09

“උඹ නම් මහ බලු වැඩ කරන්නේ සංකේත් අයියේ…”

විජේවර්ධන ගේට් එකෙන් එළියට යනකල් බලන් ඉදලා මූණ කොරහක් වගේ කරගෙන් චාමික ආවා සංකේත් ළගට…

“මොකද්ද යකෝ මං කරපු බලු වැඩේ..”

“උඹ විතරක් නෙමෙයි මේ හිරුනිටත් එක්කයි කියන්නේ..උඹලා දෙන්නාටම දැන් මාව අමතකයි..වැඩක් නෑ බන් උඹලා වගේ යාලුවෝ…”

හිරුනි දන්නවා මේ චාමික බොරුවට කරන රගපෑමක් කියලා..හිරුනි සංකෙත් දිහා බලලා හිනා උනහම සංකේතුත් තේරුම් ගත්තා චාමිකගේ රගපෑම ගැන…හිරුනි ටිකක් වෙලා ඉදලා චාමික ළගට ගියා..

“චාමික…”
“ඇයි…”
“ඔය බොරු රගපෑම නවත්තන්නකෝ…චාමික දන්නවද..ඔයාට මං කොච්චර ආදරෙයිද කියලා…”
“හරි නම් ඉතිං සංකේත්ටත් වඩා ආදරේ වෙන්න ඕනි මට…”

චාමික ඒක කිව්වේ සංකේත් දිහා හොරෙන් බලන ගමන්..සංකෙත් හිනාව නවත්තගන්න ලොකු ට්‍රයි එකක් දිදී හිටියේ..

“හ්ම්ම්..ඔව් ඔව් මැට්ටෝ…සංකේත්ටත් වඩා ආදරෙයි තමයි…”
“හෑ..එහෙම වෙන්නේ කොහොමද..”
“ඇයි එහෙම වෙන්න බැරිද ආ.සංකේත්ගෙයි මගෙයි ආදරේ වෙනයි..ඒත් ඔයා..පොඩි කාලේ ඉදන් ඔයානේ මං ගැන හොයලා බැලුවේ..සංකේත්ව මට ලැබුනෙත් ඔයා නිසානේ…ඒ නිසානේ මං අද සතුටින් ඉන්නේ..”
“අයියෝ ඕක නවත්තගන්න්වකෝ හිරූ…”

චාමිකට ඇඩෙන්න ඔන්න මෙන්න නිසා චාමික හිරුනිට කෑගැහුවා..ඒත් වැඩක් උනේ නෑ..හිරුනි ඇවිත් චාමිකගේ අත් දෙකින් අල්ලගෙන ආයෙත් කතා කරන්න පටන් ගත්තා..

“ඔයා දන්නවද චාමික..ලේ නෑකමක් නැති උනාට මට ඔයාව දැනෙන්නේ මගේම සහෝදරයෙක් විදිහට..මගේ අයවත් මං ගැන හොයන්නේ නැතුව ඉන්නකොට ඔයා මගේ ළගින්ම හිටියා..ඒ කරපු උදවු වලට කොහොම ණය ගෙවන්නද කියලා මට හිතාගන්න බෑ…”

“ඒක ඇත්ත සංකේත්..උඹ අපිට කරලා තියන උදවු කවදාවත් අමතක වෙන්නේ නෑ..අපි දෙන්නගේ සතුටට එකම හේතුව උඹ තමයි..”

“ණය ගෙවන්න ඕනි නම් මට ග්‍රෑන්ඩ් පාර්ටි එකක් දෙන්න..ඒ හොදටම ඇති..මං යනවා ගෙදර …අම්මගෙන් ගුටි කන්න වෙයි නැත්නම්…”

“මුන්ට මොන යකෙක් වැහිලද මන්දා මේ දෙවල් ගැන විතරක් කියවන්නේ..මට පුලුවන්ද ගෑනියෙක් වගේ මෙතන අඩන්න..පිස්සු හැදෙයි..”චාමිකට හිරුනි කියන දේවල් අහගෙන ඉන්න බැරි උනා..තවත් හිටියොත් අඩන්න වෙනවා කියලා දන්න නිසා කොල්ලා එතනින් මාරු උනා..ගේට් එකෙන් එළියට එනකොටම චාමික දැක්කා හිරුනිගේ අම්මා එනවා.”මේ කුමාරිහාමි මොකද මේ පයින් ගමන්…බලමුකෝ..”කමලාව දැක්කම චාමිකට දැනුනේ පුදුම කේන්තියක්..ඒත් කේන්තිය ඉවසගෙන චාමික ගියා කමලාගේ ඉස්සරහට…

“ආ නැන්දේ කොහෙද ගියේ…”
“ආ උඹද..උඹ මොකටද අපේ ගෙදරට ගියේ..මෙච්චරකල් මේ ගේට් එකෙන් පිට ඉදන් අරකිත් එක්ක කතා කරා මදිවටද..”
“මේ නැන්දේ කට පරිස්සම් කරගෙන කතා කරන්න…”
“මමද යකෝ කතා කරන්න ඉගෙන ගන්න ඕනි..උඹනේ වැඩිහිටියෙක්ට කතා කරන්න්වත් දන්නේ නැත්තේ..අපේ නැහැදිච්ච එකීටම ගැළපෙනවා උඹව..”

හිරුනිත් එක්ක තියන කේන්තියටත් එක්ක කමලා චාමිකට බැන්නා..චාමිකගේ ඉවසීමේ සීමාවත් කමලගේ මේ කතා විලාශය නිසා ඉවර වෙලා තිබුනේ..වැඩිහිටි කමට ගරු කෙරිල්ල පැත්තක තියලා චාමික කමලා එක්ක කතා කරන්න ගත්තා.කොහඅත් දැන් හිරුනි ගැනත් බය වෙන්න දෙයක් නැති නිසා තවත් කට වහගෙන ඉන්න එකේ තේරුමක් නෑ කියලයි චාමිකට හිතුනේ…

“මේ නැන්දේ ඔයා ඔය කාටද නැහැදිච්ච එකී කිය කිය බනින්නේ ආ..”
“වෙන කාටද ඉතින් අර ගෙදර ඉන්න එකීට මිසක්.”
“එතකොට හිරූ කියන්නේ නැන්දාගේ ළමෙක් නෙමෙයිද…”
“මොකද්ද උඹ ඔය අහන්නේ..”
“හිරුයි නෙතුයි දෙන්නම ඔයාගේ ළමයි නම් ඇයි ඒ දෙන්නට දෙවිදිහකට සළකන්නේ..”
“ඒවයින් උඹට වැඩක් නෑනේ..”
“ඔයා දන්නවද නැත්දේ ඔයා අම්මා කෙනෙක් වෙලා තියෙන්නේ පවුකාරකමට..ඕනි තරම් ගෑනූ අය ඉන්නවා ළමයි නැතුව දුක් විදින..ඒත් ඔයා..ඔයාට ඉස් ඉස්සෙල්ලම අම්මා කියලා කතා කරපු ඔයාගේ පළවෙනි දරුවා ගෙදර වැඩකාරියෙක් ගානට දාලා..අම්මා කෙනෙක්ට පුලුවන්ද එහෙම කරන්න..මිනිස්සු කියන්නේ පොඩි එකාගේ මූණ දකිනකොට අම්මාගේ හැම වේදනාවක්ම නැති වෙනවයි කියලා..එදා ඉදන් ඒ අම්මා ජීවත් වෙන්නේ ඒ ළමයා වෙනුවෙන් කියලා..ඒත් නැන්දේ ඔයා ඒ සේරගෙම අනිත් පැත්ත.අම්මා කියන පදවියට ඔයා සුදුසු නෑ..හිරූගේ මොකක්හරි පවකටයි එයා ඔයාගේ දුව වෙලා ඉපදුනේ..”
“මට ඒවට සාධාරණ හේතු තියනවා..”

චාමිකගේ කතාවට මේ වෙනකොට කමලාගේ කට වැහිලා තිබුනේ..ඇත්තටම කමලා හිටියේ කියන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව..

“මොනවද නැන්දේ ඔයාට තියන සාධාරණ හේතු..එයා ඔයාගේ කලින් කසාදේ ළමයා නිසාද..කලින් කසාදේ ළමයා කියලා මොකද්ද එයාගේ තියන අඩුපාඩුව..මාස නවයක් බඩ ඇතුලේ තියාගෙන ඉදලා ඔයා නෙමෙයිද එයාව මේ ලෝකෙට බිහි කරේ..ඔයාගේ කිරි බීලා නෙමෙයිද එයා ඇතිදැඩි උනේ..එයා අම්මා කියලා කතා කරේ ඔයාට නෙමෙයිද…මේ තරම් හිරිහැර කරලත් ඒ කෙල්ල අදටත් එයාගේ අම්මාට ආදරෙයි..එයාගේ එකම නංගිට ආදරෙයි..පිට මනුස්සයෙක්ට කිසිම අහිතක් නැතුව තාත්තේ කියලා කතා කරන්න තරම් හිරූ අහින්සකයි..එහෙවු කෙල්ලට ඔයාලා මේ සලකන විදිහට ඔයාලාට යන්න අපායක් හදන්න වෙයි …කවදාහරි හිරුනිට කරපු අසාධාරණකම් වලට ඔය හැමෝම විදවයි .අන්න ඒක ඔයා මතක තියාගන්න නැන්දේ..වැඩිහිටියෙක් එක්ක මේ විදිහට කතා කරන්න හොද නෑ කියලා මං දන්නවා..මේ මං ඒ වැරැද්ද කරපු පළවෙනි සහ අන්තිම වතාව..ඒකට මට සමාවෙන්න නැන්දේ..ඒත් මට තවත් කට පියාගෙන ඉන්න බැරි නිසයි ඔයාට මේ දේවල් කිව්වේ .මට ලැජ්ජයි නැන්දේ ඔයා ගැන..පෙර පිනකට අම්මා කෙනෙක් වෙන්න වාසනාව තිබුනාට ඔයා දන්නේ නෑ ඒ පින රැක ගන්න..ඒක ඔයාගේ අවාසනාව…මං යනවා..”

චාමික එතනින් පිටවෙලා යනකොටත් කමලා එක වචනයක්වත් කිව්වේ නෑ..එයා හිටියේ ගොළු වෙලා..චාමිකගේ වචන වලට කමලාගේ ඇස්වලට කදුළු ආවේ නෑ කිව්වොත් ඒක බොරු..හිතේ ආවේගෙට කටට ආපු හැමදේම චාමික කියලා දැම්මාට තමන් කරේ ගොඩක් ලොකු වැරැද්දක් කියන සිතුවිල්ලෙන් මිදෙන්න චාමිකට බැරි උනා..

“හිරූ..මැණික මං දිහා බලන්නකෝ..”
“ම්ම්ම්ම්ම්…මොකද..”
“අද ඉදන් අපේ ප්‍රශ්න ගොඩක් විසදෙයි..දැන් මං තමයි ඔයාගේ අයිතිකාරයා..ඒ හින්දා ඉතිං මං කියන විදිහට ඉන්න වෙයි..”
“එහෙමයි ස්වාමීනී…”

හිරුනි දෙකට නැවිලා රජ කෙනෙක්ට ආචාර කරනවා වගේ සංකේත්ගේ අණ් පිළිගත්තේ..”මගෙ කෙල්ල අද ඉන්නේ ගොඩක් සතුටින්..ඒක එයාගේ හැසිරිමෙන් පේනවා..හැමදාම මේ සතුට මේ විදිහටම මගේ කෙල්ලට ලැබෙන්න ඕනි..මං මට පුලුවන් හැම දෙයක්ම ඒ වෙනුවෙන් කරනවා..”

“මේ මේ ඔයා මොනවද කල්පනා කරන්නේ ආ..”
“මුකුත් නෑ මැට්ටි.මං හිතුවට වඩා දග මල්ලලක්නේ මේක…”
“ඔව් ඔව් එහෙම තමයි.මගෙ අයියා දැන් හැමදාටම මගේනේ..ඉතිං මට ගොඩාක් සතුටුයි..ඉගිල්ලෙන්න හිතෙනවා මෙන්න මෙහෙම …”

හිරුනි කුරුල්ලෙක් වගේ අත් දෙකත් වන වන සංකේත්ගේ වටේ දුවනවා.කෙල්ල හිටියේ හොද සිහියෙන් නම් නෙමෙයි..බලාපොරොත්තු නොවුනු වෙලාවක මේ ලැබුන සතුට නිසා හිරුනි හිටියේ සුරංගනා ලෝකේක අතරමං වෙලා වගේ…හිරුනි සතුටු වෙන දිහා සංකේත් බලන් හිටියේ හරිම ආසාවෙන්..

“මේ මේ දැන් ඇති..මෙහාට එන්නකෝ…”

හිරුනිගේ දග වැඩ වල ඉවරයක් නෑ..තනියෙනුත් හිනා වෙනවා…සංකේත් හිරුනිව ළහට ගත්තේ කෙල්ලගේ දැගලිල්ල දැන්මම නතර වෙන පාටක් නැති නිසා..

“ඇයී අනේ…”
“අපි ගමනක් යමූ…”
“කොහෙද යන්නේ අනේ..”
“ඔයාට ඒ පණ්ඩිතකම් වැඩක් නෑනේ..එනවකෝ යන්න..”
“මට බෑ..”
“ආ ඒ මොකෝ..මාත් එක්ක යන්න බයයිද..”
“බයයිද කියලත් අහනවා..මනුස්සයගේ හැටි දැන දැනම මං කොහොමද එන්නේ…”
“මේකිගේ කතාව බලපල්ලකෝ…”
“ඌයි මෝඩයෝ රිදෙනවා..”

කෙල්ලට ඕනි උනේ සංකේත්ව තරහා ගස්සවන්න..කෙල්ල කරන්න හදන්නේ මොකද්ද කියලා දන්න නිසාම සංකේත් හිරුනිගේ නහයෙන් අල්ලලා ඇද්දා..ඒ පාර නම් කෙල්ලට හොදටම රිදිලා ඇස්වලින් කදුළුත් ආවා..

“අනේ පැටියෝ රිදුනද..”
“අපෝ නෑ..පොඩ්ඩක් තරු පෙනුනා..එච්චරයි…”
“අනේ සොරි සුදු මැණික..ඔයාගේ නහය හොදටම රතු වෙලා..ඔයාටනේ ඉතිං කට පියාගෙන ඉන්න බැරි උනේ..”
“කමක් නෑ..ටිකක් එන්නකෝ මෙහාට..”
“ඒ මොකටද..”
“ඔයානේ කිව්වේ ගිෆ්ට් එකට ගිෆ්ට් එක සමාන වෙන්න ඕනි කියලා..”
“අනේ හිරූ…”
“එන්නයි කිව්වේ..”

සංකේත් හිරුනිගේ ළගට ආවේ නැති නිසා හිරුනි සංකේත් ළගට ගිහින් සංකේත්ගේ නහය මිරිකුවා..

“දැන් හරිනේ සමානයි හොදේ..”
“ඔයා මහ නපුරිච්චියෙක් හිරූ…”
“ඔයා තමයි වග කියන්න ඕනි ඉතින්…”
“මේ මේ මෙතන කියෝ කියෝ හිටියොත් අද යන්න වෙන්නේ නෑ..එන්න යමු..”
“.මං කොහොමද එන්නේ..අම්මත් නෑ ගෙදර ..තාත්තා බැන්නොත්…”
“අයියෝ මෝඩි දැන් තාත්තාට බෑ ඔයාට එපා කියන්න.මං අංකල්ගෙන් අහන්නම්කො…යමූ ගේ ඇතුලට..”
“අනේ මට බයයි අයියේ..”
“බය වෙන්නේ මොකටද..මං ඉන්නවනේ..ඔයා එන්නකෝ..”

සංකේත් හිරුනිගේ අතින් අල්ලගෙන ගේ ඇතුළට ගියා..ජයවර්ධන හිටියේ සෝෆා එක උඩ ඉදගෙන පත්තරයක් බල බල..පත්තරයක් බලනවා කිව්වාට ජයවර්ධන හිටියේ පත්තරේ දිහා බලාගෙන මේ පැය කීපයේ වෙච්ච සිදුවීම් ටික මතක් කර කර..ඒ හින්දා පත්තරේ තියෙන්නේ මොනවද කියලා නම් ජයවර්ධන දන්නේ නෑ..ජයවර්ධන හිටියේ හොදටම කේන්තියෙන්..ඒත් ජයවර්ධනට කරන්න කිසිම දෙයක් තිබුනේ නෑ..මොකද සංකේත්ගේ තාත්තා ජයවර්ධනව හොදටම අසරණ කරලයි ගෙදරින් ගියේ…

“හොදට මතක තියාගන්න මිස්ටර් ජයවර්ධන ..අදින් පස්සේ ඔයා මගේ දරුවව බලාගන්න විදිහට තමයි මිස්ටර් ජයවර්ධනගේ බිස්නස් වල ලාභ පාඩු සිද්ද වෙන්නේ…මොකද අද ඉදන් ඒ හැම දෙයක්ම හැන්ඩ්ල් කරන්නේ මම..දේශපාලන බලය යොදාගෙන මේ වගේ වැඩ කරන්න නම් මගේ කිසිම කැමැත්තක් නෑ..ඒත් ඔහේලා වගේ මිනිස්සුන්ට එහෙම කරා කියලා ඇති වැරැද්දකුත් නෑ..අනික මං මේ දේ කරන්නේ මගේ ළමයි දෙන්නගේ සතුට වෙනුවෙන්..ඉතිං මිස්ටර් ජයවර්ධන මං හිතන්නේ මං කියපුවා හොදට පැහැදිලි ඇති…”

විජේවර්ධන දැනගෙන හිටියා ජයවර්ධන කියන්නේ සල්ලි වලට ගොඩක් ලෝබ කෙනෙක් කියලා..සල්ලි වෙනුවෙන් ජයවර්ධන ඕනි දෙයක් කරනවා කියලත් විජේවර්ධන දැනගෙන හිටියා..ඒ නිසා විජේවර්ධන ජයවර්ධනගේ ඒ දුර්වලකමින් ප්‍රයෝජන ගත්තා..විජේවර්ධන ගිය වෙලාවේ ඉදන් විජේවර්ධන කියපු දේවල් ජයවර්ධනගේ හිතින් අයින් කරන්න ජයවර්ධනට බැරි උනා..සංකේත් එහෙම එනකොටත් ජයවර්ධන හිටියේ ඒ දේ ගැන හිත හිතමයි…

“එක්ස්කියුස්මී අංකල්..”

සංකේත් ඇවිත් ජයවර්ධනට කතා කරා..ජයවර්ධන සංකේත් දිහා බැලුවේ තර්හින් පුපුර පුපුර..ඒත් ජයවර්ධන ඒ තරහව පාලනය කරගෙන මූණට හිනාවක් ගත්තා..හිරුනි නම් විහිලුවටවත් ජයවර්ධනගේ මූණ දිහා බැලුවේ නෑ..හිරුනි හිටියේ බිම බලාගෙන..

“ඔව් පුතා කියන්න…”
“අංකල් මං හිරූව එක්කගෙන ටිකක් එළියට යන්න කියලා..අංකල්ට පුලුවන්ද මට පොඩි උදවුවක් කරන්න..”
“මොකද්ද පුතා..”

හිරුනි ගැන තිබුන තරහ දෙගුණ තෙගුණ වෙලා දැනෙද්දි ආරූඪ කරගත්ත සංවරකමකින් ජයවර්ධන සංකේත් එක්ක කතා කරා..

“අංකල් මේ මට අංකල්ගේ කාර් එක ගන්න පුලුවන් වෙයිද පැය දෙක තුනකට…”
“ආ ඒක මොකද්ද පුතා..ඉන්න මං යතුර ගෙනත් දෙන්නම්…”

ජයවර්ධන කතා කරන විදිහ හිරුනිට නම් විශ්වාස කරන්නත් බැරි තරම්…ජයවර්ධන මේ හොද මූණ පෙන්නගෙන ඉන්නේ තාත්තට තියන බය නිසා කියලා සංකේත් හොදටම දැනගෙන හිටියා..එහෙම නැත්නම් මේ වෙනකොට සංකේත්ට ඉන්න වෙන්නේ මේ ගෙදර ගේට් එකෙන් පිට කියලා සංකේත් දන්නවා..ජයවර්ධන කාමරේට ගිහින් කාර් එකේ යතුර ගෙනල්ලා සංකේත් අතට දුන්නා..

“තැන්ක් යූ අංකල්..අපි ගිහින් එන් එහෙනම්…”
“හා පුතා පරිස්සමින් ගිහින් එන්න…”

හිරුනි නම් හිටියේ හිත යටින් ජයවර්ධනට හිනා වෙවී..ජයවර්ධන කවදාවත් හිරුනිට දුවේ කියලා කතා කරලා තිබුනේ නෑ..ගෙදරින් පිටට යනකොට පරිස්සමින් ගිහින් වරෙන් කෙල්ලේ කියලා කවදාවත් ආශිර්වාද කරලා තිබුනෙත් නෑ.එත් අද සංකේත්ට නම් ජයවර්ධන කතා කරේ තමන්ගෙම පුතෙක්ට වගේ..තමන්ට පිටුපාලා යන සංකේතුයි හිරුනියි දිහා ජයවර්ධන බලන් හිටියේ ගිනි පිටවෙන ඇස් දෙකෙන්..”උඹ හින්දා මට මගේ බිස්නස් ටිකවත් හරියට කරගන්න බැ දැන්..මට මොකක් හරි පාඩුවක් සිද්ද උනිත් මං උඹව යහතින් තියන්නේ නෑ..” ජයවර්ධන තරහින් පිපිරි පිපිරි තමනටම කියාගත්තා.සංකේත් හිරුනිත් එක්ක ජයවර්ධනගේ කාර් එකෙන් ගේට් එකෙන් එළියට එනකොටම කමලාත් ආවා.කමලා හිරුනිවයි සංකේත්වයි දැක්කත් මේ වෙන්නේ මොකද්ද කියලා නම් කමලාට හිතාගන්න බැරි උනා..කමලාගේ මූණේ තිබුන මළානික පෙනුමක් හිරුනිට කමලාව දැක්ක ගමා තේරුනා..”අම්මට මේ මොකද වෙලා තියෙන්නේ ..මුකුත් අසනීපයක්ද දන්නේ නෑ..ගෙදර ආවම අහලා බලනවා..” කොයි තරම් අසාධාරණකම් කරත් ඒ තමන්ගේ අම්මා කියන හැගිම අමතක කරන්න හිරුනිට බැරි උනා.. කමලා ගේ ඇතුළට ගියේ ප්‍රශ්න කෝටියක් හිතේ තියාගෙන..සෝෆා එකට වෙලා කල්පනා කර කර ඉන්න ජයවර්ධනව දැකපු කමලා ජයවර්ධන ළගට ගිහින් එතනින් ඉදගත්තා..

“ජයේ..කවුද අර හිරුනි එක්ක කාර් එකේ ගිය කොල්ලා..මොකද්ද මෙහේ උනේ..මං මීට කලින් ඒ කොල්ලව දැකලා නෑනේ ජයේ..ඔයාගේ යාලුවෙක්ගේ පුතෙක්ද…”

ජයවර්ධන ඒ කේන්තිය පිටින්ම කමලා දිහා බැලුවම කමලාත් බය උනා..

“උඹගේ අර කෙල්ල හින්දා තමයි මේ සේරම..ඒකිව එදා මෙහේ ගෙනාවේ නැත්නම් මේ මුකුත් නෑනේ..මාව විනාශ කරන්න ආපු හැතිරි..”
“මොනවද උනේ ජයේ..අනේ කියන්නකෝ…”

කමලා එහෙම ඇහුවාම ඒ ප්‍රශ්නේට උත්තර දුන්නේ ජයවර්ධන නෙමෙයි..නෙතූ..

“අම්මාට දැන ගන්න ඔනි උනේ මොකද්ද කියලා නේද..අර කොල්ලා කවුද කියලා නේද..ඒ තමයි සමිත විජේවර්ධන ඇමති තුමාගේ පුතා සංකේත් විජේවර්ධන .”
“ඒත් හිරුනි මොකටද ඒ ළමයා එක්ක ගියේ..”
“ඒ මොකද දන්නවද..හිරුනි සෞභාග්‍යා කියන්නේ සංකේත් විජේවර්ධනගේ අනාගත බිරිඳ නිසා..”
“මොනවද දූ ඔයා මේ කියන්නේ…”
“මොනවද කියන්නෙ කියලා අහන්නේ..ඒක තමයි ඇත්ත…”
“එදා ඔය කෙල්ලව මේ ගෙදරට ගේන්න කැමති උන එක තමයි මං කරපු ලොකුම මෝඩ වැඩේ කමලා..මේ සෙරටම වග කියන්න ඕනි උඹ..”

ජයවර්ධන කමලාට බැන්නත් හිරුනි ගැන වෙනදා වගේ කේන්තියක් කමලාට ඇති උනේ නෑ..කමලා සද්දේ නැතුව හිටියා මිසක් නෙතූවත් ජයවර්ධනවත් කියන ඒවට උල්පන්දම් දෙන්න ගියෙත් නෑ..

“අම්මගේ දෝණි ඇන්දා නිසා අද අර සංකේත් කියන එක මගේ කම්මුලට ගැහුවා..මං ඕකිව මරනවා..ඒකි කොහොමද මට වඩා ඉහළට යන්නේ..මේ ගෙදර වැඩකාරි ඇමතියෙක්ගේ ලේලියෙක් වෙන්නේ කොහොමද..නෑ..නෑ..කීයටවත් එහෙම වෙන්න බෑ..මං ඕකිට යහතින් ඉන්න දෙන්නේ නෑ..ඕකි හැමදාම මේ ගෙදර වැඩකාරි විදිහටයි ඉන්න ඕනි..නැත්නම් මං ඕකිව මරනවා..”

නේතූ කේන්තියෙන් කෑගහා හිරුනිට බැන්නා..ඒත් අන්තිමේ සිද්ද උනේ ජයවර්ධනවත් නෙතූවත් හීනෙකින්වත් හිතපු දෙයක් නෙමෙයි..නෙතූ හිරුනිට බැනලා ඉවර වෙනකොටම කමලාගේ අත තිබුනේ නෙතූගේ කම්මුලේ…

“උඹ කොහොමද ලොකූට එහෙම කතා කරන්නේ..උඹ හොදට මතක තියාගනින් ඒ ඉන්නේ උඹගේ අක්කා..උඹට ඉන්න එකම සහෝදරී…”

හිරුනිට ගහන්න කමලාගේ අත මේ විදිහට දවසකට දෙතුන් පාරක් ඉහළට එසවුනත් ඉපදුනු දවසේ ඉදන් කවදාවත් නෙතු කමලාගෙන් ගුටි කාලා තිබුනේ නෑ..නෙතූ තරහෙන් පුපුර පුපුර කමලා දිහා බැලුවේ පුදුමෙන් වගේ…”අද උඹ හින්දා මගේ අම්මා මට අත ඉස්සුවා..මං උබට ඔය ඇමතියාගේ පුතාව කසාද බදින්න දෙන්නේ නෑ නෑ නෑමයි..”..තවත් වචනයක්වත් කතා නොකර නෙතූ කාමරේට ගියේ හිරුනි ගැන තිබුන කේන්තිය තව තවත් වැඩි වෙද්දි…

“මොකද්ද ගෑනියේ උඹ ඒ කරේ..මගේ දරුවට අත උස්සන්න තරම් හයියක් කොහෙන්ද උඹට..”

නෙතූ එතනින් යනකොටම ජයවර්ධන කමලාගේ කම්මුලට ගැහුවා..කමලා එහෙම්මම එතන තිබුන සෝෆා එකේ ඉන්ද උනා..ජයවර්ධන කමලාට බැන බැන එතනින් යන්න ගියා..මේ වෙච්ච දේවල් කමලට දැනුනේ හීනයක් වගේ..ජයවර්ධනගෙන් ගුටි කාපු එකවත් නුතූට ගැහුව එකවත් කමලාට ප්‍රශ්නයක් උනේ නෑ..කමලාගේ හිතට වද දුන්නේ චාමිකගේ කතාව..කමලා හිටියේ චාමික ඒ කියපු දෙවල් තේරුම් බේරුම් කරගන්න බැරුව…

—————————————–

සංකේත් හිරුනිව එක්කගෙන ගිහින් හිරුනිට ලස්සන ඇදුම්..බෑග් ..සෙරෙප්පු කුට්ටම්..කොණඩ කටු..තව ගෑනු ළමයි ආස කරන ගොඩක් දේවල් හිරුනිට අරන් දුන්නා..හිරුනි නම් හිටියේ හොදටම කේන්තියෙන්…

“අනේ අයියේ..දැන් ඇති..දැන්වත් යමුකෝ..”
“අපෝ මෙයාගේ මූණේ හැටි..ටිකක් හිනා වෙලා ඉන්න්වකෝ…”

හිරුනිගේ මේ හැසීරීමට සංකේත්ට නම් හොදටම හිනහා..කෙල්ලගේ වැඩේ ආපූ වෙලාවේ ඉදන් සංකේත්ට රවන එක..ඒත් සංකේත් ඒ මුකුත් දැක්කෙ නෑ වගේ හිටියා..සංකේත්ට ඕනි උනේ අනිත් ගැනු ළමයි වගේ හිරුනිව ලස්සනට තියන්න..මෙච්චර කාලයක් හිතේ හිරකරගෙන ඉදපු පුංචි පුංචී ආශාවන් ඉශ්ට කරලා හිරුනිව සතුටින් තියන්න..මොන කෙල්ලද අකමැති ලස්සනට ඉන්න..සංකේත්ට හිතුනේ එහෙමයි..

“කෝ කෝ තාමත් තරහින්ද..”
“ඔව්..”
“හරි හරි අපි දැන් යමුකෝ..මේ අහන්න හිරු..අද ඉදන් ඔයා ගොඩක් ලස්සනට ඉන්න ඕනි..මෙච්චර දවසක් මට මේ දේවල් කරන්න බැරි උනා..එත් අද ඉදන් මගේ කෙල්ලට මං කිසිම දුකක් දෙන්නේ නෑ..ඔයා තමයි මේ ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල..”
“අනේ නවත්තගන්න …මාව මුරුංගා අත්තේ තියන්නේ නැතුව ඉන්නවා..”
“මගේ නෝනේට කේන්ති ගියහමත් ලස්සනයි..”

කොහොමහරි එදා දෙන්නා ගෙදර ආවේ බෑග් මලු ගොඩක් උස්සගෙන..හිරුනිට මේ ටික අරගෙන ගේ ඇතුළට යන්නත් ලැජ්ජයි වගේ..ඒත් ඉතින් මොනවා කරන්නද..හොද වෙලාවට සාලේ කවුරුවත් හිටියේ නැති නිසා හිරුනි ඉක්මනට කාමරේට දුවලා ගිහින් ඒ ටික තියලා ආයෙත් එළියට ආවා..

“එහෙනම් මං ගිහින් එන්නම් හිරූ..දැන් රෑ වෙන්නත් කිට්ටුයිනේ…අනිද්දා ක්ලාස් යන්න මං එනකල් ඉන්න..මං උදේම එන්නම් ඔයාව එක්කගෙන යන්න හොදද..පරිස්සමින් ඉන්න රත්තරං …
“ඔයත් පරිස්සමින් යන්න මගේ අයියේ..”

සංකේත් හිරුනිගේ නළලට හාදුවක් දීලා එතනින් ආවා..සංකේත් යනකොට හිරුනි සංකේත් දිහා බලන් හිටියේ මහා ලෝබකමකින්..කෙල්ලගේ ඇස්වල කදුළුත් පිරිලා..සංකේත් උනත් කෙල්ලගෙන් ඈත් වෙලා ආවේ හිතකින් නෙමෙයි..ඒ තරමටම දැන් දෙන්නාට දෙන්නා නැතුවම බැරි තරම් ළං වෙලා හිටියේ..

—————————————–

හිරුනි අද උදේ පාන්දරම ඇහැරුනා ක්ලාස් යන්න ඕනි නිසා..ඊටත් වඩා කෙල්ල හිටියේ සංකේත්ව දකින්න ආශාවෙන්..මේ වෙනකොට හිරුනිගේ ගෙදර තත්වෙත් වෙනස් වෙලා තිබුනේ..වෙනදා වගේ ගෙදර වැඩ කරන්න කියලා හිරුනිට කවුරුවත් බල කරේ නෑ..ඒ උනාට ඉතිං පුලුවන් විදිහට ගෙදර වැඩ වාට හිරුනි උදවු කරා..හිරුනි වොශ් එකකුත් දාගෙන කාමරේට ආවේ ලෑස්ති වෙන්න හිතාගෙන..”ඒත් මං මොකද්ද අදින්නේ..මේ සේරම ඇදුම් ලස්සනයිනේ..අනේ මන්දා කොහොම තෝරන්නද කියලා..”කේල්ලට ඇදුමක් තෝරගන්න බැරුව විනාඩි දහයක් විතර කල්පනා කරලා එතන තිබුන රෝස පාට ගවුම අරගෙම ඇදගත්තා..කොණ්ඩේ ගොතලා ඒකටම ගැලපෙන කොණඩ බූලක් දාලා ලස්සන ෂූස් දෙකකුත් දාගෙන කණ්ණාඩිය ඉස්සරහට ගිහින් හැඩ බැලුවා..ඒත් කෙල්ලට ලොකු අමුත්තක් දැනුනා..කණ්නාඩියෙන් පේන්නේ තමන්ගේම රූපෙද කියලා හිරුනිට විශ්වාස කරගන්නත් බෑ වගේ..අවුරුදු ගානකින් අලුත් ඇදුමක් ඇන්දේ නැති නිසා නුහුරු ගතියක් දැනුනත් ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව හිරුනි කමලාව හොයාගෙන ගියා..

“අම්මේ මං ගිහින් එන්නම්..අද ක්ලාස් එකේ අන්තිම දවසනේ..ටිකක් පරක්කු වෙයි එන්න..”

හිරුනි කාමරේට ඇවිත් කමලාට කතා කරනකක්ම කමලා හිරුනිව දැක්කේ නෑ..කමලා හිටියේ ලොකු කල්පනාවක..

“ඇයි අම්මේ මුකුත් ප්‍රශ්නයක්ද…”

කමලාගේ වෙනස තේරුන නිසාම හිරුනි කමලාගෙන් එහෙම ඇහුවා..ඒත් කමලා මුකුත් නෑ කියන්න වගේ ඔලුව වැනුවා..තවත් මුකුත් අහන්න ගියොත් බැනුම් අහන්න වෙයි කියලා හිතුන නිසා හිරුනි කමලාට වැදලා කාමරෙන් එළියට එන්න ආවා..

“පරිස්සමින් ගිහින් වරෙන්..”

කාමරේ දොර ළගට එනකොට හිරුනිට ඒ ඇහුන වචන ටික කිව්වේ කමලාමද කියලා බලන්න හිරුනි ආයෙත් කමලා දිහා බැලුවා..කමලා හිරුනි දිහා බලන් ඉන්නහැටි හිරුනි දැක්කා..ඒ මූණේ තියම හැගීම් මොනවද කියලා තේරුම් ගන්න හිරුනිට පුලුවන් උනේ නෑ..ලස්සනට ඇදලා සුරංගනාවියෙක් වගේ ඉන්න හිරුනිව දැක්කම ජීවිතේ පළවෙනි වතාවට හිරුනි වෙනුවෙන් කමලාගේ ඇස්වලට කදුළු ආවා..”මගේ දරුවා මේ තරම් ලස්සනද…”හිතින් හරි කමලා හිරුනිගේ හැබෑ ලස්සන දැක්කේ ඒ වෙලාවේ..කවදාවත් හිරුන්ගේ හොදක් නොදැකපු කමලාට අද හිරුනිගේ ඇස්වල තියන අහින්සකකම තේරුනා..

“හා අම්මේ…”

ජීවිතේ පළවෙනි වතාවට අම්මගේ ආශිර්වාදේ ලැබුන නිසා හිරුනි හිටියේ පුදුම සතුටකින්..රටක් රාජ්‍යක් ලැබුනා වගේ කියාගන්න බැරි තරම් සතුටක් ඒ හිතේ තිබුනා..

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *