කර ගන්න රිපෝට් අවම අායත් මෙතනට ඒන්න.

හොදමයි ඩෙක්ටර්.

මම වෙෙද්‍යවරයා ලියා දුන් පත්‍රිකාවත් රැගෙන කාමරයෙන් ඒළියට අාවා . මගෙන් පස්සේ ප්‍රතිකාර ගන්න ඒක රෝගියෙක් දොර අභිමුව රැදී සිටියා. මම පිට වෙනවත් සමග මාවත් තල්ලු කරගෙන අැය කාමරයට අැතුල් වුනා. මගේ හිතේ තිබුනේ අදම පරීක්ෂන කර ගන්න පුලුවන් වුනොත් හොදයි කියන හැගීම විතරයි. මම හිතපු අාකාරයටම සියලු පරීක්ෂණ ඒදිනම සිදු වුනා. මම පරීක්ෂණ හමාර වී ඒළියට ඒන විට වෙෙද්‍යවරයාගේ කාමරයට හදිස්සියෙන් අැතුල් වු කාන්තාව ඉදිරි අසුනක වාඩී වී සිටියා.

අනේ සමා වෙන්න නංගී.

මම දුටු විගස මා අසලට පැමිණි අැය කියා සිටියා.

ඒකට කමක් නෑ අක්කේ සුලු දෙයක්නේ.

මම මේ දවස් වල හුගක් බයෙන් ඉන්නේ නංගී මට නිතර නිතර හැදෙන පපුවේ අමාරැව නිසා. මට බයයි මගෙ දරුවෝ දෙන්නා මේ ලෝකේ තනි වෙයි කියලා. මම කරන්නේ මොනවද කියලා මටවත් මතක නෑ. මම ජීවත් වෙන්නේ මේ ලෝකේ නෙමෙයි වගේ මට දැනෙන්නේ.

ඒච්චර හිතන්න ඒපා අක්කේ, හිතන තරම් ලොකු අසනීපයක් නැතුව අැති. පරික්ෂන කර ගන්නද මෙතනට අාවේ.

ඔව් නංගී මම අැතුලට යනාවා. සමාවෙන්න පරිස්සමින් යන්න.

අක්කාත් පරිස්සමින්.. අක්කාට ඉක්මනටම සුවවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නම්.

ඒ සිදු වීමෙන් පස්සේ මගේ හිතට අාවේ අමුතුම සිතුවිල්ලක්. මගෙන් කාටත් අැති වටිනා කමක් නෑ. දරු දෙන්නට අම්මා බේරාලා මාව මේලොකෙන් අයින් කරන්න මම දෙවියන්ගෙන් ඉල්ලුවා. මට සැබෑටම ජීවත් වන්නට අාසාවක් නෑ . මම ඔන වුනේ මගේ මරනය ස්ථිර කර ගන්න.

මම ත්‍රීවීල් ඒකට ඒදිදී රියදුරු මල්ලිට හොදටම නින්ද ගිහින්.

මල්ලි … මල්ලී

අා.. මිස් අාවද . මිස් පරක්කු නිසා මට කම්මැලි කමටම නින්ද ගියා.

මම ටිකක් පරක්කු වුනා නේද?

ඒක නේන් නම් අැයි මිස් පරක්කු.

මගේ යාලුව ළග වුන් කෙනා ගෙදර ගිහින් ඒන්න ගියා . ඒයා ඒනකන් ඉන්න වුනා . දැන් මාව ගෙදරිනුත් හොයනවා අැති. ඉක්මනට යමුද?

යමු යමු …. නගින්න මිස්

රියදුරු මල්ලී ඉදිරි අසුනින් වාඩි ගෙන ත්‍රීවීල්රතය පන ගන්වමින් කිව්වා. ඉන් පසු අැති වුනේ ලොකු නිහඩ තාවයක්. නිවෙස් අසලට ඒනතෙක් වචනක් වත් කතා කලේ නෑ.

මල්ලී මම ඉස්සරහින් බහිනවා.

මේ මිස්ලගේ ගෙදරද?

ඔහු ත්‍රීවීල්රථය නතර කර අසල වු නිවස අැසින් පෙන්වමින් ඔහු අසා සිටියා.

නෑ මල්ලී තව ටිකක් ඒහා.

අැයි ඒහෙනම් මෙතන බහින්නේ

මට යාලුවෙක් හම්බෙන්න යන්න ඔනේ ඒහේ ගිහින්ම ගෙදර යනවා.

මම බොරුවක් කිව්වේ මම නිරෝෂන විකුම් මන්ත්‍රීතුමාගේ අක්කා බව කවුරුත් දැන ගන්නවට අකමැති නිසා. ත්‍රිවීල් ඒකෙන් බැස අදාල මුදල ගෙවූ මම ඉදිරියට ගමන් කලා. ත්‍රිවීල් රථය නොපෙනී යන තුරු සෙමින් ගමන් කල මම පසුව වේගයෙන් නිවස දෙසට ගමන් කලා. මුරකරු ලවා ගේට්ටුවේ කවුලුව හැර ගත් මා නිවස දෙසට පිය මැන්නා. මම ගෙට ගොඩ වෙනවාත් සමගම අම්මා මගේ ඉදිරියට අාවා.

ලොකු දූ අැයි පරක්කූ…. කොහෙද ගියේ.

අම්මාට මම ගියපු තැන අාරංචී වෙලාවත්ද? මම තිගැස්සුනා.

ඊ ළග කොටසින් හමු වෙමු… — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *