08 .
වන දිගහැරුම සෙනේශ් මීටින් එකට ගියේ ටිනුරිත් එක්ක….සෙනේශ් මගදිත් කලපනා කළේ සෙව්මිනී ට වෙච්ච දේ ගැන..ඇය කැවදාවත් පුංචි ඔලුවේ කැක්කුමකට වැඩ මගහරින්නියක උනේ නෑ.
“මට පෙන්නේ මේ ගෑනුන්ට ඔළුවේ කැක්කුමක් නෙවෙයි තියේන්නේ…ජාතියටම පොදු ඔළුවේ අමාරුවකුයි තියෙන්නේ….”
කොල්ලා හිතින් හිතුවේ සක්කරවට්ටමක් වගේ ඇද පැළද උන් ටිනුරි දිහාත් ඇස් කොනෙන් බලන ගමන්…තම ප්‍රධානියා තමා දෙස හොරෙන් බලනු ටිනුරිගේ ඇසට හසු උනා…..කිසිවක් හරි හැටි නොදැන ටිනුරි සෙනේශ්ට පෙනෙන්ට තව තවත් අගර දගර පාන්න ගත්තේ ඔහු තමාව රසවිදිනවායැයි සිතා….
“හහ්….අච්චර දර දිය ඇදපු සෙව්මිනිට බැරි උනානේ බොසාව දැලට අල්ලගන්න….ඒත් එක දවසයි මං ආවේ මට මිනිහා අහු උනා…..බැන්දට මොකෝ සල්ලි තියනවනේ…”
ටිනුරි ආඩම්බ්යෙන් හිතද්දී සෙනේශ් හඩ අවදි ක්ළා…
“මොකද ටිනුරි….කිරි පනු අමාරුවද ඇබරෙන්නේ ..ඒක එච්චර හොද නෑ….මගින් බේත් ටිකක් ගමුද?”
සෝනුගේ සමච්චල් හඩට ටිනුරිට පොලව පලාගෙන යන්න හිතුනා…ඒ සෙනෙශ්ගේ හැටි….කෙල්ලන්ව තම ජීවිතය ළං කරගත්තේ නෑ ඔහු…..
මසක් පමණ ගෙවී ගියේ සෝනුගේත් චිනූගේත් රණ්ඩු ඒ විදියටම අඩුවක් නැතිවම තියෙද්දී…අම්මාටට්න් ඉවරයක් උනේ නෑ මේවා බේරලා…..සෙනේශේ මවත් පියාත් විවාහ වී අවුරුදු 30ක් වීම නිසා සෙනේශ්ගේ නිවසේ සාදයක් සූදානම් කළා…
මේ සදහා චිනූත් මහන්සි උනා..සෙනේශ් තරම්ම ….චිනූටත් ඉතින් පාටි කීවම වෙන මුකුත් ඕන නෑ….
මේ සදහා කාරයාලයේ සේවක සේවිකාවන්ටත් ආරාධනා ලැබුණා…
රාත්‍රී සාදයක් ල්ව්සින් පැවැත්වුනු මෙය ඉතා අලඔකාරව සැරසුවේ චිනූගේම අතින්…
චිනූ සාදයට සූදානම් උනා…..කෙල්ල ඉකමනින් ඇදුම් ඇදගත්තේ සෝනූ බාත් රූම් එකේන් එන්න කලිනුයි….
කොල්ලා එද්දී කෙල්ල ගවුම ඇදගෙනයි උන්නේ…
කළු පැහැති හීනියට ගෝල්ඩ් බෝඩරයක්ගිය විළුබටත් වඩා දිගැති අත් රහිත ගවුමක් ඈ ඇද උන්නා… දනහිස ලගට යනකම්ම ඇගේ හැඩය ඉස්මතුවන ලෙස තදට මසා තිබු ඇදුමින් ඇගේ දේහයෙව් හැඩය මනාව ඉස්මතු උනා….
කොල්ලා බලන් හිටියේ කෙල්ලගේ ලස්සන…..ඔහුට හිතුනා ඈ ඇත්තටම ලස්සනයි කියලා….
“ඒ උනාට වැඩක් නෑ….බටු ඇටයක්නේ….”
ඔහු හිතට කියමින් ඔහුගේ ඇදුම් ගන්නට ගියා….
ඔහු ඇන්දෙත් කලු කලිසමට සුදු ශර්ට් එකක් ඇද කළු පැහැ බ්ලෙසර් එකක් දමා ෆුල් කිට් එකක්….
“අපෝ දිගංචියෝ….අදවත් රිලැක්ස් වෙනවකෝ බ්ලෙසර් දාලා ෆුල් සූට් ගහන්නේ…..නිකම් කැෂුවලි ඇන්දනම් ඉවරනේ….”
චිනූ කීවේ කට කොනකට සිනා වෙමින්…
“අනේ මේ බටු ඇටේ…තමුසේ දන්න මගුල….මෙකට මගෙ ඔෆිස් එකේ ස්ටාෆ් එක එනවා…මං ඉන්න ඕන මම විදියට…..”
කොල්ලා කියද්දි කෙල්ල තවත් හිනා උනා….
“හස්බන් ඔහොම ඉද්දි මම මෙහෙම ඉන්න එක හරිද මන්දා….”
කෙල්ල හිනා වීගෙනම ඔහු දෙසට හැරී දණහිසෙන් කකුල ටිකක් ඉස්සුව….ඒකටනම් කොල්ලගේ කට ඇරුනා…..කෙල්ලගේ ගවුම දිග උනාට දණහිසටත් අගල් 5ක් පමණ උඩට වෙන තෙක්ම පළලා තිබුණා….
කොල්ලා අයිත කෙල්ල දිහා බලද්දි චිනු හුරතල් පාටට බෙල්ලත් චුට්ටක් නවාගෙන යටි තොලත් හපාගෙන ඇහැක් ගැහුව….කොල්ලට හිනායන්න ආවත් ඔහු ඒක පෙන්නුවේ නෑ….
“ඇයි අප්පා ඕක ඔච්චර දිගට මහලා පලලා පෙන්නන්නැතුව ඔය ගානට පෙන්නන්නේ….හහ්….කෙල්ලොනේ..ගොන්නේ…..හැටිනේ….නේද?”
කොල්ලා කීවේ සමච්චල් සහගත හඩකින්…කෙල්ලත් අතෑරියේ නෑ…
“දිගංචියෝ දන්නවයැ කලාව ගැන….අහලා නැද්ද සාහිත්‍ය උනත් ලස්සන ඔහෙන්වරො වගේ කියනකොට නෙවෙයි වගෙන්ඔරෝ කියනකොට කියලා…..ඒ වගේ තමා මේකත්…කොටටම දෙනවට වඩා හොදයි දිගට ඇදලා ටිකාක් පැලුවම….”
කෙල්ල කීවේ ඇස් වලිනුත් එක්ක හිනාවෙමින්…කොල්ලට හිතුනේම මේ වගේ කෙල්ලෙක් කියලාමයි….
“අපෝ බටු ඇටේ තමුසෙගෙ කටට බ්රේක් නෑ….ලැජ්ජාවක් නැද්ද කෙල්ල්ව්ක් නේද?”
“ආ මං දැන් කීව ලැජ්ජා නැති කතාව මොකද්ද ?..”
“නෑ නෑ මුකුත් නෑ එනවා යන්න පහළට…කට්ටිය ඇවිත්….එකට යන්න එපැයි ලෝකෙට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්නේ……”
කියපු කොල්ලා කෙල්ලගේ අතින් ඇද්දා…කෙල්ල පඩරැලක් වගේ ඇදිලා ඔහුත් සමග පහළට බැස්සා .
ඔවුන් දෙදෙනා පහළට එන අයුරු සාදයට සහභාගි වූ බොහෝ දෙනෙක්ගේ දෑසට හසු උනා…
මේ අතර සෙවුමිනිත් ටිනුරිත් සිටියා…….
“ඒ සර්ගෙ වයිෆ් චුට්ටි එකෙක් වගේ නේ….”
ටිනුරි කීවේ සෙව්මිනිගේ කනට කරළා….
“අනේ විකාර…චුට්ටි උන කසාද බදිනවයැ…..”
සෙව්මිනී කීවෙ අමනාපයෙන් ගස්සලා….
සාදයා සාමාන්‍ය පරිදි උනා….ටික වේලවකින් සියල්ලෝඅ නරතනයන්ට සහභාගී උන්නා යුවලවල් ලෙස…..චිනුට උවමනාවක් තිබ්බේ නෑ සෝනුත් එක්ක නටන්න…..චිනු කලේ චන්දුව ඇදන් ගිය එකයි නටන්න..චන්දු කියන්න්ව් කෙල්ලගෙ ගෙදර පොඩි කලේ ඉදන් හැදෙන නැන්දාගේ පුතානේ….
මේ සිද්දිය සෙව්මිනී හේ නෙතට හසු උනා…ඈට ටිකක් පුදුමත් හිතුනා….සෙව්මිනී ටිකක් ළං උනා සෙනෙශ් ට…
“සර් වයිෆ්නම් ඩාන්ස් කරන්න ගියා…සර් මෙතන….”
” ඕ ඒ එයාගේ අයියා…..මන් ඩාන්ස් කරන්න ආස නෑ…..”
“එහ්ව්ම නෑනේ සර් කලින් පාර්ටි වල ඩාන්ස් කළානේ….”.
“ම්….මේ අද බෑ කියලයි කීවේ……”
මේ විදියට සෝනුට ළංවෙලා කෙල්ලෙක් පැණි පෙරනවා චිනු දැක්කා…කෙල්ලට ටිකක කේන්තිත් ගියා…පසුතැවීමකුත් ආව….තමා ඔහුව ගනන් නොගෙන ආ නිසා ඔහු අපහසුතාවයට පත්වන්නට ඇතැයි සිතා….
එනිසාම චන්දුව අතැර කෙල්ල සෝනු ළගට ගියා…..
” හායි මගෙ සෝනු පැටියෝ කාද මේ…”
කෙල්ල සෝනුගේ අතේ එල්ලිලා සෙව්මිනී දෙසට දෑස් යවමින් ඇහුවා….
“ශී ඊස් මයි ප්‍රයිවට් සෙකට්‍රි සෙව්මිනී ……”
කොල්ලා හදුන්වලා දුන්නා….
“ඕහ් රියලී…..හායි සෙව්..අයෑම් චෙනායා…..චෙනායා ඒකනායක….සෙනේශ් එකනායකස් වන් ඇන්ඩ් ඔන්ලි වයිෆ්…..”
කෙල්ල කීවේ තාලෙට ඇදලා පැදලා…සෙව්මිනී ගේ හිතට ආවේ තරහක්…
“අනේ නෝටියා…ඔයා ඩාන්ස් කරන්න බෑ කීවනේ…යන්කෝ ප්ලීස්….”
කෙල්ල සෙනේශ්ට ආරදනා කළා…..කොල්ලත් අනුමත කරළා ඈ සමග ගියේ හිනාවකින් සෙව්මිනී ට සංග්‍රහ කරලා ….
ඩන්සින් ෆ්ලෝ එකට ගිහින් සෝනුත් චෙනායට්ජ් නටන්න පටන් ගත්තා….කොල්ලාට හිතුනා කෙල්ලට පොඩි විහිළුවක් කරන්න……
සෝනූ කෙල්ලගේ බද වටා එතුනු අත ටිකක දැඩි කළා…කෙල්ලගේ සිරුර ඔහුගේ සිරුරට ළං වන ලෙසම…කෙල්ල බැලුවේ ඔහුගේ මූන දෙස…..
සෝනු නෙවෙයි ගානකටවත් ගත්තේ……..සෝනු කෙල්ලගේ කොපුලකට ළං වෙන සේ මුහුණත් ළං කලා….පිටින් බලන කෙනෙක්ට පෙනුනේ වැලදගෙන ඉන්නවා වගේ…..
“දිගංචියෝ මෝකද මේ අමු කැවිලාද?”
කෙල්ල ඇහුවේ දත්කූරු සපමින්….
“අමු කැවෙන්න ඕනද මෙහෙම ඉන්න….මගෙ වන් ඇන්ඩ් ඔන්ලි වයිෆ්නෙ …..ඉතින් මට බැරිද මේම ඉන්න….”
කොල්ලා කියද්දී කෙල්ලට කේන්ති……
“අනේ මේ අර කෙල්ලෙක් ඔයාට වාත වෙලා හිටිය නිසයි කීවේ මම එහෙම…..ඕනනම් ආයෙ කියන්නම් මෙයාව මට ඒපා අරන් යන්න කියලා….අනේ දෙයියෝ බලලා එහෙමවත් වෙනවානම් මට නිදහසේ ඉන්න…….”
“හා ඔට්ටුයි ඔයා සෙව්මිනිට එහෙම කියන්නේ නෑ…..”
“ඕ දිගංචියෝ හොදට හිතලද කීවේ…….”
“ඔව් බටු ඇටේ..”
“චැලේන්ජ්…..”
“යා….”
“එහෙනම් මාව ටිකකට අතාරිනවාකො දිගංචියෝ …..”
………..මතු සම්බන්ධයි ………….