10. වන කොටස.

මියෙදෙන තුරා.

*බැලුවේ නම් නෑ ලොකු බේබී*

* කෝ දෙන්න මට බලන්න.*

* අා ලොකු බේබී*

මම ලිව්ම් ටික අතට ගෙන් ලිපින ඒකින් ඒක බැලුවා. සේරම වගේ ලොකු මල්ලිගේ නමට තිබුනේ. ඒ අතර මිස් නිල්මිණි……..නමින් ලිපිනය ලියැවුන ලිපියක් වුනා. කිසිදිනක මගේ නමට ලිපියක් නොඅා නිසත්. නිවැසියන්ගේ අතට ලිපිය පත් වුවොත් වන ගැටලුව අවම කර ගැනීමටත් මම නිල්මිණි යන යන නම් කොටස පමනක් ලබා දුන් බව සිහිපත් වුනා. මගේ අත වෙව්ලන්න වුනේ මගේ ඉරනම ලිවුන ලිව්ම මගේ අතට අැවිත් නිසා. මම ඒ ලිපිය ගෙන අනෙක් ලිපි මුරකරුහට නැවත ලබා දුන්නා.

*හරි බොහොම ස්තූතියී.*

*මොන ස්තූතියි ද? ලොකු බේබී.*

*මට ලිව්ම් ටික බලන්න දුන්නට.*

*අනේ ඉතින්. මේවා බේබිලගෙනේ. ලොකු බේබී විතරයි අපිට ඔහොම සලකන්නේ . අපිට ඔය ගරු සැලකිලි පුරුදු නෑ බේබී.*

ඒහෙම කිපු ඔහු ගේ පැත්තට ගියා . මගේ හිත මුමුනන්න ගත්තේ, ලිව්ම බලන්නත් ඔනේ බලන්නත් බයයි කියලා. මොනවා ලියලා අැද්ද ? කවදා නමුත් මේක බලන්නම වෙනවා. මම කාමරයට යන්න ගේ පැත්තට යන්න වුනා. දිග ලිව්ම් කවරයක දමා තිබූ ලිපිය මම කුඩා වෙන්න නමලා අතේ ගුලි කර ගත්තා. මම අාලින්දය මැදින් යන කොට හිතපු ව්දියටම අම්මා මට කතා කලා.

* ලොකු දූ….*

මම ඒහෙම නැවතුනා මිසක් ඒ පැත්තට අැරුනේ නෑ. මම ලිව්මක් ගත් බව මුරකරු කියලා වගේ, මගෙ හිත් කොදුරලා කිව්වා.

*ඒන්නකෝ නංගිට ලස්සන වෙඩින් ඩ්‍රස් ඒකක් තෝරන්න.*

*මම ඔවා දන්නේ නෑනේ අම්මේ මම යනවා.*

*මොකද ළමයෝ ඔය හැටි මුරන්ඩු.*

*මම කිව්වනේ නංගිගේ වෙඩින් ඒකට මාව ගාව ගන්න ඒපා. මම රට ගිහින්නේ ඉන්නේ…*

මම කේන්තියෙන් ඒහෙම කියලා පඩිපෙළ නැගගෙන් ඉහළ මහලට අාවා. කාමරයට ගිහින් දොර අගුලු දමා ගත්තේ කාටත් හොර රහසේ ලිව්ම බලන්න ඔනේ නිසා. මම අැදේ කොනක ඉදගෙන් වෙව්ලන දෑතින් ලිව්ම විවර කරන්න වුනා. සුදු කොළයක නිල් පැහැති කටු අකුරින් යම් දෙයක් ලියා තිබුනා.

නිල්මිණී මෙනවිය වෙත.

බොහොම කණගාටුයි ඔබ හට මෙලෙස ලියන්නට වීම. මා හට විශ්‍රාම යාමට තව වසර පහක් තිබුනත් කලින් විශ්‍රාම ගෙන් දරුවන් ළගට යාමට මම තීරනය කලා. තවත් පැයකින් මම ගුවන් තොටුපලට යාමට නියමිත බැවින් ඔබට මෙලෙස පනිවිඩය ලබා දෙන්නට තීරනය කලා. මෙම ලිපිය ඔබ අතට පත් වන විට මම මෙරට නොසිටීවී.

ඔබගේ සියලු පරීක්ෂණ වාර්තා පැමිනියා . ඒවාට අනුව ඔබට ජීවත් වීමට ඉතිරිව අැත්තේ ඉතා සුළු කාලයයි. රෝගියෙකු හට මෙසේ කීම ඉතා කණගාටු දායකයි. නමුත් කවදා හෝ ඔබ හට මෙය දැන්විය යුතුයි. ඔබගේ සියලු වෙෙද්‍යය වාර්තා රෝහලෙන් ලබා ගත හැකී. මාගේ නිගමනය පිළිබද සැකයක් අැත්නම් නැවත පරීක්ෂා කර ගන්න. ඔබගේ ජීවිතය වසරකට සීමා වී අැති නමුත් රෝග පාලනයට ඔෟෂධයක් මා නියම කර අැත . රෝහළට පැමිණ වාර්තා හා ඉදිරි ප්‍රතිකාර ලබා ගන්න.
මම නවතින්නම්.
අනේ දෙවියනේ මම හිතපු දේම සිද්ද වෙලා. ඒ කීයන්නේ මේ යන්නේ මගේ ජීවිතේ අවසන් අවුරුද්දද. මෙතරම් දවස් මරණය මා කරා ඒන තුරු බලා වුන්නත්, අනිත් සියලුම මිනිසුන් මෙන් මා හටද ජීවත් වීමේ අාශාවක් මතු වුනා. ලිව්ම දෑතින් ගුලි කර ගත් මා අැදෙහී වැතිරී අඩන්නට වුනා. අන් කවරදාටත් වටා මරණයේ බිය මා සොයා අාවා. ඒතැන් සිට රැය පහන් වන තුරු හැඩුවත් මා සිත සනසා ගන්නට නොහැකි වුනා.

ලීලම්මා කීප වරක් පැමිණ දොර අරින්න යයි අැවිටිලි කලත් මම දොර නොඅැරියේ කදුලින් පෙගී ගිය රත් පැහැ ගැන්වුන දෙනෙත් සමග අැය ඉදිරියට යා නොහැකි නිසයි. මුළු රෑම කදුළු සමග ගත කල මම පාන්දර වන විට නින්දව වැටී තිබුනා. රෝගී තත්වයත් හිතේ වේදනාවත් නිසාදෝ දහවල් දොළහා පසු වන තුරුම නින්ද ගොස් තිබුනා.

මම අවදි වී අැත මත ඉද ගෙන කල්පනා කරන්න වුනා. මට රැ අැදුමක් අැදීම පවා අමතක වී තිබුනා. ගුලි කර අැදෙහි කොනක වූ ලිපිය ගෙන මම නැවත දිගහැර බැලුවා. මගේ නෙතට වැරදීමක් වෙලාදෝ සැකයෙන් කීපවරක්ම කියවා හද පහරා ගත් මම. ලිව්මත් කවරයත් කුඩා කැබලි වලට ඉරා දැමුවා.ඒම කැබලි සියල්ල ඒක්කර රැගෙන ගොස් වැසිකිලි බදුනට දමා වතුර දැමුවා. මට ඔනේ වුනේ යලි කිසි දා කාගේවත් නෙත නොගැටෙන්නට ඒය විනාශ කර දමන්නට.

ඉන් පසු සියලු පීඩා වලින් සිත සැනසා ගැනීමේ අරමුනින් මම නාන්නට වුනා. මේ මගේ අන්තිම කාලය වත් ගෙදර අය ඒක්ක සතුටින් ඉන්න ලැබෙනවා නම්. මම උත්සහා ගන්න ඔනේ ඒයාලගේ සිත දිනාගෙන් ඒයාලා කැමති තාලයට හැඩ ගැහෙන්න. මට මොනවා කිව්වත් මම ඒයාලා ඒක්ක සාමාදානයෙන් ඉන්නවා. මගේ අවසාන කාලය කියලා දැන ගත්තොත් ඒයාලා හුගක් දුක් වේවී. හැමෝම මම දකින දකින පාරට මට අනුකම්පා කරාවී ටම ඒහෙම වෙන්න ඔනේ නෑ. මම කැමති නෑ ඒයාලා මගේ දිහා අනුකම්පාවෙන් බලනවට. මම නිහඩව මරණය ඒනකන් බලන් ඉන්නවා. තවත් බෙහෙත් බීලා මේ වැඩක් නැති ජීවිතය දික් කරගෙන වැඩක් නෑ. මම අැත්තට මූණ දෙනවා.

මම නාලා කාමරයට අැවිත් අලුත් අැදුමක් අැද ගත්තා . කළු පැහැති දිග සාය පුරා කහ පැහැති බොල විසිරිලා තිබුනා. මම ඊට කැපෙන කහ පැහැති අලුත්ම හැට්ටයත් හැද ගත්තා. කිසිම කෙනෙකුගේ අැවටීමකින් තොරව මම පහළ මහළට ගියා.

*ලොකු අක්කී කොහේ යන්නද?*

මම අලුත් අැදුමක් හැද සිටි නිසා පුංචි නංගී ප්‍රශ්න කලා.

*කොහෙවත් යන්න නෙමේ නිකන් අදින්න හිතුනා.*

*ලොකු දූ මුරන්ඩු කම් ඉවර නම් අැවිත් මෙතන ඉදගෙන කෑම ටිකක් කන්න. කාලෙකින් ඔයා අපි ඒක්ක කෑම මේසෙට වාඩි වෙලා නෑ.*

*හා අම්මේ*

මම කෑම මේසයේ පුටුවක් පිටු පසට අැදලා පුංචී නංගි ළගින් වාඩී වුනා. තාත්තාගේ මුහුනේ තිබුනේ සගවා ගත් සන්තෝෂයක්. ලීලම්මගේ මූන සතුටින් ඉපිලිලා ගිහින්. මගේ අැත්ත තත්ත්වය දන්නවා නම් මේ සතුටු මුහුණු සේරම් දුක් බර වෙයි. ඒ දුක මම විතරක් වින්දම අැති මම හිතින් අදිඨන් කර ගත්තා.

* කන්නකෝ ලොකු බේබී. තවත් කල්පනා කරන්නේ ඊයේ උදේට කාපු පාර ඔය ඉන්නේ. කොහොම ඉන්නවද මන්නදා හාමත් වේවී.*

*කමු. හාමත් වෙන්නෑ ලීලම්මේ මට ඒක පුරුදු වෙලා.*

*වෙන ළමයි කෑම නැතුව බඩගින්නේ ඉන්නවා, මේ ළමයා කෑම තිබිලත් බඩගින්නේ ඉන්නවා*

අම්මාගේ වචනයත් ඒක්ක මුව ළගටම ගෙන ගිය බත් පිට නැවත පහත දැමුවා. මම සිහි වුනා දැන් මේ වෙලාවේ කී දෙනෙක් නම් බඩ ගින්නේ අැතිද කියලා.

*කන්නකෝ ලොකු බේබී මොනවද අායි කල්පනා කරන්නේ.*

ලීලම්මා මම කනවද කියලා අැහැ ගහන් ඉන්න බව දැනුන නිසා මම අමාරුවෙන් කෑම ටිකක් කන්න වුනා. මට ලීලම්මාගෙන් බේරුමක් නෑ පිගානට මාලු පිනි බෙදනවා. මට අද මෙතනින් නැගිටින්න දෙන ඒකක් නෑ වගේ.

*අනේ හුග දවසකින් ලොකු බේබී පහලට අැවිත්..හ්හ්.*

*අා සිගිතියෝ කෑම කෑවද?.*

*නෑ ලොකු බේබී මේ කන්න කියලා යන්නේ..හ්හ්.*

* හරි. හරි..*

මම කෑම ඒකෙන් භාගයක්ම ඉතිර කලා නගිටලා සිග්ක් ඒක පැත්තට ගියේ අත හොදන්න.

*ලොකු බේබී ඔය කාලා ඉවරද?*

*අැති ලීලම්මේ*

මම ටික වෙලාවක් යද්දි ඒළියෙ ගල් බන්කුවට අාවේ හුදගලා ජීවතයට හුගක් අැලුම් කල නිසා.

*ලොකු අක්කී ඔයා දුකින්ද.*

කවදාවත් නැතුව පුංචී නංගී මගේ ළගට අැවිත් වාඩි වෙමින් අැහුවා.

*අනේ නෑ පුංචී නංගී.*

*මම ලොකු අක්කිට දෙයක් කියන්න අාවේ.*

* ඒ මොකද්ද පුංචි නංගියෝ.*

*මම ශාලින්දට අැත්ත කිව්වා*

*මම ගැනද.*

*ඔව් ලොකු අක්කී.ඒයා මට හුගක් දොස් කිව්වා. මට දැන් තමා අැත්ත තේරෙන්නේ ලොකු අක්කී.*

ලොකු නංගී මගේ උහහිමට වාරූ වුනේ මුළු මූණම අදුරු කරන්. මට ඒයා දැක්කම ගොඩක් දුක හිතුනා.

*හරි ළමයෝ ඒක හිතන්න ඒපා . මම ඒක ගැන දුක් වෙන්නේ නෑ.*

*ඒහෙනම් ලොකු අක්කි ඒනවද මාත් ඒක්ක ගමනක් යන්න.*

*කොහෙද ?*

*අද හවස මම ශාලින්ද හම්බෙන්න යනවා. ලොකු අක්කිත් ඒනවද මාත් ඒක්ක යන්න.*

*ඒත් මම මොකටද ඹයාගේ‍ ප්‍රශ්න තවත් වැඩී වෙයි.*

*නෑ නෑ අක්කි. ශාලින්දට අක්කිව හම්බෙන්න ඔනේ කිව්වා. ඒයා කැමතී අක්කගේ අදහස් වලට.*

*මගේ අදහස් වලට. මම කවදාවත් ඒයා ඒක්ක කතා කරලා නෑනේ.*

*ඒත් ඒදා ඔයාගේ මුණ ඉස්සරහම මම අර තරම් බොරුවක් කියලත් ඔයා සද්ද නැතුව හිටි නිසා ඒයා ඔයා ගැන හුගක් පැහැදිලා.*

ඊ ළග කොටසින් හමු වෙමු… — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *