09

##නිම්හිම්සේයා##
9

නෙත් මානේ නුඹ ඉදීවී
සිත් මානේ දග කරාවී
ඔය සෙනෙහස මට කියාවි
හෙට ආයෙත් වෙන්ව යාවී
..මගේ පුන්චි කවිපොතේ මට මොනාද වෙලා..ඔයාම කියන්නකො මොකෝ වෙලා තියෙන්නෙ කියලා..හීනෙන් පේනවා ලස්සන සිතුවමක්..මගේම හිතේ ඇදුනු රුවක්..දෑස් ලග බලන් ඉන්නවා වගේ දැනෙනවා..ඒත් මන් බයයි ඒ හීනේට..
උදේම නැගිටලා මන් පොතේ සටහන් කලා..දිනෙත් අයියා කීව වගේම ලියන්න ඕනී මගේම කතාවක්..ඒකට දානවා සුපිරි පොටෝ එකක් මගෙ වෙන්ඩ නෑනා කේතූමතීගේ..එක්කොත් අද ඉදන් නෙමී හෙට ඉදන්..කතාවක් තියෙනවානේ බාලගිරි දෝසේ අද නෙවී හෙට කියලා.
තාම පාන්දර හතරයි ..අම්මි කුස්සියේ විප්ලවෙ පටන් අරන් වගේ..වෙලාවකට ජීවීතේ ගැන පුදූම බයක් දැනෙන්නේ..ගැහැනියක් දැනගන්න ඕන දේවල් වලින් අන්ශූ මාත්‍රේක දෙයක් වත් මන් දන්නෙ නෑ..අහ් ඇති ඇති හිතුවා..කෝ බලමු දෙනෙත් නිම්සර කෝ කියලා..
සීතලට හැකරැල්ලෙක් වගේ දෙකට තුනට නැවිලා..පව් ඉතින් මීට වැඩිය දෙයක් මට එයා වෙනුවෙන් කරන්න බෑ..හෙට උදෙ එයා යාවි..කවදාවත් ආයෙ දකින්න ලැබේද දන්නෙත් නෑ..එහෙම එකේ පිස්සු හීන දකින්න බෑ.කොහොමටත්..

මටත් නිදිමතයි ..ඒත් තා චුට්ටකින් අම්මි උඩට ඒවී..ඊට කලින් මන් පහලට යනවා..මෙතන උන්නොත් මට එක එක විකාර දේවල් හිතේවී..

චූටී දූ..පුදුමයි අද උදෙන්ම නැගිටන්..

ඇහරුනා අම්මි..

හ්ම්ම්..කිරි එක බොන්න ඒනම්..

අම්මියෝ..

ම්ම්ම්..

ආදරේද මට..

නැතුව පැටියෝ..මේ හැමදේම ඔයාලා වෙනුවෙන්..ඇයිම්ම් මොකෝ උනේ..

මට හරි බයයි අම්මියො..බයයි..

ගෙදර තනියෙන් ඉද්දි බයද..දවල් වරුවෙ එක්කො කේතු ලමයගෙ දිහාවත්‍ යන්න..

හ්ම්ම් අම්මි.අද මොනාද ස්පෙශල්..

ම්ම් දූට මොනාද ඕනී..

අම්මි මට අද කීයක් හරි දෙන්නකෝ..ඇදුමක් ගන්න..

ම්ම්..එදා ලොකු අයියලා දුන්නු වව්චරෙ..

ආහ් ඔව්නේ..හොද වෙලේට අම්මි මතක් කලේ..

අම්මි එක්කම ලෑස්තී වෙලා මන් තිලකවර්ධන එකට ආවා..එද්දි යතුර අරන් ආව නිසා හිතට නිවනයි..නැත්තම් අර ගිනි බෝම්බෙට දෙනෙත් අයියව අහු වෙනවා..

නිල්පාට පසුබිමෙ සුදු පාටට හීන් ඉරක් ගිය ශර්ට් එකයි ,ඩෙනිමයි,,අන්ඩර්වෙයාසුයි අර ගත්තා..අම්මිගෙන් බේරෙන්න මටත් ෆ්‍රොක් එකක් අර ගත්තා නිල් පාටින්ම..කවදාවත්ම කොල්ලෙක්ට ඇදුම් තෝරලා නැ..ඒත් මේක දෙනෙත් අයියට ලස්සනට තියේවි..

පේරේරා ඇන්ඩ් සන්ස් එකෙන් පේස්ට්‍රත් අරගෙන එන ගමන් පන්සලටත් ගියා..බෝදීය නාවලා..දේවාලෙට ගිහින් කතරගම දෙයියන්ට බාරයක් උනා..

අනේ දෙවියනේ දෙනෙත් අයියගෙ හැම ප්‍ර්ශ්නයක්ම විසදලා දෙන්න..හැමදාම එයාව ආරක්ශා කරන්න..

හිත බරයි..හෙට උදෙ එයා යන්න යාවී..ඈතටම..

##
මන් ගෙදරට යද්දිම චූටී මල්ලිලා කට්ටියක් පාරේ බෝල ගහනවා..ආව්ස් අප්පා නියමයි ..

කෝ මල්ලිලා මටත් දෙන්නකෝ..

ආනේ සේයා අක්කි..එලඑල..ආ

මන් සෙල්ලන් කරද්දි ආයේ කොල්ලො පරාදයි..බෝල දොලහට ලකුනු පනහක් ගැහුවා..හන්මො දැන් හතී..හැමදාම පොඩි එවුන් ටිකට කියලා බෝල දාගෙන මන් බැටින් කරලා මාරු වෙනවා.ඒ වුනාට පුන්චි එවුන් මා එක්ක තරහා නෑ..මොකද එයාලගෙ චන්ඩි රැජින..වීරවරය මමයි..අයෑම් ද පර්සන් දේ ඕල්වේස් වෝන්ට්..හී හී..

ආච්චම්ම එහා ගෙදර ආන්ටි එක්ක කියෝලා මාව දැකලා ආවා..හනෙ මෙයාගේ වැඩ..වතුර බටෙ ගහලා මෙයා අනුන්ගෙ පිගන් හෝදනවා..වතුර යනවා ඔහේ..දවසකින් මෙයාව ඇවිස්සුවෙත් නෑ..හිටින්නකොඉ..

අයියෝ ලමයො තෙමෙනවා..

මන් ආච්චම්ම ආන්ටි එක්ක කියො කියෝ හිටපු තැනට වතුර බටේ ඇල්ලුවා දෙන්නම තෙමුනා..දැන් තෙමිච්ච කිකිලියෝ දෙන්නා නවත්තාවිනේ කතාව..

දෙන්න ඕනී ගුටී..

අයියෝ සේයා දූ..

සොරි අනේ..

දැන් මේ ඇදුම් දෙනෙත් අයියට දෙනකම් මට ඉස්පාසුවක් නෑ

දෙනෙත් අයියා මාව දැකලා හිනා උනා..

මොනාද ..

ඔයාට .හෙට යද්දි මේක ඇදන් යන්න..

ම්ම්..

දෙනෙත් අයියා බෑග් එක ඕපන් කරලා බැලුවා..

වාව්..මයි ෆේවරිට් කලර්..මැචින්..පට්ට..

ම්ම්

තෑන්කස් නන්ගි තෑන්ක්ස් ..

තෑන්ක්ස් විතරද..ම්ම්..හෙට ගියාම මාව අමතක වෙයි..

නෑ කවදාවත්ම නෑ..මගෙ අම්මගෙන් පස්සෙ මන් දැක්ක ආදරනීයම කෙල්ල..මටත් බෑ නන්ගි මෙච්චර මැචින් තෝරන්න..ඔයා මටම කියලා අරන් වගෙ ගානට..

එයා ඒක ඇදලා පෙන්නුවා..ලස්සනම ලස්සනයි ඇත්තටම ..

නන්ගි..

ම්ම්..

කවදා හරි මන් එනවා..ඔයා බලන්න ..දෙයක් තියෙනවා කියන්න ..ඒත් මගෙ ප්‍ර්ශ්න විසදගන්න ඕනී..එතකන් මේ හැමදේටම ස්තූතී..

හා..

චූටී මැනිකක්ම තමා..දගමල්ල ..අර පොඩි එවුන්ව හොඩට මැඩෙව්වා නේද..

අහ් මෙයා ඒක බලන් ඉදලා..හොරෙක් මහා..

මෝඩී..ආච්චම්මාට ලෙඩ හැදෙයි ඔහොම කලොත්..

එයාට රැග් කලේ නැත්තම් මට නින්ද යන්නෙ නෑ අයියෝ..

හප්පො මැට්ටි..

හී..

හී තමයි ..

දවස නිමාවුනෙ හිතා ගන්නත් බැරි තරම් ඉක්මනින් ..අද ඔරලෝසුවට පිස්සු..හයියෙන් ගිහින්..අම්මපා වෙනදට විනාඩි පහක් යන්නෙත් ගොලුබෙල්ලා වගෙ..අද පැය විසි හතරක් ගිහින් තියෙන්නෙ ජෙට් එකක් වගෙ .තව ටිකකින් දෙනෙත් අයියා යනවා..යන්නම යනවා..දුකයි මට..දුකයි..පුදුම දුකක් හිතට එන්නෙ..මෙ කදුලුඑයාට පෙන්නන්න බෑ..සේයා අඩන්නෙ නෑ..අඩන්නෙ නෑ..කවදාවත්ම ..

##
දෙනෙත් අයියා රෑ තුනට මාව ඇහැරෙව්වා..එයා ලෑස්තිවෙලා..මන් එයාගේ පොටෝ එකක් ගත්තා..ඒ ඇදුම එයාටම මැච් වෙනවා..ලස්සනයි ..දෙනෙත් අයියා මට මොනා හරි කියන්න උතසහා කරලා ආයේම ඒක ගිලගත්තා..මගෙත් උගුරෙ මොනාදෝ හිර වෙලා තියෙනවා වගේ..

නන්ගි..

අයියා..

හැමදේකටම ස්තූතී..

ම්ම්ම්..හ්ම්ම්..පරිස්සමෙ න් යන්න් අයියා..බුදු සරනයි..

මන් ආයේ එනවා චූටි මැනිකෝ..ආයේ එනවා..බුදු සරණයි ඔයාට..

දෙනෙත් අයියා ජනේලෙන් ගරාජ් එකෙ පොඩි වහලෙට පැනලා එතනින් මිදුලෙන් ගිහින් තාප්පෙන් පැන්නා..පාර එහා පැත්තෙ තිබුනු කා එකකට නැග්ගා..බුදු සරණයි අයියා..කොහේ ගියත් හොදින් ඉන්න..

ඔබ දුර ඇදේවී

මන් ඉකි බිදීවී

අපි ඈතයි සැමදා ….

(මතු සම්බන්දයි ) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *