09

~~සමනල වසන්තය ~~~
09 කොටස
එදා දවසම සදුගේ වැඩේ ටෙඩි හුරතල් කරන එක … සදූ අවුරුදු දාහතක ගැහැණු ළමයෙක් උනාට තාම අවුරුදු හතක අටක ගැහැණු ළමයෙක් වගේ තමා හිතන්නේ …එයාගේ හිතත් හරිම සංවේදීයි …. පුංචිම දෙයකට උනත් අඩන එක පුරුද්දක් කරගෙන හිටිය සදූ වේලාවකට වදයක් උනත් මම ඉවසන්න පුරුදු වෙලා හිටියේ ….
‘සදූ තමුසෙගෙ අර ලස්සන දිග ගවුම දෙනවකො මට දවසකට අදින්න …’
ඉරිදා උදේ පුජනිගේ බර්ත්ඩේ පාර්ටි එකට යන්න ගවුමක් හොය හොයා හිටිය මගේ අතට අහුවුනේ සදුට උපන්දිනේට අප්පච්චීගෙන් හම්බවුන ගවුම …
‘ ඕක නම් දෙන්න බැහැ …කෝ ඔයාගේ ගවුම … ඒක අදින්නකෝ …’
ගිය සැරේ උපන්දිනේට තාත්තා මටයි සදුටයි එක වගේම ගවුම් දෙකක් ගෙනත් දුන්නත් මගේ ගවුම පිච්චිලා ගියේ බර්ත්ඩේ පාර්ටි එකට අදින්න කියලා අයන් කරද්දී මගේ අතින්මයි …… කොච්චර ආශා උනත් ඒ ගවුම එක සැරයක්වත් අදින්නේ නැතිව අයින් කරන්න උනා …
‘ඇයි සදූ ඔයාට මතක නැද්ද බර්ත්ඩේ එක දවසේ මගේ ගවුම පිච්චිලා ගියා …’ හිතට දුකක් එද්දී මම එහෙම කියලා දිග හුස්මක් ගත්තා ….
‘හරි ඉතින් ඕකට මුහුණ එල්ලාගන්න එපා … දැන් ඔය ගවුම ඇදගෙන යනවකෝ …’ මගේ මුහුණ දුකින් පිරිලා කියලා දකිද්දී සදූ කැමැත්තෙන්ම ගවුම මගේ අතේ තිබ්බා …
‘තෑන්ක්ස් සදූ …ඔයත් යමුකෝ පාර්ටි එකට …’
‘අනේ මට බෑ ඔයා ගිහින් එන්න ….මට අද ක්ලාස් එකට යන්න ඕන …’
‘ආ …හා …දැන් ක්ලාස් කට් කරන්නෙම නැහැ නේද .. මොකද අරයා නොදැක බැහැ බැහැ වගේද ..’
‘අපෝ එහෙම එකක් නැහැ හලෝ …. ඒක නෙවේ එනවකො ඔයත් අපේ ක්ලාස් එකට ..’
‘අනේ මට බෑ ක්ලාස් යන්න … මේ විදිහ මට හොදයි … ’
‘ඕන දෙයක් කරගන්නවා මම ක්ලාස් යන්න ලැහැස්ති වෙනවා …’
සදූ කාමරෙන් එළියට ගියාට පස්සේ මම පාර්ටි එකට යන්න ලැහැස්ති උනා … තනි රෝස පාට දිග ගවුම ඇදලා පුංචි කොන්ඩේ එකතු කරලා බැන්දාම මාත් බියුටි ක්වින් කෙනෙක් වගේ තමා ….
‘අම්මා ….. මම යනවා එහෙනම් …’
ටවුන් එකේදී තේජා හම්බවෙන්න පොරොන්දු වෙලා හිටිය නිසා එයත් එක්කම පුජනිගේ ගෙදර යන්න පුළුවන් හින්දා මට තනියම යන්න බයක් තිබ්බෙත් නැහැ …
******
බස් එකෙන් බැහැලා තේජා එනකන් නුගේගොඩ ටවුන් එකේ ඉදලා බලාගෙන හිටපු මම දැක්කා අනුප යාළුවො සෙට් එකක් එක්ක මම හිටිය තැන පාස් කරලා යන්න එනවා ..හදිසියේ වත් මෙයා මාව දැක්කොත් මට සබන් නැතිවම ටවුන් එක මැද නාන්නයි වෙන්නේ … කෝකටත් කියලා මම එයා එතෙන්ට එන්න ඉස්සරල වෙලා අනිත් පැත්තට හැරුනා …….
‘සදූ …’ ඒත් ඉතින් මම පරක්කු වැඩි ….එයා ඈත තියාම මාව දැකලාද කොහෙද මෙතෙන්ට ඇවිත් තියෙන්නේ … මම ඇහෙන්නේ නැහැ වගේ අනිත් පැත්තම බලාගෙන හිටියා … මිනිහා හිතාගෙන ඇත්තේ මම සදූ කියලා වෙන්න ඕන …
‘සදූ ඇයි ඔයා මාව මග අරින්නේ … මම ඔයාට කොච්චර ආදරේද කියලා දන්නවාද … ඔයා නැති උනොත් නම් මට පිස්සු හැදිලා නවතින්නේ …’ මම අහක බලාගෙන හිටියා කියලා ගානක් නැතිව අනුප ඔහේ කියවනවා ….
‘ඇයි .. ඇයි සදූ මට මෙහෙම කරන්නේ … ඔයා දන්නවාද …ඔයාගේ එකම එක හිනාවක් …එකම එක බැල්මක් වෙනුවෙන් මම කොච්චර ආශාවෙන් බලාගෙන ඉන්නවාද කියලා …ඔයාට තේරෙන්නේ නැහැ සදූ මම ආදරේ කරන තරම් .. මේ ආදරේ බොරුවක් නෙවේ කියලා දවසක ඔයාට තේරෙයි ….එදාට සමහර විට ඔයාගේ ආදරේ වෙනුවෙන් මම පිස්සෙක් වෙලා ඉදියි ….’
අනුප කියවන විදිහ දැක්කාම පව් කියලත් හිතනවා ..ඒත් ඉතින් මම කියලා මොනවා කරන්නද …මම සදූ නෙවෙයි නේ …සදූ කවදාවත් ලව් එෆෙයාර් එකක් නම් පටන්ගන්නේ නැහැ ෂුවර් … ඉතින් මෙයා නිසා සදූගේ ජීවිතේට කරදරයක් උනොත් …. ඒක මට දරාගන්න ගොඩක් අමාරු වෙයි …
‘ ප්ලීස් අනුප ඔයා මගේ පස්සේ එන්න එපා …. මම කවදාවත් ආදරයක පැටලෙන්නේ නැහැ … කොහොමත් ඉගෙන ගෙන ඉවර වෙනකන් මම ආදරයක් ගැන හිතන්නේ නැහැ … ඔයා මගේ පස්සේ ඇවිල්ලා කිසිම වැඩක් වෙන්නේ නැහැ ..ඒ නිසා මගෙන් ඈත්වෙලා ඉන්න …’
සදූ කවදාවත් මේ ප්‍රශ්නේ ගැන අනුප එක්ක කතා කරන්නේ නැහැ කියලා හොදටම දන්න නිසා මම අනුප ඉස්සරහා සදූ ව්දිහට රගපෑවා …
‘ඔයා කියනවා නම් මම ඕනෑම කාලයක් ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නම් …’ අනුපගේ ඇස් වල තිබ්බේ ලොකු බලාපොරොත්තුවක් …. එයාගේ ඒ හැගීම් අමු අමුවේම මරලා දාන්න දුකක් දැනුනත් සදූ වෙනුවෙන් මට ඒ දේ කරන්න වෙනවා ….
‘ප්ලීස් සදූ තව එක සැරයක් මම කියන දේ අහන්න …. ’
තවත් මෙයාගේ දුක් අදෝනවා මට අහගෙන ඉන්න බෑ …. මොකද මගේ හිතටත් ලාවට වගේ දුකක් දැනිගෙන එනවා ..
‘තේරුමක් නැහැ අනුප …. මගෙන් ඈත්වෙලා ඉන්න …’ මම තවත් විනාඩියක්වත් එතැන ඉන්නේ නැතිව ඉස්සරහට ඇවිදගෙන ගියේ අනුප එතැන ඉද්දීමයි ….
මම කල්පනා කර කරම ඇවිදගෙන යද්දී දැක්කා දිනිත බුක් ෂොප් එකකින් එළියට බහිනවා …. අනේ මට එයාව කොච්චර දැක්කත් ඇති වෙන්නේ නැහැ නේ … හිටිය තැනම හිටගෙන මම දිනිතගේ පියකරු මුහුණ දිහා බලාගෙන බලාගෙන ඉද්දී එයා පාර මාරු වෙන්න ලැහැස්ති වෙනවා …. මට එයාව මග ඇරගන්න ඕන උනේ නැහැ ….
‘දිනිත අයියේ …’ මම දෙපාරක් හිතන්නේ නැතිව කතා කලේ එයා තනියම හිටිය නිසා …. මගේ කටහඩ ඇහිලා දිනිත එකපාරටම නැවතිලා හැරිලා බැලුවා …. මාව දැක්ක ගමන් මෑන් හුස්ම ගන්න අමතක වෙලා වගේ බලාගෙන ඉන්නවා ඇහිපිල්ලමක්වත් ගහන්නේ නැතිව …
‘ඔයා …ඔයා ’ එයාට කතා කරගන්න බැරිව වගේ ගොත ගහනවා
‘මම අනුලා එකේ හිරුෂි ….’ මම එහෙම කිව්වේ එයාට මාව අමතක ඇති කියලා හිතුන නිසා
‘මම දන්නවා හිරුෂි …. ඔයා කොහෙද මෙහෙ යන්නේ …’ එයාට ලැජ්ජා හිතිලාද කොහෙද කන් දෙකත් එක්ක ලා රතු පාට වෙලා
‘මම යාළුවෙක්ගේ ගෙදර යනවා …’
‘ඒ කොහෙද ..’
‘ටෙම්පල් රෝඩ් ….’
‘මාත් යන්නේ ඒ පැත්තට …..’
‘එහෙනම් අපිත් එක්කම යන්න පුළුවන් නේද …’
‘බැහැ …මට පරක්කු වෙනවා … නෝට්ස් වාගයක් ඉල්ලා ගන්න යන්නේ …. බායි …’ මෙයාට අලි කුලප්පුවද කොහේදෝ මාව දැක්ක ගමන් පණ කඩාගෙන දුවන්නේ . …… උලමෙක්ම තමා …
‘මොකද බන් කුටු කුටු ගාලා තනියම කියවන්නේ මේ ….’ තේජා ලගට එනකන් මම දන්නෙම නැහැ ..අර උණහපුලුවා ගැන හිතලාම මගේ සිහිය නැති වෙලා වගේ …
‘බලපන් මම කියේ ඉදන්ද මෙතැන බලාගෙන ඉන්නේ …. උබ හොදටම පරක්කුයි …’
‘හරි අපි කැබ් එකක යමු එහෙනම් ….’
තේජායි මායි පුජනිලාගේ ගෙදර යද්දී කෙල්ල අපි එනකන් මග බලාගෙන ඉන්නවා …
‘හැපී බර්ත්ඩේ ඩාලිං …’
‘තෑන්ක් යූ ….. මොකද උබලා මෙච්චර පරක්කු උනේ …’
‘දන්නේ නැද්ද ලංකාවේ පාරවල්වල ට්‍රැපික් …. අපි කොහොම හරි මෙතෙන්ට ආවානේ ..’
‘වරෙන් යන්න දැන්වත් …. කේක් එක කපන්නේවත් නැතිව බලාගෙන හිටියේ උබලා එනකන් …’
පුජනිලාගේ ගෙදර අයයි යාළුවො දෙතුන් දෙනෙකුයි විතරයි පාර්ටි එකට ඇවිල්ලා හිටියේ ….කට්ටියම එකතු වෙලා කේක් කපලා ..සිංදු කිව්වා …. පුජනිත් ගොඩක් සතුටින් අපි කට්ටියම ආව නිසා ….කොහොම හරි අපි පුජනිලාගේ ගෙදරින් එළියට බැස්සේ හොදටම හවස් වෙලා …..පුජාත් අපි එක්ක ගේට්ටුව ලගට එනකන් ඇවිදගෙන ආවා කියෝ කියෝම ..
‘පුජා මේ පැත්තේ ආනන්දේ එලේවල් ආර්ට් කරන කව්රූ හරි ඉන්නවාද …’
එකපාරම මට මතක්වුනේ දිනිත …. එයා මේ පැත්තේ ආවේ යාළුවෙක් හම්බවෙන්න කියලා …සමහර විට එයා තාමත් මේ හරියේ ගැවසෙනවා ඇති ….තව එක සැරයක් එයාගේ මුහුණ දකින්න තියේ නම් …
‘උබ මාර කතානේ බන් අහන්නේ …කොච්චර කොල්ලෝ ඉන්නවාද ආනන්දේ ඉගෙන ගන්න … උබට පිස්සුද ඇත්තට …’ පුජනි ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා …හරියට මාව දැක්කේ අද කියලා …
‘හරි හරි …ඔච්චර ලොකු කතා කියන්න ඕනේ නැහැ නේ … ඕක ඇහුවා කියලා …’ මගේ මුහුණ කළුවර උනේ ඉබේමයි ….
‘මට ඇත්ත කියපන් උබ ඔය දිනිත ගැනද හොයන්නේ …. ‘’
‘උබට විකාරද …මම නිකන් ඇහුවේ …. අපි යනවා හෙට හම්බවෙමුකෝ .. ‘’ පුජනිට ටටා බායි කියලා ආවත් බස් හෝල්ට් එනකන්ම මගේ ඇස් දිනිතව හෙව්වා …. ඇත්තටම මම දිනිත ගැන මේ තරම් හිතන්නේ ඇයි කියන එක මගේ හිතටම ප්‍රශ්නයක් වෙලා තිබ්බේ … මම කොල්ලෙක් ගැන මෙච්චර සීරියස් විදිහට හිතන්න පටන්ගත්ත ෆර්ස්ට් ටයිම් එක මේක ….
ගෙදරට එනකන්ම මම පාර පුරාම හෙව්වේ දිනිතව ….
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *